අලුත් පැටියෙක් කියන්නේ ඇත්තටම අලුත් අත්දැකීමක්. මව්පදවියට පත්වෙන්නේ පළමු වතාවට නම් ඔබ දැන් ඉන්නේ පුදුමයට පත්වෙලා. එක් පැත්තකින් ඔබට වෙහෙසයි. අනෙක් අතින් මේ අත්දැකීමට හුරුවෙන්න කාලය අවශ්‍යයි. ඒ නිසා අපි හිතුවා අලුත් බබාලා ගැන ඔබට කියන්න. කොහොමද ඔබ අලුත් පැටියා එක්ක වැඩ කරන්නේ, ඇත්තටම එයා මොන වගේ කෙනෙක් වෙන්න ඇතිද? කියන ප්‍රශ්න වලට ඔබට මේ ලිපියෙන් උත්ර හොයාගන්න පුළුවන්.
සද්ද හොඳට හුරුයි
බබෙක් නිදාගෙන ඉන්න වෙලාවට සද්ද කරන්න අපි කවුරුත් බයයි නේ. ඒ වුණාට ඇත්තටම වැඩිහරියක් බබාලට සද්ද හොඳට හුරුයි. එයාලා බඩේ දී අම්මාගේ බඩෙන් එන සද්දවලට හුරුවෙලයි ඉන්නේ. ඉතින් පොළව වැකුම් කරන හඬ ආවත් බබා බයවෙන්නේ නැහැ. මොකද එයාට අම්මාගේ බඩ ඇතුලේ ඉද්දි අම්මාගේ බඩෙන් එන සද්ද ඔක්කෝම වගේ ඇහෙනවා.
පුංචි තට්ටුවක් දාන්න
පැටියා හදිසියේ ම නැගිටලා නින්දෙන් අඬන වෙලාවට, එහෙමත් නැත්නම් එයා එකපාරම නින්දෙන් නැගිටලා වටපිට බලනකොට, තව ටිකක් නිදි කරන්න ඕන උනාම, වගේ ඕනම වෙලාවක එයාගේ කණට කිට්ටුවෙන් කොට්ටයට හො එයාගේ පිටට පුංචි තට්ටුවක් දාන්න. මේ තට්ටුවට පැටියා ඉබේම අඩන එක නවත්තලා සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. ඒ තට්ටුව ඇහෙන්නෙ හරියට එයා බඩ ඇතුලේ ඉද්දි අම්මාගේ හදගැස්ම එයාට ඇහුනා වගේ.
කිරි බොන වෙලාවට
පැටියා කිරි බොන වෙලාවට එයාට පුංචි නිදිමතක් එන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේ වෙලාවට එයාව ඇහැරවලා තියාගන්න. එයාට නිදාගන්න දෙන්න එපා. මොකද නිදිමත නිසා එයා කිරි බොන්නේ අඩුවෙන්. පැටියාට කිරි දෙන වෙලාවට එයාගේ කම්මුල මහපට ඇගිල්ලෙන් සෙමින් ස්පර්ශ කරන්න. එතකොට පැටියා අවදියෙන් ඉන්නවා. සෙමින් සෙමින් බඩ පිරෙන විට තමයි එයා නින්දට යන්නේ.
පැය දෙකකට වරක්
අලුත් පැටියාට කිරි දෙන එක මවට ටිකක් කරදරයි. විශේෂයෙන්ම රාත්‍රි කාලයේ පැය ගණනක් ඇහැරිලා ඉන්න එක අම්මට කරන්න බැරි දෙයක්. ඒ නිසා පැටියාගේ කිරි වේල වෙනුවෙන් වේලාව සකසා ගැනීම වැදගත්. පැටියාට පැය දෙකකට වරක් මව්කිරි ලබාදීම මෙහිදි වැදගත් වෙනවා. ඒ අනුව රාත්‍රි කාලයේ පැය දෙකකට වරක් මව්කිරි දීම කළ යුතුයි. ඒ අතර පැය දෙකක කාලයේ මවට නිදාගැනීමට අවස්ථාව ලැබෙනවා.
පැංචාගේ තාත්තාත් හොඳ යාළුවෙක්
පැටියාගේ මුල්ම දින කිහිපය එයා වැඩියෙන්ම ගෙවන්නේ අම්මා එක්ක. ඒත් පැටියා තාත්තාටත් සමීප වෙන්න ඕන. මේ කාර්යය කිරීමේ වැඩි වගකීමක් තියෙන්නේ අම්මට. පැටියාව වඩාගන්න තාත්තාට ඉඩ දීම සහ දෙදෙනා අතර සමීප සබධතාවක් ඇතිවීමට ඉඩ දීම කළ යුතු-යි. විශේෂයෙන් අම්මා එයාගේ පුද්ගලික වැඩ පිරිසුදු කිරීම් එක්ක කාර්යබහුල නම් පැටියාව තාත්තාට බාර දෙන එක වඩාත් හොඳයි.
