free stats

ලෝකයම  දැන්  ඔබේ  අත  මතය. ඒ ඔබ අතරදි ජංගම දුරකථනය හරහා අන්තර්ජාලයෙන්  පහසුවෙන්ම දැනුම,  සතුට,  විනෝදය  ළගාකරගත  හැකියි. එහෙත් ඒ සදහා  සන්නිවේදන  භාෂාව  ඉතාම  වැදගත්  වේ.  අද  වන  විට  ඉංග‍්‍රිසි  භාෂාව  යනු  ජාත්‍යන්තර භාෂාවකි.  ලෝකය සමග ගණුදෙනු කිරීමට නම් ඉංග‍්‍රිසි  භාෂාව  දැන  සීටීම  අත්‍යාවශ්‍යමය. ඒ  හැරුණු  විට  තම  මව්  භාෂාව හැර වෙනත් භාෂා කිහිපයක් දැන සිටීම සන්නිවේදනයේ දි වැදගත් වේ. දරුවෙකුට ආයාසයකින් තොරව භාෂා කිහිපයක්ම ඉගෙන ගත හැකිය.

එය ඇසූ විට ඔබ පුදුමයට පත් වේවී.

දරුවෙකුට භාෂා කිහිපයක්ම ඉගෙන ගන්න පුලුවන් ද?

සරල පිළිතුර ඔව් යන්නයි.

දරුවකුට තම මවි බස හැසිරවීමෙ හැකියාව නිරායාසයෙන් හිමිවෙ. එහෙත් දරුවෙකුට තම කථනයට අවශ්‍ය වටපිටාව සකසා ගන්නේ මව් කුස තුළදීමය. කථනයට ඇවසි ප‍්‍රධාන මෙවලම වන වචන උකහා ගැනීම අපට නොදැනීම ආයාසයකින් තොරව දරුවා සිදු කරයි. දරුවකු උපතේ සිට මාස 3 දක්වා දරුවෙක්   ‘‘ආ  ඕ ’’ වැනි තනි අකුරේ ශබ්ද නිකුත් කරයි. මාස හය වන විට ‘‘ම,ප,බ’’ වැනි පහසු  ස්වර  උච්චාරණය  කරයි.  අවුරුද්දක්  පමණ  වන  විට  ‘‘මා  මා  මා  ,  පා  පා  පා  ’’  වැනි  ස්වර මෙන්ම ස්වර දෙකක් එකතු වු වචන ද උච්චාරණය කරයි. අම්මා තාත්තා ආදි ලෙස අවම වශයෙන් වචන 2 ක් 3 ක් ශබ්ධ කරන්නේ වයස අවුරුදු දෙක සම්පූර්ණ වු විටයි. අවුරුදු 3 වන විට දරුවා සතු  වචන  මාලාවේ  සීඝ‍්‍ර  වර්ධනයක්  දැකිය  හැකියි.  තමන්  ජීවත්  වන  සෑම  දෙයක්ම  හැදින්වීමට දරුවා  වචන  සපයා  ගනියි.  අවුරුදු  හතර  සම්පූර්ණ  වන්නේ  දරුවාට  නිවැරදිව  වාක්‍යයක්  ප‍්‍රකාශ කිරීමට හැකියාව  ලබාදෙමිනි.  සය  වන  අවුරුද්ද  සම්පූර්ණ  වෙද්දි  භාෂාවක්  හොදින්  තේරුම්  ගැනීමේ හැකියාව හා කතා කිරීමේ හැකියාව දරුවා වෙත ලැබේ.

කථන  හැකියාව  සහ  භාෂාමය  නිපුණතාවය  රදා  පවතින්නේ  දරුවා  ජීවත්  වන  වටපිටාව  අනුවයි. ඔවුන්  විසින්ම  කථනයට  අවශ්‍ය  අඩුම  කුඩුම  එම  පරිසරය  තුළින්  සපයා  ගනියි.  දෙමළ  ජාතිකයන් සිටින  ප‍්‍රදේශයක  ජීවත්  වන  සිංහල  දරුවෙකුට  දෙමළ  භාෂාවත්  සිංහල  ප‍්‍රදේශයක  ජීවත්  වන දෙමළ දරුවෙකුට සිංහල භාෂාවත් හැසිරවීමට හැකියාව ලැබෙන්නේ ඔවුන්ගේ වටපිටාව තුළ එම භාෂා ද්විත්වයම භාවිත වන නිසයි.

