free stats

ඔබ ගැබ්ගෙන ඇති බව ඔබ ඇතැම් විට නොදන්නවා විය හැක. නමුත් ඔබ පිළිසිද ගැනීමක් බලාපොරොත්තුවෙන්, ඒ පිළිබද සෝදිසියෙන් පසුවන්නේනම්, ඇතැම් පූර්ව සලකුණු ඔබට නිරීක්ෂණය කළ හැකිවනු ඇත. ගැබ් ගැනීම සාමාන්‍යයෙන් ගණන් ගැනෙන්නේ ඔබේ අවසාන ඔසප් වීම ආරම්භ වූ මුල් දිනයේ සිටය. දරු ගැබක් සදහා ගර්භය සුදානම් වන කාලයේ දී පිළිසිදිමට කලින් ඇතිවන ඔසප් චක‍්‍රයද ප‍්‍රථම මාසයට ඇතුළත් වේ. ගැබ් ගැනීමේ දී බීජ සංයෝජනය සිදු වූ විගස ගර්භාෂයේ ඇතුළත සියුම් පටලය  සාමාන්‍ය මාසික චක‍්‍රය තුළදී බිද වැටීම සිදුවන ආකාරයෙන් සිදුවීම හෝමෝන විසින් නවත්වනු ලබයි. ‌ෙසෙල බෝල  බෙදී වෙන් වී ෆැලෝපියන් නාලය දිගේ ගමන් කරනා විට, පිළිසිදීම සදහා ගර්භාෂය සුදානම්කරමින් හෝමෝන විසින් ගර්භාෂයේ ඇතුළත සියුම් සිවිය ඝන බවට පත්කරනු ලබයි. පිළිසිද ගැනීම සිදු වූ විට හෝමෝන විසින් ඩිම්බ නිපදවීම අවහිර කරනු ලබයි. සමහර කාන්තාවන් ගැබ් ගැනීමේ මුල් අවධියේ සිටම බර වැඩිවීම සිදු වේ.

පළමු මාස තුන අවසාන වන විට රාත්තල් දෙකක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයකින් පමණ බර වැඩි වී තිබිය හැක. විශේෂයෙන් ඉන පෙදෙස, පපුව සහ කළවා පෙදෙස් වල බර වැඩි විය හැකිය. ගැබිණි කාලයේදී මෙන්ම කිරිදෙන අවධියේදී ඔබේ ශරීරයේ මනා පැවැත්ම සදහා අමතර මේදය අවශය වේ. ඔබේ සිරුරේ ප‍්‍රමාණය සහ ඔබ ගැබ් ගන්නා විට බර අඩුව සිටියා ද යන කරුණු මත රාත්තල් 22 ත් 35 ත් අතර ප‍්‍රමාණයකින් ඔබගේ ශරීරයේ බර වැඩි වනු ඇත. බර වැඩි වීමක් සිදුවන්නේ බොහෝවිට ගැබිණි අවධියේ දෙවනි භාගයේදීය. එහෙත් අවසාන සති කීිපය තුළ රාත්තල් භාගයකට වඩා බර වැඩි නොවීම සාමාන්‍ය දෙයකි. අතීතයේදී මෙන් නොව සිරුරේ බර වැඩිවීම සම්බන්ධයෙන් මාතෘ නිවාස වර්තමානයේ දී දක්වනු ලබන්නේ අඩු අවධානයකි. අතිතයේ දී ගර්භණී කාන්තාවන්ට උපදෙස් ලැබී තිබුණෙ ඔවුන්ගේ බර ප‍්‍රමාණය පාලනය කරගන්නා ලෙසටය. එහෙත් ඇතැම් කාන්තාවන් ස්වාභාවිකවම අන් අයට වඩා බර වැඩි වන බවක් දකින්නට තිබේ. මධ්‍යස්ථ හා ස්ථාවර බර වැඩිවීම, සමබර ආහාර වේලක් ගැනීම සහ සිරුරේ යෝග්‍යතාව හොදින් පවත්වා ගැනීම මගින් රුධිර නාලිකා වල ඇතිවන ගැට සහිත බව නිසා ඇති වන අපහසුතාව සහ පිට කොන්ද කැක්කුම දවළක්වා ගත හැක.