අම්මාගේ උණුසුම
පැටියා හැමවිටම අම්මාගේ උණුසුම සොයනවා. නින්දෙදිත් එහෙමයි. ගොඩක් පුංචි පැටවු අම්මාගේ තුරුලේ හොඳට නිදාගෙන ඉන්න වෙලාවක අම්මා ඈත් වුණොත් ඇහැරෙන්නෙත් ඒ නිසා. මේ වගේ වෙලාවට කරන්න පුංචි වැඩක් තියෙනවා. පැටියාව නිදිකරවන්න සූදානම් කළාම එයාව හොඳට ඔතන්න. අම්මාගේ උණුසුම දැනෙන විදියට ඔතන්න. ඊට පස්සේ එයා නින්දට තියාම ඇදෙන්න තියන්න. උණුසුම ලැබෙන නිසා පැටියා අවදි වෙන්නෙ නැහැ. හැබැයි එයා ඉන්නේ උණුසුම් දේශගුණයක් තිබෙන පළාතක නම් ඒ තරම් ඔතන්න හොඳ නැහැ.
නිදාගන්න හොඳම විදිය
පැටියාව නිදිකරවන්න හරි අපූරු ක්‍රමබ තිබෙනවා. එයාට තාම සති තුනක් වගේ නම් එයාගේ නින්ද පිළිවෙලක් නැති බව භඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. නින්දට යන වෙලාවට අපහසුවක් දැනෙනවා නම් පැටියා අඩනවා මිස නිදාගන්නේ නැහැ. ඒ වගේ වෙලාවට එයාගේ ඇස් බැම් දෙක සෙමින් ස්පර්ශ කරන්න. නාසය සෙමින් අතගාන්න. එවිට පැටියාට ඉබේටවම නින්ද යනවා.
බබාගේ පළමු ස්නානය
පැටියා ඉස්සර වෙලාම නාවන්නේ එයා ගෙදර ගෙනල්ලා සතියකින් විතර. කොහොමත් බබාව නාවන්න වෙන්නේ එයාගේ පෙකණිවැල වැටුණට පස්සේ. පැටියා මුලින්ම නාන දවස නිසා එයාට සීතල වතුර හුරු නැහැ. ඉතින් අම්මා මුලින්ම වතුර එකක් අරගෙන බේසමට දාලා ඒ බේසම අව්වෙන් තියන්න ඕනේ. සාමාන්‍යයෙන් නම් උණු කරපු වතුර ගත්තා වුණත්, වඩාත් සුදුසු වෙන්නේ හිරු එළියෙන් උණුසුම් කල වතුර ගන්න එකයි. පැටියාව නෑව්වාට පස්සේ එයාව හොඳින් ඔතලා උණුසුම් කරන්නත් අමතක කරන්න එපා.
අඬන්න හේතු ගොඩයි
අම්මලා හැමතිස්සෙම හිතන්නේ බබා අඬන්නේ බඩගිනි වුණාම විතරයි කියලා. ඒ වුණාට බබාට අඬන්න ගොඩක් හේත-ු තියෙනවා. එයාට අපහසුවක් දැනෙන වෙලාවට, පා`එවක් දැනෙන වෙලාවටත් එයාලා අඬනවා. නැපිඑක මාරු කරන්න ඕනෙ වුනාමත් එයාලා කරන්නේ අඬන එක තමයි. මේ නිසා අම්මා පැටියා අඬන හැම වෙලාවෙම එයාට මව් කිරි දෙනවා වෙනුවට එයා අඬන ඇත්තම හේතුව අවබෝධ කරගන්න එක හුඟාක් වැදගත්.
ඇඳ ඇතිරිලි දෙකක්
පැටියා රෑට තෙමාගත්තම එයා හොඳටම අඬන්න ගන්නවා. –fමි වෙලාවට අම්මට අලුතෙන්ම ඇඳ ඇතිරිලි දාලා පැටියාව පිරිසිඳු කරන්නත් වෙනවා. රෑට ඩයපර්ස් අන්දවන එක අනුමත කරන්න බැහැ. මේ නිසා වඩාත් හොඳම වෙන්නේ ජලරෝධී ඒ කියන්නේ ජලය උරා නොගන්නා ඇතිරිල්ලක් භාවිත කරන එකයි. නමුත් පැටියාව නිකන්ම මේ ඇතිරිල්ල උඩ තියන්න බැරි නිසා තවත් ඇතිරිලි දෙකක් ඒ මත එලලා පැටියාව නිදිකරවන්න පු`එවන්. එවිට ඇඳ ඇතිරිල්ල තෙමෙන්නෙත් නැහැ අම්මට වැඩ වැඩි වෙන්නෙත් නැහැ.
සටහන චාපා හංසිනී ආටිගල