free stats

ලිංගාශ්‍රිතව ඇතිවන ඇතිවන රෝග අතුරින් ලිංගික ඉන්නන් කියන්නේ බහුලව දකින්න ලැබෙන රෝගී තත්ත්වයක්. ලිංගිකව එක්වීමේ දී සමට සම ස්පර්ශ වීමෙන් පවා බෝවිය හැකි නිසා වඩාත් ප්‍රවේසම් වියයුතු වනවා. මෙහිදි වඩාත් වැදගත් වන්නේ මෙවැනි රෝග තත්ත්වයක් වැළඳුනු කාන්තාවකට දරු පිළිසිඳගැනීමක් සඳහා සූදානම් විය හැකි ද යන්නයි. එහිදි පිළිසිඳ මෙන්ම දරු ප්‍රසූතිය සිදුවිය යුත්තේ කුමන ආකාරයෙන් ද යන්නත් අවබෝධ කරගැනීම වැදගත් වනවා. එසේම මේ තත්ත්වයත් සමඟ බැදී ඇතිවන පිළිකාමය තත්ත්වයන් තිබේ ද යන්නත් මෙහිදි වටහා ගැනීම ඉතාම වැදගත්. එබැවින් මේ ලිපිය ඒ සියලු තොරතුරු පිළිබඳවයි.

වෛරස් ආසාදනයක්

හියුමන් පැපිලෝමා වෛරසයේ උප කාණඩයක් නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙන්නේ. අපි ඉංග්‍රිසි භාෂාාවෙන් ඨැබසඒක උ්රඑි කියලා හඳුන්වන්නෙත් මේ තත්ත්වයම තමයි. ලිංගික ඉන්නන් සම මතුපිට ඇතිවෙනවා වගේම කලාතුරකින් යෝනි මාර්ගය දිගේ ඉහළට යන්නත් පුළුවන්.

හඳුනාගන්න අමාරුයි

පිටත ලක්‍ෂණ මතුවෙනතුරු හඳුනාගන්න අමාරුයි. සාමාන්‍යයෙන් අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධතාවයක් ඇතිවෙලා මාස හයකින් පමණ පස්සේ තමයි මේවා මතුවෙන්නේ. සුදු පාටට හුරු දුඹුරු පාට ගැටිති විශේෂයක් විදියට මතුවෙන්න පුළුවන්. ලිංගේන්ද්‍රිය පිරිසුදු කරන වෙලාවට අතට හසුවෙන තරම් මේ ගැටිති වර්ධනය වෙනවා.

රෝග ලක්‍ෂණ

අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධතාවයකට පස්සේ ලිංගාශ්‍රිතව කැසීමක් තියෙනවා නම්, දැවිල්ලක් තියෙනවා නම්, රිදෙනවා නම් වෛi ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් වෙනවා. මේ තත්ත්වයේ දී විතරක් නෙවෙයි හර්පීස් තත්ත්වයේ දීත් වේදනාව සහ කැසීම ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම හර්පීස් කියන්නේ ලිංගික ඉන්නන්ට වඩා භයානක තත්ත්වයක්. මේ නිසා ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතාම වැදගත්.

අනෙකුත් වෛරස් සමඟ ඇති සම්බන්ධය

ලිංගාශ්‍රිතව බෝවන බොහෝමයක් රෝග එන්නේ එවැනිම තවත් රෝග ගණනාවක පැකේජයක් විදියට. ඒ නිසා යම් රෝගයක් තියන කෙනෙකුට ඒ හා සමාබ වෙනත් රෝග තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම ්‍යෂඪ ආසාදිත කාන්තාවකට ලිංගික ඉන්නන් මතුවෙනවා. මේ නිසා මෙවැනි තත්ත්වයක දී සියලු රෝග පරීක්‍ෂාවන් සිදුකරගැනීම වඩාත් සුදුසු වෙනවා.

