තාරුක පුංචි දඟ මල්ලක්. හරිම ක්‍රියාශීලියි. කවි සිංදු කියනවා. සෙල්ලම් කරනවා. ඒ විතරක් නෙවේ. අඹ ගහට නැගලා අතුවල ඉදගෙන අඹ කන්නත් හපනෙක්.
ඒත් ටික දවසක ඉදලා තාරුකගේ හැසිරීමේ වෙනස්කමක් ගෙදර අයට දැනිලා තිබුණා. වෙනදා වගේ ක්‍රියාශීලි ප්‍රබෝධමත් බවක් දකින්නත් නැහැ. ඒ මදිවට පුංචි පුතා කෑම කන්නෙත් නැහැ. බරත් අඩුවෙලා. අනේ තාරුකගෙ අම්මට හරිම දුකයි. ඒ වගේම බයයි. පුතා ලෙඩ වෙලා දැන් මොකද කරන්නෙ.
මෙහෙම ප්‍රශ්න ඕනෙම වයසක දරුවෙකු ඉන්න අම්මලාට ඇති වෙන්න පුළුවන්. හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වුණාම මේ වගේ ලක්‍ෂණ මතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ නීරක්ති තත්ත්වයක්. යකඩ ඌණතා නීරක්තිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෝෂණ ගැටලුවක්. මේ තත්ත්වය දරුවන්ට හරිම අහිතකරයි. ප්‍රධාන ලෙසම දරුවාගේ ඉගෙනීමේ කටයුතු වලට බාධා පැමිණෙනවා. ක්‍රියාශීලී බව අඩුවීම, නිදිමත ගතිය, ඈනුම් යාම, අමතක වීම, අධික මහන්සිය, පපුව ගැහෙන හඬ ඇසීම, විවේකීව සිටින විටත් වෙහෙස දැනීම, සුදුමැලි වීම, අන්න ඒ ලක්‍ෂණයයි.
මෙම ලක්‍ෂණ ඔබේ දරුවාට තිබෙනවා නම් එය රුධිර පරීක්‍ෂණයක් මගින් නීරක්තිය ද කියලා සැක හැර දැනගන්න පුළුවන්. අපි දරුවන්ට දෙන ආහාරය තුළ පවතින යකඩ ශරීරයට නිසි පරිදි උරා නොගැනීම (අවශෝෂණය) නීරක්තිය ඇති වීමට ප්‍රධානතම හේතුව වෙනවා.
යකඩ ශරීරයට උරා ගැනීමට උව්වන සාධක මෙන්ම ශරීරයට යකඩ උරා ගැනීමට එරෙහිවන බධාවන් හදුනාගැනීම ද වැදගත් වෙනවා.
ආහාරයක් ලබා ගෙන පැයක් ඇතුළත යම්, තේ, කෝපි, හෝ කිරි පානය කළහොත් එවිට යකඩ උරා ගැනීමට බාධාවක් වෙනවා.
ශාකමය ආහාර තුළ අඩංගු යකඩ ශරීරයට උරා ගන්නේ ඉතාමත් සෙමිනි. ඒත් ආහාරයේ පවතින යකඩ ඇඟට උරා ගැනීමට විටමින් සී අඩංගු ආහාර එනම් දොඩම්, දෙහි, වැනි පැඟිරි සහිත ආහාර මෙන්ම පලතුරු ආහාරයට ගැනීමෙන් පහසු වෙනවා.
සත්ව ආහාර වල අඩංගු යකඩ ශරීරයට උරා ගැනීම ඉතාමත් ඉක්මනින් සිදුවෙනවා. එසේම දරුවාට පණුරෝගය පවතිනවා නම් එය නීරක්තිය ඇති වීමට ප්‍රධාන හේතුවක් වෙනවා.
නියමිත කාලයට පණු ප්‍රතිකාර ලබා දීම ද වැදගත් වෙනවා. පණුරෝග පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබීම නීරක්තියෙන් මිදීමට හේතුවක් වෙනවා. පණුරෝගය ගැන වැරදි මතයන් බොහෝමයක් පවතනිනවා. අමු පොල් හා පැණිරස කෑම වැඩියෙන් ආහාරයට ගැනීමෙන් පණු රෝග ඇතිවෙනවා කියන්නේ මිත්‍යාවක්.
