මේ ළමයාට නිතරම උණ ගන්නවා. මොනව කරන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ”
දැන් කී දවසක් බෙහෙත් ගෙනාවද ඒත් මේ ළමයගේ උණ බහින්නේම නැහැ”
දැන් දවස් ගාණක් වෙලේ ඉදන් උණ මොකුත්ම කන්නත් බැහැ. කට තිත්තයි”
දරුවෙකුට උණ හැදුණාම අම්ම කෙනෙක් කොයිතරම් නම් කලබල වෙනවද? බෙහෙත් දීපු ගමන්ම උණ බහින්නත් ඕනේ නැත්නම් දරුවව අරගෙන වෙන fදාස්තර කෙනෙක් ලගට යනවා. ඇත්තටම උන කියන්නේ රෝගයක් නොවෙයි. උණ කියන්නේ ශරීරය තුළ සිදුවන විවිධ වෙනස්කම්වල ප්‍රතිපලයක් ලෙස ශරීර උෂ්ණත්වය ඉහළ යාමක්. මෙසේ උෂ්ණත්වය ඉහළ යාම අපි ” උණ ” කියලා හදුන්වනවා.
යම් කෙනෙකුගේ ශරීරයට කිසියම් රෝගයක් සාදන වෛරසයක් එසේත් නොමැති නම් බැක්ටීරියාවක් ඇතුළු වූවා යැයි සිතන්න. එවන් අවස්ථාවක එම විසබීජයට විරුද්ධව සටන් කිරීමට අපේ ශරීරයේ තියෙන සුදු රුධිරානු ක්‍රියාත්මක වෙනවා. මෙම සටනේ අතුරු පලයක් ලෙස ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාමක් සිදුවෙනවා. අපි උණ කියලා හදුන්වන්නේ මේ තත්ත්වයයි. මෙය රෝගයක් නොව රෝග ලක්ෂණයක් බව ඔබට වැටහෙනවා නේද?
ඇතැම් අවස්ථාවන් වලදී කිසියම් පුද්ගලයෙකුගේ ශරීරයේ පිළිකා සෛලයක් වර්ධනය වනවා යැයි සිතන්න. එවන් විටක එම සෛල විනාශ කිරිම සදහා සුදු රුධිරානු සටන් කරන්නවා. එවන් අවස්ථාවකදීත් ශරීර උෂ්ණත්වය ඉහළ යනවා.
ඇතැම් විටක ශරීරයේ කුමන හෝ ස්ථානයක සැරව ගෙඩියක් ගත්තේ යැයි සිතන්න. එම සැරව ගෙඩිය විනාශ කිරීම සදහා ශරීරය තුල සිදුකරන මෙහෙයුමේ ප්‍රතිපලයක් ලෙස උණ ඇතිවේ. මෙවැනි තත්ත්වයන් කුඩා දරුවන් තුළ නිතරම දක්නට ලැබෙන තත්ත්වයක්.
තවද කුඩා දරුවන්ගේ සිරුරට අවශ්‍ය ජලය නිසි ලෙස නොලැබුණහොත් හෝ මව්කිරි ප්‍රමාණවත් තරමට දරුවාට නොලැබෙන්නේ නම් එයද ශරීර උෂ්ණත්වය ඉහළ යාමට හේතුවක් වෙනවා.
කෙසේ නමුත් කිසියම් රෝගයක් හේතුවෙන් ශරීර උෂ්ණත්වය ඉහළ යන්නේ නම් මෙවන් අවස්ථාවකදී ශරීරයේ උෂ්ණත්වය අඩු කළ හැකි වුවත් රෝගය සුව කළ නොහැකියි.
උෂ්ණත්වය අඩු කිරීමෙන් දරුවාට පහසුවක් දැනේ.
සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ ශරීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 වැඩියෙන් හෝ ෆැරන්හයිඞ් අංශක 100 ඉක්මවන්නේ නම් එම පුද්ගලයාට උණ සෑදී ඇති බවට අපට නිගමනය කළ හැකියි. මෙවන් අවස්ථාවකදී ශරීර උෂ්ණත්වය අඩුකර ගැනීම පැරසිටමෝල් භාවිත කළ හැකියි. මෙය භාවිත කළ යුත්තේද වෛද්‍ය නිර්දේශයන්ට අනුවයි. කුඩා දරුවන්ට මාත්‍රාව නිර්දේශ කරනුයේ බර අනුවයි.
තවද උණ සෑදුණු විට අත දැමිය හැකි රස්නය පවතින උණු ජලයෙන් තෙමන ලද සාලුවකින් දරුවාගේ ඇග පිස දැමීමෙන් යම් සහනයක් ලැබෙනවා.
එහෙත් ඇතැම් මව්වරුන් ඇල්දියෙන් දරුවාගේ ඇග තෙමන්නට පුරුදු වී සිටිනවා. මෙය නොකල යුත්තක්. මොකද දන්නවාද එහෙම කියන්නේ රෝගකාරක විසබීජයක් ශරීරගත වූ නිසා නම් එම වෛරසය හෝ බැක්ටීරියාව ශරීරයේ තවත් ස්ථානයකට ගමන් කිරිම වලක්වාලීමට සෙම තට්ටුවක් එම විසබීජය වටා ඒකරාශී වෙනවා. ඇල්දිය සෙම වැඩිකරන සාධකයක් ලෙස ඇතැම් අයට ක්‍රියා කරනවා. ඇල්දියෙන් උණ අඩුකිරිමට ඇල්දියෙන් ඇග තෙමුවහොත් එය සෙම තත්ත්වය වැඩිවීමට හේතුවක් වෙන්න පුළුවන්.
තවද උණ සෑදුණු විටකදී කෑම අරුචිය එසේත් නොමැති නම් කට තිත්ත රසයක් දැනේ. මෙසේ කට තිත්ත රසයක් දැනෙන්නේ ශරීරයට ඇතුළු වූ වෛරසය මර්දනය කිරීම සදහා ශරීරය තුළ නිපදවෙන රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන. මෙසේ නිපදවෙන රසායනික ද්‍රව්‍ය කට තිත්ත රසය ඇති කලත් ශරීර ගත වූ විසබීජය මර්දනය කිරීමට කටයුතු කරනවා. උණ සෑදුණ විට කෑම අරුචිය පැවතුණද දිරවීමට පහසු ප්‍රෝටීන සහිත ආහාර ලබා ගැනීමෙන් ශරීරය තුලට ඇතුළු වූ විසබීජ මර්දනය කිරීමේ හැකියාව වර්ධනය වෙනවා. වෛරස් හෝ බැක්ටීරියා සමග සටන් කිරීමට ඇටමිදුළු වටල ශක්තිය අවශ්‍යවේ. එම ශක්තිය ලබා ගන්නේ අප ගන්නා ප්‍රෝටීන් සහිත ආහාරවලින්. මේ අනුව ඔබට හෝ දරුවාට උණ වැලදී ඇති විටක හැකි පමණ ප්‍රෝටීන අන්තර්ගත ආහාර ලබා දෙන්නේ නම් හා ලබා ගන්නේ නම් ශරීර ගත වුණ බැක්ටීරියාව හෝ වෛරසය මර්දනය කිරීමට හැකියාව පවති.
ළමා රෝග විශේෂඥ සංජීව තෙන්නකෝන්
රාගම ශික්ෂණ රෝහල
සටහන – තාරකා ළිදකුඹුර