free stats

පිළිසිඳ ගත්දා සිට උදරය කෙමෙන් කෙමෙන් වර්ධනය වීමට පටන් ගනියි. වර්ධනය වන දරු කලලය ප්‍රසූතියට ආසන්න වන විට කිලෝග්‍රෑම් තුනක් පමණ බරකින් යුක්ත වෙයි. මෙම දරු කලලය රඳවාගැනීම සඳහා ගර්භාෂය විශාල වන තරමට උදරයද විශාල විය යුතුයි. ඒ සඳහා උදරයේ මාංශ පේශී ඇදීමට ලක්වෙයි. එසේ ඇදීමට ලක්වූ උදරයේ මාංශ පේශී දරු ප්‍රසූතියෙන් පසු නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කර ගත යුතුයි. එසේ නොවුනහොත් උදරය ඉදිරියට නෙරා විත් පවතියි.

එසේම දරු කලලය කුස තුළ පවතින කාලයේ ඇදිමට ලක්ව තිබූ උදරය මාංශපේශී දරු ප්‍රසුතියෙන් පසු ලිහිල් වීම නිසා තවදුරටත් නෙර ඒම සිදුවෙයි.

මෙය වළක්වාගැනිම සඳහා දරු ප්‍රසූතියෙන් පසු වෛi උපදෙස් මත උදරයේ මාංශපේශි ශක්තිමත් කර ගැනිම සඳහා වූ ව්‍යායාමවල නිරත විය හැකියි.

ස්වභාවික අයුරින් දරු ප්‍රසූතියක් සිදු කළ මවකට උදරය ඉදිරියට නෙරා ඒම වළක්වා ගැනිම සඳහා උදරය රෙද්දකින් වෙලා දිනකට පැය 06ක් පමණ සිටීමේ ක්‍රමය භාවිත කළ හැකියි.  එය සති තුනක් පමණ සිදු කිරීමෙන් උදරයේ මාංශාපේශී ශක්තිමත් කර ගැනීමට පුළුවන. මෙලෙස උදරය රෙද්දකින් වෙලා ගැනීම උදය කාලයේ කළ යුතුය. රාත්‍රියකට එය සිදු කිරිම නුසුදුසුය.

සැත්කමකින් දරු ප්‍රසූතිය සිදුකළ මවක් මෙම ක්‍රමය භාවිතා කල යුත්තේ දරු ප්‍රසූතියෙන් මාස තුනක් පමණ ඉක්මගිය පසුවය.

මෙම ප්‍රතිකර්මවලට අමතරව යෝගී ව්‍යායාම මගින්ද උදරයේ මාංශපේශී ශක්තිමත් කර ගත හැකිය. දරු ප්‍රසූතියෙන් පසු වැඩිුපුර තෙල් සිහත ආහාර වර්ග ගැනීමෙන් වැළකී සිටිමද උදරය ඉදිරියට නෙරා ඒම වලක්වාගැනිම සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙයි.

ශරීරයේ බර වැඩිවිම ගැබිනි සමයේදී  ආහාරවේල් කිහිපයක් දිනකට ගැනිමට හුරුවිම නිසා දරු ප්‍රසූතියෙන් පසුවද එලෙස ආහාර ගැනීමට ඇතැම් මව්වරු යොමුවෙති. එවිට සිදුවන්නේ අනවශ්‍ය ලෙස ආහාරපාන ගැනීම නිසා සිරුරේ බර වැඩිවීමය. එබැවින් දරු ප්‍රසූතියෙන් පළමු මාස කිහිපයෙහි   සුප්වර්ග, පලාවර්ග, සලාද වර්ග, ධාන්‍ය වර්ග, පිපිඤ්ඤා, රාබු වැනි ආහාර ගිතෙල් මිශ්‍රකර ආහාරයට ගැනීම සුදුසුයි.

පියයුරු විශාල විම

තම කුසින් බිහිවන දරුවාට අවශ්‍ය කිරි නිපදවීම පියයුරු වලින් සිදුවන බැවින් ගැබිනි සමයේදී

ඇයගේ පියයුරු විශාල විමට පටන් ගනී.  එබැවින් දරු ප්‍රසූතියෙන් පසු පියයුරු එල්ලා වැටීම වළක්වා ගැනිම සඳහා දරුවා ලැබී සති දෙකකින් පමණ පසු පියයුරු මාංශ පේශී ශක්තිමත් කරන ව්‍යායාමවල යෙදිය හැකිය.

පියයුරු ගැටිති මතුවීම

දරු ප්‍රසූතියෙන් පසු මවගේ පියයුරුවල කිරි නිපදවෙන්නේ දරුවා කිරි උරා බොන ආකාරය අනුවය. නිවැරදිව දරුවාට කිරි නොදිමෙන් සහ තන පුඩුවෙන් නිසි ලෙස කිරි පිට නොවීමෙන් පියයුරු ගැටිති මතුවිය හැකිය. එසේ වන්නේ කිරි නිපදවන ග්‍රන්ථිවල සිදුවන අවහිරතා නිසාය. එවැනි අවස්ථාවකදී පියයුරුවල මද රස්නයක් පැවතීම, උණ ඇතිවීම, තන් පුඩුව ඉදිමුම, සැරව ගෙඩි ලෙස මතුවිම දැකිය හැකිය.

මෙවැනි අවස්ථාවකදී මද රස්නය සහිත උණු වතුරින් පියයුරුවල කිරි කැටි ගැසුණු තැන් නැවීම සිදුකර කැටි ගැසී ඇති කිරි ඉවත් කළ යුතුය. මෙලෙස පියයුරුවල වෙනසක් ඇතිදැයි යන් ස්නානය කරන විට පියුරු පරීක්ෂා කිරීමෙන් හඳුනාගත හැකිය.

