free stats

දරුවෙකුගේ බුද්ධි වර්ධනයේ ආරම්භය සහ ඉන් ඉදිරියට සිදුවන බොහොමයක් කරුණ කාරණා පිළිබඳව ආදරණීය අම්මී සඟරාව හරහා ඔබ කොනකුත් දැනුවත් වන්නට ඇති. මෙවර ඔබ වෙත ඉදිරිපත් කෙරෙන මෙම ලිපියේ අරමුණ වන්නේ මිනිස් මොළයේ අසහාය ලක්‍ෂණ පිළිබඳව මෙන්ම ගැබිනි සමයේ සිටම තම දරුවාගේ මොළයේ නිසි සංවර්ධනය උදෙසා මව්පියන් වශයෙන් ඔබ කළ යුතු සහ නොකළ යුතු දේ පිළිබඳව මව්වරුන් දැනුවත් කිරීමයි.

මිනිස් මොළයේ අසාහය ලක්‍ෂණ පිළිබඳව ඔබ දන්නවාද?

01- මොළයේ ප්‍රමාණය
ඉපදී පළමු වසර තුළ මොළයේ ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි වේ. (වැඩිහිටි මොළයක ප්‍රමාණයෙන් ¼ සිට ර් දක්වා) වසය අවු. 3 වන විට මොළයේ සංවර්ධනය 80% පමණ සම්පූර්ණ වී ඇත.

02 සංකීර්ණාත්මකභාවය
මොළය තුළ සෛල සබඳතා ඉතා ශීඝ්‍රව වර්ධනය වේ.
ඉගෙනීම සඳහා මොළය ජීව විද්‍යාත්මකව හැඩ ගැසී ඇත
මොළයට අවශ්‍ය ශක්ති ප්‍රමාණය ඉමහත්ය

03 අත්දැකීම් හා සුවිශේෂ වූ අන්තර් ක්‍රියාත්මකභාවය ඇති කරන ලක්‍ෂණ
අවුරුදු තුනක් වයසැති සිඟිත්තාගේ මොළය තුළ ට්‍රිලියන 1000ක් (වැඩිහිටි මොළය මෙන් දෙගුණයක්) පමණ නියුරෝන සබඳතා ඇති අතරම නිරතුරුව භාවිත වන සම්බන්ධතා තව තවත් ශක්තිමත් වේ. වැඩිපුර ඇති සබඳතා වයස අවුරුදු 11 දී කප්පාදු වීමට ලක් වන අතරම එම ක්‍රියාවලිය අවුරුදු 14 දී නතර වේ. අවසානයේදී ඉතිරි වන්නේ ශක්තිමත් හා කාර්යක්‍ෂම සබඳතා පමණි. මෙසේ කප්පාදු නොවී ඉතිරි වන්නේ නිතර නිතර උත්තේජනයෙන් ශක්තිමත් වූ සබඳතා පමණි. උත්තේජනය නිතර නොලැබුණු සබඳතා ක්‍ෂය වී යයි. මුල් ළමා කාලයේදී මොළය උත්තේජනය හා එමගින් උපරිම සංවර්ධනයක් ඇති නොකළහොත් ජීවිත කාලය තුළම විවිධ දේවල් ඉගෙනුමට ඇති අවස්ථාවන් බොහෝ විට ගිලිහී යනු ඇත.

දරුවෙකුගේ මොළයේ සංවර්ධනයට බලපාන හේතූ

01 ජානමය හේතු
02 පාරිසරික හේතූන් (මුල් වයස් කාලයේ ඇති වන සිද්ධීන්)

ජානවලින් සිදු වන්නේ සංවර්ධනය වන අනුපිළිවෙළ තීරණය වීමයි. එසේම ගර්භණී, කිරිදෙන මව්වරුන්ට හා කුඩා ළමුන්ට බලපාන පාරිසරික හේතු සංවර්ධනයේ ගුණාත්මකභාවය තීරණය කරයි.

