free stats

දින 365ක් ගෙවී යාමට මාස තුනක පමණ කාලයක් ඉතිරිවත්ම ආරම්භ වන්නේ වස්සාන කාලයයි” අධික සීතලත් සමග පැමිණෙන වාර්ෂාව බොහෝ දෙනෙකුගේ ශාරිරික සෞඛ්‍යයට විවිධ වූ බලපෑම එල්ල කිරීමට සමත් වන්නේය. සෙම් රෝග තිබෙන අයට එය වැඩි වර්ධනය කිරීමටත් සෙම් රෝග නොමැති අයට සෙම් රෝග වැළදීමටත් හන්දිපත් වේදනා දත්කැක්කුම් ආදී ඇති කිරීමටත් හේතුවේ.

සෙම් රෝග ගැන කථා කිරීමේදී කුඩා දරුවන්ගේ ජීවිතවලට සෙම විවිධ වූ බලපෑම එල්ල කරන බව අපි දනිමු.

ඔන්න ඉතිං වැහිකාලේ පටන් ගන්නයි හදන්නේ දරුවව නාවන්න වෙන්නේ නම් නැතිවෙයි”

වැහිකාලේ ඉවර වෙනකල් බබාට සීතල කෑමක් නම් දෙන්න වෙන්නේම නැතිවෙයි”

ඔන්න ඉතිං වැහිකාලේ පටන් ගත්තා දැන් දොස්තරට දෙන්න සල්ලිටිකක් තමයි හොයා ගන්න වෙන්නේ”

මේ වැහිකාලෙට කොච්චර බෙහෙත් ගත්තත් සෙම නම් අඩුවෙන්නෙම නැහැ”

මෙවැනි කියුම් අපි කොතෙක් නම අසා ඇතිද? ඇත්තටම මේ සෙම කියන්නේ රෝගයක්ද?

රෝගයක් නම් ඇයි කොච්චර බෙහෙත් බීවත් සුව නොවන්නේ. ඇත්තටම සෙම කියන්නේ රෝගයක් නොවෙයි අපේ අම්මලා දරුවා කැහැලා සෙම දැම්මොත් නාසයෙන් සොටුදියර ගැලුවොත් දොස්තර හොයගෙන යාම පුරුද්දක් කරගෙන තියෙනවා. ඇත්තෙන්ම සෙමට බෙහෙත් ගන්නම ඕනේද? සෙම කියන්නේ මොකක්ද යම් පුද්ගලයෙකුගේ ස්වසන පද්ධතියේ ආහාරමාර්ගයේ හා ආමාශයේ ආරක්ෂකයා ලෙස ක්‍රියාකරන තරලයක්. මේ තරලය ප්‍රෝටින් එන්සයිම ලයිසොසයින් සුදුරුධිරානු වැනි ද්‍රව්‍යයන්ගෙන් සමන්විත වේ.

ස්වසන පද්ධතියට ඇතුළු වන ආගන්තුක ද්‍රව්‍ය එනම් බැක්ටිරියා වෛරස් හෝ වෙනත් විසබීජ විනාශ කිරීම සදහා ශ්වසන පද්ධතියේ ශ්ලේෂ්මල පටලයන් මගින් නිකුත් කරන තරලය අප හදුන්වන්නේ ”සෙම” යනුවෙනි.

ස්වසන පද්ධතියට ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු වූ අවස්ථාවන් වලදී ශ්ලේෂ්මල පටලයෙන් නිකුත්වන ”සෙම” එම ආගන්තුක ද්‍රව්‍ය වටා ඒකරාශී වී එය ස්වසන පද්ධතිය තුළ තව දුරටත් ගමන් කිරීමට තිබෙන ඉඩකඩ අහුරනු ඇත. එපමණක් නොව එම ආගන්තුක ද්‍රව්‍ය විනාශ කිරීමට ද කටයුතු කරනු ඇත.

මෙසේ ස්වසන පද්ධතියේ ඒකරාශී වන සෙම ශ්වසනාලිකා තුළ සිරවීම හේතුවෙන් හුස්ුම ගැනීමේ අපහසුතා ඇති කරවයි. විශේෂයෙන්ම ශීත දේශගුණික තත්ත්වයන් මත ශ්වාසනාලිකා සිහින් වේ” මෙසේ සිහින් වීම හේතුවෙන් ඒ තුළ සෙම හිරවීම හුස්ම ගැනීමේ අපහසුතා ඇතිකරවයි. ඇතැම් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද ඇල්වතුර නෑමෙන් සීතල ආහාර ගැනීමෙන් පසුව සෙම ඇති වී හුස්ම ගැනීමේ අපහසුතා ඇති කරවයි. ශීත දේශගුණයක් යටතේ ශ්වාසනාලිකා සිහින් වී එහි සෙම හිරවී හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවේ.

මෙවන් විටක දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට වෛද්‍යවරුන් කටයුතු කරන අතර එහිදී ශ්වාසනාලිකා තුළ පවතින සෙම ආගන්තුක ද්‍රව්‍යත් සමග පිටවේ” එසේ වූ පසුව නැවත නැවතත් සෙම සෑදීම සිදුනොවේ.

ඒ වගේම දරුවෙකුට සුළු කැස්සක් හෝ සෙම ගතියක් පවතින අවස්ථාවකදී ශීත ආහාරයක් ගැනීමෙන් එම සෙම රෝග තත්ත්වයන් උත්සන්නවේ. මෙහිදී සිදුවන්නේ කැස්ස ඇතිකරවන බැක්ටීරියාව හෝ වෛරසය උගුරේ පවතින විට ශීත ආහාරයක් ගැනීම තුළින් එම බැක්ටීරියාව හෝ වෛරසය වර්ධනය වීමය. මෙහි ප්‍රතිපලය වන්නේ දරුවාට පැවති කැස්ස හෝ සෙම ගතිය වැඩි වීමය.

තවද තදින් සෙම පවතින අවස්ථාවකදී දරුවෙකු වමනය කරන්නේ නම් බොහෝ මව්වරුන් ප්‍රකාශ කරන්නේ වමනය සමග සෙම පිටවූ බැවින් දරුවාට හුස්ම ගැනීම පහසු වූ බවකි. එහෙත් එහි කිසිදු සත්‍යයක් නැත. මෙසේ වමනය සමග සෙම පිටවූයේ බඩවැල් හී පවතින ශ්ලේෂ්මල පටලයන් මගින් නිකුත් කරන ලබන සෙමයි.

අප ගන්නා ආහාර ආමාශය දක්වා ගමන් කිරීම පහසු කිරීමට ආහාර මාර්ගය දිගේ ශ්ලේෂ්මල ග්‍රන්ථි පිහිටා තිබේ. යම් විටෙක ආහාර මාර්ගය හරහා යම් විෂබීජයක් බඩවැල් වෙත ගමන් කර අංගුලිකා තුවාල කිරීමක් සිදු කළේ නම එම තුවාල අවම කිරීම සදහා වැඩි වැඩියෙන් සෙම නිපදවෙන අතර මළපහ සමග සෙම පිටවේ.

සෙමට අපේ මව්වරුන් මෙතරම් බිය වන්නේ ඇයි ද? යන්න ගැටලුවකි. සෙම කියන්නේ ඔබේ දරුවාව විසබීජවලින් ආරක්ෂා කිරීම සදහා නිපදවෙන ආරක්ෂ තරලයක්.

                      රාගම ශික්ෂණ රෝහලේ 
                      ළමාරෝග විශේෂඥ වෛද්‍ය
                      සංජීව තෙන්නකෝන්

                      සටහන - තාරකා ළිදකුඹුර