free stats

ඔයා දැන් ලොකු ළමයෙක් .

දරුවා වැඩෙනවා හඟීම් මෝරනවා. සමාජයට හුරු වෙනවා.

උපතේසිට දරුවාගේ වර්ධනයයේ ප්‍රධාන සන්ධිස්ථාන.

දරුවා වයසින් මුහුකුරා යාම කෙරේ වැඩි අවධානයක් යොමු කරන්න.

දරුවා වයසින් මුහුකුරා යාමත් සමඟම දරුවා තුළ ඇතිවන සමාජීයිය හා භවත්මක වර්ධනය.

ඔබේ දරුවගේ කායික වර්ධනය එනම් උස් මහත්වීමේ අවස්ථාව හෝ කඩයිම් ඔබට පහසුවෙන් දැක ගත හැකි වෙනවා. ඒ වගේම දරුවාගේ සමාජීයිය මෙන්ම භවාත්මක වර්ධනයට සම්බන්ධවන සංධිස්ථාන කෙරේ අවබෝධයක් ලබාගැනීම එසේ නැත්නම් ඒවා වටහා ගැනීමේ අවශ්‍යතාවය දෙමාපියන් වන ඔබ සතු යුතුකමක් වෙනවා.

සෑම දරුවෙකුගේම ජීවිතයේ අතිශයින් වැදගත් වූ අවස්ථාවන් ලෙස සමාජය හා භවාත්මක වර්ධනය පෙන්වා දෙන්න පුළුවනි. වයසින් වැඩිවන විට ඔවුන්ගේ ජීවිතයේ ශක්තිමත් වූ පදනමක් ඇති වීමට මෙම සමාජීය හා භවාත්මක කරුණු හේතුවෙනවා. එම පදනම දරුවාට ඔහුගේ පෞද්ගලික හැඟීම් පාලනය කර ගැනීමට අනුන්ගේ හැඟීම් තේරුම් ගැනීමට මෙන්ම අනුන්ගේ හැඟීම්වලට ගරු කිරීම හා අනෙකුත් අයසමඟ අන්තර් ක්‍රියාකාරීත්වය සාර්ථකව ඇති කර ගැනීමට හැකිවන බව දරුවන් හා මව්වරුන් අතර ධනාත්මක සබඳතාවයක් ඇති කිරීම ගැන තොරතුරු සැපයීම අතිශයින් ජනප්‍රිය වෙබ් අඩවියක් වන පදපවමබජඑසදබගජදප සඳහන් කරයි.

දරුවාගේ භාවත්මක වර්ධනය යනු කුමක්ද ?

භාවාත්මක වර්ධනය පිළිබඳව දැණුමක් ඇති වීම ඉතාම ළදරු වියේදීම ඇරඹෙනවා. එසේම වයසින් මෝරන විට එම දැනුමද වර්ධනය වෙනවා. ළදරුවියේ පසුවන දරුවන් තමන්ගේ හැඟීම්
ප්‍රකාශ කරන්නේ වචන නොමැති සංඥා ආධාරයෙන් වන අතර ඔවුන් රැක බලා ගන්නා අය එම සන්නිවේදන ක්‍රම හඳුනා ගනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. එහිදී ඔවුන්ගේ හැඟීම් ඉදිරිපත් කිරීමත් එම හැඟීම් පාලනය කළ හැකි ආකාරයත් අතර සබඳතාවයක් පවතින බව පැවනෙවා. එසේම ඒ අයුරින් සන්නිවේදනය වන හැඟීම් සමාජීය මෙන්ම අනෙකුත් අවශ්‍යතාවයන්ට අනුව ධනාත්මකව හෝ සෘණාත්මකව ඉදිරිපත් වෙනවා.

සිගිත්තාගේ සිට වැඩිහිටියා දක්වා වර්ධනය සිදුවන විට දරුවන්ගේ භාවාත්මක වර්ධනය වැදගත් වන්නේ ඇයි?