විවාහය

විවාහයට පෙර ලිංගික සම්බන්ධයක් පැවැත්වීමෙන් ලිංගික ඉන්නන් ඇතිවුණා නම් මීළඟ සහකරුවාට එය පැවසීම යුතුකමක් සේම සමාජ වගකීමක් ද වනවා. ලිංගික ඉන්නන් ඇති කරන උප වෛරසය ජීවිත කාලය පුරාම ශරීරයෙන් ඉවත් වන්නේ නැහැ. කාලයෙන් කාලයට මතුවෙමින් නැතිවෙමින් පවතින නිසා සමහර විට කෙනෙකුට රෝගය සම්පූර්ණයෙන් සුවවුණා කියලා හිතෙන්න පුළුවන්. මේ නිසා ඒ පිළිබඳව සහකරු සමඟ සාකච්ඡා කිරීම වැදගත්. ඔබට ඒ සඳහා තනිව සූදානම් වීමට තරම් මානසික ශක්තියක් නැතිනම් දෙදෙනාම වෛද්‍යවරයෙක් හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීම වැදගත් වනවා. වඩාත් වැදගත් වන්නේ දෙදෙනා අතර සම්බන්ධයක් ඇතිවන සෑම අවස්ථාවකම ආරක්‍ෂිත කොන්ඩමයක් භාවිත කිරීමයි.

පිළිසිඳ ගැනීම

සහකරුවාට රෝගය බෝ වෙලා නැත්නම් තාක්‍ෂණික ක්‍රම ඔස්සේ පිළිසිඳ ගැනීම වඩාත් සුදුසු වෙනවා. මේ සඳහා විවිධ ක්‍රම දැන් වෛද්‍ය විද්‍යාව තුළ තිබෙන නිසා බිය වෙන්න අවශ්‍ය නැහැ. දරුවා ප්‍රසූත කරන අවස්ථාවේ මවට රෝග තත්ත්වය මතුවෙලා තියෙනවා නම් සිසේරියන් සැත්කමක් මඟින් බිහිකරන්න පුළුවන්. ඒ වගේම මෙවැනි මවකට දරුවෙක් රැකබලාගන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව අනිසි බියක් හෝ තැතිගැන්මක් ඇතිකරගන්න අවශ්‍ය නැහැ.

වෙනත් තැන්වලත් මතුවිය හැකියි

මේ තත්ත්වය ගුද මාර්ගයේ ඇතිවන අවස්ථා තිබෙනවා. ඒ ගුද මාර්ගික සංසර්ගයෙන්. මේ තත්ත්වය වෛද්‍ය පරීක්ෂාවක් මඟින් හඳුනාගන්න පුළුවන්.

පිළිකා තත්ත්වයක්

ලිංගික ඉන්නන් සිටීම ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවධානමට හේතුවක්. නමුත් පාසල් යන කාලේ ගැබ් ගෙල පිළිකා වැළැක්වීමේ එන්නත් ලබාදෙනවා. නමුත් සැකයක් තිබෙනවා නම් සුවනාරි සායනයකින් පැප් පරීක්‍ෂණයක් කරලා බලන්න පුළුවන්. මේ මඟින් කරන්නේ පිළිකා ඇතිවීමට හේතුවන සෛල තිබෙනවා ද කියලා බලන එකයි. සුවනාරි සායන පිළිබඳ තොරතුරු පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හරහා ලබාගන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිකාර ලබාගන්න යනවා නම් වෛiවරයා ඔබව සුවනාරි සායනය වෙත යොමුකරනවා.

අනිවාර්ය තත්ත්වයක් නොවේ

ගැබ්ගෙල පිළිකා ඇතිවීම ලිංගික ඉන්නන් ඇතිවන අයට අනිවාර්යයෙන්ම එන තත්ත්වයක් නෙවෙයි. නමුත් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම ලිංගික ඉන්නන් නැති අයට වුණත් ගැබ්ගෙල පිළිකා ඇතිවෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මෙවැනි කිසිඳු රෝගී තත්ත්වයක් නැති කාන්තාවක් වුණත් අවුරුදු 35 න් පස්සෙ සුවනාරි සායනය වෙත යොමුවෙලා පැප් පරීක්‍ෂණයක් කරගත්තට කමක් නැහැ.

