S.M.P නිශාන්ති,
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී
පල්ලෙකැලේ,
පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය.
මැක්සිම් ගෝර්කි ” අම්මා” නම් සිය කෘතිය තුලින් වරෙක කියා ඇත්තේ ලොව නිර්මාණය වී තිබෙන්නෙ හිරුගේ රැස් වලින් හා මව්ගේ කිරි වලින් බවයි. එතරම් අසමසම ගුණයක් මව්කිරි වලට ලැබී තිබෙනවා. දරුවෙකු ඉපදී මුල් පැය 24 තුල මවට එරෙන කිරි හදුන්වන්නෙ ” රන්කිරි” ලෙසයි. එහි පවතින ගුණයන් හා වැදගත්කම පිලිබද අප මුලින්ම සොයා බලමු.
- ප්‍රතිදේහ ඇත – උදාහරණයක් ලෙස ටෙටනයින් වැනි. මෙම ප්‍රතිදේහ මගින් ආසාදන වලට එරෙහිව ක්‍රියාකර දරුවා ලෙඩ රෝග වලින් ආරක්ෂා කරයි.
- සුදු රුධිරාණු සෛල බහුල වීම. මෙම සෛලද ආසාදන වලට මනා ප්‍රතිරෝධයක් ඇති කරයි.
- විරේක ගුණය – සිරුර අභ්‍යන්තරයෙ පවතින මිකෝනියම් ඉවත් කර කාමලාව ඇති වීම වලක්වයි.
- වර්ධක සාධක ඇත.- අන්ත්‍ර පරිනත කර දරුවාට ජීර්ණය පහසු කරයි.
- විටමින් A බහුල වීම – අාසාදන පාලනය කරමින් ඇස් පෙනීම වර්ධනය කරයි.
මව්කිරි ලබාදීමෙන් ඇති වන වාසි මොනවාද ?
- මව හා දරුවා අතර සමීප සබඳතාවක් වර්ධනය කරයි.
- මවට මානසික තෘප්තියක් ඇති කරයි.
- දරුවාට ආරක්ෂාව සැලසේ.
- හැඬීම අඩුයි.
- නැවත ගැබ් ගැනීම ප්‍රමාද කරයි.
- ගර්භාෂය ඉක්මනින් යථා තත්වයට පත් කරයි.
- පසු ප්‍රසව රක්තපාතය( අධික ලේ වහනය) වලක්වයි.
- දරුවාගේ බුද්ධි වර්ධනය සඳහා ඉතා වැදගත්වේ.
දරුවාගේ ශරීර වර්ධන වේගයට වඩා වැඩි වේගයෙන් මොලේ වර්ධනය සිදු වේ. ඒ සදහා සුදුසුම ආහාරය වන්නේ මව්කිරියි.
මේ තරම් සුවිශේෂි අසමසම ගුණයක් හිමි මව්කිරි පිළිබද මව්වරුන්ට ඇතිවන ගැටලුවක් නම් දරුවාට කිරි දීමේදි තමන් තුලින් නිෂ්පාදනය වන කිරි ප්‍රමාණය බිලිඳාගෙ පූර්ණ පෝෂණයට ප්‍රමාණවත් වනවාද නැද්ද යන්නයි. බිළිඳාට අවශ්‍ය කිරි ප්‍රමාණය තමන් තුලින් නිපදවෙන්නෙ නැති බවට මව්වරුන් මැසිවිලි නගන, කණගාටු වන අවස්ථා සමාජය තුල දක්නට පුළුවන් . අද අපි කතාබහ කරන්නෙ මෙම ගැටලුව පිළිබදවයි.
ඕනෑම මවකට තම බිළිදා පෝෂණය කිරීම සදහා අවශ්‍ය කිරි නිපදවිය හැකියි. ඒ සඳහා ,
- දරුවාට ආදරය දැක්වීම
- දරුවාගෙ හඬ, ස්පර්ශය, හා දැකීම
- මවගේ ආත්ම විශ්වාසය
වැනි කරුණු ඉතා වැදගත්. - කිරි දෙන අවස්ථාවේදී නිවැරදි ඉරියව්වෙන් සිට මවගේ ඇස දරුවාගෙ ඇස සමග ගැටෙන අයුරින් දරුවා දෙස ආදරයෙන් බලා සිටීමද කිරි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ඉතා වැදගත්. මෙහිදී පියයුරු වල ප්‍රමාණය කිරි නිෂ්පාදනය සඳහා බලපාන්නේ නැහැ.
- දරුවාට මව්කිරි ප්‍රමාණවත් නොවීමට හේතු මොනවාද ?
- මානසික ආතතිය
- වේදනාව
- සැක සංකා
- තම දරුවාට කිරි ප්‍රමාණවත් නොවන බවට ඇතිවන අනිසි බිය
- සෑහෙන තරම් මව්කිරි තමන් තුල නැතැයි යන අනියත බියක් කිසි විටෙකත් කිරි දෙන මව්වරුන් තම සිත තුල ඇති කර ගත යුතු නෑ. බොහෝ විට දරුවාට අවශ්‍ය තරම් මව් කිරි මව තුල නිෂ්පාදනය වන අතර ප්‍රමාණවත් නොවන කිරි නිෂ්පාදනයක් මවක් තුල ඇති වන්නේ ඉතාමත් කලාතුරකින්.
