free stats

ගර්භණී සමයේ මුල් කාර්තුව හෝ මැද සහ අග කාර්තු ගෙවන ඔබ මේ දිනවල සැලකිලිමත් වෙන්නේ ඔබ දෙදෙනාගේ පවුලට එකතු වෙන්න සිටින පැටියා ගැන පමණයි. ඉතින් හොඳයි කියන පෝෂණය වැඩියි කියන කන්න පුළුවන් පිරියක් තියෙන ඕනම දෙයක් ඔබ මේ දවස්වල ආහාරයට ගන්නේ ඔබේ රස වින්දනය ගැන හිතලා නම් නෙවෙයි. පුංචි පැටියා ගේ පෝෂණය ගැන හිතලයි. සමහර විට වෙළඳ දැන්වීම්වලින් ඔබට කරන පෙළබවීම,

“දෙන්නෙකුට එක්ක හොඳට කන්න”

කියලා ඔබ වටා සිටින ඔබට වගේ ම පැටියාටත් ආදරය කරන අයගේ ඉල්ලීම නිසා ඔබ ඕනම දෙයක් ආහාරයට ගන්නවා ඇති. කෑම කන්න හොඳ පිරියක් ඇති වීම ඇත්තටම සතුටට කාරණයක්.

ඒත් ඔබට පුංචි දෙයක් කිවයුතුයි කියලා අපි හිතනවා. ඔබ කන ඕනම ආහාරයක් ඔබට ගුණදායි වෙන්න පුළුවන්. නමුත් ඒ ආහාරයම උවමනාවටත් වඩා වැඩියෙන් ආහාරයට ගැනීම නිසා යම් අවස්ථාවක ඔබට එහි ඇති යම් යම් රසායනික කොටස්, පෝෂක කොටස් අධික ලෙස ශරීර ගත වෙන්න ඉඩ තිබෙනවා. එය එතරම් හොඳ ප්‍රවණතාවයක් නෙවෙයි. ඒ නිසා පහත ලිපියේ තිබෙන ආහාර වර්ග පිළිබඳව ඇති තොරතුරු කියවලා ඔබේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයා සමඟ ඒ පිළිබඳව කතා කරන්න. එයින් මේ මාස නවයක කාලය තුළ ඔබේ ආහාර පුරුදු ගැන සැලකිලිමත් වීමෙන් නිරෝගි පුංචි පැටියෙක් බිහිකරන්න ඔබට වාසනාව ලැබෙනවා.

  1. ඇල්කොහොල්

ඇල්කොහොල් කිව්වාම අපිට මතක් වෙන්නේ මත් පැන් වුණාට ලංකාවේ අපේ අම්මලා අතර මතපැන් පානය සිදුවෙන්නේ නැහැ. නමුත් ඇල්කොහොල් අඩංගු වෙනත් ආහාර වර්ග තිබෙනවා. මේ නිසා ගර්භණී සමයේ ඔබ විසින් එවැනි ආහාර හඳුනාගෙන ඒවායින් ඉවත් වීම ඉතාම වැදගත්. ඔබ මත්පැන් පානය නොකර කාන්තාවක් වුණත් එවැනි ආහාර හෝ පාන වර්ග නිසා නිකරුණේ ඔබේ සිරුරට එක් වෙන්න පුළුවන් ඇල්කොහොල් ප්‍රතිශතය මෙපමණයි කියලා කියන්න බැහැ.

  1. සැකරින්

සැකරින් කියන්නේ සීනිවල අධිකව අඩංගු වන ද්‍රව්‍යයක්. ගර්භණී සමයේ සැකරින් අධික ලෙස අඩංගු ආහාර ගැනීමේ ප්‍රථිපලයක් විදියට වැදෑමහට හානි සිදුවීම සහ රුධිරය පිටවීම සිදුවන්නට පුළුවන් බව වෛi මතයක්. ඒ වගේම මුත්‍රා මාර්ගයේ ඇතිවන පිළිකා තත්ත්වයන්ටත් සැකරින් වැඩි බලපෑමක් එල්ල කරනවා.

  1. මුහුදු ආහාර

සී ෆුඩ් එහෙමත් නැත්නම් මුහුදු ආහාර ස්වාභාවික ලුණු සහ අයඩින් අඩංගු ආහාර ලෙස බොහොම ජනප්‍රියයි. නමුත් මුහුදු ආහාර වුවමනාවට වඩා ආහාරයට ගැනීම කුස තුළ වැඩෙන පුංචි පැටියාගේ නියුරෝනවලට හානි පමුණුවන බවට වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. විශේෂයෙන් නිතර නිතර මුහුදු ආහාර අනුභව කරන අය වගේම ඉස්සො, දැල්ලෝ ආහාරයට ගත්තාම ලප වැනි ආසාත්මිකතා පෙන්වන අය ගර්භණී සමයේ තරමක් හෝ ප්‍රවේසම් වීම වැදගත් වනවා.

  1. කැෆේන් එහෙමත් නැත්නම් කොෆීන්

කැෆේන් අඩංගු පාන වර්ග කිව්වාම අපිට එකපාරම මතක් වෙන්නේ කෝෆි නේ. නමුත් කෝෆි විතරක් නෙවෙයි කැෆේන් අඩංගු තවත් පාන වර්ග රැසක්ම තියෙනවා. මෙහි තිබෙන භයානක ප්‍රතිපලය ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ කැෆේන් අඩංගු පාන වර්ග අධික ලෙස ගැනීම ගබ්සා වීමට හේතු වෙනවා කියලයි.

  1. පාශ්චරීකෘත නොකරන ලද චීස් වර්ග සහ සකස් කරන ලද මස් වර්ග

පාශ්චරිකෘත නොකරන ලද චීස් වර්ගවල සිටින ඛසිඑැරස් පදබදජහඑදටැබැි නම් බැක්ටීරියාව දරු ගැබක් ගබ්සා වීමට හේතු වන බව නවතම පර්යේෂණ මගින් සනාථ කරගෙන තිබෙනවා. ඒ වගේම සකස් කරන ලද මස් වර්ගවල අඩංගු වන සමහර රසායන ද්‍රව්‍ය හා අහාර රසකාරක නිසා වර්ධනය වන දරුවාගේ නියුරෝනවලට හානි සිදුවන්නටත් පුළුවන් බව මේ වෛද්‍ය මතයයි.

සටහන චාපා හංසිනි ආටිගල