මෙහිදී ඔබගේ දරුවාගේ සමාජීය හා භවාත්මක හැකියාවන් ගේ වර්ධනය අතිශයින් වැදගත් ස්ථානයක් ගන්නා බව මතක තබා ගන්න.
එමඟින් පසු කලකදී තැනට සදුසු අයුරින් හැසිරීම පසුකාලීනව තමා ජීවත්වන ආකාරය ගැන දැනුමක් ඇති කර ගැනීම. වැඩිහිටි බවට පත්වන අතර කාලයේදී තමන්ව පාලනය කරගන්නා අකාරය ගැන දැනීමක් ඇතිවනවා.


සමාජීය හා භාවාත්මක වර්ධනය මඟින් දරුවාට අනාගතය කෙසේ සකස් කරගතයුතුද යන්න පිළිබඳව දැනුමක් ඇතිවෙනවා. එහිදී තමන්ගේ හැඟීම් පාලනය කරගනිමින් අනාගත බලාපොරොත්තු ඉටුකර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුමක් ලැබෙනවා.
සමාජීය නිපුනතා වර්ධනය තුළින් වැඩිහිටි අය සමඟ සහයෝගයෙන් ක්‍රීඩාකරන අකාරය මෙන්ම දෙමාපියන් හා ගුරුවරුන්ගේ උපදෙස් අනුව තමන්ගේ කටයුතු ක්‍රියාත්මක කිරීම කෙරේ යොමු වෙනවා.


එසේම සමාජීය නිපුනතා මගින් දරුවා තුළ ඇතිවන අධ්‍යයන ක්‍රියාවලිය මගින් තමන්ගේ හැඟීම්
තේරුම් ගැනීමටත් ඒවා පාලනය කර ගැනීම පිළිබඳව වැටහීමක් ලැබෙනවා.
එසේම මෙහිදී දෙමාපියන්ගේ අවධානය යොමුවිය යුත්තේ දරුවාගේ සමාජීය හ භාවත්මක වර්ධනය වන අවස්ථා ගැන වටහා ගැනීම මෙන්ම ඔබේ දරුවා දැනට සිටින්නෙ කුමන අවධියකද යන්න වටහා ගැනීමයි.

උපතේ සිට හයමසක් කාලය තුළ දරුවාගේ භාවාත්මක වර්ධනය
උපත ලැබූ දා සිට සිගිත්තන් ඉතාම සක්‍රිය මෙන්ම වේගවත් ලෙස නොයෙකුත් දේ පිළිබඳව ඉගෙනීමක් ලබා ගන්නවා.
මෙම වයස් සිමාව තුළ සිගිත්තන්
ඔවුන්ගේ දෑත් දෙස බලනවා, ඇඟිලි උරන්න ගන්නවා.
ඔවුන්ගේ ශරීරයේ යම් තැනක් ඔබ ඇල්ලුවහොත් එම ස්ථානය දෙස විමසිල්ලෙන් බලනවා
තමන්ගේ අත් දෙක දෙපාවල ක්‍රියාකාරීත්වය ගැන දැනුමක් ඇති කරගන්නවා.
තමන් අනුන්ගෙන් වෙන්වු කෙනෙකු බව වටහා ගන්නවා.
තමන්ට වැඩිහිටියන්ගේ ආදරය අවධානය යොමුවීම අවශ්‍යබව වටහා ගන්නා අතර ඔහුව සුරතල් කිරීම කෙරේ කැමැත්තක් දක්වනවා.
සමාජයට එක්වීම කෙරේ සතුටක් ඇතිවෙනවා සමානව සිනහ වෙන්න ගන්නවා.
ඔබගේ අල්ලා ගැනීම අතගෑම කෙරේ හොඳ ප්‍රතිචාරයක් දක්වනවා.

විශේෂයෙන්ම මාස 3ත් 6ත් අතර කාලය තුළදී සමාජීය අන්තර් සබඳතාවයන් ඉතාම වැදගත් සාධකයක් වන අතර එම අවස්ථාවලද දරුවා ඔහුගේ නම කියන විට ප්‍රතිචාර දැක්වීම ඔබ යම් ශබ්දයක් සිදුකළ විට සිනහ වීම. සැඟවෙන්නට තැත් කිරීම ආදියට පෙළබෙනවා.

