පුංචි කකුළු පැටවුන්ට කෙලින් යන්නට කිව්වට ටියුෂන් දුන්නත් උන්ට කවදාවත් කෙලින් ගමනක් ඇත්තේම නැත. පුංචි එළු පැටවුන්ට ධනාත්මක චින්තනය ටොකු ඇන ඇන කියාදුන්නත් එම පැටවුන්ට “බෑ” නොකියා සිටින්නට නොහැකිය. බල්ලන්ට හෙමින් දුවන්න යැයි උපදෙස් දුන්නත් උන්ට හෙමින් ගමන සිහිනයකි. තිරිසන් සතුන්ගේ චර්යාවන්, ගති පුරුදු එසේ වෙනස් කිරීම කළ හැක්කක් නොවේ.
පෙති දෙපෙති ලා පුංචි ගසක් වර්ධනය වන්නාසේ ක්රමාණුකූලව වැඩෙන ඔබේ දරුවාට වන්නේ නැත. මන්ද දිනෙන් දින වැඩෙන බුද්ධිය සමාජ ආශ්‍රය තුළින් ලබා ගන්නා අත්දැකීම් තුළින් හැදීවැඩෙන දරුවාගේ තරම පුරුදු ක්රමාණුකූලව වෙනස් කිරීමට පහසුවෙන් හැකිය. නමුත් ඒ සඳහා ප්‍රථමයෙන් දරුවාගේ චරිත ස්වභාවය තේරුම් ගැනීම වැදගත්ය.
යම්කිසි ක්‍රියාවක් නැවත නැවත දීර්ඝකාලීනව සිදු කිරීමෙන් එම ක්‍රියාව නිරායාසයෙන්ම කිරීමට පෙළඹීම පුරුද්දක් ලෙස හැදින්වීමට පුළුවන. විශේෂයෙන් කුඩා කාලයේදී නියපොතු හැපීම, ඇඟිලි ඉරීම, හිසකෙස් ඇඳීම, ඉහළට පහළට ශබ්ද නඟා හුස්ම ගැනීම, තොල් විකීම, හනු හැපීම, පැන්සල් පෑන් කටේ දැමීම, ඇඳුමේ කොටසක් විකීම, දත්මිටි කෑම වැනි පුරුදු පැවතිය හැකිය.
මානසික ආතතිය දුරුකර ගැනීමට දරුවන් බොහෝවිට මෙම පුරුදු වලට ඇබ්බැහි වෙයි. පියාගේ බීමත්කම, මවගේ හෝ පියාගේ අනියම් සබඳතා, දරුවා කෙරෙහි ඇති අවධානය අඩුවීම, මා පියන්ගේ රැකියා කටයුතු නිසා ආදරය සෙනෙහස හිමි නොවීම යන කරුණු කරණා මත දරුවා මෙම පුරුදු වලට යොමු වී තම ආතතිය මුදා හරියි.
ඇතැම් දරුවන් එසේ පුරුදුවලට ඇබ්බැහි වන්නේ විනෝදාස්වාදය සඳහායි. ඇතැමුන් නිදාගන්න විට මවගේ කොණ්ඩයෙන් ඇල්ලීම, ඇඟිලි ඉරීම වැනි ක්‍රියාකාරකම් කරයි. එසේම ඇතැමුන් ටී.වී බැලීමේදී මෙම පුරුදු අනුගමනය කරයි. ඇතැම්විට ඔවුන්ට මානසික ආතතියක් නොපැවතුනනත් ඔවුන් එසේ කරන්නේ විනෝදාස්වාදය සඳහායි.
“ඔය මං කිව්වා නේද කටේ ඇඟිලි දාන්න එපා කියලා, නියපොතු කාලා ඉස්පිරිතාලේ ඉන්නවෙනකොට මං නම් ඇහැක් ඇරලා බලන්නේ නැහැ” කියා ඇතැම් මව්වරුන් දරුවන් තරවටු කළත් ඔවුන්ට නොදැනුවත්ව ඔවුහුද එකී
වැරැද්දම කරයි. බොහෝවිට එම නරක පුරුදු දරුවා ඉගෙන ගන්නේ
මාපියන්ගෙනි. නූතන වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු වී ඇත්තේ එම ගති පුරුදු පරමිපරාවෙන් පරම්පරාවට පැමිණෙන බවයි. ඒ නිසා දරුවන්ට අවවාද දීමට ප්‍රථමයෙන් මාපිය ආදර්ශමත් වීම වැදගත්ය.
අපි දැන් මෙම ගති පුරුදු මඟ හරවා ගැනීමට කළ හැකි උපක්රමගැන කතා කරමු. ප්‍රථමයෙන් දරුවාට මෙම නරක පුරුදු වලට ඇබ්බැහි වීමෙන් ඇතිවන ප්‍රතිවිපාක ආදරෙන් පැහැදිලි කිරීම වැදගත්ය. “ඔයා දැකලා තියෙනවානේ සුනිල් මමාගේ —————- එයාට දැන් කට වහගන්නත් බැරිවෙලා තියෙන්නෙ පුංචි කාලේ ඇඟිලි ඉරුව හින්දයි. පුතා කැමතිද ඒ වගේ මූණ කැත කරගන්න.”
“එහා ගෙදර ශෙහාන් ඔයාට සූප්පුවා කියලා විහිළු කළා නේද ?” එයාට හොඳ පාඩමක් උගන්වන්නත් එක්ක ඔය ඇඟිලි උරන එක නවත්තලා දාන්නකෝ. මේ අකාරයෙන් එම පුරුද්ද මඟහැරවීමට සූක්ෂමව කටයුතු කිරීම ඉතාමත් වැදගත්ය.
නමුත් එසේ උපදෙස් දීමේදී දරුවාට කරදරයක් වන ලෙස පුන පුනා එම පුරුද්ද ගැන සිහි කිරීම නුවනට හුරු නැත. මන්ද දරුවන් සැම විටම කියා දෙන දේට වඩා ප්‍රතිවිරුද්ධ ක්‍රියාව කිරීමටය. මේ නිසා දිගින් දිගටම පැවතිය හැකිය.
දරුවා යමි සුවිශේෂී කටයුත්තක නිරත වන අතරවාරයේ යම් පුරුද්දකට යොමු වී ඇත්නම්, දරුවාගේ අවධානය වෙනතකට යොමු කිරීමට මා පියන් උත්සහ ගත යුතුය.
විශේෂයෙන් දරුවා රූපවාහිනිය නරඹ විට ඇඟිලි උරනවානම් අතට සෙල්ලම් බඩුවක් දී අවධානය වෙනතකට යොමුකර පුරුද්ද අමතක කළ හැකිය.
කළින් සඳහන් කළ ලෙස මානසික ආතති තත්ත්වයන් නිසා මෙම තත්ත්වයට පත්වී නම් මෙකී ක්‍රියාකාරකම්වලින් පලක් වන්නේ නැත. එහිදී ප්‍රථමයෙන්ම කළ යුත්තේ, එම පුරුදු වලට හුරුවීමට හේතු වූ මානසික ආතතියට බලපෑ කරුණු දරුවාගේ ජීවිතයෙන් ඈත් කිරීමයි.
මෙම ක්‍රියාකාරකම් මඟින් දරුවා තම ජීවිතයෙන් නරක පුරුදු ඈත් කරන විට ඒ සඳහා ප්‍රසංශා කිරීම මා පියන්ගේ යුතුකමය. එසේම ඒ වෙනුවෙන් දරුවා කැමති කෑමක් හෝ සෙල්ලම් බඩුවක් දීමෙන් දරුවා මෙම පුරුදුවලින් ඈත්වෙයි. මෙම පුරුදු දීර්ඝ කාලීනව නොනවත්වා පවතී නම් එය ඔසජාස ත්දරාැර නැමැති මානසික රෝගී තත්ත්වයේ එක් ලක්ෂණයකි. එම රෝගී තත්ත්වය පවතිනවානම් ඇසිපිය වේගයෙන් ගැසීම, අත් හා කකුල් නිතර නිතර ගැස්සීම වැනි ලක්ෂණද දැක ගත හැකිය. එවැනි රෝග ලක්ෂණ ඉස්මතු කරයි නම් මනේ වෛද්‍යවරයකුගේ උපදෙස් පැතීම වඩාත් වැදගත්ය.
උපදෙස් මනෝවෛද්‍ය රූමි රූබන්
සටහන විශ්මි ජයනිකා.