දරුවෙක්  භාෂාවක්  ග‍්‍රහණය  කරගන්නේ  නිරායාසයෙන්මය.  කුඩා  දරුවන්ගේ  උපතේ  සිට  අවුරුදු තුන දක්වා එනම් මුල් ළමා වියේ දි මොළයේ වර්ධනය ඉතාම සීඝ‍්‍රයෙන් සිදු   වේ. මෙම කාලයේ දි  බාහිර  උත්තේජනය  අවශෝෂණය  කරගනිමින්  ඒ  අනුව  හැඩගැසීමේ  සහජ  හැකියාව  ඔවුන් සතුය. එම කාරණය නිසා දරුවෙකුට භාෂා කිහිපයක් වුවත් එකවර ග‍්‍රහණය කරගැනීමේ සුවිශේෂි හැකියාවක් පවතියි.

ඔබේ දරුවා ද්වී හෝ බහු භාෂා නිපුණයකු කරන්නට ඔබ සූදානම් ?

භාෂාවක්   ප‍්‍රගුණ   කිරීම   යනු   නිරායාසයෙන්   සිදුවන   ක‍්‍රියාවලියක්   වුව   ද   භාෂාව   දරුවා   තුළ පැලපදියම්   විය   යුතුය.   යම්   භාෂාවක්   සම්බන්ධයෙන්   දරුවා   ප‍්‍රවීණයෙකු   බවට   පත්   වන්නේ ඒ  භාෂාව  හා  නිතර  ගැටෙද්දීය.  උදාහරණයක්  ලෙස  දරුවාට  ඇසෙන්නට  වෙනත්  භාෂාවක ගීතයක්  දින කිහිපයක් එක දිගට වාදනය කරන්න.   ටික  දිනකින්  දරුවා එම  ගීතයෙ වචන එකක් දෙකක් මුමුණාවි. ක‍්‍රම ක‍්‍රමයෙන් දරුවා ගීතයේ බොහෝ චවන ග‍්‍රහණය කොට ගෙන ගායනා  කිරීමට පටන්   ගනියි.   දරුවා   බහු   භාෂා   ප‍්‍රවීණයෙකු   කිරීමට   සිහින   දකින   ඔබගේ   ප‍්‍රථම   පියවර විය   යුත්තේ   දරුවාට ඉගැන්විය යුතු භාෂාව නිරන්තරයෙන් දරුවාගේ   සවන්   වැකීමට   ඉඩ   සැලැස්වීමයි.

ඔබට අවශ්‍ය කරන්නේ ඉංග‍්‍රීසී භාෂා නිපුණයකු කිරීමට නම් ඉංග‍්‍රිසි  කතන්දර පොත්  පත් දරුවාට ඇසෙන්නට කියවීම, ඉංග‍්‍රිසි රූපවාහිණි වැඩසටහන් ගුවන් විදුලි වැඩසටහන්  අසන්නට   සලස්වන්න.   ඒ   තුළින්   දරුවා වාක්‍ය  රටාවක්  ගොඩනගා  ගන්නා  ආකාරය  පිළිබදව  දැනුවත්  වේ. එසේම නිරන්තයෙන් භාෂාව ඇසෙන නිසා දරුවාට එය මතක හිටියි.

ඔබට මතකද අප හින්දි භාෂාව ඉගෙන ගත්  ආකාරය ?   ඒ  සදහා  අපට  උපකාරි  වූයේ  හින්දි  චිත‍්‍රපටය.  පසුව  හින්දි  චිත‍්‍රපටයක් දිගින් දිගටම  නැරඹීම නිසා   තේරුම් හින්දි භාෂාව ස්වයංව යම්තාක් දුරට හැසිරවීමට අප හැකිවුණි. එලෙසම කුඩා අවධියේ සිට අපට යම්  භාෂාවක්  දරුවාට  ග‍්‍රහණය  කරවීමට  මෙම  ක‍්‍රමය  යොදාගත  හැකියි.  දරුවා සවස් කාලයේ කාර්ටූන් බැලීමට ප‍්‍රිය කරන නිසා එම කැමැත්ත ප‍්‍රයෝජනයට ගෙන දරුවාට ඉංග‍්‍රිසි භාෂාවෙන් විකාශය වන කාර්ටූන් පෙන්වීම ප‍්‍රයෝගික ක‍්‍රමයකි.

ඇසෙන්නට සැලැස්වීම පමණක් ප‍්‍රමාණවත් ද?

