free stats

පරිසරය පුරාම ඇති වෛරස් බැකටිරීයා දිලීර යන විෂ බීජ මගින් මිනිසාගේ ශරීරය රෝගී කරවයි.  එහෙයින් ස්වභාවිිකවම අපට ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමෙ ක්‍රමවේදයක් ඇති ප්‍රතිශක්තිකරණය ලෙස හඳුන්වන මෙම යාන්ත්‍රණය මිනිසා ලෙඩ රෝග වලින් ආරක්ෂා කරමින් නිරෝගි කරවන්නට කටයුතු කරයි. දරුවන්ගෙ නිරෝගිකම දෙමාපියන්ට මහත් අස්වැසිල්ලකි. එනිසාම දරුවන් රෝගවලින් ආරක්ෂා කිරීමට ලබා දෙන එන්නත් පිළබඳ දැනුවත් කරන්නට අප සිතුවෙමු.

ප්‍රතිශක්තිකරණය හා එන්නත් යනු

සෑම නිරෝගි පුද්ගලයකුටම තම ශරීරයට ඇතුලු වන විශබීජ ආගන්තුකයන් ලෙස සලකා එම විෂ බීජයන්ට එරෙහිව සටන් කර ඒවායේ ශක්තිය උදාසීන කර හෝ විනාශ කර දැමිිය හැකි විශේෂිත සෛල ඇත. මෙම සටනින් පසු එහි ප්‍රතිඵලයක් ලෙස ශරීරය තුල ප්‍රතිදේහ නිපදවේ. ඉන් අනතුරුව නැවත යම් හෙයකින් එම විිෂබීජයම ශරීර ගත වුවහොත් කිසිඳු ආයාසයකින් තොරව  ප්‍රතිදේහ මගින් එම විිෂ බිජය විනාශ කර දමා එම රොගයෙන් අපව ආරක්ෂා කිරීමට කටයතු කරයි.  

ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දීමෙන් සිදුවන්නේ කුමක්ද?

මිනිසාට වැළදෙන බෝවන රෝග සඳහා එම රෝග වැළඳීමට මුල් වන රෝග කාරක විිෂ බිජ අජීවි එන්නතක් ලෙස හෝ ජීවි එන්නත් එම රෝගයන් වැළඳීමට පෙර කෘතීමව එන්නත් ලෙස ශරීරගත කරයි. එහිදී කලින් දැක්වූවා සේම ආගනතුක විෂ බීජයට එරෙහිව කරන සටනෙහි ප්‍රතිඵලයක් ලෙස ශරීරයේ ප්‍රතිදේහ නිපදවේ. යම් හෙයකින් ඉන් අනතුරුව රෝගය වැළඳුනහොත් කලින් තැන්පත් කර  ප්‍රතිදේහ මගින් ආයාසයකින් තොරව විිෂ බීජය සමග සටන් කර රොගය වැළදීම වලක්වාලයි.

ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දෙන්නේ ඇයි ?

රටකට සම්පත නීරොගි ජනතාවක්ය.‘ එහෙයින් බෝවන ලෙඩ රෝග වලක්වා ගැනීමට රජය විසින් පු`ඵල් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ පිළිවෙලක් හඳුන්වා දී ඇත. ඊට හේතුව මෙම රොග වලට ගොදුරු වූ පසු ප්‍රතිකාර කිරීමට රජයට විශාල වියදමක් දරන්නට සිදුවීමයි. රෝග තත්ත්වය නිසා ඇතිවන අතුරු ආබාධ හෙතුවෙන් එය ඔවුන්ගේ ජීවිත කාලයටම බලපෑම සහ රටේ නීරෝගි ජනතාවක් සිටිම ඒ රටේ සංවර්ධනය රුකුලක් වීමත් නිසාවෙන්ය.‘ එනිසා සෑම දරුවකු මෙලොවට බිිහි වි මුල් පැය 24 හෝ 48 ක් ඇතුලත ප්‍රථම ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට  කටයුතු කර ඇත.

මීට අමතරව දරුවන්ට ලබා දිය හැකි වෙනත් එන්නත් තිබෙනවාද?

ඔව් නමුත් මෙම එන්නත ලබා දිය හැක්කේ පුද්ගලික සායනවලින් පමණයි. ඔබේ කැමැත්ත මත දරුවාට එන්නත ලබා දිය හැකිය.

