free stats

උගුර

ආහාර ගැනීම සහ හුස්ම ගැනීමේ කාර්යය සඳහා වඩාත් වැදගත් වන ඉන්ද්‍රිය වන්නේ උගුරයි. හුස්ම ගන්නා අවස්ථාවේ වාතය උගුර හරහා ගමන් කරයි. ආහාර ගන්නා විට අහාර මාර්ගය ආරම්භ වන්නේ උගුරෙනි. ඉන්ද්‍රියක් වශයෙන් ගත්විට උගුර කොටස් තුනකි. එහි උඩ කොටස නාසය ලෙසත්, පිටුපස කොටස හුස්ම ගැනීම සඳහාත් මැද කොටස දිවට සම්බන්ධ වෙමින් ආහාර මාර්ගය සඳහා අවශ්‍ය පහසුකම් සලසයි. ආහාර හැරෙන්නට වෙනත් පරිභාහිර යමක් උගුර හරහා ගමන් කරන විට එයින් සිදුවන හානිය අවම වීම සඳහා උගුර සැකසී තිබේ. මේ ආරක්‍ෂක උපක්‍රමය හඳුන්වන්නේ සෙම් ගෙඩි යන නමිනි.

සෙම් ගෙඩි

නම ඇසුනු පමණින් අපට මතක් වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව සමඟ ඇතිවන රෝගී තත්ත්වයක්. නමුත් සෙම්ගෙඩි කියන්නේ එක් අතකින් සිරුරට හිතකර ලෙස පිහිටි දෙයක් කියලා කියන්නත් පුළුවන්. සෙම්ගෙඩිවලට විශබීජ ග්‍රහනය කරගැනීමේ විශේෂ හැකියාවක් තිබෙනවා. මේවා ක්‍රියාත්මක වෙන්නේ වසා ගැටිති විදියටයි. දිවට පිටුපසින් වම් සහ දකුණු පසට වෙන්න පිහිටලා තිබෙන නිසා වාතය, නාසය, මුඛය හරහා යන විශබීජ ග්‍රහණය කරගැනීමේ විශේෂ හැකියාවක් සහ පහසුවක් සෙම්ගෙඩිවලට තිබෙනවා. සෙම් ගෙඩිවල මුලික කාර්යය වන්නේ පිටතින් ඇතුළුවන විෂබීජවලට විරුද්ධව ප්‍රතිශක්තිය ඇතිකිරීමයි.

දරුවන්ගේ සෙම්ගෙඩි

දරුවන්ගේ සෙම් ගෙඩි ප්‍රමාණයෙන් වැඩිහිටියන්ට සාපේක්‍ෂව විශාලයි. ඒ වගේම උපදින සෑම දරුවෙක්ටම සෙම්ගෙඩි පිහිටනවා. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් තුළ මේ විදියට සෙම් ගෙඩි විශාලව තිබෙනවා දකින්න පුලුවන්. නමුත් ඉතාම සුළු පිරිසක් දරුවන්ගේ සෙම් ගෙඩි ප්‍රමාණයෙන් වඩාත් විශාල වෙනවා. ඒ නිසා දරුවන් අපහසුතාවයට පත්වෙන්න තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි. සමහර පැටවුන් නිදාගත්තාම ගොරවන්නේ මේ නිසයි. ඒ නහය පිටුපස සෙම්ගෙඩි පමණට වඩා විශාල වීම නිසයි. සමහර විට ඉතාම සුළු මොහොතකට හුස්ම නතර වෙන්නත් පුලුවන්. නමුත් එය මාරාන්තික තත්ත්වයක් නොවෙයි. මේ නිසාම මොළයට අවශ්‍ය ඔක්සිජන් සැපයීම අවම වීම නිසා නින්දට බාධා වෙන්නත් ඉඩ තිබෙනවා. මේ නිසා වර්ධක හෝර්මෝනවල ගැටළු ඇතිවීමෙන් වර්ධනයට බාධා ඇතිවීමේ ඉඩකඩත් ඉතාම ඉහළයි.

මොළයේ ක්‍රියාකාරිත්වයට බාධා කරමින් දිගින් දිගටම මේ තත්ත්වය ඇතිවුණොත් එයින් හදවතට බාධා ඇතිවෙනවා. මේ තත්ත්වය අධි ක්‍රියාකාරි කිසිත් නුරුස්සනා දරුවෙක් බිහිවෙන්න හේතුවක් විය හැකියි. මේ තත්ත්වය ඇතිවන්නේ කලාතුරකින් නිසා අනිසි බියක් ඇතිකරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් පැටියා අධික ලෙස රාත්‍රි නින්දෙන් ගොරවනවා නම් ඒ පිළිබඳව වෛi උපදෙස් ගැනීම වඩාත් සුදුසුයි. සෙම සහ ඒ සමඟ එන පීනස තත්ත්වය තිබේ නම් ඒ හේතුව නිසාත් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. රාත්‍රි නින්ද පිළිබඳව පරික්‍ෂාවෙන් සිටීම නින්ද අඩුද ප්‍රමාණවත්ද යන්න හඳුනාගැනීමට හොඳ ක්‍රමයක්. පැටියාගේ නාසයෙන් කුඩා කැමරාවක් ඇතුල් කරලා සෙම්ගෙඩි පරීක්‍ෂණයක් සිදුකිරීම මඟින් වෛi විද්‍යාත්මකව මේ තත්ත්වය හඳුනාගන්නවා.