උදරයේ ඇති වූ ලප කැළැල් ඉවත් කිරීම

දරු ප්‍රසූතිය සඳහා උදරය විශාල විමේදී එහි මාංශපේශී ඇදීම නිසා දරු ප්‍රසූතියෙන් පසු උදරයේ උදරයේ ලප කැළැල් ඇතිවේ. ඒවා ඉවත් කිරිම සඳහා ලොත් සුඹුලු, වැල් මී, කොහොඹ, අමු කහ ආදිය එළඟිතෙල් හෝ තලතෙල් මිශ්‍ර කර අඹරාගෙන ස්නානයට පැය දෙකකට පෙර ලප කැළැල් ඇති ප්‍රදේශයේ ගැල්වීම කළ හැකිය.

නහර ගැට ගැසීම

ගැබිනි සමයේදී බොහෝ කාන්තාවන්ගේ දෙපා ඉදිමුමත් සමඟ නහර ගැට ගැසීමද සිදුවේ. මෙය දරු ප්‍රසූතියෙන් පසුවද පවතීනම් වෙලුම්පටි වලින් එම නහර ගැට ගැසුනු ප්‍රදේශ වෙලාගෙන ඇවිදීම ආදිය කළ යුතුය. එලෙස වෙලුම් ඇති කරගත යුත්තේ ඇඳෙන් බැසිමට පෙරය.

ඇඳෙන් බසින විට රුධිර දෙපාවලින් පහලට ගමන් කරනා බැවින් එසේ රුධිරය පහළට ගිය පසු වෙලුම්පටිවලින් වෙලා ගැනීම තුළින් සාර්ථක ප්‍රථිපල ලබා ගත නොහැකිය.

යෝනි මාර්ගයේ වෙනස්කම්

දරු ප්‍රසූතියේදී සිදුකරනු ලබන කැපුම් හා දරු ප්‍රසූතියේදි සිදුවන සීරීමි ආදිය නිසා යෝනී මාර්ගයේ වෙනස්කම් ඇතිවේ. කලවා ලෙයින් තෙත්කර, අස්ථි එකසිය අටක් බිඳීයන වේදනාවට නොදෙවෙනි වේදනාවක් විඳ පුංචි කිරි කැටියකු බිහිකරන ඇය “අම්මා” යන ප්‍රේමණීය ආමන්ත්‍රණය තුරුලු කරගන්නේ රුජිණක් කිරුළු පළඳිනවාට වඩා ආඩම්බරයෙනි. වචනවලින් විස්තර කල නොහැකි මවගේ සෙනෙහස ඉදිරයේ මෙතෙක් ආදරයෙන් රැකගත් රූපය, හැඩය, පැහැය අයට අමතකවන්නේ ද නිරායාසයෙනි. ඒවගේම නිවැසියන්ට, නෑදෑයන්ට, හිතවතුන්ට වගේම ආදරණිය සැමියාටත් ඇයගේ වේදනාව අමතක වෙන්නේ සැමගේ අවධානය සොරාගන්නා නිසයි.

දරු කලලය යනු සිරුරට ආගන්තුක දෙයකි. එම ආගන්තුක දෙයට විරුද්ධව සිරුර ක්‍රියාත්මක විම නිසා ගැබිනි මවට බොහෝ අපහසුතාවලට මුහුණදීමට සිදුවෙයි. අධි රුධිර පීඩනය, මස්පිඩු වේදනාව, නහර ගැට ගැසීම ඉන් ප්‍රධානයි. එසේම දරු කලලය නිසා ඉදිරියට නෙරා ඇති උදරය හේතුවෙන් කොඳු ඇට පෙළ තුළද යම් අපහසුතා මතුවෙයි. ගැබිනි බව නිසා ඇතිවන මෙම වෙනස්විම්

ප්‍රසූතියෙන් පසු එකවර සාමාන්‍ය තත්ත්වයට පත්වන්නේ නැත. විශේෂයෙන් උදරය ඉදිරියට නෙරා ඒම, ශරීරයේ බර වැඩිවීම, පියයුරු විශාල විම, උදරයේ මතු වූ ලප කැළැල්, නහර ගැට ගැසීම, යෝනි මාර්ගයේ වෙනස්කම් ආදී තත්ත්වයන්ගේ පශ්චාත් ප්‍රසූති කාලයේදී සිදුවන වෙනස්කම් අතර ප්‍රධානවෙයි.

එබැවින් එම තුවාල ඉක්මනින් සුවකර ගැනීම සඳහා නුග, බෝ, අත්තික්කා කිරිපලු වැනි පොතුවලින් හෝ අරළු, බුළු නෙල්ලි ඖෂධ හොඳින් තැම්බූ වතුරින් යෝනි මාර්ග ප්‍රදේශ සේදීම කළ හැකිය. දරු ප්‍රසූතියෙන් පසු යෝනි මාර්ගයෙන් රුධිරය සහ ශ්‍රාවයන් පිටවීම පවතිනතුරු මෙලෙස සේදිම කිරීම අවශ්‍යය. සාමාන්‍යයෙන් මෙම තත්ත්වය සති තුනක් පමණ පවතී.

මෙලෙස කටයුතු කිරීමෙන් දරු ප්‍රසූතියෙන් පසු මවටග් සිරුර සාමාන්‍ය තත්ත්වයට පත්වීම මාසයකින් පමණ සිදුවේ.

උපදෙස්
ප්‍රසව හා නාරිවේද විශේෂඥ ආචාර්ය දයානි සිරිවර්ධන