free stats

 පුංචි පැටියෙක්ගේ හිනාවට කිරි දතකින් ලැබෙන සුන්දරත්වය නම් වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒ සුන්දරත්වය රැකගන්න අම්මලාට ලොකු වගකීමක් පැවරෙනවා. ඒ පැටියා කුස තුළ ඇති දැඩි වෙන මොහොතේ ඉඳලමයි. දරු පැටියා මේ ලෝකෙට බිහිවෙන මොහොත වෙද්දී අම්මාගේ මුඛ සෞඛ්‍ය උපරිම හොඳ තත්ත්වයේ කිබිය යුතු බවට සායනවලදී මව්වරුන් දැනුවත් කරන්නේ ගැබිනි සමයේ මවකගේ මුඛ සෞඛ්‍ය දරුවාගේ මුඛ සෞඛ්‍යයට සෘජුව බලපාන නිසයි. ඒත් අම්මලා වැඩි පිරිසක් මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති බව දරුවන් වැඩි පිරිසක් අද වන විට දත් හා සම්බන්ධ ගැටලු හේතුවෙන් පීඩා විඳින බව දැක්කම තේරුම් යනවා.

අද වන විට ළමාවියේ දරුවන් වැඩි කොටසක් පූර්ව ළමාවිය දන්ත ව්‍යසනය (ෑක්‍ක්‍) නම් වූ තත්ත්වයට ගොදුරු වීමට හේතුව වෙලා තියෙන්නෙ මව්වරුන්ගෙ තියෙන මෙන්න මේ නොසැලකිල්ල නිසා කිව්වොත් නිවැරදියි. ළදරුවෙකුගේ දත් මෝදු වීමේ කාල සීමාව එක් එක් දරුවාගෙන් දරුවාට වෙනස් වෙනවා. සමහර දරුවන්ගේ දත් මෝදු වීම මාස හය සම්පූර්ණ වූ පසුවත් ඇරඹෙනවා. ඒත්ල ලංකාවේ ළදරුවන් වැඩි කොටසකගේ දත් මෝදු වීම ඇරඹෙන්නේ මාස නවය සම්පූර්ණ වෙනවත් එක්කම. ඒත් ඇතැම් දරුවන්ගේ වයස අවුරුද්ද සම්පූර්ණ වූ පසුවත් දත් මෝදු වීම ආරම්භ විය හැකියි. කුමන වයස් සීමාවේදී දත් මෝදුවීම ඇරඹුණත් පළමු කිරි දත මෝදු වූ දිනයේ පටන්ම ඒ සඳහා ආරක්‍ෂාව සැපයීම මවකගේ වගකීමක්.

කොහොමද දරුවාන් දත්වලට හානි වෙන්නේ කියලා අම්මලාට හිතෙනවා ඇති. දරුවාගේ දත්වලට හානි සිදු වීම එසේත් නැත්නම් දත්දිය වී යාම ආරම්භ වන්නේ සීනි සහිත ආහාර දරුවාගේ මුඛයේ තැන්පත්වීම නිසා  සිදුවන ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් විදියට. මේ දැනුවත් කිරීම පූර්ව ළමා විය දන්ත ව්‍යයසනය පිළිබඳවයි.

පූර්ව ළමාවිය දන්ත ව්‍යවසනය යනු කුමක්ද

මෙම රෝගී තත්ත්වය දරුවෙකුගේ මුඛයේ විෂබීජ වැඩි ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් ඇති වන රෝගී තත්ත්වයක්. ළදරුවන්ටත් මෙම රෝගී තත්ත්වය බොහෝ විට මවගෙන් හෝ පියාගෙන් හෝ දරුවන් බලාගන්නා අයගෙන් වැළඳිය හැකියි. පළමු දත මෝදු වූ දිනයේ පටන් මාස 71ක් (දළ වශයෙන් අවුරුදු හයක් පමණ) සම්පූර්ණ වන තෙක් දරුවන්ට ඇති වන දත් දිරා යාමේ මෙම තත්ත්වය තමයි පූර්ව ළමාවිය දන්ත ව්‍යසනය ලෙස අපි හඳුන්වන්නේ.