මධ්‍ය ස්නායු පද්ධතියේ වැඩීම සැලකූ විට

මොළයේ සෛලවල උපත සති 7- සති 16 දක්වා
මෙම සෛලවල සංක්‍රමණය සති 10 – සති 24 දක්වා
අනුශාඛිකා සෑදීම – සති 20 -අවු.02 දක්වා
උපාගම සෑදීම -සති 25 – අවු 03 දක්වා
උපාගම කාන්දුව අවු.11 – අවු. 14 දක්වා

මොළය සංවර්ධනය වීම වැඩිම ප්‍රමාණයක් (80%) සිදුවන්නේ දරුවා වයසින් අවුරුදු තුන සම්පූර්ණ වීමට පෙරය. අලුතින් උපන් දරුවාගේ මොළයේ ඇති සෛල ප්‍රමාණය ඉතා සීඝ්‍රව වැඩි වී උපාගම ඇති වී මුළු ජීවිතයටම බලපාන අන්දමට තහවුරු වීම සිදුවන්නේ වැඩිහිටි අප ඒ ගැන සිතීමටවත් පෙරය. කතා කිරීමට, සිතීමට, ඉගෙනීමට, තර්කානුකූලව සිතීමට හැකියාවන් දියුණු කරගන්නේද වැඩිහිටියන් ලෙස සාරධර්ම හා සමාජ චර්යාවන්ට අත්තිවාරම දැමෙන්නේද මාස 36 වැනි කෙටි කාලකදීය. දරුවෙකුගේ ජීවිතයේ මැදිහත්වීමට ඉතා යෝග්‍ය කාලය 0-3 දක්වාය.

මොළයේ සංවර්ධනයට දායක වන කරුණු

01 සෞඛ්‍ය
02 පෝෂණය
03 ගැහැනු ළමයා හා කාන්තාව සඳහා රැකවරණය
04 මනෝ සමාජීය සංවර්ධනය
05 ආරක්‍ෂිත ජාලය, සනීපාරක්‍ෂක පහසුකම්, පුද්ගලික ස්වස්ථතාව
06 නිවස තුළ හා අවට පරිසරයේ ආරක්‍ෂිතභාවය රැකගැනීම (ප්‍රචණ්ඩත්වය/අපයෝජනය/නොසලකා හැරීම්වලින් තොර පරිසරය හා ආදරය පිරි පරිසරය තුළ දරුවා ලබන රැකවරණය)
07 සාර්ථක සන්නිවේදනය

මනා රැකවරණයේ වාසි

01 නිරෝගීකම
02 මනා වර්ධනය
03 බුද්ධිමත්භාවය
04 සමාජයට හොඳ අන්තර් පුද්ගල සබඳතා තිබීම
05 චිත්තාවේගාත්මක කුසලතා ඇතිවීම
06 ජීවිත කාලය පුරාවට ඉගෙනීමට ශක්තිමත් අත්තිවාරමක් දැමීම

ගර්භණී කාලය තුළදී මොළයේ වර්ධන අඩාල විය හැකි හේතු

01 මත්ද්‍රව්‍ය, දුම්බීම හා ඇල්කොහොල් භාවිතය
02 ආතතීන් මෙමගින් දරුවා තුළ අහිතකර ප්‍රතිඵල ඇති කරයි. එමනිසා ඉතා විවේකීව මානසික ලිහිල්තාවයකින් කටයුතු කිරීම වඩා වැදගත් වේ.
03 අමු බිත්තර ආහාරයට ගැනීම – මෙමගින් වැනි බැක්ටීරියා ආසාධන ඇති වීමේ අවධානමක් පවතී. එමගින් වර්ධනය වන කලලයේ විනාශකාරී තත්ත්ව ඇති කරයි.
04 සුරතල් සතුන් ඇති කිරීමෙන් වැළකීම
උදා Toxoplasmosis
05 වේදනා නාශක, මානසික ආතති වළක්වන ඖෂධ හෝ වෙනත් ඖෂධ වෛද්‍ය උපදෙස් රහිතව ගැනීම
06 රසායනාගාර, රූපලාවන්‍යාගාර හෝ වෙනත් ස්ථානයක භාවිත කර රසායනික ද්‍රව්‍ය මගින්