හයමසත් අවුරුද්දත් අතර කාලය තුළදි දරුවාගේ භාවාත්මක වර්ධනය.

ඔබේ සිඟිත්තා ක්‍රමයෙන් වයසින් මුහුකුරායත්ම ඔබගේ පවුලේ උදවිය කෙරේ කැමැත්තක් සෙනෙහසක් ඇති කරගන්නවා. එවැනි දරුවකු සිටිනවා නම් ඔවුන්ගේ භවාත්මක හා සමාජීය ලකුණු ගැන අවධානයෙන් සිටින්න.

එනම්
සතුට, කෝපය, ශෝකය, බිය ආදී එකිනෙකට වෙනස් හැඟීම් දැක්වීමට හැකිවෙනවාද ?

ආගන්තුකයින් පවුලේ උදවිය හා වෙනත් අය වෙන් වෙන්ව හඳූනාගැනීමට හැකිවෙනවාද ?
ඔවුන්ගේ අතේ පවතින සෙල්ලම් බඩුවක් අරගත්විට පරාජිත ස්වභාවයක් දක්වනවාද ?

ඔබ කරන කියනදේ ගැන ප්‍රතිචාර දක්වනවාද ?

මෙම කාලය තුළ විශේෂයෙන්ම මාස 9 හා අවුරුද්ද අතර කාලය තුළදී ඔබේ දරුවා සමාජීය වශයෙන් කැපී පෙනෙන වෙනසක් දක්වනවා. වැඩිහිටි අයමෙන් හැසිරීමටත් වගකීම් සහිතව ක්‍රියා කිරීමටත් පෙළඹෙනවා. මෙම කාලය තුළදී තමන් පාලනය කරගෙන කටයුතු කිරීමට දරවා පෙළඹෙනවා. ඒ අනුව දරුවා යමක් පාවය කිරීමේදි කෝප්පය අල්ලා ගැනීම සුළු ක්‍රියාකාරකම් අනුකරණ කිරීම තමන් විසින්ම ආහාර ගැනීම සිදුකරමින් කුඩා අහාර කැබලි මුව තුළට රුවා ගැනීම ඔබගෙන් වෙන් වන විට වික්ෂෝබයක් දැක්වීමට පෙළඹෙනවා.

වයස අවුරුද්දත් දෙකත් අතර දරුවාගේ භාවාත්මක වර්ධනය

මෙම කාල පරාසය තුළදී ඔබගේ දරුවා ඔහු අවට පත්වන දේවල් ගවේෂණය කිරීමට වැඩි කාලයක් ගත කරනවා ඒ වගේම නිවසේ සිටින අය ගැන පරීක්‍ෂා කිරීමත්, තමන් පිළිබඳ වැඩි අවබෝධයක් ඇති කර ගැනීමට ක්‍රියා කරනවා. මෙම වයස් සීමාව තුළදී.

ඔහු කණ්නාඩියෙන් දක්නට ලැබෙන රූපය හඳුනාගන්නවා.
සෙල්ලම් කිරීමේදී මුල් තත්ත්වය ගැනීමට පෙළඹෙනවා.
වැඩිහිටියන්ගේ ක්‍රියාකාරකම් අනුකරණය කරනවා.
වෙනම සෙල්ලම් කිරීමට පෙළඹෙනවා.
යමක් කළවිට එය ඇගැයීමට ලක්කිරීමෙන් සතුටට පත්වෙනවා.
ඔබට උදව් වීමට සැරසෙනවා.
සෙල්ලම් කිරීම අවසන් වූවාට සෙල්ලම් බඩු අරන් තැබීමට ක්‍රියා කරනවා.
එසේම සෘනාත්මක හැඟීම්, කෝපය වැනි හැඟීම් ඔහු තුළ ඉස්මතු වෙනවා.
තමන්ගේ පෞරුෂත්වය විදහා දක්වමින් ඔබගේ ක්‍රියාකාරකම් සිදු කළ යුතු අන්දම ගැනද කියා දීමට පෙළඹෙනවා.

