නෙළුම් කොළේ බත් කන්නත් හිතෙන
කඩුව සෝදා වතුර බොන්නත් හිතෙන
පාත්‍රයක ඉතුරුවෙන ඉඳුල් කන්නත් හිතෙන
පින්වන්ත දරු උපතකට ඉඟි කියන
අපූරු දොළදුක
ගැබ් ගැනීම කියන්නෙ සොඳුරු අත්දැකීමක්. ඒ විතරක් ම නෙමෙයි අන් කවරදාටත් වඩා කායික මානසික සුවතාවය කාන්තාවකට අවශ්‍යම කාල පරාසයක්. මේ කාලෙදි බාහිර වගේ ම අභ්‍යන්තරිකවත් සිදුවන වෙනස්කම් රැසක් ඇය වෙතින් දැකගන්න පුඵවන්. මේ විදියට සිදුවෙන අපූරු අත්දැකීමක් ගැන අපි අද කතාකරන්න හිතුවා. ඒ තමයි දොළදුක ගැබිනි සමයේ කාන්තාවකට ඇති වන ආශාවක් විදියට මේ දොළදුක හඳුන්වන්න පුඵවන්. දොළදුක හා සම්බන්ධ වුන විද්‍යාත්මක පදනම වෙන්නෙ කුස තුළ වැඩෙන දරුවට අවශ්‍ය පෝෂණ ඌණතාවයන් වලදි ඒවා මගහරවා ගන්න කලලය මඟින් මොළයට දෙන පණිවිඩයනක් විදියට. මෙන්න මේ පණිවිඩය තමයි මවකට ආශාවක් විදියට දැනෙන්නෙ. උදාහරණයක් විදියට සඳහන් කළොත් ඇඹුල් රස පළතුරු කන්න ගර්භණී අම්මලා හරිම කැමතියි. එහෙම වෙන්නෙ බොහෝවිට විටමින් සී උණතාවයන් ඇති වු විටයි.
ඒ වගේමයි ගැබිනි සමයේ සාමාන්‍යයෙන් කාන්තාවකට උදෑසන අවදි වීමට ඇති අපහසුව, උදාසීන ගතිය සහ වමනය වැනි ලක්ෂණයන් ඇති විය හැකියි. මෙවැනි අවස්ථාවක අධික වමනය ඇති වීම මඟින් ඇය කායික වශයෙන් රෝගී වන්නේ එවිටයි. මේ විදියට කායික වශයෙන් මවක දුර්වල වීම නිසා ඇගේ ක්‍රියාකාරී බව අඩු විය හැකියි. ඒ මඟින් ඇය අධික වෙහෙසට පත් වීම, ඇදවැටීම ආදිය සිදු වෙන්න පු`ඵවන් .මෙකී අහිතක තත්ත්වයන් වළක්වා ගැනීමට කලලය විසින් ම තම ආරක්ෂාව සපයා ගනු ලබයි. මෙහිදී ආහාර රුචි අරුචිය මඟින් කලලයට හානි විය හැකි ආහාර කුස තුළට ඒම වළක්වාගැනීම සිදුවේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙනුත් දොළදුක ඇති වීම හඳුනා ගන්න පු`ඵවන්. ගර්භණී සමයේ ඇතැම් ආහාර මව්වරුන්ට අප්‍රිය වනුයේ ද ඇතැම් ආහාර ප්‍රිය වනුයේ ද එබැවිනි .
