කාන්තාවක් ගැබිනියක වූවාට පසු සිරුර තුල විවිධ අනුවර්තනයන් සිදු වීම සාමාන්‍ය තත්ත්වයක්. විවිධ බරපතල නොවන ගණයේ රෝගාබාධ තත්ත්වයන් හා සංකූලතාවන් සාමාන්‍යයෙන් මේ කාලයේදී ඇති වෙනවා. නමුත් මේ සමහර රෝගාබාධ තත්වයන් ගර්භණී මවට සේම කුසේ සිටින පැටියාට අයහපත් බලපෑම් ඇති කිරීමට ඉඩ තිබෙනවා. එය මවගේත්, ඉපදෙන්නට සිටින පැටියාගේත් ජීවිත වලට තර්ජනයක් වීමට ඉඩ ඇති නිසා මවට ඇතිවන සෑම ලොකු කුඩා රෝග හෝ සංකූලතා ආසාදන තත්ත්වයන් ගැනම නිතර සැලකිලිමත් වීම වැදගත්. ඒ වගේම ඒවාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමත් අත්‍යාවශ්‍යයි.
අද අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ගර්භණී මවට නිතර ඇතිවීමට ඉඩ ඇති ආසාදන තත්වයක් වන මුත්‍රා ආසාදනය පිලිබදවයි. මෙය ගැබිනි මවක් අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතු තත්ත්වයක්.
මුත්‍රා ආසාදනයක් ඇති වීමට බලපාන හේතු
ගැබිණි වියේදී මුත්‍රා ආසාදන ඇති වීමේ ඉඩකඩ වැඩියි.
- ගර්භණී සමයේ මවගේ ප්‍රතිශක්තිය අඩු වීම.
- ගර්භණී සමයේ රුධිරයේ පරිමාව වැඩි වීම
- මවගේ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් විසබීජ වර්ධනය සඳහා පෝෂිත
මාධ්‍යයක් වීම. - යෝනි මාර්ගයේ ච්‍ය අගය වෙනස්වීම හේතුවෙන් විසබීජ වර්ධනය වැඩි වීම.
- උදරය විශාල වීමත් සමග මුත්‍රවාහිනී තෙරපීම නිසා මුත්‍ර වාහිනී වල මුත්‍රා එක් රැස් වීම
වැඩි වෙනවා. එම තත්වය නිසාද මුත්‍රා ආසාදන ඇතිවීමට පුළුවන් .
පලමු ත්‍රයිමාසිකයට අමතරව තුන්වන ත්‍රයිමාසිකය තුල මෙම ආසාදන තත්වය වැඩි වශයෙන්
දකින්නට පුළුවන් .
මුත්‍රා ආසාදනයක ප්‍රධාන වර්ග දෙකක් දකින්නට හැකියි.
1 මුත්‍රා වාහීනි පද්ධතියේ ඉහල කොටසේ ආසාදන
2 මුත්‍රා වාහිනී පද්ධතියේ පහල කොටසේ ආසාදන
ඉහල කොටසේ ආසාදන වල ලක්ෂණ.
- කොන්දෙ වේදනාව
- තද උණ
- යටි බඬේ වේදනාව
- මුත්‍රා සමග ලේ පිට වීම
- මුත්‍රා පිටවීම අඩුය
පහල කොටසේ ආසාදන වල ලක්ෂණ
- මුත්‍රා දැවිල්ල
- යටි බඬේ වේදනාව
- නිතර නිතර මුත්‍රා පිටවීම
ගැබිණි වියේ මුත්‍රා ආසාදන වල ප්‍රධාන ලක්ෂණ මොනවාද?
- යටි බඬේ වේදනාව
- උණ
- මුත්‍රා දැවිල්ල
මුත්‍රා ආසාදන ගැබිනි මවට බලපාන ආකාරය
- කලලයට ආසාදනය ව්‍යප්ත වීමේ හැකියාවක් පවතී
- කලලාවාරික තරලය ආසාදනය වීමට හැකියි
- දරුවාගේ විකෘතිතා ඇතිවීමේ හැකියාව
- ගබ්සා සිදු වීම
- කුස තුලදී දරුවා මිය යාමේ අවදානම
- නොමේරු දරු උපතක් සිදුවීමේ හැකියාව
ගැබිනි වියේදී මුත්‍රා ආසාදන වලින් ප්‍රවේසම් වීමට මවට කල හැකි දේ.
