free stats

මේ ලිපිය කියවන ඔබ සියලුදෙනාම එක්වතාවක් හෝ ඉක්කා එක්ක නොවරදවාම ගාලු ගිහින් ඇති. අපේ අම්මලා ආච්චි අම්මලා මේ විදියට කිව්වේ ඉක්කා නිසා අපි වින්ද කරදරෙන් මොහොතක හෝ සහනයක් අරන් දෙන්න හිතාගෙනයි. විද්‍යාත්මක වශයෙන් මෙහි සත්‍ය අසත්‍ය බව සොයන්නට නොහැකි වුණත් ඉක්කාව කියන්නේ ඔනම කෙනෙකුට බලපාන්න පුළුවන් තත්ත්වයක්. විශේෂයෙන්ම පුංචි පැටියෙකුට ඇතිවන ඉක්කාව කියන්නේ එහෙම ලේසියෙන් අමතක කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. මොකද වැඩිහිටියන්ට වගේ මේ සුරතලුන්ට ඉක්කාවක් දරාගන්න අමාරුයි. ඉක්කාවක් ඇතිවෙන්නේ උදරයේ එන ගැස්මක් එක්ක නිසා පැටියාට එයින් උදර වේදනාවක් පවා ඇතිවෙනවා.

බබෙක් මව්කුසේදිත් ඉක්කා යවනවා

කිරි බොන දරුවන් අතර ඉක්කාව කියන්නේ සාමාන්‍ය තත්ත්වයක්. මෙය දරුවාට මාස දොළහක් එනම් අවුරුද්දක කාලයක් යනතුරු සාමාන්‍යයෙන් දකින්න ලැබෙනවා. ඒ වගේම විශේෂත්ව වෙන්නේ බබෙක් මව්කුස ඉන්න කාලෙත් එයාට ඉක්කාවක් යැවීමට හැකිවීමයි. පැටියා මව්කුසේ ඉන්න ගමන් ඉක්කා යවනවා. නමුත් උපතින් පස්සේ මේ තත්ත්වය බබාට දරාගන්න බැරි තරම් දුරදිග යනවා නම් හොඳම කාර්යය වෙන්නේ එයාව වෛi උපදෙස් සඳහා රැගෙන යාමයි. පැටියාට නිදාගන්න බැරි තරම් කරදරකාරි විදියට නොනවත්වා ඉක්කාව සිදුවෙනවා නම් එය නැවැත්වීම සඳහා සුදුසු වෛi උපදෙස් මෙහිදි ලබාගන්න පුළුවන්. මෙහිදි වඩාත් සුදුසුම ප්‍රතිකාරය විදියට වෛiවරුන් පෙන්වා දෙන්නේ දරුවාට උවමනාවට වඩා ආහාර ලබාදීම නුසුදුසු බවයි. නමුත් මෙවැනි ප්‍රතිකාරයක් මාස හයට අඩු මව්කිරි පමණක් බොන දරුවෙක්ට නම් ඒ තරම් සුදුසු නැහැ. මොකද එයාලට වෙනත් අතිරේක ආහාර නොලැබෙන නිසා පෝෂණ ගැටළු ඇතිවෙන්න පුළුවන්.

මුඛයට පිරෙන හුළං ඉක්කාවට අතවැනීමක්

බබාට මාසයක් පමණ ගතවන විටත් ඉක්කාව සුව කරන්න බැරි නම් එය තරමක් වෙනස් තත්ත්වයක්. එවිට වෛiවරයා හරහා වෙනත් ප්‍රතිකාර ක්‍රමයකට යාමට සිදුවෙනවා. නමුත් වඩාත් වැදගත්ම කරුණ වෙන්නේ වෛi උපදෙස් නැතිව ප්‍රතිකාර නොදීමට තරම් මව බුද්ධිමත් වීමයි. ඒ වගේම පැටියාට ආහාර හෝ මව්කිරි ලබාදෙන අවස්ථාවේ සිදුවන සමහර අතපසුවීම් ද මේ සඳහා බලපාන්නට පුළුවන්. එබැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වීමත් වැදගත් වනවා. විශේෂයෙන් ආහාර හෝ මව්කිරි ලබාදෙන විට මුඛයට පිරෙන හුලං ගිලීම නිසාත් ඉක්කාව ඇතිවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක දී ගුඩුස් යැවීම මඟින් තත්ත්වය පාලනය කරන්නට පුළුවන්. මේ පිළිබඳව අප නිතර ඔබව දැනුවත් කරන නිසා දැනටමත් මව්වරුන් මව්කිරි දීමෙන් පසුව ගුඩුස් යැවීමේ අවශ්‍යතාවය සහ නිවැරදි ක්‍රමය පිළිබඳව අවබෝධයෙන් සිටිනවා.