කෙසේ වුවත් දොළදුක ඇති වීම මත ගැබිණි මවක් රෝගී වීමක් හෝ අවධානම් සහගත තත්ත්වයට පත් වීම කිසිසේත් සිදු නොවේ. ඇතැම්විට එය හෝමෝනයන්හි වෙනස්වීම මත මවට ලබා දෙන පණිවිඩයක් ද විය හැකියි. මේ විදියට මානසිකව සිදු වන වෙනස්වීම් සමග සාම්ප්‍රධායික තත්ත්වයන් ද මිශ්රවෙලා දොළදුක කියන කාරණය තවමත් අපේ සමාජයේ කතාබහට ලක් වීම සාමාන්‍ය සාමාන්‍ය සිදුවීමක්. ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටක බොහොවිට තවමත් සාම්ප්රධායිකත්වය සංස්කෘතිය හා සබැඳි කරුණු තවමත් අපේ ගම් ගෙවල් වල දැකගන්න පුඵවන්. මේ නිසාමයි ගැබ් ගත් සැනින් මොනවද කන්න කැමති? මොනවගේ දේවල්වලටද ආස හිතෙන්නේ? මේ වගේ නානාවිද ප්‍රශ්න අපේ කාන්තාවන්ට අහන්න ලැබෙන්නෙ.
ඒ වගේමයි මේ පිළිබඳ අපූරු ඉතිහාස කතා කිහිපයකුත් අතීතයෙන් අසන්නට ලැබේ. ඒ අනුව එක් කතාවක සඳහන් වන්නේ ගැමුණු කුමරු පිළිසිඳගෙන සිටින විටදි විහාරමහා දේවියට නෙඵම් කොළේ බත් කන්නත් අසිපත සෝඳා වතුර බීමටත් ආශාවක් ඇති වු බවයි. මේ ඉතිහාස කතා ගැන විමසලා බලද්දි පින් පව් කියන කාරණය මතත් දොළදුක් ඇතිවෙන්න පුඵවන් කියලත් සමාජේ මතයක් තියෙනවා. පින්වන්ත දරුවන් උපදින්නට පෙර මවකට හාමුදුරුනමක වළඳන ලද පාත්‍රයක ඉතුරුවෙන ඉඳුල් කොටස කන්න ආශාවක් පහළ වේ යැයි මතයන් පවතී.කෙසේ උනත් මේ සියල්ල සැබැවින් ම සාම්ප්රධායිකත්වය හා සබැඳි අපේ සිත්වල කා වැදුන මතයන් විදියට සළකන්න පුඵවන් .
නමුත් අද දවසේ උනත් නාගරීකරණය වූ ප්‍රදේශවල ජීවත් වෙන කාන්තාවන්ට වඩා තවමත් දොළදුක ගැන කළබල වෙන්නේ ගම්දනව්වල සිටින අයයි. හැබැයි දොළදුකක් ඒ කියන්නේ ගැබක් දරාගෙන ඉන්න මවකට ඇති වන ආශාවන් ඉෂ්ඨ කිරීම එක් අතකින් අනිවාර්යය දෙයක්. මෙහි ඇති විද්‍යාත්මක තත්ත්වය වගේම සාම්ප්‍රදායිකත්වය කොහොම උනත් දරුවකු කුස දරා සිටින මවකගේ සිත සතුටින් තැබීම කළ යුත්තක්. එහෙම නොවුනොත් ඇගේ මානසිකත්වය පිළිබඳව ගැටඵ මතු වෙන්න පුඵවන් විශේෂයෙන් විශාදය වගේ අහිතකර මානසික තත්ත්වයන් පවා ඇතිවන්නට පුළුවන්. මේ නිසාම ඇය වටා සිටින්නවුන් විශේෂයෙන් ම ඇගේ සැමියා සහ පවුලේ උදවිය පුඵල් අවධානමක් ඇය කෙරෙහි ලබා දිය යුතුයි. එසේ වුවහොත් නිරෝගී දරු උපතකට අවශ්‍ය ශක්තිය මවට ලැබෙනු ඇත. ඒ මඟින් අපේ ඉදිරි දරු පරපුරද නිරෝගී දරු පරපුරක් වන් නො අනුමානය.
උපදෙස්- වෛද්‍ය ඩී.බී නායකරත්න
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
සටහන- නදීශා ගයානි ගුණතිලක