free stats

පුංචි පැටියා ඔබේ දෝතට ලැබුණු මොහොතේ ඉදලම පැටියා වෙනුවෙන් ඔබ දහසක් සිහින මවනවා. පැටියා ගේ නිරෝගි බව වැදගත් වෙන්නේ ත් අන්න ඒ නිසාමයි. දරු පැටියෙක් රෝහලෙන් ගෙදර යන්න කලින් ඉදලම එන්නත් ලබා දෙන්නෙත් පැටියාගේ නිරෝගි බව ගැන හිතලම තමයි. අන්න ඒ නිසා හැම අම්මා කෙනෙක් ම පැටියාගේ නිරෝගි බවට වඩාත් වැදගත් වෙන එන්නත් පිළිබඳව දැනගෙන සිටීම ඉතාම සුදුසුයි. ලෙඩ රෝගවලින් දරුවන් ආරක්ෂා කරගැනීමට එන්නත්වලින් ලැබෙන්නේ මිල කල නොහැකි සේවාවක්. අනෙක් අතට මෙරට රජයේ රෝහල් වලින් නොමිලයේම එන්නත් ලබා දෙන නිසා දරුවාට එන්නත් ලබා දිම තවත් පහසුයි.

මෙම එන්නත් ක්‍රමය අපේ රටේ මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මක වනවා. ලෝකයේ අනෙක් දියුණූ රටවල මෙන්ම හොඳ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා හේතු වී ඇත්තේ ද නිවැරදි එන්නත් භාවිතයයි. මේ අනුව පහත දැක්වෙන එන්නත් දරුවාට ලබා දීම අත්‍යවශ්‍ය වනවා. දරුවාට ලබා දෙන පළමු එන්නත වන්නේ බී.සී.ජී එන්නතයි. මෙම එන්නත ලබා දෙන්නේ ක්‍ෂය රෝගය පාලනය කිරිම සඳහායි. මෙම එන්නතෙන් දරුවාගේ අත්ලේ පැල්ලමක් සටහන් වුයේ නැතිනම් නැවත මාස හයකට පසු එන්නත් කල යුතුයි.

දරුවාට දෙවන මාසය සම්පුර්ණ වන විට මුඛ පෝලියෝ එන්නත ලබා දේ. මෙමඟින් අපේක්‍ෂා කරන්නේ පෝලියෝ රෝගය පාලනය කිරිමයි. මෙය මුඛ මාර්ගයෙන් ලබා දෙන එන්නතකි. මෙයට අමතරව පෙන්ටාවේලන්ට් ඒ නම් එන්නත මුලින් ලබා දුන් ත්‍රිත්ව එන්නත වැඩි දියුණු කර ලබා දෙන එන්නතකි. මෙය ඩිප්තීරියාව, පිටගැස්ම, කක්කල් කැස්ස, හෙපටයිටිස් බී, හිමෝෆිලස් ඉන්ෆ්ලුවෙන්සා යන රෝග පහ සඳහා ප්‍රතිශක්තිය ලබා දේ.

දරුවාට මාස හතර සම්පුර්ණ වු පසු නැවත පෝලියෝ දෙවන මාත්‍රාව නික්ක්‍ෂෙපනයක් ලෙස ලබා දෙන අතර පෙන්ටාවේලන්ට් ඒ එන්නතේ දෙවන මාත්‍රාව ලබා දේ. මෙම මාත්‍රා දෙකම ලබා දෙන්නේ පළමු මාත්‍රාව ලබා දිමෙන් සති 6 ත් 8 ත් අතරයි.

දරුවාට මාස නවය සහ වසර තුන සම්පුර්ණ වීමෙන් අනතුරුව ලබා දෙන MMR එන්නත මඟින් කම්මුල්ගාය, සරම්ප, රුබෙල්ලා යන රෝග සඳහා ප්‍රතිශක්තිය ලබා දේ. මෙම එන්නත ලබා දෙන්නේ මාස නවය සම්පුර්ණ වු පසුවයි. දරුවාට අවුරුද්ද සම්පුර්ණ වු විට ජැෆනිස් එන්සෙෆලයිටිස් රෝගයේ පළමු මාත්‍රාව ලබා දෙන අතර පෝලියෝ එන්නත සහ පෙන්ටාවේලන්ට් ඒ යන එන්නත්වල තුනවන මාත්‍රාව ලබා දෙන්නේ වයස අවුරුදු 18 සම්පුර්ණ විමෙන් අනතුරුවයි.

MMR දෙවන මාත්‍රාව ලබා දෙන්නේ දරුවා පෙර පාසල් යන අවධියේයි. ඉන්පසු පාසල් අවධියේ දි එනම් දරුවාට වයස අවුරුදු පහ සම්පුර්ණ වු විට නැවත පෝලියෝ තෙවන මාත්‍රාව ලබා දේ. (Td- adult Tetanus diphtheria) එන්නත ලබා දෙන්නේ ඩිප්තිරියා රෝග යට එරෙහිවයි.