කොලජන් කියන්නේ අපේ සිරුරට අවශ්‍ය ඉතාම වැදගත් ප්‍රෝටීනයක්. ඒක ඇත්තටම කියනවනම් අපේ සිරුරේ ප්‍රෝටීන ප්‍රමාණයෙන් 30% අවශ්‍යතාවයක්. මේ මගින් සිදුවන්නේ සම, අස්ථි, ඇටකටු, නහර සහ අනෙකුත් අවයවවල ප්‍රාථමික කොටස් සකස් කිරීමයි. කොලජන් නිර්මාණය වන්නේ ඇමයිනෝ අම්ලය මගින්.
කොලේජන් මඟින් සිරුරට සිදුවන්නේ කුමක්ද?
සමේ මැරුණු සෛල වෙනුවට අලුත් සෛල නිර්මාණය වීම..
සම යථා තත්ත්වයට පත් කිරීම
සැමට ඇදෙන සුළු, ශක්තිමත්, හැඩයක් ලබාදීම
රුධිර කැට ගැසීම සඳහා උදව්වීම
කොලජන් ප්‍රෝටීනයේ ආකාර කීයක් තියෙනවද?
දැනට වෛද්‍ය විද්‍යාත්මකව ආකාර 28 ක් අඳුනගෙන තියෙනවා.
මේ අතරින් සමහරක් සමේ වර්ධනයට ඉතාම වැදගත්. ඒවගේම ශක්තිමත් කිරීමට සහ සන්ධිවල ක්‍රියාකාරීත්වය සඳහා සහාය වෙනවා. තවත් කොලජන් ආකාරයක් මස්පිඩු ශක්තිමත් කිරීමට සහ එහි හැඩය හොඳින් පවත්වා ගැනීමට උදව් වෙනවා. ඒ වගේම කොණ්ඩය, මස්පිඬු වල ටිෂූ හෙවත් කන්ඩරා, සෛල, හොදින් පවත්වාගැනීමට වගේම රුධිර පටක හා පට්ටිකා ක්‍රියාකාරීත්වයට උදව් වෙනවා.
වැඩිහිටි වියේදී කොලජන් වලට මොකද වෙන්නේ?
අපි වයසින් වර්ධනය වෙන්න වෙන්න, සිරුරේ තියෙන කොලජන් ප්‍රමාණය ටිකෙන් ටික අඩුවෙනවා. ඒවගේම එහි ගුණාත්මක භාවයත් අඩුවෙනවා.
ගැබිණි සමයට හා මව්කිරි දෙන කාලයට කොලජන්
ගැබිණි සමයට වගේම මව්කිරි දෙන කාලයට කොලජන් ඉතාම වැදගත්. මව්කිරි දෙන කාලයේ කොලජන් සප්ලීමන්ට් එකක් විධියට ගත්තට කමක් නෑ. එයින් මව්කිරි දෙන එකට කිසිම ගැටලුවක් ඇතිවෙන්නෙ නෑ. ඒ වගේ ම බබාට බලපෑමක් වෙන්නෙත් නෑ. නමුත් එයට කලින් වෛද්‍ය උපදෙස් ගන්න එක හොදයි. ඒ වගේම බබා ලැබිලා මාස හයක් යනතුරු කොලජන් හෝ වෙනත් සප්ලිමන්ට් භාවිතා කරන්න එපා.
කොලජන් සප්ලීමන්ට් හදන්නේ සතුන්ගේ සමෙන් ගන්න සාරවලින්. ඒ නිසා එහි විටමින්, ලවණ වර්ග, ප්‍රෝටීන් අඩංගු වෙනවා.
කොහොම වුනත් පිටින් ගන්න සප්ලිමන්ට් වලට වඩා කොලජන් අඩංගු ආහාර නිතර එකතු කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
කොලජන් අඩංගු ආහාර
සම සහිත කුකුළු මස්
ඌරු මස් කටු
සාඩින්
මස් වර්ගවල අඩංගු පිකුදු, කටු සහිත කොටස් සහ සම
බෙරී කුලයේ පලතුරු
යන ආහාරවල කොලජන් යහමින් අඩංගු වෙනවා.