දින 5,7

ස්ත‍්‍රි, පුරුෂ ෙසෙල එකතුවක් (Blastocyst) ගර්භාෂ බිත්තිය මත තැන්පත් වේ.

දින 12, 15

Chorionic villi (ක්‍රොනික් විල්ලි) සෑදේ. පෙකනි වැලේ සහ කලලයේ ඡායාමාත‍්‍ර දිස්වන්නට පටන්ගනී.

දින 21

කලලයේ ස්නායු සහ පේශිවලට Somites (සොමයිට්) නම් වූ පඨක වල කොටස් සෑදේ. මේවා කළලයේ ස්නායු සහ මාංශ පේශි බවට පත්වේ.

දින 26, 27

කලලය රූපය තුළ ඉන්ද්‍රියන්, සම්පූර්ණවීමට නියමිත අතපය, මුව සහ ඇස් සහිත හිස මතුවේ. නිවැරදි ප‍්‍රමාණය මෙම පුදුමසහගත වූ අති සංකීර්ණ ජීවියා, නැවතීමේ තිත තරම් කුඩාය. එය තැන්පත්ව ඇති ගර්භාෂ බෑගයේ විෂ්කම්භය අගල් 1/4 පමණ වේ.

ඔබේ බිළිදා සදහා, ස්තී‍ර ෙසෙල සංයෝජනය වී දින පහක් හතක් අතර එම ෙසෙල එකට එක් වීමෙන් සෑදුනු ෙසෙල එකතුවක් ගර්භාෂයට සේන්දු වී ගර්භාෂය වටා ඇති සිවිය මත තැම්පත් වේ. මෙම අවස්ථාව කළල අවස්ථාව ලෙස හදුන්වනු ලබයි. මෙම කළලය විසින් තමන්ගේ ආරක්ෂාව පිණිස යම් ද්‍රව්‍ය වෑස්සෙන්නට සලස්වන අතර එමගින් ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් සිදුවීම මගින්, ඔබගේ බිළිදා ඔබේ සිරුර විසින් පිළිගනු ලබයි. මෙම බිළිදාගේ ජාන සැකසීම සිදුවන්නේ අඩක් ඔබගේ ද අඩක් ඔබගේ සහකරුගේද ජාන මිශ‍්‍ර වීමෙන් ය. කළලයට පිටස්තර ෙසෙල සම්බන්ධ වන්නේ ඊළග සතියේදී ය. මේවා ඔබේ ලේ වල ෙසෙල සමග බද්ධ වී ඔබේ සිරුරේ ක‍්‍රියාකරීත්වය හා එක් වෙයි.

‘Chorionic Villi”, ඉන් සෑදෙයි. මෙය පසුව Placenta යනුවෙන් හදුන්වන දරු ගැබට අවශ්‍ය පෝෂණය ලබාදෙන තාවකාලික සැලැස්ම ඇති වේ. කළලය ක‍්‍රමයෙන් මේරීමේදී ඔබේ සිරුරේ ප‍්‍රතිචාරය වශයෙන් Chorionic

Gonadotropin නමැති හෝමෝන ඔබේ සිරුර පුරා සංසරණය වේ. මෙය ඔබේ මුත‍්‍ර සහ ලේ වලද දැකිය හැකිය. කළලයේ ඇතුලාන්ත ෙසෙල ඉන්පසු ස්ථර 3 කට බෙදේ. මේ සෑම කොටසකම ඔබේ බිළිදාගේ විවිධ කොටස් නිර්මාණය වේ. ගැබිණි කාලයේදී මෙන්ම කිරිදෙන අවධියේද ඔබේ ශරීරයේ හා පැවැත්ම සදහා අමතර මේදය අවශ්‍ය වේ.

පරිවර්තනය – මයිකල් ආන්ජලෝ ප‍්‍රනාන්දු

PREGNANCY –
THE COMPLETE GUIDE
FROM PLANNING TO BIRTH
නම්කෘතියෙන් උපුටා ගන්නා ලදි.