අප  බොහෝ  දෙනා  ඉංග‍්‍රිසි  භාෂාව  කෙරෙහි  දක්වන්නේ  බියකි.  ඉංග‍්‍රිසි  ලිවීමට  සහ  කියවීමට හැකියාව  තිබුණත්  කතා  කිරීමට  හැකියාවක්  නැත්තේ  එනිසාය.  අපේ  දැනුම්  ගබඩාව  තුල  වචන බොහෝමයක් තිබුණත් නිවැරදිව වාක්‍යක් නිර්මාණය කරගැනීමට හැකියාවක් නැත්තේ වචන භාවිත නොකිරීම නිසාය. නමුත්  මුල්  කාලයේ  පටන්ම  ඉංග‍්‍රිසි  භාෂාවෙන්  කතා  කිරීමට  උගත්  දරුවා  භාෂා  හැසිරවීමේ  දි මෙලෙස අපහසුතාවයට පත්වන්නේ නැත. එනිසා සරල වාක්‍ය හෝ දරුවා සමග කතා කිරීම වැදගත්ය. ඔබට තවත් උපක‍්‍රමයක් ලෙස අම්මා සිංහල බසින්ද තාත්තා ඉංග‍්‍රීසි බසින්ද කතා කිරීමද කල හැකිය.

දරුවා සමග භාෂා දෙකකින් කතා කිරීම දරුවාගේ කථන ප‍්‍රමාදයට හේතු වේද?

බහ තෝරන වියේ සිටම දරුවන් සීඝ‍්‍රයෙන් බොහෝ දේ ග‍්‍රහණය කරගනියි. වචන  එකතු  කරන  සමයේ  දී  ඔවුන්ට  භාෂා  දෙකෙන්ම  ඒවා හදුන්වා දිය හැකියි. භාෂා දෙකෙහි වෙනස දැනෙන ලෙස කටයුුතු කරන්න ඔබට හැකිය.

මේ ඉන්නේ පූසා අපි එයාට ඉංග‍්‍රිසියෙන් කැට් කියනවා.’’

රූප පොතත් පෙන්වා ඔබට කියන්නට හැකියි. නිවසේ බඩු ඉංග‍්‍රිිිසි හදුන්වා දීමත්

ඩූ යූ ඩි‍්‍රන්ක් වෝටර්’’

ඔයා වතුර බොනවද?’’

ආදී ලෙස සරල වාක්‍ය වලින් සංවාදයේ යෙදීමත් කළ හැකිය.

දරුවාගේ  ශබ්ධ  කෝෂයෙහි  වචන  ප‍්‍රමාණය  අඩු  නම්  දරුවාට  කතා  කරන්නට  අපහසුයි.  ඒ  නිසා ඔබ  කළ  යුත්තේ  මුලින්ම  දරුවාගේ  භාෂාව  භාවිතයට  අවශ්‍ය  වචන  හදුන්වා  දීමයි. නිවසේ බඩු, පුද්ගලයන්, එළවලු පළතුරු වල නම් ආදිය පිළිබද භාෂා කිහිපයකින් හදුන්වා දිය හැකිය.

අර ඉන්නෙ ගිරවෙක් එයාට අපි ඉංගි‍්‍රසි වලින්  කියන්නෙ පැරටි කියලා, දෙමලෙන් කියන්නේ කිළි කියලා.

ලෙස දරුවාට භාෂාව වෙන් වෙන් වශයෙන් පැහැදිලි කිරීමක් සහිව කියා දෙන්නට හැකිය. යම්

හෙයකින් දරුවා තුල නිවසේ බහුලව කතා කරන භාෂාවේ ඌණතාවයක් ඔබට දැනේ නම් දරුවා බහු භාෂා ප‍්‍රවීණයෙකු කිරීමට  පෙර  ඒ  පිළිබදව  සැලකිලිමත්  වන්න.

උදාහරණයක ලෙස  භාෂාවේ ඌණතාවයක් ඇති දරුවාකුට ඔබ මේසය හදුන්වා දුන්නෙ ඉංග‍්‍රීසි බසින් ටෙබල් කියා නම් දරුවා මේසය  එය හදුනාගන්නේ  ටේබල්  කියු විට පමණක්ය. ඔබ එක විටක මේසයත් තවත් විටක ටේබල්   කියු විටත් දරුවා ගැටලුකාරී තත්වයකට මුහුණපායී.

කෙසේ වුවද අවසාන වශයෙන් ඔබට අවධාරණය කළ හැක්කේ නිරන්තරයෙන් විවිධ භාෂා සමග දරුවා ගැටෙන විට දරුවා නිරායාසයෙන්ම බහු භාෂා ප‍්‍රවීණයෙකු බවට පත් කළ හැකි බවයි.

කථන හා භාෂා ව්‍යාධිවේදී
නිමීර චතුරංග වීරරත්න මහතා
සමග සිදු කළ සාකච්ජාවක් ඇසුරෙනි

දිශාන්ති වෙදගේ