අපි දැන් ජීවත් වෙන්නේ නවීන ලෝකයක. ඉස්සර වගේ කාන්තාවන් හෝ පිරිමින් කියලා දැන් වෙනස් විදියට සලකන ක්‍රමවේදයක් ලෝකයේ කොහේවත් දකින්න ලැබෙන්නේ නැහැ. සමහර රටවල එවැනි තත්ත්වයක් ඉදහිට අහන්න ලැබුණත් බොහෝ රටවල එවැනි පටු ආකල්ප දැන් සමාජගත වෙන්නේ නැති තරම්. විශේෂයෙන් ලංකාව කියන්නේ කාන්තාවට වඩාත් ප්රමුඛ තැනක් දෙන රටක්. ඒක එදත් අදත් එක හා සමානයි. අපි ජීවත් වෙන්නේ මාතෘ මූලික සමාජ ක්‍රමයක් පවතින රටක. ඒ නිසාම කාන්තාවන්ට සමාජය තුළ ඉහළ තැනක් හිමි වෙනවා.
නමුත් තවමත් බොහෝ පවුල්වල දරු ප්‍රසූතියක දී වඩාත් අවධානය යොමු කරන්නේ පළමු දරුවා පිරිමි ළමයෙක් ද යන්න පිළිබඳවයි. පළමු උපත ගැහැණු දරුවෙක් නම් අදටත් සමහර පවුල්වලින් ගැටළු මතුවන අවස්ථා තිබෙනවා. මේ නිසාම බොහෝ කාන්තාවන් දරුවා ගැහැණු දරුවෙක් ද පිරිමි දරුවෙක් ද යන්න පිළිබඳව පරීක්ෂා කරගැනීමට අනවශ්‍ය උනන්දුවක් දක්වනවා. සමහර විට මවට එවැනි අවශ්‍යතාවයක් නැතත් දරුවාගේ පියාගේ බලපෑම නිසා ඒ සඳහා යොමුවෙනවා වන්නටත් පුළුවන්.
ඒ වගේම නෑදෑයින්, යහළුවන්, පවුලේ සමීපතමයන් හෝ වෙනත් පුද්ගලයන්ගේ අනාවැකි ත් මේ සඳහා බලපාන අවස්ථා තිබෙනවා.
ඔයාගේ බඩ කළුයි. බඩ කළු වෙන්නේ පුතෙක් ලැබෙන්න ඉන්නකොට”
“බඩ පොඩි නම් ලැබෙන්නේ දුවෙක්”
මෙන්න මේ වගේ කතා නිසා යම් මවක් දැඩි ලෙස අපහසුතාවයට පත්වන අවස්ථා තිබෙනවා. නමුත් බාහිර ස්වරූපයෙන් දරුවා පිළිබඳව විනිශ්චය කරන්න අමාරුයි. ගැහැණු පිරිමි බව දැනගන්න පුළුවන් වෙන්නේ ස්කෑන් පරීක්ෂණයකින් පමණයි.
සති 12 දී සිදුකරන ස්කෑන් පරීක්ෂණය මඟින් දරුවාගේ ලිංග බේදය හඳුනාගන්න පුළුවන්. නමුත් මුල්ම කාලේ ලිංගික අවයව පෙනෙන්නේ එකම විදියටයි. පිරිමි දරුවන් හඳුනාගැනීමට පහසුම ආකාර වන්නේ වෘෂණ කෝෂවල පිහිටීම වුණත් ඒවා පහත්වීමට යම් කාලයක් ගත වෙනවා. සමහර දරුවන්ගේ වෘෂණ කෝෂ පහත් වෙන්නේ උපතින් පසුවයි.
වෙෙද්‍යවරයාගේ දක්ෂතාවය හා ස්කෑන් පරීක්ෂණයේ තිබෙන සාර්ථකභාවය මතත් ගැහැණු පිරිමි බව වෙනස් වෙන්න පුළුවන්. ඒකට වෙෙද්‍යවරුන් සිය වෘත්තීය ජීවිතය තුළ ලබා ඇති අත්දැකීම් ද හේතුවක්. මේ සියලු හේතු නිසා සමහර අවස්ථාවල මුලින් ගැහැණු දරුවෙක් ලෙස පෙන්නුවත් පසුව පුතෙක් බිහි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පුතෙක් විදියට ස්කෑන් එකෙන් පෙන්නලා පස්සේ දුවෙක් ඉපදෙන්නත් පුළුවන්. මේ වගේ අවස්ථාවල රෝහලේ දී බබාව මාරු වෙලා කියලා මව්පියන් වෙෙද්‍යවරුන් සමග ගැටුම් ඇති කරගත් අවස්ථාත් තිබෙනවා.
මේ පරීක්ෂණය කරන්නම ඕන ද?