රොටා වෛරස් එන්නත

දරුවාට මාස 2 සිට 6 දක්වා දරුවන්ට පමණක් මෙම එන්නත ලබා දෙයි. මාස හයට වඩා වැඩි දරුවන්ට නිර්දේශ නොකරයි.‘ කුඩා දරුවන්ට ඇති වන රොටා වෛරස පාචන තත්වයට අවශ්‍ය ප්‍රතිශකතිීකරණය මෙම එන්නත මගින් ලබා දෙයි. මෙම එන්නත ජීවිී මුඛ එන්නතකි. මාත්‍රා දෙක හා තුන වශයෙන් ප්‍රභේද දෙකකින් යුතුය.‘ මාත්‍රා දෙකේ එන්නත වයස මාස දෙක හා හතර හෝ හතර හා හය වශයෙන් ලබා දෙයි.‘ මාත්‍රා තුනේ එන්නත මාස දෙක හතර හය වශයෙන් ලබා දෙයි.‘

පැපොළ එන්නත

අවුරුද්දට වැඩි දරුවන්ට පැපොළ එන්නත ලබාගත හැකිය‘ පැපොළ සඳහා එන්නත් මාත්‍රා දෙකක් ලබා දීමට නිර්්දේශ කොට ඇත. වයස අවුරුදු 12ට අඩු දරුවන්ට පළමු මාත්‍රාව ලබා දී වසර හතරකින් හෝ පහකින් දෙවන මාත්‍රාව ලබා දිය යුතුය.‘ වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට හා වැඩිහිටියන්ට මාත්‍රා 2ක් මාස 1ක් හෝ 3ක පරතරයකින් ලබා දෙයි. ඇතැම් විට ප්‍රතිශකතිකරණය හීන අයෙකු නම් පසු කාලයකදී සුලු වශයෙන් රොගය වැළඳීමේ අවදානමක් ඇත.

නියුමෝනිකොකොල් කොන්ජුගේට් එන්නත

මෙම එන්නත නීරෝගි දරුවන්ට අත්‍යවශ්‍යම නොවේ නමුත් නොමේරූ දරුවන්ට උපත් බර අඩු දරුවන්ට පෙනහලු හෝ හදවතේ ආබාධ ඇති දරුවන්ට විශේෂයෙන් නිර්දේශ කරයි.

ඉන්ෆ්ලුවෙන්සා එන්නත

හෘද රෝග ඇදුම හා ස්වසන ආබාධ ඇති සහ මාස හයට වැඩි දරුවන්ට වසරකට වරක් එක් මාත්‍රාව බැගින් ලබා දෙයි.

හෙපටයිටීස් එන්නත

ආහාරපාන නිසා ඇති වන සෙංගමාල රෝගයට මෙම එන්නත නිර්දේශ කොට ඇත. පෙර පාසල් දරුවන්ට හා පිහිණුම් ක්‍රීඩා කරන දරුවන්ට මෙම එන්නත ලබා දීම වැදගත්ය.‘ එන්නත මාත්‍රා දෙකකින් යුක්තය.‘ පළමු මාත්‍රාව ලබා දී මාස හයක් ඇතුලත හෝ වසරක් ඇතුලත දෙවන මාත්‍රාව ලබා දෙයි.

උණසන්නිපාත එන්නත

මෙම එන්නත සැල්මොනෙල්ලා ටයිෆ් බැක්ටීීරියාව නිසා බඩවැල් වල තුවාල ඇතිවීම නිසා ඇති වන උණ  තත්ත්වයට ලබා දෙයි‘ පිහිණුම් ක්‍රිඩාවල යෙදෙන දරුවන්ට ලබාදීම සුදුසුය‘ වයස අවුරුදු දෙකක් සම්පුර්ණ වූ දරුවන්ට එක් මාත්‍රාවක් ලෙස ලබා දෙයි‘

හියුමන් පැපිලෝමා එන්නත

පුලුල් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට මෑතදී එක් කල එන්නතකි‘ගැබ් ගෙල පිළිකා ඇතවීම වලක්වා ගැනීමට නිර්දේශිතය‘වයස අවුරුදු 9ත් 12ත් ගැහැණු දරුවන්ට මාත්‍රා දෙකකින් ලබා දෙයි. වයස අවුරුදු 12ට වැඩි නම් මෙම එන්නත  මාත්‍රා තුනකින් ලබා දෙයි‘ මෙම එන්නත නිර්දේශ කරන්නේ වැඩි විය පැමිණි ගැහැණු දරුවන්ටය.‘ කෙසේ වුවද විවාහයට පෙර හො ලිංගික සබඳතා ආරම්භයට පෙර ගැහැණු දරුවන්ට මෙම එන්නත ලබාදීම වැදගත්ය.

රජයේ පුඵල් ප්‍රතිශක්තීකරණ වැඩසටහන අනුව ලබා දෙන ප්‍රශකතීකරණ එන්නත් වර්ග වගේම පෞදගලික අංශයෙන් ද ලබා ගත හැකි  ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳව ඔබ දැන් දැනුවත් වී සිටිනවා.

වෛරස් රෝග  සහ එන්නත් පිළිබඳ විිශේෂඥ වෛද්‍ය කාන්ති නානයක්කාර මහත්මිය සමග කල සාකච්ජාවකි.

සටහන
දිශාන්ති වෙදගේ