– බන්දුල පද්මකුමාර
ආහ්……මම නොදැනුවත්ම මගේ මුවින් කෙදිරිලි හඩක් පිටවෙයි.
නින්ද අහලකවත් නැත. ලොකු වෙමින් පවතින මගේ දරු ගැබ ට නොරිදෙන්නට මම ඇද කොට්ටය මාරු කරන්නෙමි.
මිනිත්තු දහයකට පෙරත් මම කොට්ටයේ පැත්ත මාරු කළා නොවේද? මම සුසුමක් හලා මගේ කුස අතගෑවෙමි. දැන් ඉන්නට සිදු වී ඇත්තාක් මෙන් උඩුබැලි අතට නොව අනේ ඉස්සර වගේ මට බඩ පැත්තට හැරී නිදාගන්නට ඇත්නම්.
ඉහළ මාලයේ නිවෙසින් සංගීත නාදයක් ඇසේ. කොක් හඩලා සිනාසෙන හඩද,
කව්දෝ ගොරෝසු හඩකින් ගීතයක් ගායනා කරන්නට දරන වෑයමක්ද ඇසේ. මම ඒ ගොරහැඩි ගායනය නොසලකා හැරිය යුතුය.
ඔහු නැවතත් ගීතය වරද්දයි. මම මුවගට සිනාවක් නගන්නට වැයම් කරමි. එහෙත් මේ පීඩාව නම් අපහසු එකකි. මම ඇද ඉහ විට්ටමට කොට්ටය හේත්තු කොට පහසු ඉරියව්වකට යන්නෙමි.
දැන් නවයත් පහුවෙලාය. මගේ ආදරණීය සැමියා තවමත් කාර්යාලයෙන් පිටවී නැත. මේ මොහාතේ මා ළගට දිව ඒම ඔහුගේ එකම ආශාව බව දන්නෙමි. එහෙත් රැකියාවේ වගකීම එයට ඉඩක් නොදේ. පසුගිය මාස කිහිපය තිස්සේම ඔහු නියමිත නිවාඩු වලට වඩා වැඩිපුර දින විස්සක් මා වෙනුවෙන් ලබාගෙන ඇත. මේ මොහොතේ ඔහුගේ එකම කල්පනාව මා ගැන විය යුතුය.
බඩ දරු මා හුදෙකළාව සිටීම ගැන ඔහු තැතිගැන්මෙන්ය. එහෙත් මගේ තනියට කිසිවෙක් හෝ ගෙදර නවත්වා ගන්නට දැඩි ලෙස විරුද්ධ වුයේ මාය. කෙතර ම්අපහසුතා ඇති වුවද මේ දිනවල ගෙදර වෙනත් කිසිවෙකු සිටීම මානසික වදයක් බව මට සිතුනේ මුල් මාස කිපයේදීමය. ඔහුට සැනසිල්ලකට ඇත්තේ ඉස්සර ගෙදර ආශා අක්කා වරින් වර පැමිණ මගේ සුවදුක් විමසීමයි.
මට කල්පනා කරන්නට බොහෝ දේවල් තිබේ. අදුර සමග කනස්සල්ල වැඩි වෙතත්කුසයේ සිටින පුංචි දරුවා ගැන දහසක් බලාපොරොත්තුද, දහසක් ප්‍රශ්නද සිතට ගලා එයි. පැටියා දුවෙක් ද? පුතෙක් ද? මගේ වැඩි කැමැත්ත දුවකටය. ඔහු පුතෙකු ගැන සිතයි.
නමුත් ඒ ගැන සහතිකයක් ලැබෙන්නේ නැති බව මම කියන්නෙමී. නොදන්න දේ හැම විටම ඔබේ සිත දෙගිඩියාවට පත්කරනවා නොවේද ?
පසු ගිය හත් අට මාසය තිස්සේම ”ගැබිණි සමය” පිළිබද ලබා ගත හැකි පොත්, සගරා කියෙව්වෙමි. වැඩිහිටියන් කියු හැම දෙයටම අවධානයෙන් කන් දුන්නෙමි. නියමිත ලෙස වෛද්‍යවරයා මුණ ගැසුනෙමි. ඒ සියලූ දේවල් වලින් මා දැන උගත් දෙයට අනුකූලව සියල්ල හරියාකාරව සිදුවෙමින්, වර්ධනය වෙමින් පවතින බව අපි දෙදෙනාම වටහාගෙන සිටිති.