මේ පූර්ව ළමාවිය දන්ත ව්‍යසන තත්ත්වය දත් මෝදු වූ කාලයේ පටන්ම ඇති විය හැකි වුණත් ලක්ෂණ පෙන්නුම් කිරීම ආරම්භ වෙන්නේ මාස කිහිපයක් ගත වීමෙන් අනතුරුවයි. මෙම තත්ත්වය පළමුවෙන්ම උඩු ඇන්දේ ඉදිරි පෙළ දත්වල පිට පැත්තෙන් සහ විදුරුමස්වල මායිමේ සුදු පැහැ ලප වශයෙනුත් පසුව උඩ ඇන්දේ පිටුපස දත්වලත් දිස්වන අතර පසුව යටි ඇන්දේ දත්වල දැකගත හැකි වෙයි. යටි ඇන්දේ දත්වලට මෙම තත්ත්වය ව්‍යාවප්ත වීම යනු රෝගී තත්ත්වය බරපතල වීමක් ලෙස හඳුනා ගත හැකි වෙයි.

දත් බාහිරින් තනි සුදට හුරු ලප ඇති වී ඒවා දුඹුරු පැහැයට හැරී තිබීම, දුඹුරු පැහැ ලප කැඩී බිඳී යාම, දත් කැඩී ගොස් කුහර ඇති වීම වැනි ලක්‍ෂණ පූර්ව ළමාවිය දන්ත ව්‍යසනයේ රෝග ලක්‍ෂණ ලෙස දැක ගත හැකිය.

පූර්ව ළමාවිය දන්ත ව්‍යසනය සඳහා මූලිකවම බලපාන කරුණු ලෙස  රාත්‍රී නින්දේදී නිතර නිතර මව්කිරි ලබාදීම හා පිටිකිරි දිනකට ලබාදෙන වාර ගණන වැඩිවීම, දරුවන් පැණි රස ආහාර වැඩිපුර ආහාරයට ගැනීම, නිසි පරිදි දත් නොමැදීම හා ඒ සඳහා දරුවාට හුරුවක් නොමැති වීම යන කරුණු මූලික වේ. පූර්ව ළමාවිය දන්ත ව්‍යසනය තත්ත්වය කල් තියා හඳුනා ගනිමින් දන්ත වෛද්‍යවරයෙකුගේ නිසි මග පෙන්වීම යටතේ අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම ඉතා වැදගත් වේ.  පෙර පාසල් දරුවන් අතර මෙම බෙහෙවින් ව්‍යාප්ත වන අතරම මේ සඳහා වඩාත්ම බලපෑ හැකි රෝග කාරකය මෙන්ම ප්‍රධානතම විෂබීජ තත්ත්වය වන්නේ ීඑරුචඑදජදජජමි ඵමඒබඑි යයි. මෙය තවත් අයෙකුට බෝ විය හැකි තත්ත්වයක් වන අතරම මෙම ආසාදනයට ප්‍රතිකාර සායනික වශයෙන් ලබා ගැනීමෙන් හා ආහාරවල සුරක්ෂිතතාවයෙන්ද ආරක්ෂා විය හැක. සතියකට වරක් ස්වභාවික ආලෝකය හොඳින් ඇති ස්ථානයකට දරුවා රැගෙන මුඛය පරීක්‍ෂා කොට දත්වල ලප, අඳුරු පැහැවීම් හෝ යම් වෙනසක් දිස්වේ නම් සුදුසුකම්ලත් දන්ත වෛද්‍යවරයෙක් හමුවීම අනිවාර්ය බව සිහිතබා ගන්න. ඔබේ දරුවා වයසින් අඩු නම් එනම් මෙවැනි ප්‍රතිකාර සඳහා දරුවා නියමිත වයස් සීමාවේ නොමැති නම් සුදුසු වයස තෙක් ප්‍රතිකාර පමා කොට නිසි වයසේදී ප්‍රතිකාර ක්‍රම ආරම්භ කළ යුතු ආකාරය හා එකෙත් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව ඔබේ දන්ත වෛද්‍යවරයා ඔබව දැනුවත් කරනු ඇත.

