free stats

BCG එන්නතලබාදෙනුයේ ක්‍ෂය රෝගයවැළැක්වීම සදහා වේ. මෙම එන්නත ක්‍ෂය රෝගය ඇතිවීමේ අවදානම් සහිත බොහෝ රටවල ලබාදේ. ප‍්‍රධාන හා සුලබ ලෙස පෙනහලූ තුළ මෙම ආසාධනය ඇතිවන අතර එය පුප්ඵ‍්‍රගිය ක්‍ෂය රෝගය ලෙස හදුන්වයි. මෙයට අමතරව ශරීරයේ අස්ථි, සන්ධි, වකුගඩු, මොළය, උදර කුහරය ආදී ස්ථානවල ඇතිවිය හැක. මොළයේ ආවෘති පටලවල ඇතිවන ක්‍ෂය රෝගය හා ශරීරය පුරා පැතිරෙන ක්‍ෂය රෝගය වැළැක්වීම මෙහි අරමුණ වේ.

BCG එන්නත සදහා භාවිත කරනුයේ ප‍්‍රචණ්ඩත්වය අඩුකරන ලද ජීවී බැක්ටීරියාවය. එය Myco bacterium bovis ලෙස හදුන්වයි. මෙම බැක්ටීරියාව (අඩපණ කරන ලද) ක්‍ෂය රෝගයට විරුද්ධව ප‍්‍රතිදේහ සෑදිය හැකි නමුත් ක්‍ෂය රෝගය ඇති කිරීමේ හැකියාවක් නැත.

මෙම BCG එන්නත දරුවෙකු උපන් විගස රෝහලෙන් පිටවීමට පෙර ලබාදීම සාමාන්‍ය ක‍්‍රමයයි. එය යම් හේතුවක් මත ඒ අවස්ථාවේදී ලබා දීමට නොහැකි වුවහොත් උපතේ සිට මාස 6 ක කාලයක සිට අවුරුදු 5 දක්වා කාලයක් ලබාදිය හැක.

02         ළමුන් සදහා

03         අවු.35 අඩු ක්‍ෂය රෝගය ඇතිවීමේ අවදානම සහිත පුද්ගලයන් සදහා

04         ක්‍ෂය රෝගය වැළදී ඇති රෝගීන් ඇසුරු කරන වැඩි අවදානමක් ඇති පුද්ගලයන් සදහා

05        BCG ප‍්‍රතිකාරයක් ලෙස

ප‍්‍රතිශක්තිමය ප‍්‍රතිකාරයක් ලෙස මුත‍්‍රාශයේ දරුණු ලෙස ඇති නොවුණු පිළිකා තත්ත්ව සදහා ලබාදේ. එය සෘජුවම මුත‍්‍රාශයට ඇතුල් කරයි. මෙම ඖෂධය තැන්පත් කල පසු රදවා තබාගෙන සිටින කාලය මත වඩා ප‍්‍රතිඵලදායී වේ. (පැය 2 ක් පමණ) මෙම කාලය තුල රෝගියා නිදාගෙන හෝ විවේකීයව සිටීමට උපදෙස් දිය යුතුයි.

අවු. 35 වැඩි අයට ලබානොදෙනුයේ ඔවුන් තුල BGC එන්නත හොදින් ක‍්‍රියාකාරී නොවන නිසාය.

මෙම එන්නත මගින් ඉතා දරුණු ක්‍ෂය රෝග තත්ත්වයකට මුහුණ දිය හැකි උපරිම කාලය වසර 15 පමණ වන බව අධ්‍යයනයන් මගින් සොයාගෙන ඇත.

මෙම තුවාලය සුව වී කැළල ඇති වීම සදහා මස 03-06 ක කාලයක් ගතවිය හැක. මාස 6 ක කාලයක් ගත වුවද කැළලක් ඇති නොවුනි නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. එවිට බොහෝ විට නැවත එන්නත ලබාගැනීමට සිදුවේ. කැළලක් ඇති විය යුත්තේ එන්නත ලබාගත් බවට අනාගතයේදී කැළල සාක්‍ෂියක් වීම සදහා වේ.

