ශ්‍රවණාබාධ කියන්නේ බොහෝවිට අපගේ කතාබහට ලක්වන මාතෘකාවක්. බොහෝ දෙනෙකු සිතන්නේ කන් ඇසීමේ දුර්වලතාවයන් වැඩිහිටියන් අතර දක්නට ලැබෙන වැඩිහිටියන්ට පමණක් සීමා වු තත්ත්වයක් ලෙසයි. නමුත් මේවන විට දරුවන්ගෙන්
සැලකියයුතු ප්‍රමාණයකට උපතේදීම ශ්‍රවණාබාධ ඇතිවීම බහුලව දක්නට හැකි තත්ත්වයකි. එලෙස උපතේදීම දරුවන් ශ්‍රවණාබාධයන්ම ලක්වීමට බලපාන හේතුන් මොනවාද යන්න විමසා බැලුවොත් එයට හේතුකාරක වන සාධකයන් බොහෝමයක් පෙන්වා දිය හැකියි.
උපතේදී ඇතිවන ශ්‍රවණාබාධ
උපතේදී ඇතිවන ශ්‍රවණාබාධ කොටස් දෙකකට වෙන්කර දැක්විය හැකියි. එනම් ජානමය බලපෑමකින් තොරව ඇතිවන ශ්‍රවණාබාධ සහ ජානමය බලපෑම නිසා ඇතිවන ශ්‍රවණාබාධ ලෙසයි.
ජානමය බලපෑම් වලින් තොරව ඇතිවන ශ්‍රවණ දුර්වලතාවයන්ට බලපාන හේතුන් මොනවාද?
මේ සඳහා බලපාන විවිධ හේතුන් විවිධයි. එම හේතුන් අතර අප මෙහි පහතින් දක්වන හේතුන් ප්‍රමුඛ වේ.
උදා: ගර්භණී සමයේ මවට රුබෙල්ලා, ජර්මන් සරම්ප, පැපොල යන රෝග වැළදීම
අඩු වයස් මවකට බිහිවන දරුවන්
අඩු උපත් බර සහිත දරුවකු වීම
උපතේදී සිදුවන විවිධ අනතුරු
ගර්භනී සමයේදී මව මත්ද්‍රව්‍ය භාවිත කිරීම
මාතෘ දියවැඩියාව
කලලයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම
ශ්‍රවණාබාධවලින් 50% කට වඩා ජානමය ආබාධ නිසා ඇතිවන බව හඳුනාගෙන තිබේ. විවිධ ආසාදන තත්ත්වයන් සහිතව උපදින දරුවන්ට ශ්‍රවණාබාධ සුලබයි. මෙය ජානමය බලපෑම් සෘජුවම බලපාන අවස්ථාවක් ලෙස සලකන්නට පුළුවන්.
උපතින් පසුව ඇතිවන ආසාදන තත්ත්වයන් ශ්‍රවණාබාධ ඇතිවීමට බලපාන අනෙක් හේතුවයි. මොළයේ උණ වැනි තත්ත්වයකදී දරුවාගේ ශ්‍රවණ ඉන්ද්‍රියන්ට හානි සිදුවන්නට පුළුවන්. යම් හෙයකින් මෙවැනි ආසාදන දරුවා තුළ ඇත්නම් රෝහලෙන් පිටවයාමට පෙර ශ්‍රවණ ඉන්ද්‍රියන් හොඳ තත්ත්වයේ ඇත්දැයි යන්න පරීක්ෂා කිරීම වඩාත් වැදගත්.
ශ්‍රවණයේ දුර්වලතාවයන් ඇතිබව හඳුනාගත හැක්කේ කුමන ලක්‍ෂණ අනුවද?
දරුවා වර්ධනය වනවිට යම් යම් ශබ්දවලට දක්වන අවධානය අඩුනම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්. එමෙන්ම නිසි ආකාරයෙන් දරුවා වචන හසුරවන්නේ නැතිනම් සහ කථනයේ ප්‍රමාදයක් ඇතිවේ නම් පළමුව සිතිය යුත්තේ දරුවාගේ ශ්‍රවණය නිසිලෙස ක්‍රියාකරන්නේද යන්නයි.
මෙවන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවුවහොත් ගතයුතු පියවර කුමක්ද?
සුදුසුම පියවර වන්නේ උගුර, කන, නාසය සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත දරුවා යොමු කරවීමයි. මෙහිදී දරුවා වෛද්‍ය පරික්‍ෂාවකට ලක්කරයි. මොනයම් හෝ ව්‍යයුහමය වෙනසක් වැඩුණු බාහිර කන් නාලය, කන් බෙරයේ ගැටලුකාරී තත්ත්වයක් ඇත්දැයි සැකහැර දැනගත යුතුයි.
ඉන්පසු විවිධ වයස්වලට ගැළපෙන ශ්‍රවණ පරීක්ෂණයන්ට දරුවා යොමුකර එම දෝෂයන් කවර ආකාරයෙන් සහ කවර ප්‍රමාණයෙන් ඇත්දැයි හඳුනාගැනීමෙන් පසු වෛද්‍යවරයා විසින් අවශ්‍ය ප්‍රතිකාර සැලසුම් කරයි.
ඖෂධ ප්‍රතිකර්මයන් මෙන්ම ශ්‍රවණාධාරයන් හෝ ශල්‍ය කර්ම යොදාගැනීමෙන් දරුවාගේ ශ්‍රවණය නැවත ලබාගත හැකිය. එමගින් භාෂාව දැනගැනීම, කථනය දියුණුකර ගැන්මට හැකියාව ලැබීමෙන් දරුවාගේ අධ්‍යාපන කටයුතුවලටද අවස්ථාව සැලසෙයි.
දරුවා තුළ ඇති ශ්‍රවණාබාධ කථනය ආරම්භවන වයසට පෙර දැනගැනීම වැදගත්ය. එයට හේතුව වන්නේ මොළය ස්නායු වර්ධනය අඩාලවීමෙන් කථනයටද බාධා ඇතිවිය හැකි වීමයි.
උපදෙස්
උගුර, කන, නාසය, ගෙල
පිළිබඳ විශේෂඥ වෛද්‍ය
සීතා කුමාරී අරඹේපොල
සටහන – මංජුලා මල්කාන්ති