ගැබ්ගෙල පිළිකාවක ලක්‍ෂණ

මෙහි ලක්‍ෂණ මතුවෙන්න හුඟක් කල් යනවා. සමහර විට රෝගයේ අවසාන කාලසීමාවේ ඇතිවෙන්න පුළුවන්. නමුත් රෝගය ඇතුළටම පැතිරෙනතුරු රෝග ලක්‍ෂණ මතුවෙන්නේ නැහැ.
ලිංගිකව එක්වන විට රුධිරය පිටවෙනවා නම්, ලිංගාශ්‍රිතව දුර්ගන්ධය සහිත ශ්‍රාවයක් පිටවෙනවා නම්, සැලකිලිමත් වීම වැදගත් වෙනවා.

ගර්භණි සමය හා ගැබ්ගෙල පිළිකාව

ගර්භණී කාලයේ සමහර විට ගැබ්ගෙල පිළිකා මතුවෙන්න පුළුවන්. ඒ වගේම රෝග ලක්‍ෂණ පහල වීමට ප්‍රමාද වෙන නිසා නොදැනුවත්ව ගැබ්ගෙල පිළිකා තත්ත්වයක් තිබෙන කාන්තාවක් ගර්භණි වෙන්න පුළුවන්. මේ රෝගය සඳහා තිබෙන ප්‍රධානම ප්‍රතිකාරය වෙන්නේ විකිරණ ප්‍රතිකාරය. නමුත් දරුවෙක් ලැබෙන්න ඉන්න කාලේ විකිරණ ප්‍රතිකාර කිරීම සුදුසු නැහැ. එයින් දරු ගැබට හානිවෙනවා. ගර්භණී සමය නිසා සමහර ගැබ්ගෙල පිළිකාවල වර්ධනය වේගවත් වෙනවා. ඒ නිසා දරුවා ලැබෙනතුරු ප්‍රතිකාර සඳහා බලාසිටිය යුතුයි. සමහර විට ඒ වෙද්දි පිළිකා තත්ත්වය පැතිරිලා තියෙන්න පුළුවන්. ඒ නිසා පැප් පරීක්‍ෂාවක් සිදුකරගැනීම වඩාත් සුරක්‍ෂිත ක්‍රමවේදය වනවා.

සෑම පුද්ගලයෙක්ම ලිංගික සම්බන්ධතාවයකට ප්‍රථම ආරක්‍ෂිත කොන්ඩමයක් පැළදීම වඩාත් වැදගත් වනවා. මෙයින් හදිසි ගැබ්ගැනීම් මෙන්ම ලිංගාශ්‍රිතව බෝවන රෝගවලින් ද වැලකිය හැකියි. ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය සේවා දත්ත අනුව ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීමට පමණක් රජය වසරකට අතිවිශාල වියදමක් දරනවා. ඒ නිසා වඩාත් වැදගත් වන්නේ මෙවැනි රෝග වැළදීම වලක්වාගැනීම සහ තමන් වෙතින් අන් අය වෙත පැතිරීම වළක්වාලීමයි. එසේම යම් කාන්තාවක් අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධතාවයකින් පසුව කිසියම් රෝග අවධානමකින් පෙළෙනවා නම් කොළඹ 10 ද සේරම් පෙදෙස පිහිටි ලිංගාශ්‍රිත රෝග සායනයට පිවිසිමෙන් රහස්‍යභාවය සහිතව නොමිලයේ නිසි ප්‍රතිකාර ලබාගන්න පුළුවන්.

වෛද්‍ය අශෝක කරුණානන්ද

සටහන හංසිනි ආටිගල