පසු ගිය හත් අට මාසය තිස්සේම ”ගැබිණි සමය” පිළිබද ලබා ගත හැකි පොත්, සගරා කියෙව්වෙමි. වැඩිහිටියන් කියූ හැම දෙයටම අවධානයෙන්කන් දුන්නෙමි. නියමිත ලෙස වෛද්‍යවරයා මුණ ගැසුනෙමි.
මගේ කරුණාබර වෛද්‍යවරයා හැම සායන දිනයකදිම මා පිළිබද සතුටට පත්වන බව මට පවසයි. එහෙත් අසාමාන්‍ය දේවල්ද තිබේ. දින ගණනක්ම උදේ නාසයෙන් සොටු ගලන්නට විය. මම බියට පත් වුනෙමි. වෛද්‍යවරයා එය එතරම් සැලකිල්ලට ගත්තේ නැත. ඇද ළග කනප්පුවේ පීරිසියක ඇති ක්‍රැකර් බිස්කට් මට තිත්ත නොවෙන්නේ ඇයි? උදෑසන ඔක්කාර ගතිය වැළකෙන එකම බෙහෙත ඒවා යයි මම සිතට දිරිගන්නෙමි. ඊළගට ඇත්තේ ෆලූඩා බොන්නට මා තුළ ඇති නොසන්සිදන ආශාවයි. එය දොළ දුක යැයි අම්මා කීවාය. මම ඉස්සර ෆලූඩා බීවේ නැත. එහෙත් මට දැන් ෆලූඩා නැතිවම බැරිය. අනේ! දැන් වුනත් ෆලූඩා එකක් බොන්නට ඇත්නම්සිතට නැගුනු ඒ ආශාව මගහරවා ගන්නට මම නැවත ඔරලෝසු වේලාව බැලූවෙමි.
වේලාව 9.30 යි. මගේ කුසේ සිටින චණ්ඩියා පිළිවෙළකට හැසිරෙන්න නම්දැන් ඔහුගෙන් මට පුංචි පහරක් එල්ල විය යුතුයි. ඔහු දැන් බඩ තුළ සෙල්ලම් කිරීමේ කාලය පටන් ගන්නවා ඇත. පැය හතරකට වරක් පමණ ඔහු එසේ දග කරයි. මගේ බඩට පහරවල් කිපයක්ම දෙයි. මට රිදෙනවාදැයි නිකමටවත් අසන්නේ නැත. මම කුසය පිරිමදින්නෙමි. පහුගිය මාසය තුළ මම මේ කුස පිරිමැදීමට බොහෝ වතාවක් හුරු වී සිටින්නෙමි.
පැටියෝ කොහොමද ඔයාට”
ආදරයෙන් මටම කියාගන්නාක් මෙන් මම විමසමි. මට පිළිතුරු දෙන්නාසේ ඔහු මගේ යටි බඩට පහර කිහිපයක් එල්ල කරයි.
ආ හරි වැඬේ! මෙයා චණ්ඩියෙක් වෙලා”.
මම පැටියව චණ්ඩිකම් කරන්නට පහසුවෙන පිණිස නැවතත් ඇෙ`ද් හරිබරි ගැසෙන්නෙමි.
ඔන්න දැන් හරි නේ”
හදිසියේම සියලූ කලබල සෙලවිම් පහර දීම් නැවතිලාය.
එහෙත් මගේ වම් ඉළ ඇට කූඩුවට පහළින් කුසයෙහි අමුතු යමක් ගැටයක් මෙන් ඉලිප්පී තිබේ. මම මුදු ලෙස මගේ දකුණු අත එය මත තබන්නෙමි. එහි පිටත හැඩරුව ගැන මට සැකයක් නැත. එය පුංචිම පුංචි පාදයකි. චණ්ඩියාගේ පිරිපුන් ඇගිලිත් විලූඹත් මට හොදින් දැනේ. ඔහු සුවසේය. අසිරිමත් දයාබර හැගිමක් මගේ හදවතින් ගලා විත්මුළු සිරුරම වෙලා ගත්තා සේය. මාතෘත්වයේ කදුළු වලින් මගේ දැස් තෙත් වෙයි. ඒ මගේ පැටියා. මේ මගේ ලෙයින් මසින් හැදුනු මගේ දරුවාගේ මුල්ම පා සටහනයි. මා කෙතරම් වාසනාවන්තියක් දැයි මට මහත් ආඩම්බරයක් ඇතිවෙයි.