ඔබේ දරුවාගේ දත් මෝදු වීමට පෙර සිටම දත් දිරීමට හේතුවන සාධක එනම් විෂබීජ මුඛය තුළින් ඉවත් කරමින් මුඛය පිරිසිදුව පවත්වා ගැනීමට කටයුතු කළ යුතු අතරම දත් දිරීමට හේතු වන පැණි රස ආහාර මුඛය තුළට ගන්නා වාර ගණන අඩු කරන්න. පූර්ව ළමාවිය දන්ත ව්‍යසනයට ඔබේ දරුවා ගොදුරු වුවහොත් ආහාරවලට ඇති ප්‍රියතාවය නොමැති වීම, ආහාර ගැනීමෙන් වැළකී සිටීම, බර අඩුවීම, රාත්‍රියේදී වේදනාව හට ගැනීම, නිසා දරුවාට නිසි නින්දක් නොලැබී යාම, දත් අඩුවීම නිසා උච්ඡාරණයේ ගැටලු ඇති වීම, විකලාංග දත් ඇති වීම  තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකිය. පළමු දත මෝදු වූ විට බොහෝ මව්වරුන් සිතන්නේ එක දතක් නිසා පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය නොවන බවයි. එය සම්පූර්ණයෙන්ම වැරදි මතයක් වන අතර පළමු දත මෝදු වූ දිනයේ පටන්ම දරුවාගේ දත් ආරක්ෂා කිරීමේ වගකීම මවට පැවරෙන සිහි තබාගන්න. මුල්ම අවධියේදී වියළි පිරිසිදු ගෝස්/රළු රෙදි කැබැල්ලක් උපයෝගී කරගනිමින් පළමු දත පිරිසිදු කිරීමට මව්වරුන්ට හැකියි. ඇඟිල්ලේ රඳවන බුරුසුව භාවිත කිරීමේ ප්‍රතිඵල විරහිත අතරම දරුවා වයසින් වැඩෙත්ම ඒ සඳහා ළමා දත් බුරුසුවක් භාවිත කරන්න. මේ සඳහා කල් යත්ම සුදුසු දන්තාලේප වර්ගයක් භාවිතා කිරීමට හැකිය.

දරුවා වයසෙන් වැඩෙත්ම කිරි වාර ගණන අඩු කළ හැකි සේම කිරි ලබාදීමෙන් අනතුරුව සූප්පුව සහිත බෝතලයකින් ජලය ලබාදීමට දරුවා පුහුණු කරන්න. දරුවා වයසින් වැඩෙත්ම රෑ නින්දෙන් මව්කිරි/පිටිකිරි ලබාදීම යම් තාක්දුරට පාලනය කරන්න. ළදරුවාට පිටි කිරි අත්‍යවශ්‍ය නම් සීනි නොදමා ලබාදෙන්න. එසේම උදේ හා සවස තේ වේලාවට බිස්කට්/කේක් වර්ග ලබාදීමෙන් අවම කරන්න.  එසේම, දවසට දෙවරක් වරකට විනාඩි දහයක් දොළහක් බැගින් දරුවාගේ දත්මැදීම සිදුකළ යුතු අතරම රාත්‍රී නින්දට පෙර දත් මැදීම අනිවාර්ය බව මව්වරුන් වන ඔබ සිත තබාගත යුතු අතරම දරුවාටත් ඒ ගැන අවබෝධය ලබා දෙන්න

W.W ගුණරත්න මහතා
විශේෂඥ දන්ත වෛද්‍ය, මහ රෝහල කලුතර

සටහන  චමිලා සෙනෙවිරත්න