වට පණු, කස පණු, හා කොකු පණු යනුවෙන් පණු වර්ග කිහිපයක්ම සිටිනවා. බොහෝ දරුවන්ට පණුරෝග බෝ වන්නේ පසෙන් මොකද කුඩා දරුවන් පස් වලින් නිතරම සෙල්ලම් කරනවා. පස් අතර රැදී තිබෙන පණු බිත්තර නියපොතු අතර ඇඟිලි කරු අතර රැදී අහාර මගින් සිරුරට අතුළු වෙනවා. ඒත් එක්කම අපිරිසිදු ආහාර විශේෂයෙන්ම වැටී තිබෙන පළතුරු හොඳින් සෝදන්නේ නැති ආහාරයට ගත්තොත් හා අත් හොඳින් සබන් ගා පිරිසිදු නොකර අහාර ලබා ගත්තොත් මේ පණු බිත්තර බඩට යන්න පුළුවන්. ඒ වගේම තමයි වතුර හොඳින් උණුකර නිවා පානය නොකළ හොත් ඒ මඟින්ද පණු රෝගය බෝවිය හැකි වෙනවා.
පණු ප්‍රතිකාර ලබා ගැනීමේ කාල පරාසය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. එය පණුරෝග පැතිරීමේ අවධානම මත රදා පවතිනවා.
ඌව සබරගමුව, මධ්‍යම පළාත් අධි අවධානම් කලාප ලෙසත් අනෙකුත් පළාත් මධ්‍යස්ථ අවදානම් කලාප ලෙසත් නම් කර තිබෙනවා.
අධි අවධානම් කලාපවල ගර්භනී මව්රුන්ට ගර්භණී භාවයට සති 12 දී මිලි ග්‍රෑම් 500 ක තනි පෙත්තක් ලබා දෙනවා.
ඒ වගේම අවුරුදු පහට අඩු දරුවන්ට අවුරුදු එකහමාරකදී ආරම්භ කරන මාස හයකට වතාවක් මිලිග්‍රෑම් 500ක් පණු පෙත්තක් ලබාදෙනවා.
පාසැල් දරුවන් සඳහා වසරකට වතාවක් මිලිග්‍රෑම් 500 ක පණුපෙත්තක් ලබා දෙනවා.
මධ්‍යස්ථ අවධානම් කලාප තුළ පණුපෙත්ත ලබා දෙන්නේ වසරකට වරකි.
මීට අමතරව සෑම පවුලකම සාමාජිකයින් එක්වර පණු ප්‍රතිකාර ලබා ගත යුතු අතර ඊට පෙර ඇඳ ඇතිරිලි, වැසිකිළි, ආදිය පිරිසිදු කර ගත යුතුය.
පණු ප්‍රතිකාර ලබා ගත් පසුව වෙනදා මෙන් සාමාන්‍ය දිවියක් ගත කළ හැකිය. ඒත් අපේ සමහර අම්මලා දරුවන්ට නාන්න දෙන්නේ නැහැ. ඇඹුල් ජාති කන්න දෙන්නේ නැහැ. මෙහි කිසිදු සත්‍යතාවක් නැහැ.
පණු ප්‍රතිකාර ලබා ගැනීමේ දී ඇතැම් දරුවන්ට වමනය, ඔක්කාරය, දියරමය මලපහ පටවීම, වැනි තත්ත්වයන් දැකිය හැකිය. ඒ සඳහා විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නොවේ.
යම් දරුවෙක් වෙනත් රෝගයකින් පෙළෙන්නේ නම් පමණක් පණු ප්‍රතිකාර ලබා නොදිය යුතු අතර ඒ සඳහා වෛi උපදෙස් ලබා ගැනීම වැදගත්.
නිලුක්ෂි තිලකසිරි
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් අනුරාධපුර ශික්‍ෂණ රෝහල
සටහන තාරුකා ළිඳකුඹුර