ඔලිව් තෙල් කියන්නේ ඇත්තටම පරිපුර්ණ ස්වාභාවික තෙල් වර්ගයක්. එයින් ගන්න පුළුවන් ප්‍රයෝජන රාශියක්ම තියෙනවා. පසුගිය ලිපි කිහිපයකම අපි කතා කලේ දරුවන්ට ඔලිව් තෙල් වලින් කල හැකි ප්‍රතිකාර පිළිබඳවයි. ඒ නිසාම මේ කලාපයෙන් දරුවන්ට ඔලිව් තෙල් වලින් ගත හැකි තවත් ප්‍රයෝජන කිහිපයක් පිළිබඳව කතා කරන්න අපි හිතුවා.
- විරේක ඖෂධයක් ලෙස
දරුවාගේ උදරාබාධ හෝ නිසි පරිදි මළ පිට නොවන අවස්ථාවලදි විරේක ඖෂධයක් ලෙසත් ඔලිව් තෙල් බාවිත වනවා. මදක් උණුසුම් ඔලිව් තෙල් උදරයේ ගැල්වීමෙන් දරුවාගේ මළ පිටවීම නිසි පරිදි සිදුවනවා. මෙහිදි ඔලිව් තෙල් මදක් රත්කරගත යුත්තේ දරුවාගේ සංවේදි සමට හානි සිදුවන බැවිනි. දරුවාගේ ආහාර වේලට ඔලිව් තෙල් එක්කර ගැනීමෙන් මෙවැනි රෝග වලක්වා ගන්නට පුලුවන්. ඒ වගේම මතක තබාගත යුතු වැදගත්ම කරුණක් වන්නේ වැඩියෙන් ඔලිව් තෙල් එක්කිරිම බඩ බුරුලට යාමට හේතුවන බවයි.
- දරුවාගේ බර වැඩි වීමට
ඔලිව් තෙල් මඟින් දරුවාගේ බර වැඩි වනවා. විශේෂයෙන් අඩු බර දරුවන් සිටින මව්වරුන්ට මෙය ඉතාම හොඳ පණිවිඩයක්. දරුවාගේ ආහාර වේලට ඔලිව් තෙල් එකතු කිරිම මඟින් මේදය වැඩියෙන් සපයාගන්නට හැකියි. එය දරුවාගේ වර්ධනයට ඉවහල් වනවා. ඔලිව් තෙල් වල ඔමෙගා 3 අඩංගුයි. ඒ වගේම පර්යේෂණාත්මකව ඔප්පු වී ඇත්තේ ඔලිව් තෙල් වල මව්කිරි හා සමාන පෝෂ්‍ය පදාර්ථ අඩංගු බවයි.
- බුද්ධි වර්ධනයට
දරුවාගේ බුද්ධි වර්ධනයට ඔලිව් තෙල් මඟින් ලැබෙන්නේ මනා පිටිවහලකි. තම්බා පොඩි කරගත් අල සමඟ ඔලිව් තෙල් මිශ්‍ර කර ආහාරයට ගැනීමෙන් දරුවාගේ බුද්ධී වර්ධනයට විශාල පිටිවහලක් ලැබෙනවා. ඒ වගේම මද ගින්නේ මදක් රත්කරගත් ඔලිව් තෙල් ආහාර සඳහා එක්කර ගැනීම වඩාත් සුදුසුයි.