free stats

මීනුගේ පළවෙනි දරුවා. සුරාජ් මීනු දෙන්නම මේ පැටියා එයාලගේ ලෝකෙට එනකල් මොනතරම් පෙරුම් පිරුවද පැටියා කුසට ආපු දා ඉදලා මීනුට නුහුරු නුපුරුදු අත්දැකීම් ගොඩක් දැනුණා. අලූත් අත්දැකීම්වලට හුරු වෙන්න මීනු පොත්පත් සගරා පවා කියෙව්වා. දැනුවත් වුණා. පැටියා ලැබිලා ගෙදරට ගෙනාපු දවසේ ඉදලා අලූත් අත්දැකීම් ගොඩක් එක්ක මීනුට දැනුනේ සතුටක් එක්කම පුංචි බයක්.

තවම පැටියට සති දෙකයි. ඇසිපිය වැහෙන පමාවට මීනුගේ හිතත් ගැස්සෙනවා. පැටියා අඩනකොට මීනුගේ ඇස්වලත් කදුළු.

අනේ බලන්නකො සුරාජ් පැටියා දැන් ටික දවසක ඉදලා පැටියා නිතරම අඩනවා. හවස් වෙනකොට අඩනවා වැඩියි. මට නළවගන්න බැරි තරමටම හයියෙන් අඩනවා. අසනීපයක්වත් ද?

සුරාජ්ට කිසිම දෙයක් හිතාගන්න

බැරිවුණා. චුටී වුණාට මොකද පුංචි ඇඩිල්ලට මුළු ගෙදරම අයව බය කරගන්නවා. පැටියාගේ ඇඩිල්ල අහගෙන ඉන්න බැරිම තැන

දරුවා පන්සලකට අරන් ගිහින් නූලක්වත් මතුරලා දැම්මොත් නරක ද? මේ ගෙදර දෝෂයක් ද දන්නේ නැහැ. ’’

මීනුගේ අම්මා දරු පැටියාගේ ඇඩිල්ලට හේතු කාරණා ගෙනාවා.

ඇත්තටම ළදරුවාගේ සන්නිවේදනය තේරුම් ගන්න එකපාරටම අම්මාට අමාරුයි. පුංචි පැටියෙක් ගෙදරට ආවාම තමයි දැනෙන්නේ ඔබ නොදන්න දේවල් කොච්චර තියනවා ද කියලා. බබා හැම තිස්සේම අඩනවා. ඇයි එහෙම අඩන්නේ කියලා පන්සල්වලට කෝවිල්වලට දුවලා ගිහින් නූල් යන්ත‍්‍ර දාන්නේ, එහෙමත් නැත්නම් වෛද්‍යවරු ළගට අරන් දුවන්නේ අපේ අම්මලාට තියන බයට. ඒත් ඊට කලින් මේ කරුණු ටික ඔබට වැදගත් වේවි කියලා අපිට හිතුණා.

අලූතින් ඉපදුනු පැටියා හැමතිස්සේම අඩනවද ?

පොඩි දරුවන් අඩන හේතු රාශියක් තියෙනවා. අපට තවත් කෙනෙකුට පණිවිඩයක් දෙන්න සන්නිවේදනයක් අවශ්‍යයි. පොඩි දරුවෙක්  ඕනම දෙයක් කියන්නේ අඩලා. පැටියා නිතරම අඩන්න හේතු ගොඩක් තියෙනවා. අපේ බොහෝ අම්මලා ඒ දේවල් හරියට දන්නේ නැහැ. අම්මටයි තාත්තටයි සමහර වෙලාවට පැටියා අඩන්නේ ඇයි කියලා හිතාගන්න බැහැ. හැබැයි එයාගේ භාෂාව එයා කරන ඉ`ග හදුනා ගන්න පුළුවන් එකම කෙනා අම්මා.

මවක් දරුවත් සමග මනසින් ඇති කරගන්නා සම්බන්ධය අවබෝධය හරිම වැදගත්. විශේෂයෙන් අලූතින් මවක් වුණු කාන්තාවන්ට තමන්ගේ පැටියා දිගටම අඩනකොට හිතට ගැස්මක් බයක් ඇතිවෙනවා. නමුත් මවගේ උණුසුම දරුවාට නිතර ගැටෙනකොට දරුවා අඩන්නේ ඇයි කියන එක මවට හදනාගන්න පුළුවන්.

පැටියා නිතරම අඩන්න හේතු

නිවසේ පිරිස වැඩි වු අවස්ථාවල දි ඒ කලබල පරිසරය නුහුරු බවක්, හිරිහැරයක් ලෙස දැනුනොත් දරුවා නොනවත්වාම අඩන අවස්ථා තිබෙනවා. එවන් අවස්ථාවල වැඩිහිටියන් දැනුවත් කර පරිසරයේ කලබලය අඩු කිරීමටත් පියවර ගන්න. කුඩා දරුවන් සිටිනා නිවෙක නොවැළක්විය හැකි සාදයක් දාන පිංකමක් වැන්නක් සංවිධාන කෙරෙන්නේ නම් දරුවා ඒ පරිසරයෙන් ඈත්කර තැබීම වඩත් සුදුදුයි. 