දරුවාගේ මොළයේ වර්ධනය සඳහා පරිසරයේ වැදගත්කම

01 සමාජ අනෝන්‍යතාවය

මානවයා යනු සමාජයේ නිර්මාණකරුවන්ය. සමාජ හැසිරීම අපේ මොළයට අධික ලෙස බලපෑම් ඇති කරන අතර එය වඩා වැදගත් වන්නේ ළමා සංවර්ධනයට වේ.
දරුවා ඔහුගේ දෙමාපියන් හෝ වැඩිහිටි දරුවන් සමග සක්‍රීය ලෙස සමාජ ක්‍රියාකාරකම්වල යෙදේ නම් එමගින් බුද්ධිමය සංවර්ධනය හා සමාජීය හැකියාවන් ඇති වීම දරුවාට ඉගැන්වීමේ වඩා ඵලදායී මාර්ගයන් වේ.

02 ක්‍රීඩා මගින් සිදු කරන වැඩසටහන් – මෙමගින් ඥානාත්මක දක්‍ෂතා
හා දරුවාගේ සංවර්ධන අවස්ථා ප්‍රමාද වීමේ අවදානම අඩු වීම
03 ආහාර –
සමබල ආහාර වේලක් ගත යුතු වේ (ප්‍රෝටීන්, යකඩ, විටමින්, ඛනිජ ලවණ)
04 ශාරීරික ක්‍රියාකාරීත්වය –
ඔබේ දරුවා සමග ව්‍යායාමවල යෙදීම මගින් අමාශයේ හා බෙල්ලේ පේශී ශක්තිමත් වේ. නිරෝගී මනස මගින් සෞඛ්‍ය ශක්තිමත් වන නිසා විවේකීයව තබාගත හැක.
05 නව්‍ය අත්දැකීම් –
නිර්මාණශීලි පරිසරයකදී දරුවන් විවිධ වර්ගයේ අලුත් අදහස්, උපකරණ හා අත්දැකීම් ලබාගනී. අත්දැකීම් බහුල පරිසරයක සිටීම තුළින් ජීවිතයේ අන් අයට පෙර පාසැල් සමයේදී ඉගෙනීමට දක්‍ෂ අයෙකු වේ.
06 අහිතකර ආතති වැළැක්වීම හා ඵලදායී ඥාතී සබඳතා ගොඩනැංවීම –

ආතතිවලට ප්‍රතිචාර දැක්වීම ඉතා ඉක්මණින් සිදුවන අතර ඒවා මගින් මොළයට හානි වේ. මෙමගින් පවුල්වල ඇති දරිද්‍රතාවය ප්‍රචණ්ඩතා වයස නිරාවරණය, නොසලකා හැරීම ආදී දේ හේතු විය හැකිය.

චිත්ත වේගාත්මක සංවර්ධනය

චිත්ත වේගාත්මක සංවර්ධනය වඩා වැදගත් වනුයේ නියමාකාරයෙන් හැඩගැසුණු සමාජීයීය සාමාජීකයෙකු බිහිවීම සඳහා වේ. දරුවෙකු තුළ මෙම සංවර්ධනය නොතිබුණහොත් ඔහු/ඇය දඬුවම හා ප්‍රශංසාව අවබෝධ කර නොගනී. එවිට එම දඬුවම හා ප්‍රශංසාව තුළින් අපේක්‍ෂිත අරමුණ ඉටු නොවනු ඇත.

දරුවා ඉපදී කෙටි කලකින් හැඟීම් සඳහා ප්‍රතිචාර දක්වයි. නමුත් සමාජීය හා චිත්ත වේගාත්මක සංවර්ධනය සඳහා ඔවුන්ට යාමට දිගු ගමනක් ඇත. මෙවැනි බුද්ධියක අඩිතාලම වන්නේ සහ කම්පනයයි. මීට අමතරව අන්තර් පුද්ගල බුද්ධිය වැදගත් වේ. අන්තර්පුද්ගල බුද්ධිමත් භාවය මගින් තමා තුළ ඇති ශක්තීන් හා දුර්වලතා හඳුනාගත හැකි වන අතර අන්තර් පුද්ගල බුද්ධිමත්භාවය මගින් අන් අයගේ කැමැත්තන් හා පෙළඹ වීම අවබෝධ කරගනී.

වෛද්‍ය ඒ.සී.ඩී ඉද්දමල්ගොඩ
මූලික රෝහල
ගල්ගමුව