අඬන බබාට බලෙන් කෑම කැවීමත් ඉක්කාවට හේතුවක්

අනිත් එක තමයි පැටියාට ඉතාම වේගයෙන් ආහාර කැවීමට මව දරන උත්හාසය. මේ තත්ත්වය දකින්න ලැබෙන්නේ දරුවාට වයස අවුරුදු දෙක පමණ පසුවුණාට පස්සේ. අම්මලාට තිබෙන වැඩකටයුතු බහුලබව නිසාම දරුවාට ඉක්මනින් බත් කටවල් දෙක තුනක් කවාගන්න උත්සහ කරන නිසාත් ඉක්කාව ඇතිවනවා. ඒ වගේම කන්න බෑ කියලා අඬන දරුවාට බලෙන් බත් කැවීමත් ඉක්කාවට හේතුවක්. මේ සමඟම පිට උගුරේ යාමේ තත්ත්වයක් ඇතිවෙන්නත් පුළුවන්. එසේ සිදුවීමෙන් අහාර සිරවීම නිසා දරුවාට අනතුරක් සිදුවෙන්නත් පුළුවන්. අනෙක් අතින් එය දරුවාගේ මානසික පසුබෑමටත් හේතුවනවා. ඔබට හදිසි වු පමණින් දරුවාට ආහාර ලබාදීමේ හැකියාවක් නැහැ. ආහාර ගැනීම සඳහා දරුවා සූදානම් වී සිටීම ඉතාම වැදගත්.

දැවිල්ල ඇති කූළු බඩු

පැටියාට ආහාර ලබාදෙන කාලයේ කිසිම විටෙක දැවිල්ල සහිත ආහාර කැවීමක් සිදුවන්නේ නැහැ. විශේෂයෙන් සකස් කරන ආහාර පමණක් ලබා දෙනවා වගේම එයාට අවුරුදු හතක් අටක් වුණාට පස්සෙත් මස් වගේම මාළු වර්ගත් අහාරයට දෙන්නේ හොඳින් සේදුවාට පස්සේ. ඒ නිසා බබෙකුට සෘජුව කුළු බඩු ශරීරගත වෙන්න හේතුවක් නැහැ. නමුත් අම්මා අධික සැර මිරිස් සහිත ආහාර ගන්නවා නම් දරුවා මව්කිරි ආහාරයට ගන්නා කාලයේ දී මව්කිරි සමඟ ඒවායෙහි සැර ගතිය ශරීරගත වෙන්න පුළුවන්. එයින් දරුවාට ඉක්කාව ඇතිවෙනවා. මේ නිසා මව්කිරි ගන්නා කාලයේ අම්මා තරමක් හෝ අධික දුරු සැර මිරිස් යෙදු ආහාරවලින් ඈත් වෙලා ඉන්නවා නම් එයින් දරුවාට සහනයක් ලැබෙනවා. කොහොමත් අධික සැර දුරු මිරිස් සිරුරට අහිතකර නිසා පැටියාට වගේම අම්මාටත් එවැනි ආහාරවලින් ඈත් වෙලා සෞඛ්‍ය සම්පන්න අලුත් ආහාර වේලකට යන්න මේ ක්‍රමය භාවිත කරන්නත් පුළුවන්.

ඉක්කාවට ක්‍ෂණික ප්‍රතිකාර

ඉක්කාව ඇතිවිට අසමෝදගම් ස්වල්පයක් පානය කිරීමේ ගැටළුවක් නැහැ. නමුත් එය වඩාත් සුදුසු වෙන්නේ අවුරුද්දට වැඩි දරුවන් සඳහා පමණයි. අලුත උපන් දරුවන්ට මෙවැනි ප්‍රතිකාර කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. ඒ වගේම මෙහි විවිධ නිෂ්පාදන තිබෙන අතර වඩාත් සුදුසු කුමන නිෂ්පාදනයද යන්න දන්නේ වෛiවරයා පමණක් නිසා වෛi උපදෙස් මත මෙවැනි ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වනවා. මෙයට අමතරව දරුවාගේ පිට අතගෑම, හිස උඩට සිටින පරිදි උදරය මවගේ උරහිසට වන සේ වඩාගෙන සිටීම මඟින් ඉක්කාව සුව කරන්නට හැකියි. මෙයට අමතරව අනෙකුත් අතිරේක ආහාර ගන්නා දරුවෙක් නම් ඉක්කාව සුව වන තුරු පෙපරමින්ට්, ලෙමන්, විනාකිරි අඩංගු ආහාර, රටකජු, රටකජු බටර් හෝ අච්චාරු යුෂ ලබාදීම සුදුසු නැහැ.

ඉක්කාව කියන්නේ කලකබල විය යුතු තත්ත්වයක් නෙවෙයි. නමුත් සාමාන්‍ය ඉක්කාවක් පැයකට වඩා තිබෙනවා නම් වෛi උපදෙස් පැතීම අනිවාර්යයි. එයට හේතුව සමහර අවස්ථාවල ආසාත්මිකතා නිසාත් ඉක්කකාව ඇතිවීමයි. ඒ වගේම ගුද මාර්ගයේ ගැටළු, ආහාර මාර්ගයේ සංකූලතා, වසංගත රෝගයක් ශරීරගත වීම, නිසා වුණත් ඉක්කාව හදිසියේම ඇතිවන්න පුළුවන්. මේ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වනවා. ඉක්කාව නිසා දරුවාගේ සාමාන්‍ය ජීවිතයට, නින්දට, සෙල්ලම් කිරීමට බාධාවක් මතුවනවා නම් වෛi උපදෙස් ලබාගැනීම වැදගත් වනවා.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය
පැතුම් දිසානායක
සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල

සටහන චාපා හංසිනි ආටිගල