දරුවාට බඩගින්න දැනුණු විට

දරුවෙකුට පැය දෙකෙන් දෙකට මව්කිරි ලබා දිය යුතුයි කියලා නියමයක් නැහැ. දරුවා අඩන සෑම අවස්ථාවකදීම කිරි දීමත් සුදුසු නැහැ. දරුවාට බඩගින්නේ අවශ්‍යතාව දැනුනු විට දී පමණක් කිරි දීම කළ යුතුයි. මන්ද දරුවා අඩන්නේ කුසගින්නට පමණක් නොවන බව මතක තබාගත යුතුයි. මන්ද දරුවා අඩන්නේ

කුසගින්නට පමණක් නොවන බව මතක තබාගත යුතුයි. ඒ වගේම පැටියාට බඩගිනි දැනුණු විට පෙනෙන ලක්‍ෂණ කිහිපයක් තිබෙනවා.

x          දරුවා නොසන්සුන් බවක් පෙන්වීම

x          ඇගිලි ඉරීම

x          තොල් ලෙව කෑම

x          අම්මා කොහේදැයි සෙවීම

x          නිතරම කට ඇරීම

මෙවන් අවස්ථාවල වඩා වැදගත් වන්නේ දරුවා බඩගිනි වෙලා අඩන්න කලින් මව්කිරි ලබා දීමයි. බඩගින්න වැඩිවෙලා දරුවා නොසන්සුන් වුණොත් මව්කිරි ලබා දුන්නත් ප‍්‍රතික්‍ෂේප කරන්නට පුළුවන්. මව්කිරි ලබා දීමට දරුවා හැඩිය යුතුම නැහැ. ඒ සන්නිවේදනය හඳුනාගැනීම වැදගත්.

දරුවාට නිදිමතක් මහන්සියක් පාලූවක් දැනුණු විට,

මව්කිරි බීමෙන් පසු පැටියාට එය ප‍්‍රමාණවත් නම් සාමාන්‍ය පරිදි නින්දට යනවා. නැවත හැඞීමට පටන් ගන්නේ බිව් කිරි ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නොවන්නේ නම් පමණයි.

ඒ අතර දරුවාට පාලූවක් දැනෙන්නට පුළුවන්. දරුවාගේ ඔලූව අතගාලා ආදරයෙන් තුරුලූ කරගෙන කිරි දෙනකොට දරුවාගේ පාලූව කාන්සිය නැතිවෙනවා වගේම මවට හොදින් කිරි එරෙනවා. කිරි දීමේ දී පමණක් නොව හැකි සෑම විටකම මවගේ උණුසුම දරුවාට ලබා දෙන්න.

නැප්කිනය තෙත් කර ගන්නා අවස්ථා හීදි

දරුවාට එවැනි අවස්ථාවලදි ඉක්මනින් පිරිසුදු කිරීම අවශ්‍ය වනවා. එය ඉවත් කරන තෙක් බොහෝ දරුවන් නොනවත්වා අඩනවා.

මව ගන්නා ඖෂධ නිසාත් දරුවා අපහසුතාවට පත්විය හැකියි.

දරුවා වැඩිපුර අඩන්නේ සවස් යාමයේ දී ද

දරුවෙක් ඉපදී මුල් මාස 3,4 තුල දී සවස් යාමයේ ඇ`ඞීම සාමාන්‍ය ලක්‍ෂණයකි. අපේ ජන සමාජය විශ්වාස කරන්නේ මෙයට ප‍්‍රධානම හේතුව බාලගිරි දෝෂය කියලයි. අපේ අම්මලා අත්තම්මලා හිතනවා සවස් යාමෙට බාලගිරි යක්‍ෂයා ඇවිල්ලා දරුවව බය කරනවා කියලා. ඊට පස්සේ බාලගිරි යක්‍ෂයා අද එන්න එපා හෙට එන්න කියලා බෝර්ඞ් ගහනවා. බෝර්ඞ් ගැහුවා කියලා දරුවා අඩන එක නතර වෙන්නේ නැහැ. ඒවා සමාජ මිත්‍යා. මේවා සාර්ථක ප‍්‍රතිකර්ම නෙවෙයි. නූල් දානවා, සුර දානවා, දරුවා බය වෙලා කියලා බූත දෝස කියනවා. ඒ සියල්ලම මිත්‍යාවන්. දරුවා අඩන්නේන්නේ බඬේ කොරයක් නිසා. ඒ විදියට දරුවා අඩන වෙලාවට

x          දරුවාගේ බඩ තදවන සේ වාඩි කරවන්න

x          දරුවාගේ බඩ උරහිසට තදවන සේ තබාගන්න

x          දරුවා ඇඳේ මුනින් අතට හරවා තබන්න

ඒ වගේම දරුවා එළියේ ඇවිද්දවීම, රූපවාහිනිය ක‍්‍රියාත්මක කර පෙන්වීම, මෘදු සංගීතයක් ඇසෙන්නට සැලැස්වීම, දරුවා අඩන විට මව කලබල වීම සුදුසු නැහැ. දරුවා අඩන්නේ ඇයි දැයි මුලින් විමසා බලා පියවර ගැනීම වඩාත් සුදුසුයි.

මහනුවර දිස්ත‍්‍රික්  මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය ඉරංග මධුෂාන් මහතා
තිසුරි අතුකෝරල