- කිරිදීමේ වැරදි ඉරියව් හා මවගේ සෘනාත්මක සිතුවිලි කිරි නිෂ්පාදනය අඩු වීමට ප්‍රධානවම බලපානු ලබනවා. මීට අමතරව,
- 1 ආරම්භය ප්‍රමාද වීම
- 2 අක්‍රමවත් ලෙස කිරි දීම
- 3 රාත්රියේදී කිරි නොදීම
- 4 කෙටි වෙලාවක් පමණක් කිරිදීම
- 5 දුර්වල මව් දරු සම්බන්ධය
- 6 වෙනත් ආහාර දීම
- 7 මව දරුවාව ප්‍රතික්ෂේප කිරීම
- දරුවාට මව්කිරි ප්‍රමාණවත් තරම් නොලැබෙන බව අඟවන ලක්ෂණ කීපයක් හඳුනා ගනිමු.
- බර වැඩි වීම ප්‍රමාණවත් නොවීම .( සාමාන්‍යයෙන් දරුවාගෙ බර මසකට 500 g ක් පමණ වැඩි විය යුතුය)
- මුත්‍රා පිටකරන වාර ගණන දිනකට 6 වතාවකට අඩු වීම.
මීට අමතරව, - මව් කිරි බීමෙන් පසුත් දරුවා සෑහීමකට පත් නොවීම
- නිතර නිතර හැඬීම
- වැඩි වෙලාවක් කිරි ඉරීම
- කිරිබීම ප්‍රතික්ෂේප කිරීම
- දරුවාගේ මල වියලි හා කොල පැහැයක් ගැනීම
- අක්‍රමවත් ලෙස සුළු මල ප්‍රමාණයක් පිට කිරීම
- කිරි දොවන විට පියයුරු වලින් කිරි නොඒම
- කිරි සැපයුම නිවැරදිව සිදු නොවීමට බලපාන හේතු මොනවාද ?
- කිරි නාල අවහිර වීම. ( කිරි තද වීම )
- මේ තත්වය ඇති වීමට හේතු කීපයක් බලපායි.
- මව අඳින බ්‍රෙසියරය වඩාත් හිර වීම
- ඇඟිලි මගින් පියයුරු තද කරමින් කිරිදීම.
- දරුවා කිරි නොබීම .
- රාත්‍රියේ එකම ඇලයකට නිදා ගැනීම
- පියයුරේ කොටසකින් පමණක් කිරි ගලා ඒම
- කිරි තදවූ පියයුර හඳුනා ගැනීමට බලපාන ලක්ෂණ මොනවාද ?
- වේදනා සහගත බව
- ඉදිමුණු ස්වභාවය
- තන පුඩු දිලිසීම
- රත් පැහැ වීම
- කිරි ගලා නොඒම
- පියයුරේ උණුසුම වැඩි වීම
- මෙවැනි කිරි අවහිර වූ අවස්ථාවකදී කිරි ගලා ඒම නිවැරදිව සිදු වීමට නම් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද ?
- 1 දරුවාට මව්කිරි දෙන වාර ගණන වැඩි කරන්න .
- මෙහිදී දරුවා මව්කිරි බොන වාර ගණන වැඩි වන විට මවට කිරි එරෙන ප්‍රමාණය වැඩි වේ. දරුවා කිරි ඉරීමේදි මවගේ හෝමෝන උද්දීපනය සිදුවීමෙන් මව්කිරි නිෂ්පාදන ක්රියාලිය වේගවත් වෙනවා.
- 2 ක්ෂීරනාල හොඳින් උත්තේජනය වීමට පියයුරු සම්බාහනය කරන්න.
- – ඇඟිලි තුඩු වලින් පිරිමැදීම
- අත මිට මොලවා පිරිමැදීම
- පනාවකින් පියයුර පිරීම
- 3 සමහර ආහාර වේල් ලබා ගැනීම
- නිතරම පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම මගින් කිරි නිපදවෙන ප්‍රමාණය යහපත් මට්ටමේ තබා ගැනීමට උපකාරි වෙනවා.
- 4 පියයුරේ තද නොවූ පැත්තෙන් කිරි දීම ආරම්භ කරන්න.
- 5 නිවැරදි ස්ථාපිතයකට අනුව කිරි දෙන්න.
- 6 ඔක්සිටොසින් ප්රතීකය උත්තේජනය කිරීම
- 7 විවේකය හා නිරවුල් මනස
- මෙහිදී නිදහස් මනසක් තබා ගැනීම හොද නින්දක් ලබා ගැනීම , පීඩාකාරී තත්වයන්ගෙන් මිදීම කිරි නිෂ්පාදනය ඉහල නංවා ගැනීමට ඉවහල් වෙනවා.
- මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් මව්වරුන්ට කිරි දීම පහසු වනවා මෙන්ම බිළිදාට අපහසුවකින් තොරව මව්කිරි මගින් තම පෝෂණ අවශ්‍යතාව සපුරා ගැනීමටත් හැකිවෙනවා.
- කුමුදිකා ඩී සපුතන්ත්‍රි