වයස 2ත් 3ත් අතර භාවාත්මක වර්ධනය
මෙම අවධිය වන විට ඔබේ සිඟිත්තා ඉතාම නිර්මාණශීලී ගුණාංග පෙන්නුම් කරන අතර සෑම ඉරියව්වකදීම දැඩි ආත්ම විශ්වාසයක් දැක්වීමට සමත් වෙනවා. වසර දෙක පූර්ණ වීමත් සමඟම ඔබේදරුවා තමන් පිරිමි ළමයකු ද ගැහැණු දරුවෙකුද යන්න ගැන අවබෝධ කර ගන්නවා.
ඇඳුම් ඇඳ ගැනීමත් ගලවා දැමීමත් තමන් විසින්ම කරනවා
ඇඳුම් පළඳින විටදී ආහාර ගැනීමේ දී සෙල්ලම් බඩු තෝරා ගැනිමේදී සෙල්ලම් කිරීමේදි කටයුතු කෙරේ දරුවා තුළ පවතින කැමැත්ත අකමැත්ත පෙන්නුම් කරනවා.
ඔබගේ ඉල්ලීම් වලට තමන් අකමැති බව ප්‍රකාශ කරන්න පුරුදු වෙනවා.
වෙනත් දරුවන් ඇසුරු කිරීමට පෙළඹෙනවා.
සෙල්ලම් කිරීමට නොයෙකුත් දේවල් උපයෝගී කරගන්නවා.
නිතර නිතර මනෝභාවයෙන් වෙනස් වෙනවා.

වයස 3-4 වන විට භාවාත්මක වර්ධනය
දරුවා වයස 3 සම්පූර්ණ කිරීමත් සමඟ කායික වශයෙන් නොයෙකතුත් ක්‍රීඩාවන් ඉටු කරනවා ඒ වගේම ඔහුගේ අත්ම විශ්වාසයත් දියුණු වෙනවා. එමඟින් ස්වාධීනව හැසිරීමේ ලක්‍ෂණ පෙන්නුම් කරනවා. අවුරුදු 3ක් ලැබූ විට ඔබේ දරුවා

ඔබදෙන උපදෙස් පිළිපදින්න තැත් කරනවා.
කාගේවත් ආධාරයක් නැතිව යම් යම් ක්‍රියාවන් කරනවා.
තමන්ගේ සොයුරු සොහොයුරියන් හෝ මිතුරන් සමඟ සෙල්ලම්බඩු බෙදා හදාගන්න කැමති වෙනවා.
අලුත් ක්‍රීඩා නිර්මාණය කිරීමටත් පෙළඹෙනවා.
වයස 4-6 වනවිට භාවාත්මක වර්ධනය
වයස අවුරුදු 4 ලබන විට තමන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳ වැටහීමක් ඇති කර ගැනීමටත් සමත් වෙනවා. කාය්ක වශයෙන් යම් යම් ක්‍රියාවල යෙදෙන විට මොළය උපයෝගී කරනු ලබන කටයුතු හා නර්තන කටුයුතු වර්ධනය කර ගැනීමට පෙළඹෙනවා. එමඟින් ඔහුට තමන් කෙරේ විශ්වාසයක් ඇති කර ගැනීමටත් තමන් ගැන ආත්මාභිමනයක් ඇතිකර ගැනීමට හැකිවෙනවා. මෙම වයසට එන දරුවාට
හොඳ හැසිරීම නරක හැසිරීම වෙනස් කොට තේරුම් ගැනීමට හැකිවෙනවා.
අනෙකුත් දරුවන් සමඟ මිතුර වීමට පෙළඹෙනවා.
තමන් හා අනෙකුත් දරුවන් අතර පවතින වෙනස තේරුම් ගන්නවා.
අනෙකුත් අයගේ හැඟීම් තේරුම් ගැනීමට පෙළඹෙනවා.
නිර්මාණශීලි සෙල්ලම් වලට සතුටින් සහභාගි වීමත් ඒවා අනෙකුත් දරුවන් දරුවන් සමඟ එකතු වී ක්‍රිඩා කිරීම.
තරඟකාරී ක්‍රීඩා වල යෙදීමට පෙළඹෙනවා.