සමහර මව්පියන් නම් මේ සඳහා යොමුවෙන්නේ කුතුහලය නිසයි. නමුත් සමහර අවස්ථාවල පවුල පිටින්ම පුතෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අවස්ථාවකත් මුලින් කිව්වා වගේ අම්මාට අවශ්‍ය නැති වුණත් ඒ සඳහා යොමුවෙනවා.
වෙෙද්‍ය විද්‍යාත්මකව මෙවැනි පරීක්ෂණයක් අවශ්‍ය වෙන අවස්ථා තිබෙනවා ද?
X කාණ්ඩයේ ජානවලට පමණක් ආවේණික රෝග හඳුනාගැනීමට
Y කාණ්ඩයේ ජානවලට පමණක් ආවේණීක රෝග හඳුනාගැනීමට
සමහර ජානගත රෝග මවගෙන් පමණක් දරුවාට වැළදෙන අවස්ථා තිබෙනවා. උදාහරණ ලෙස හිමෝෆීලියාව මවගෙන් පුතුට ඇතිවන ජානගත රෝගයක්. මෙවැනි අවස්ථාවක ඉතාම කලාතුරකින් කළලය ඉවත් කළයුතු ද නැද්ද යන්න පිළිබඳව ගැටළුවක් ඇතිවනවා. එවැනි අවස්ථාවක කළලය ගැහැණු ද පිරිමි ද යන්න විමසා බැලිය යුතුයි.
මේ හා සමාන තවත් ජානගත රෝග තත්ත්වයන් තිබෙනවා. ඒවායේ දී මවගෙන් ගැහැණු දරුවාට හෝ පිරිමි දරුවාට යම් අවධානමක් මතුවෙන්න පුළුවන්. එවන් අවස්ථාවලදී දරුවා ගැහැණු ද පිරිමි ද යන්න පරීක්ෂා කළයුතුයි.
එසේම XO අවස්ථාවේ දරුවනුත් සිටිනවා. එය කාන්තා පිරිමි අතර මැදට ඇතිවන
තත්ත්වයක්. එය XXY හෙවත් Super male තත්ත්වයක් ලෙස හැඳින්වෙනවා.
ට්රැජයිල් X Syndrome තත්ත්වයේ දී යම් යම් ගැටළු ඇතිවනවා. මෙන්න මෙවැනි අවස්ථාවලදීත් වෙෙද්‍යවරයා විසින් ගැහැණු ද පිරිමි ද යන්න විමසීම සඳහා ස්කෑන් පරීක්ෂණයක් සිදුකරනවා. ලිංග නිර්ණය වඩාත් වැදගත් වන්නේ මෙවැනි අවස්ථා හඳුනාගැනීමටයි. මේ හැර තවත් ගැටළු තිබුණත් ඒවා කලාතුරකින් ඇතිවන තත්ත්වයන් නිසා බියවිය යුතු නැහැ.
ඒ හැරුණු විට වෙනත් ප්‍රාථමික කාරණා නිසා ලිංගිකත්වය පිළිබඳව ගැටළු ඇතිකර ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. මේ වනවිට කාන්තාවන් බොහෝ දෙනෙක් වෘත්තීය වශයෙන් තමන් තුළ ස්ථාවර තත්ත්වයක් ගොඩනඟා ගනිමින් සිටිනවා. මේ වන විට විශ්ව විද්‍යාල අධ්‍යාපන ලබන්න පිරිස වැඩි වශයෙන් කාන්තාවන්. ඒ වගේම වෙෙද්‍ය විද්‍යාලයට ඇතුළු වන පිරිසෙන් වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කාන්තාවන්. එබැවින් පවුලට එකතු වන අලුත් සාමාජිකයා ගැහැණු දරුවෙක් වීම පෙර කාලයේ මෙන් දෙමව්පියන්ට බරක් හෝ ගැටළුවක් වන්නේ නැහැ.
ඇඳුම් පැළඳුම් සූදානම් කරගැනීමේ අවශ්‍යතාවය මත හෝ කාමරය සූදානම් කරගැනීමේ අවශ්‍යතාවය මත දරුවාගේ ගැහැණු පිරිමි බව පිළිබදව විමසා බැලීමට යම් මව්පිය යුවළක් උනන්දු විය හැකියි. නමුත් ඒ සඳහා ඉක්මන් නොවිය යුත්තේ පෙර සඳහන් කළ සමහර හේතු නිසා ස්ත්‍රි පුරුෂ බව වෙනස් විය හැකි බැවිනි.
සටහන චාපා හංසිනි ආටිගල
විශේෂඥ වෛද්‍ය අශෝක කරුණානන්ද මහතා
ජෙෂ්‍යඨ කතිකාචාර්ය
වෙෙද්‍ය පීඨය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය