free stats

අද සමාජය තාක්ෂණය අතින් ඉතාමත් දියුණු මට්ටමක පවති. විවිධ සොයා ගැනීම් නිසා බිහිව ඇති නව නිර්මාණයන් රාශියකි. ප්‍රසුතාගාරයේදී මවක් විසින් දරුවෙකු බිහි කළ කාලය දැන් අවසන් වෙමින් පවති. ඒ වෙනුවට දැන් ජල තටාංගන (Birth Pool) යොදාගනු ලබයි. ජල තටාංගනයක සිදු වන උපත ජල උපතක් ලෙසට හඳුන්වයි. ජල උපතක් සිදුවන්නේ කෙසේද? මවට දරුවාට ජල උපතක් බලපාන්නේ කේසේද? මේ ලිපියෙන් කතා කරන්නේ ඒ ගැනයි.

මවකට ප්‍රසූති වේදනාව දැනෙන විට සැහැල්ලුවක් ලබාදීමට මෙන්ම නිදහස් බවක් ලබාදීමට උණුසුම් ජලය මඟින් විශාල අත්වැලක් සපයනු ලබයි. ගර්භණී සමයේදී ගර්භාෂය නිරන්තරයෙන් සංකෝචනය වීම (හැකිලීම) සිදුවේ. එහිදී සංකෝචනය වීමේදී ඇතිවන රිද්මය නැතිව යන්නේ නම් ගර්භණී මව ආතතියට පත් වීමේ ප්‍රවණතාවක් පවති. එහෙත් ජලය මගින් මෙම තත්වය අවම කර ගැනීමට හැකියාවක් පවති. මවකට ප්‍රසුති වේදනාව ඇතිවෙන විට ඇය ඉක්මනින් මෙන්ම වේගයෙන් හුස්ම ගැනීම සිදුවන්නේ නිරාසයෙනි. මේනිසා සිදුවන්නේ ඇයට දැනෙන වේදනාව තව තවත් වර්ධනය වීමයි. එහෙත් මවට දැනෙන එම වේදනාව සංසිදුවීමටත් ඇයට ඉතා පහසුවෙන් කෙටි නොගැඹුරු හුස්ම ගැනීමටත් හුස්ම ගැනීමේ වේගය පාලනය කිරීමටත් ජලය උපකාරී වේ. ගර්භණී කාන්තාවක් ප්‍රසූතියට සුදානම් වන විට සිරුරේ ඇති adrenaline හෝමෝනය හා oxytocin හෝමොනය මගින් පීඩාකාරී තත්වයක් මෙන්ම වේදනාකාරී තත්වයක් ඇති කරනු ලබයි. එහෙත් ජලයට මෙම තත්ත්වය පාලනය කිරීමේ හැකියාවක් පවති. මේ නිසා ජල උපතක් යන්න ඉතා වැදගත් ක්‍රමයක් ලෙස පෙන්වාදිය හැකිය. බි්‍රතාන්‍ය වාර්තා මඟින් පෙන්වා දී ඇත්තේ දිනකට ජල උපත් 200ක් පමණ සිදුවන බවයි.

ජල උපතක් සිදුවන උපත් තටාංගනය පිරී ඇත්තේ උණුසුම් ජලයෙනි. ජල උපතක් නිවසේ හෝ රෝහලේ හෝ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකදී හෝ සිදුවිය හැකිය. එහෙත් නිවසේ උපත් තටාංගනයක සිදුවන ජල උපත වඩාත් පරිපූර්ණ ආරක්ෂිත උපතක් ලෙසට පෙන්වාදිය හැකිය. ජල තටාංගනයේදී සමාන්‍ය ප්‍රසූත ක්‍රියාවලියකට සාපේක්ෂව මවගේ ගර්භාෂය සංකෝචන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම මෙන්ම ස්ථිර කිරීමට උත්තේජනයක් ලබාදෙනු ලබයි. මේනිසා ම මවට ප්‍රසූතියේදී ඇතිවන වේදනාව ද තරමක් දුරට අවම වෙනු ලබයි.

ගර්භණී කාන්තාවක් තම ප්‍රසුතියේදී සිටින්නේ ඇයටම වෙන්වූ වෙනත්ම ලෝකයකය. මේනිසා උපත් තටාංගනය ඇති කාමරයේ පවතින නිශ්බ්දතාවය මෙන්ම එහි පවතින තරමක් අඳුරු ස්වභාවය ඇයට සහනයක් ගෙනදීමට හේතුවේ. උපත් තටාංගනය ඇති කාමරය මව එහි ගෙන යාමට පෙර පෙරකී ලෙසට සුදානම් කර තිබීම ඉතා වැදගත්ය. මෙවන් වපසරියකදී තම බිළිදාගේ උත්පත්තිය සිදුවීම මවට මිහිරි මතකයක් වීම නො අනුමානය.

ප්‍රසූතියට සුදානම් ගර්භණි මව උපත් තටාංගනයේ ගිල්වූ පසු ඇය තමාට පහසුම අයුරින් මෙන්ම දරුවා පැමිණෙන යෝනි මාර්ගය විවර වන ලෙස එහි සිටිය යුතුය. මෙනිසා උපත් තටාංගනයේ සිටින ඇය තම මහපට ඇඟිල්ල ගෙන තම දණහිස කෙළවර තබා හොඳින් තම සිරුර ඇදීමට සැළැස්විය යුතුය. ගර්භණී මව එසේ සිදු කිරීමෙන් බිළිදා පහළට තල්ලුවීම හා යෝනි මාර්ගය විවිර වීම ඉතා
ඉක්මනින්ම මෙන්ම පහසුවෙන් සිදුවෙනු ලබයි. මව පමණක් උපත් තටාංගනයේ සිටීම සුදුසු නොවන බවත් එය අවධානම් සහගත කරුණක් බවත් මතක තබාගත යුතුම කරුණකි. මේනිසා මව උපත් තටාංගනයට ගිල්වූ අවස්ථාවේ සිටම කාමරය තුළ වෛද්‍යවරයෙකු පවුල් සෞඛ්‍ය නිළධාරිනිය, ගර්භණි කාන්තාවගේ ස්වාමියා එහි සිටීම අත්‍යාවශ්‍ය වේ. එමෙන්ම ඕනෑම කාන්තාවක් පළමු දරුවා බිහිකොට නැවතත් මවක් වීමට කැමැත්තක් දක්වන්නීය. ඇයට එම කැමැත්ත ඇතිවන්නේ තමාගේ පළමු දරු උපත ඇයට මිහිරි අත්දැකිම් සහිත වූවාක් නම් පමණි. උපත් තටාංගනයක සිදුවන ජල උපත ඒ අයුරින් මවකට නැවත මවක් වීමට සුබ සිහින ගෙන දෙන්නකි.

ජල උපතක් සිදුවන්නේ කොහොමද?

ජල උපතක් යනු උපත් තටාංගනයක සිදුවන්නකි. උපත් තටාංගනයේ මව සිටින විට ඇය පහසු ආකාරයට සිටිය යුතු සේම එහි එක් පැත්තකට තදින් බර දීමද කළ යුතුයි. එයින් අදහස් වන්නේ එසේ සිදු කිරීමෙන් දරුවා පහළට තල්ලුවීමේ වේගය ඉක්මන් වන බවයි. ඇඳක සිට දරුවෙකු බිහිකරනවාට වඩා ජල තටාංගනයක සිට දරුවෙකු බිහිකිරීම මවකට ඉතාමත් පහසු ලෙස සිදු කළ හැකිය. ඇයට දැනෙන වේදනාවද අඩුය. මේනිසා ජල උපතක් පිළිබඳව ගර්භණි කාන්තාවන් අනිසි ලෙස බියවිය යුතු නැත.