වයස 7 12 අතර භාවාත්මක වර්ධනය
මෙය පාසැල් යන අවධිය ලෙස සලකන්න පුළුවනි. මෙම කාලසිමාව තුළදී දරුවන්ට නොයෙකුත් හැඟීම් පෙරලිවලට මුහුණ දීමට සිදුවෙනවා. ඒ වගේම ඔවුන් ඉගෙන ගන්න අලුත් කුසලතා අතර මෙම කරුණු වැදගත් වෙනවා.

වැඩිහිටි අය සමඟ හොඳින් පෑහීම.
නීති හොඳින් පිළිපැදීම.
නිති පිළිපැදීමේ දී ක්‍රමාණුකූල ව්‍යුහයක් සකස් කර ගැනීම.
ඒ සඳහා එකඟතාවයක් සහිත කණ්ඩායමක් සකස් කර ගැනීම.
ගණිතය, සමාජ අධ්‍යණය වැනි සංකීර්ණ විෂයන් කෙරේ අකමැත්තක් දැක්වීම.
ඉගෙන ගැනීමේදී ස්වයං විනයක් ඇතිකර ගැනීම.
යම් යම් ක්‍රියාකාරකම් සඳහා මූලිකත්වය ගැනීම.
තම වගකීම් හිමි වීම ගැන ආඩම්බරයක් ඇති වීම.

වයස 12- 20 අතර භාවාත්මක වර්ධනය
මෙ කාල පරාසය තුළ සංකිර්ණ මානසික ප්‍රශ්න ඇතිවීම සිදුවෙනවා. ඒ අනුව තමාගේ ස්ත්‍රී පුරුෂභාවය ගැනත් විරුද්ධ ලිංගික පක්‍ෂය පිළිබඳව ක්‍රමාණුකුල එසේම වික්ෂිප්ත භාවයක් ඇතිවෙන්න පුළුවනි. එසේම යොවුන් වියට අදාල වෙනත් ප්‍රශ්න වලට මුහුණ දීම සිවෙන්න පුළුවනි. මෙම අවධියේ පසුවන ඔබේ දරුවා මේ අයුරින් ක්‍රියා කරන්න පුළුවනි.

ඔබ විසින් නගන ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු දීම.
තමා පිළිබඳව වැඩි දැනුමක් ලබා ගැනීම.
තමාගේ අනන්‍යතාවය පිළිබඳව සැලකිලිමත් වීම.
යම් යම් ප්‍රශ්න වලදී විප්ලවීය ස්වභාවයක් ඇතිවීම.
තමා පිළිබඳව යම් යම් සැක සංකා ඇතිවීම.
තමාගේ මුහුණුවර පිළිබඳව සැලකිලිමත් වීම.
සත්‍ය එසේම අවංක සබඳතා ගැන උනන්දුවීම.
තනිවීමට ආශාවක් දැක්වීම.
දිගුකාලීන එසේම අවංක මිතුරුදාමයක් ඇතිකර ගැනීමට උනන්දුවීම.ඔබගේ දරුවා උපත ලැබූ අවස්ථාවේ සිට යොවුන් අවදිය තෙක් ඔහු හෝ ඇය සමාජීය වශයෙන් වර්ධනය වීමත් හැඟීම් සම්බන්ධයෙන් පුළුල් වර්ධනයක් ඇතිවන අන්දම පිළිබඳව දෙමාපියන් විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ එම වර්ධනය සාර්ථක වැඩිහිටියෙකු ලෙස සමාජයට ඇතුළුවීම හා වගකීමක් දැරිය හැකිය.