සමහර වෙලාවට දරුවෝ දරුවෝ නිසාම කරන අමුතු අමුතු වැඩ තියෙනවා. අපි මේවා නොසලකා හරින්නේ එයාලා ළමයි කියන පදනමේ ඉඳල. හැබැයි ඒගොල්ලෝ කරන හැමදේම ඒ විදිහට නොසලකා හැරිය යුතුද කියන කාරණය නැවත සිතා බලන්න හේතු වෙන එක් කරුණක් තියෙනවා.
ඔයා හිතන්න සමස්ත ළමයින් පිරිසක් අතරේ අර සියලු ළමයි නොකරන ආකාරයේ හැසිරීමක් පෙන්නන එක ළමයෙක් හිටියොත් ඒක ටිකක් සාමාන්‍ය තත්ත්වයක් නේද? උදාහරණයක් විදිහට එකම කාරණයක් එක වතාවකදී කරලා ඉවර කරන්න පුලුවන්කම තියෙද්දි දරුවා ඒ කටයුත්තට ම සැලකිය යුතු වෙලාවක් ගන්නවා නම්, ඒක සාධාරණ කාලය ඉක්මවා ගිය කාලයක් නම්, ඒ දරුවා පළවෙනි වතාවෙදි ඒ අදාළ කාර්ය හරියට කරලා තියෙද්දිත් නැවතත් ඒ කාර්යයම කරනවා නම්, ඒ තත්ත්වය ටිකක් අසාමාන්‍යයි නේද?
සමහර විට එයා අත හෝදන්න වැඩිවෙලාවක් ගන්නවනම්, නිතර නිතර අත හෝදනවනම්, පිරිසිදුකම ගැන උවමනාවට වඩා සැලකිලිමත් නම්, ඒ නිසාම එයාගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වෙනවා නම්, සමහර සිතුවිලි නිසා ඒ සිතුවිලි ඇතුළෙ මෙයා හිරකාරයෙක් වෙලා මානසිකව විඳවනවා නම් මේ තත්ත්වය අපි OCD එහෙමත් නැත්නම් Obsessive Compulsive Disorder කියල හඳුන්වනවා.
මේ සම්බන්ධව කතා කරන මනෝ වෛද්‍යවරුන් විශේෂයෙන් සඳහන් කරන කාරණයක් තමයි OCD තත්ත්වය ඇතිවෙන්න පවුලේ පසුබිම බලපානවා කියන කාරණාව. සමහරවිට පවුල තුළ පවතින ගැටුම්, අම්මට හරි තාත්තට හරි මේ දරුවා තුළ තියෙන අසීමිත බය හෝ අසීමිත ආදරය, ජානමය ගැටලු, තයිරොක්සින් හෝර්මෝන ආශ්රිත රෝග හෝ වෙනත් රෝග තත්ත්වයක්, යම් බිය ගැන්වීමක්, පාසලේදී හිරිහැරයට පත් වීමක් වැනි මනෝ සමාජීය කාරණාවක් හෝ මේ සඳහා බලපාන්න ඉඩ තියෙනවා.
දරුවෙක් මෙවැනි හැසිරීමකට පෙළඹෙන්නේ එයා තුළ ඇතිවන පාලනය කළ නොහැකි සිතුවිල්ලක් නිසා.
උදාහරණයක් විදිහට එක්තරා දරුවෙක් දිනකට හේතුවක් ඇතුව හෝ නැතිව හත් වතාවක් අත සෝදන්න පුරුදු වෙලා තිබුණා. රෝග තත්ත්වයට ප්‍රතිකාර ගන්න පටන් ගත්තට පස්සේ මේ දරුවා වෛද්‍යවරයාට කියලා තියෙනවා තමන් හත් වතාවක් අත හේතුවෙන් නැත්නම් අම්මට යම් කරදරයක් වෙයි කියලා මානසිකව ඇතිවුණු හැඟීමක් නිසා තමයි එයා මේ කටයුත්ත කරලා තියෙන්නේ. මේ සිතුවිල්ල නිසා එයා දැඩි ලෙස මානසික පීඩනයකට ලක්වෙලා තියෙනවා. ඒ වගේම එයාට තමන්ගේ අනෙකුත් සාමාන්‍ය දෛනික කටයුතු නිසියාකාරව කර ගන්න බැරිවෙන්නත් සිතුවිල්ල බලපාල තියෙනව.
මේ වගේ තවත් සිතුවිලි ගණනාවක් තියෙනවා, උදාහරණයක් විදිහට මම අද මේ ගවුම ඇන්දේ නැත්නම් මට කරදරයක් වෙයි, මම මේ ඔරලෝසුව බැන්ද නැත්නම් අද මට ප්‍රශ්නයක් ඇතිවෙයි, මං මේ දේ අද නොකළොත් මෙහෙම වෙයි වැනි සිතුවිලි ගන්න පුළුවන්.
මෙන්න මේ හේතුව හින්දා ඔබේ දරුවා යම් කාර්යයක් නිතර නිතර කරනවනම්, එයා මොකක්හරි දෙකට බයවෙලා ඉන්නවා වගේ දැනෙනවනම්, තමන්ගේ පිරිසිදුකම ගැන වුවමනාවට වඩා අසීමිතව හිතනවනම්, නිතර නිතර අත සෝදන එක, එකම දේ නැවත නැවත කරන එක, දෙයක් කරන්න ගියහම අනිත් අයට වඩා අසීමිතව වෙලාවක් ගන්නව නම් ඒ ගැන, සැලකිලිමත් වෙන්න.
OCD කියන්නෙ මුල් අවස්ථාවේදී හඳුනාගත්තොත් ඖෂධ ප්‍රතිකාර වලට යොමු නොවී සුව කරගන්න පුලුවන් තත්ත්වයක්. මේ සඳහා අවශ්‍ය වෙන්නේ තමන්ගේ මනස පාලනය කර ගැනීම සහ සිතුවිලි පාලනය කර ගැනීමේ හැකියාව.
උදාහරණයක් විදිහට දවසට හත් වතාවක් අත හේතුව නැත්නම් තමන්ගේ අම්මට හානියක් වෙයි කියලා හිතන සිතුවිල්ල ක් ඇතිවුණ මොහොතේ සිතුවිල්ල පාලනය කරගෙන දවස් කීපයක් ඒ විදිහට අත හෝදන්නේ නැතුව ඉදලා අම්මට කිසිම හානියක් නොවුනු බව තහවුරු කර ගැනීම.
ඒ වගේ තමන්ගේ හිතට ඇතිවන අනවශ්‍ය සිතුවිලි පාලනය කර ගැනීම මගින් ඒ සිතුවිලි වලින් කියන දේ නොකරන නිසා තවදුරටත් කිසිදු හානියක් සිදු වෙන්නේ නැහැ කියලා තමන් තහවුරු කරගත්තට පස්සේ මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්.
මෙන්න මේ කාරණාව නිසාවෙන් ම්මලා නිතරම තමන්ගෙ දරුවගේ අසාමාන්‍ය හැසිරීමක් තියෙනවා නම් ඒ පිළිබඳව උනන්දු වෙලා තියෙන්නේ අවධානය යොමු කරලා ගැටලුව හඳුනාගන්න උත්සාහ කරන්න. එයින් දරුවාට ඇතිවිය හැකි ඉතාම දරුණු හානිය වළක්වා ගන්න පුළුවන්.