අතුරු අබාධ

01         වසා ගැටිති ඉදිමීම

02         උණ

03         මුත‍්‍රා සමග රුධිරය පිටවීම

04         වේදනා සහිතව වරින් වර මුත‍්‍රා පිටවීම

05         උදරයේ අපහසුතා – වේදනාව

06         වමනය

ඉහත ලක්‍ෂණ පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම කළ යුතු වේ.

අහිතකර ප‍්‍රතිඵල

01         එන්නත ලබාදුන් ස්ථානයේ විශාල, ඉහලට එසවුන කැළල් පටක ඇතිවීම

02         මෙම එන්නත සාමාන්‍යයෙන් ලබාදෙන්නේ අධ:චර්මීයව (මහා සමට යටින්) වුවද එය උපත්වමිය පටකයට ඇතුල් වුවහොත් එම ස්ථානයේ ස්ථානික ආසාධනයක් ඇතිවී එම ප‍්‍රදේශය ආශ‍්‍රිත වසා ගැටිති වලට බලපෑ හැක . එවිට හා Non supportive lymphadenitis ඇති වේ. මේවා ඉදිකටුවක් ආධරයෙන් ඉවත් කිරීම කල නොහැකි නම් ශල්‍යකර්මයක් ම`ගින් එම වසා ගැටිති ඉවත් කිරීමට සිදුවේ.

03         කලාතුරකින් පියයුරු හා නිසදිය පේශියේ :ටකමඑැ්ක පමිජකැ* විස්සෝට :්ඉිජැිි* ඇති වීම

එන්නත ලබානොදෙන අවස්ථා

01         බර 2000ට ට අඩු ළදරුවන්ට

02         ආජන්ම්‍ය ප‍්‍රතිශක්ති ඌණතා ඇති බවට සැක කරන දරුවන්

03         Tuberculin Skin test සදහා අධි සංවේදීතා ඇති අය

04         දැනට ක්‍ෂය රෝගය පවතින හෝ අතීතයේ වැළදුන පුද්ගලයන්ට

05        HIV ආසාධිතයක් පවතී නම්

06         ප‍්‍රාථමික හා ද්වීතියික ප‍්‍රතිශක්ති ඌණතා ඇති පුද්ගලයන්, ළදරුවන්

උදා: Interferon, Di George syndrome

එන්නත ගබඩා කිරීම

  •              BCG එන්නත ආලෝකය හා තාපය මගින් විනාශ වේ
  •               එය C20ක්‍ – C80ක්‍ උෂ්ණත්වයක (ශිතකරණයක) ගබඩා කළ යුතුය
  •               එන්නත කුඩු ආකාරයෙන් දිගු කාලයක් (කල් ඉකුත්වීමේ දිනය දක්වා) තබා ගත හැකි වුවද දිය කලවිට ශීතකරණය තුල නොතිබිය යුතුය. (එනම් තබා නොදිය යුතුය)

බැහැර කිරීම

මෙම එන්නත පිළියෙල කිරීම, එන්නත් කිරීම හා එන්නත ලබාදුන් ඉදිකටු මගින් අහඹු ලෙස වන අනතුරු (අනවශ්‍ය නිරාවරණය වීම) වළක්වා ගත යුතුය. භාවිතා කළ සියලූ උපකරණ සායනික අපද්‍රව්‍ය අපහරණය කරන ආකාරයට ඊසදය්.්රාදමි ලෙස විනාශ කළ යුතුය.

ක‍්‍රිෂාන්ති ගංගා කුමාරි
සූනිතා පුහුණු හෙද නිලධාරිනි (2 ශ්‍රේණිය)
පළාත් මහ රෝහල
කුරුණෑගල