කිරි දෙන මව්වරුන් තමන්ගෙ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මින් පෙරට වඩා සැලකිලිමත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. අලුත උපන් දරුවන් සිටින මව්වරුන් විශේෂයෙන් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් නොවන අතර දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පමණක් සැලකිලිමත් වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ නිසාම මව්කිරි දීම ආරම්භ කළ මව්වරුන් සහ දැනට මව් කිරි දෙන මවුවරුන් අතර මන්ද පෝෂණ තත්ත්වය ඉහළ ගොස් ඇති බව ඔවුන් අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මව මන්දපෝෂණයට ගොදුරු වීම සහ වෙනත් රෝගාබාධ වලට ගොදුරු වීම දරුවාට උසස් තත්වයේ මව්කිරි නොලැබී යාමට හේතුවන බවයි.
උදාහරණයක් ලෙස යම් මවක් පසු ප්‍රසව විෂාදයෙන් පෙළෙන්නේ නම් හෝ වෙනත් රෝග තත්ත්වයක් හේතුවෙන් පීඩාවට පත්ව සිටින්නේ නම් ඇයට නිසි පරිදි මව්කිරි දීම සඳහා සිය මනස සකස් කර ගැනීමට හැකියාවක් නොමැති බවයි. විශේෂයෙන්ම පසු ප්‍රසව විෂාදයෙන් පෙළෙන මවකට දරුවාට මව් කිරි ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව පවා අවබෝධයක් නොමැති බව ඔවුන් පවසනවා. එසේම දරුවාට මව්කිරි අවශ්‍ය වන්නේ ඇයිද යන්න පිළිබඳ වත් එවැනි මවකට තේරුම්ගත නොහැකි බව ඔවුන්ගේ අදහසයි.
රෝග වලින් පීඩා විඳින්නේ නම්
යම් මවක් ක්ෂය රෝගයෙන් පීඩා විඳින්නේ නම් ඇය මව් කිරි ලබා දෙන අවස්ථාවන් වල දී රෝග දරුවාට බෝවීමේ වැඩි අවදානමක් පවතිනවා. එසේම hepatitis A,B හා C යන කාණ්ඩයන් ගෙන් එකක් හෝ ආසාදනය වී ඇත්නම් මව්කිරි හරහා දරුවාට ද ආසාදනය විය හැකියි. එච් අයි වී ආසාදිත මවක් නම් ඇය මව්කිරි දීම සඳහා යට වඩාත් පහසු වෙනත් ක්‍රමවේදයක් තෝරාගත යුතුයි.
මව්කිරි දෙන සමයේ වෙනත් රෝගාබාධ වලට ගොදුරු වීම නිසා මවට සිය දරුවා ඈත් කිරීමට සිදුවිය හැකිය. එසේම ඒ සඳහා ගන්නා ඖෂධ මව්කිරි හරහා දරුවාට ශරීරගත වීමේ අවදානමක්ද තිබෙනවා. ඒ නිසා වඩාත් සුදුසු වන්නේ නිරෝගී කම පවත්වාගෙන යාම සහ පිරිසිදුකම පවත්වාගෙන යාමයි. එසේම ැනටමත් යම් රෝග තත්ත්වයකින් පීඩා විඳින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් වැදගත් වෙනවා.
ආහාර හා පෝෂණය
සමහර මවුවරුන් ඉතාම ක්‍රියාශීලී කාන්තාවන් වන අතර සමහර මවුවරුන් එසේ ක්‍රියාශීලී වන්නේ නැහැ. මේ සඳහා බොහෝ සෙයින් බලපාන්නේ ඔවුන්ගේ ආහාර රටාව සහ පෝෂණ තත්ත්වයයි. ක්‍රියාකාරී නොවන මව්වරුන් අතර විවිධාකාර පෝෂණ උණතා දැකිය හැකිය. මේ අතර යකඩ ඌනතාවය, අයඩීන් ඌනතාවය, රක්තහීනතාවය ප්‍රධාන තැනක් ගන්නවා.
ඒ නිසාම ආහාර හා පෝෂණය පිළිබඳ සැලකිලිමත් වීම මව් කිරි දෙන මවකගේ වගකීමක්. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට ගත යුතු කැලරි ප්‍රමාණය නොලැබෙන්නේ නම් සහ පෝෂණය නිසි ලෙස ලැබෙන්නේ නම් ලබා ගන්නා ආහාරවල ප්‍රමාණය කොතරම් වැඩි වුවත් එයින් අවශ්‍ය කාර්යය සිදුවන්නේ නැහැ. ඒ නිසා ආහාර ගන්නා ප්‍රමාණය අඩු වුවත් එහි ගුණාත්මක භාවය වැඩි කර ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක්.
සෑම මවක්ම දිනකට දරුවෙකුට මිලිලීටර් 750 ක මව්කිරි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ලබාදිය යුතුයි. මේ සඳහා මව් කිරි නිෂ්පාදනයට අවශ්‍ය නිසි පෝෂණය මවගේ ශරීරයට ලැබීම අවශ්‍ය වන අතර වැඩි වශයෙන්ම ශක්ති ජනක ආහාර සිරුරට ලබා ගැනීම වැදගත් වනවා.
ඒ සඳහා මස් වර්ග, මාලු වර්ග, මේදය අඩංගු ආහාර, ඇට වර්ග, රනිල බෝග, එළවළු, කිරි ආහාර වර්ග ප්‍රදාන වශයෙන් එක්කර ගත යුතුයි. එයට අමතරව හොඳින් ජලය පානය කිරීම හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට තවත් සුවිශේෂි වැදගත් කාරණයක්.
ආහාර පාන ලබා ගැනීම මෙතරම් ම වැදගත් වන්නේ මවගේ පෝෂණ තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා පමණක්ම නොවෙයි. එය මව නිෂ්පාදනය කරන මව්කිරි වල ගුණාත්මක භාවය ටත් හේතු වන බැවින්.
යම් කාන්තාවක් මන්දපෝෂණ තත්ත්වයෙන් පීඩා විඳින්නේ නම් හෝ ඇය සිය බර සටහන් දර්ශකයේ පහළ අගයක සිටින්නේ නම් ඇයගේ පෝෂණ තත්ත්වය සහ බර සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීම සඳහා නිවසේ අනෙකුත් පුද්ගලයන්ගේ සහාය අවශ්‍යයි. ඇයගේ ආහාර අවශ්‍යතාවයන් නිසි ලෙස සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම සැමියාගේ වගකීමක්.
උපත් පාලනය සහ මව්කිරි ලබාදීම
දරුවා ඉපදීමෙන් පසු නැවත ගැබ් ගැනීම සඳහා අඩුම වශයෙන් වසර දෙකක කාලයක් ඉඩ තබා ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. එයට හේතුව වන්නේ මව්කිරි දෙන සමයේ මවක් ගැබ් ගැනීම හදිසි ගබ්සාවක් ඇති වීමට, අඩු බර උපතකට, නිසි මාස ගණන සම්පූර්ණ නොකල හදිසි දරු උපතකට හේතුවන බවයි.