නමුත් ඒ ආකාරයෙන් හඳුනාගෙන සුවකළ නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා නම් ශල්‍යකර්මයක් සඳහා යොමුවිය යුතුයි. එය වෛi නිර්දේශය මත සිදුකළ යුතු වනවා.

සෙම් ගෙඩි ප්‍රදාහය

උගුරේ වේදනාව සමඟ ඇතිවන සෙම්ගෙඩි තත්ත්වය මේ නමින් හැඳින්වෙනවා. උණ සමඟ ඇතිවන කෙල ගිලීමේ අපහසුව, මෙහි ප්‍රධාන රෝග ලක්‍ෂණයක්. කෙල ගිලීමේ අපහසුවත් මේ සමඟම ඇතිවනවා. දරුවාගේ උගුර පරීක්‍ෂා කර බැලුවොත් සෙම් ගෙඩි රතු පැහැයෙන් දැකගත හැකි අතර එහි කහ පැහැති පුල්ලි තත්ත්වයක් ද දැකගත හැකියි. මේ තත්ත්වය දෙවතාවක් පමණ ඇතිවිය හැකි අතර දින දෙකකදී පමණ සුව වෙනවා. නමුත් දිගින් දිගටම හත් අට වතාවක් ඇතිවේ නම් එය පරීක්‍ෂා කළ යුතු තත්ත්වයක්. එහිදි පැටියාගේ ප්‍රතිශක්තිය මැන බැලීමටත් සිදුවනවා. කලාතුරකින් සෙම් ගෙඩි ආශ්‍රිතව සැරව ගෙඩි තත්ත්වයක් ඇතිවිය හැකියි. ඒ තත්ත්වය ක-ුඩා ශල්‍යකර්මයකින් ඉවත් කළ හැකියි. මෙහිදි උගුරේ පහල කොටස සහ ස්වරාලය අවහිර වීමෙන් Stridor තත්ත්වයක් ඇතිවනවා. Larn Gomalacia මේ තත්ත්වයේ දී සිදුවන්නේ හුස්ම ගැනීමේ මාර්ගය ඇකිලීමයි. මේ තත්ත්වය ඇති දරුවෙක් හුස්ම ගන්නා අවස්ථාවේ ශබ්ධයක් ඇසෙනවා. එසේම සෙල්ලම් කළ විට මේ තත්ත්වය වැඩිවන්නට පුළුවන්. එවිට පරීක්‍ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව අවශ්‍ය නම් ශල්‍යකර්මයක් කළ යුතු වනවා. නිතරම රෝහල් ගත වෙනවා නම්, නිතරම බර අඩුවනවා නම් අනිවාර්යයෙන්ම පරීක්‍ෂා කර බැලිය යුතුයි. එයට හේතුව වෙනත් අසනීප නිසාත් මේ තත්ත්වය ඇතිවීමයි.

එනම් උපතේ දීම නාලය සිහින්ව පිහිටීම, ලේ ගෙඩි ඇතිවීම වැනි තත්ත්වයන්. බරපතල තත්ත්වයක් නම් දරුවා සිහිනැති කරවීමෙන් අනතුරුව endoscopy පරීක්‍ෂණයක් මඟින් මේ තත්ත්වය හඳුනාගත හැකියි. ඒ වගේම ගැස්ට්‍රයිටිස් තත්ත්වය නිසා ඇසිඩ් වැනි වාතයක් උගුර පැමිණීමත් සිදුවනවා.

ආගන්තුක ද්‍රව්‍ය මුඛ්‍ය තුළ රුවා ගැනීම

දරුවන් ආගන්තුක ද්‍රව්‍ය කටට දමා ගැනීම නිසා සිදුවන අනතුරු ප්‍රමාණය ඉතාම ඉහළයි. මේවා අතර කෑම වර්ග, මාළු කටු, සෙල්ලම් බඩු කෑලී, ප්‍රධාන තැනක් ගන්නවා. මේවා උගුරෙන් පහලට මෙන්ම හුස්ම ගන්නා මාර්ගයටත් ඇතුලු වෙන්න පුළුවන්. පෙනහළු තුලට ගියහොත් රාං රූං ශබ්ධයක් ඇසෙන්නට හැකියි. රටකජු සුබුල්, ටොෆි, සෙල්ලම්බඩුවල කුඩා කොටස්, ඇට වර්ග, වැනි දේවල් දරුවන්ට ලබා දීම සුදුසු වන්නේ නැහැ. දරුවාට ආහාර කවන විටත් වඩාත් සැලකිලිමත් වියයුතුයි.

දරුවා කටේ යමක් දමාගෙන එක පාරටම කහිනවා නම්, හුස්ම ගැනීමේ වේගය වැඩි නම්, ඉක්මනින් රෝහල කරා ගෙන යායුතුයි. සමහර දරුවන් පැතලි කාසි, බැටරි කෑලි පවා ගිලින්නට ඉඩ තිබෙනවා. බැටරි ශ්‍රාවය කරන අධික විෂ නිසා පටකවලට හානි වෙන්න පුළුවන්. ගලනාලයට පවා හානි සිදුවෙනවා. මේ හානි නැවත යථාතත්ත්වයට පත්කල නොහැකි ඒවා වෙන්නත් පුළුවන්. ඒ නිසා දරුවා පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්.

විශේෂඥ වෛද්‍ය
සමන් යසවර්ධන මහතා
රිජ්වේ ආර්යා ළමා රෝහල
බොරැල්ල

සටහන චාපා හංසිනි ආටිගල