ඇතැම් විට ජල උපතකදී බිළිදාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ වෙන මොනයම් හෝ අපහසුතාවයක් ඇතිවේ යැයි මවකට සිතීම ස්වභාවිකය. එහෙත් ජල උපතකදී බිළිදා සැබවින්ම ආරක්ෂිතය. දරුවෙකු උපදින විට මුලින්ම මවගේ යෝනි මාර්ගයෙන් මුලින්ම පැමිණෙන්නේ දරුවාගේ හිසයි. බිළිදාගේ සිරුර එළියට තල්ලුවන්නේ ඉන්පසුවයි. බිළිදා මව් කුසෙන් එළියට ඒමට පෙර
සිටින්නේද වතුර පිරිණු බෑගක් තුළය. මව්කුසෙන් එළියට පැමිණෙන බිළිදා නැවතත් අවතීර්ණ වන්නේ උණුසුම් ජලය ඇති තටාංගනයකටයි. මේනිසා මව්කුසේ ඇති උණුසුමම බිළිදා මෙහිදීද අත්විදිනු ඇත. බිළිදා සමාන්‍ය පරිසරයට නිරාවරණය වන්නේ තටාංගනයෙන් එළියට ගත් පසුවය.

සාමාන්‍ය ලෙස ඔහුගේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේද එතැන් පටන්ය. මේනිසා ජල උපතක් පිළිබඳව අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැත. නමුත් බිළිදාගේ සිරුර මවගේ යෝනි මාර්ගයෙන් ඉවතට ආ පසු මව ජලයෙන් ඉක්මනින්ම නැඟී සිටීම කළ යුතුයි.

ජල උපතක් දරුවාට බලපාන්නේ කෙසේද?

මව් කුසේ සිටින බිළිදා ලෝකයට පැමිණෙන්ට බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයෙන්ද යන්න දන්නේ ඔහුම පමණි. එය මව හෝ පියා හෝ ලෝකය හෝ නොදන්නේ ය. ඇතැම් විට සාමාන්‍ය උපතකට වඩා ජල උපතකට බිළිදා කැමැත්තක් දැක්විය හැකිය. එහෙත් ලෝකයේ ඇතැම් පිරිස් මෙම ජල උපත් යන්න අප්‍රසන්න වූ දෙයක් ලෙස සළකනු ලබයි. එහෙත් බිළිදාට නම් එය අපූරු අත්දැකීමක් වනු නොඅනුමානයි. එයට හේතුව වන්නේ අලුත උපන් බිළිදාට තම පළමු ස්නානය මව් කුසෙන් එළියට ආ මොහොතේම තටාංගනයක සිදු කළ හැකි වීමයි.

ජල උපතකට පසු කළ යුත්තේ කුමක්ද?

බිළිඳා මව්කුසෙන් මෙළොව එළිය දුටු පසු මවට වේදනාවක් ඇතිවීම සාමාන්‍ය කරුණකි. ගෑස් ඇල්ලීමෙන් හා වාතාශ්‍රය ලබාදීමෙන් මවට ඇතිවන මෙම වේදනාව අවම කිරීමේ හැකියාව පවති. ජල තටාංගනයෙන් නික්ම යාමට පසු බිළිඳාට මෙන්ම මවට ඇතැම් විට විවිධ සංකූලතා ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබිය හැකිය. මේනිසා ජල උපතෙන් පසු වෛද්‍ය උපදෙස් මෙන්ම පවුල් සෞඛ්‍ය නිළධාරිනියගේද උපදෙස් ගැනීම හා ඒවා පිළිපැදීම කළ යුතුම කාර්යකි. මීට අමතරව බිළිදා ජලයෙන් පිටතට ගත් පසු ඔහුගේ හෘද ස්පන්දන වේගය හා රිද්මය පිලිබඳව මව බෙහෙවින්ම සැළකිලිමත්විය යුතුය. එමෙන්ම මව විසින් තම රුධිර පීඩනය පිළිබඳවද සැළකිලිමත් වීම අනිවාර්ය කරුණකි.

ජල උපතක් මවටත් බිළිඳාටත් කෙසේ නම් වැදගත්වේද යන්න හා බලපානු ලබන්නේද යන්න පිලිබඳව ඔබ දැනුවත් වුවා යැයි අප විශ්වාස කරමු.

සටහන හිමාලි ප්‍රියංගිකා