- දියර වර්ග වැඩිපුර පානය කිරීම
- පෞද්ගලික පිරිසිදුකම පවත්වා ගැනීම
- පිරිසිදු යට ඇඳුම් භාවිත කල යුතුයි
(හොඳින් සෝදා අව්වෙ වේලාගෙන අයන් කරන ලද යට ඇඳුම් මෙහිදි භාවිතය ඉතා සුදුසුයි)
ගර්භණී සමයේ සිදු කරන මුත්‍රා පරික්ෂණය හා එහි වැදගත්කම.
මුත්‍රා පරික්ෂණ ගැබිණි මවකට අනිවාර්යෙන්ම සිදු කරනු ලබන පරික්ෂණක්. එමගින් ගැබිනි කාලය අතරතුර මුත්‍රා පරික්ෂණය (ඹත්‍ඍ) හා ඹරසබැ ක්‍මකඑමරු පරික්ෂණ සිදු කිරීම මගින් මුත්‍රා ආසාදන තත්ත්ව මවට තිබේ දැයි සොයා ගන්නට පුළුවන්. මීට අමතරව මුත්‍රා වල අඩංගු ප්‍රෝටීන ප්‍රමාණය මැන බැලීමටත් මුත්‍රා සමග ග්ලුකෝස් ( සීනි) පිට වෙනවාද යන්න සොයා බැලීමටත් මුත්‍රා පරික්ෂණ ගර්භණී මවට සිදු කරනු ලබනවා.
ගැබිනි මවකගේ සිරුර තුල විවිධ වෙනස්කම් සිදුවීම සාමාන්‍ය තත්ත්වයක්. මෙහිදී විශේෂයෙන් වකුගඩු වලට සපයන රුධිර ප්‍රමාණය වැඩි වීමක් සිදුවන නිසා මුත්‍රා වාහීනී විශාල වීම, නිපදවන මුත්‍රා ප්‍රමාණය වැඩි වන විට මුත්‍රාශයෙන් මුත්‍රා සම්පුර්ණයෙන්ම ඉවත් නොවීමත්, නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාව දැනීමත් සිදු වෙනවා.
මුත්‍රා ආසාදනයක් තිබෙන බවට දැන ගන්නෙ කොහොමද?
- ගැබිනි මවට නිතරම මුත්‍රා කිරීමේ අවශ්‍යතාව දැනීම
- මුත්‍රා දැවිල්ල ඇතිවීම
- කෑම අරුචිය ඇතිවීම හා වමනය
- යටි බඩ වේදනාව , කොන්දෙ වේදනාව
- සිරුරට අපහසු බව
මෙම ලක්ෂණ මුත්‍රා ආසාදනයක් ඇති වීමේදි දකින්නට පුළුවන් . නමුත් බොහෝ විට ගැබිනි මව්වරුන්ට මේ ලක්ෂණ සාමාන්‍යයෙන් රෝගාබාධයක් නැතිව වුවද දකින්නට හැකියි. මේ නිසා නිශ්චිතව මෙම ලක්ෂණ තිබූ පමණින්ම එය මුත්‍රා ආසාදනයක් බවටම තීරණය කිරීමට නොහැකියි. ඒ නිසා මුත්‍රා පරික්ෂණයක් සිදු කිරීම මගින් නිවැරදිව මේ ආසාදන තත්වය පිලිබද සැකහැර දැනගැනීමට හැකියාව තිබෙනවා.
මුත්‍රා ආසාදන ඇතිවන්නේ මුත්‍රාශය දක්වා පමණක් වුවද ඇතැම් විට මේ ආසාදන තත්ත්වය
වකුගඩු දක්වාද පැතිරීමේ ඉඩකඩ තිබෙනවා. මෙමගින් වකුගඩු පැස වන්නට, වකුගඩු අකරණිය, බහුවිධ අවයව අක්‍රිය වීම හා රුධිරයට අදාල රෝග කාරක බැක්ටීරියා පැතිරීම සිදුවිය හැකියි. ගැබිනි සමයේ සාමාන්‍ය මුත්‍රා ආසාදන ඉතා බරපතල සංකූලතා බවට පත් වීමේ ඉඩකඩ වැඩියි.
සටහන කුමුදිකා ඩී සපුතන්ත්‍රි
නිශාන්ති මෙනවිය
පන්සියගම පවුල් සෞඛ්‍ය නිලධාරිනී,
පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය