free stats

නිවසක ශක්තිමත්මත්බාවය රඳා පවතින්නේ එහි අඩිතාම මතය. ශක්තිමත් අඩිතාලමක් මත ගොඩනැගෙන ගොඩනැගිල්ලෙහි රඳා පැවැත්ම පිළිබඳව බිය විය යුතු නැත. යහපත් දරුවකු නිර්මාණය කිරීමේ භාරදූර කටයුත්ත හිමි වන්නේ දෙමාපියන් වන ඔබටය. දරුවන්ගේ ජීවිත වල මූලික අඩිතාලම දැමිය යුත්තේ ඔබය.

තමන්ට,පවුලට,රටට හා සමාජයට ආදරය කරන නිර්මාණශීලී සාර්ථක දරුවකු හෙට ලෝකයට ලබා දීමට නම් ඔබ අදම සූදානම් වන්න. අද යනු ඔබ ඊයේ නිර්මාණය කල අනාගතයයි. වටිනා දරුවෙක් බිහි කරන්නට ඔබ දරුවා තුල පහත පුද්ගල චරිත ලක්ෂණ වර්ධනය කළ යුතුය.

  1. ස්වයංවිනය

ස්වයංවිනය යනු තමන්ටත් සමාජයේ අන් අයටත් පීඩාකාරී නොවන ලෙස කටයුතු කිරීමයි.

2.- තමන් පිළිබඳ ආත්මවිශ්වාසය ගොඩ නැගීම

තමන්ට තමන් කරන කටයුත්ත සාර්ථකව සිදු කළ හැකිය යන විශ්වාසය තිබීම.

3- ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කිරීම

ඕනෑම අභියෝගයක් හමුවේ නොසැලී සිටින්නට හැකියාව තිබීම.

මෙම පුද්ගල චර්යාවන් කුඩාකල සිටම දරුවකුගේ මනසට ධාරණය කරවීම නම් ඔබ කළ යුත්තේ මොනවාද ?

1- දරුවා තුල ස්වයං වටිනාකමක් ඇති කරවමු

උණ හපුලුවාට උගෙ පැටියා මැණිකක්ලූ ”

ඉතින් මනුෂ්‍යයන් වන අප ගැන කවර කතාවක්ද, අපටද දරුවන්ගෙන් තොර ලෝකයක් නැත, ඔවුන් අප සතු වටිනාම සම්පතයි. එහෙත් එම හැඟීම ඔබේ සිතට පමණක් සීමා කර නොගන්න. දරුවන්ට කුඩා කල සිටම තමන් පිළිබඳ වටිනාකමක් ගොඩ නගංවන්න. දරුවන් සමාජය සමග කටයුතු කිරීමේදී ඔවුන් අන් අයට උදව් උපකාර කරන විට ඔවුන්ව අගයන්න. ඔවුන්ගේ හොඳ ගතිගුණ හමුවේ දෙමාපියන් වන ඔබට ආඩම්බරයක් බව පවසන්න. ඔවුන් පිළිබඳ ඔබට අභිමානයක් ඇති බව ඒත්තු ගන්වන්න. දරුවාට දරුවාටම ආදරය කරන්නට පොළඹවන්න නොවේ. තමන් තමන්ටත් සමාජයටත් වටිනා පුද්ගලයකු බව සිතන විට ඔවුන් වැරදි වලින් ඈත් වේ.

2- සංවිධානාත්මක කුසලතාවය වර්ධනය කිරීම

සෑම සාර්ථක මිනිසකුගේම එක් රහසක් වන්නේ තම කටයුතු මනා ලෙස සංවිධානය කර ගැනීමේ හැකියාවයි. ඔබට දරුවා කුඩා කල සිටම ඒ සඳහා අනුගත කරවන්නට හැකි නම් ඔවුන්ට සංවිධානාත්මකව කුසලතාවය වර්ධනය කරගැනීම අපහසු නොවනු ඇත. ඒ සඳහා ඔබ දරුවාට කාලය කළමණාකරණය කිරීමට පුහුණු කරවන්න.

  • උදෑසන අවදි වූ තැන සිට නින්ද යන තුරු සිදු කරන කටයුතු සරල කාල සටහනකට අනුව කිරීම
  • යම් කටයුත්තක් කිරීමේදී ඒ සඳහා නිශ්චිත කාලයක් ලබා දී එම කාලය තුලදී එය අවසන් කරවීම.
  • කාලයේ වටිනාකම අවබෝධ කරවීම.
  • යම් ස්ථානයකට යන විට නියමිත වේලාවට යාමට පුරුදු කිරීම
    පිරිසිඳුව පිළිවෙලට කටයුතු කිරීමට පුහුණු කරවන්න
  • දරුවාගේ පොත් රාක්කය විෂයයන් අනුව, පොත් වර්ගය අනුව පෙළ ගස්වා තැබීම.
  • ඇඳුම් අල්මාරියේ ඇඳුම් පාසල් ඇඳුම්, නිවසට අඳින ඇඳුම්, ගමන් බිමන් අදින ඇඳුම් ලෙස වර්ග කර තැබීම
  • සෙල්ලම් බඩු හා වෙනත් දෑ පරිහරණය කළ පසු නැවත අදාල ස්ථාන වලින් තැබීමට හුරු කරවීම

3- ආත්මවිශ්වාසය

අගය කිරීමට කවුද අකමැති. ඔබ මවක් ඔබ පිළියෙල කළ ආහාරය අනුභවයෙන් පසු නිවසේ සියඵ දෙනා එය රසවත් බව පැවසුවහොත් ඔව් ඔබ තුල මට රසට උයන්න පුඵවන් යන සතුට සමඟ තමන් පිළිබඳ ආත්මවිශ්වාසයක් ගොඩනැගේ. වැඩිහිටියෙක්ට එසේ නම් පොඩි දරුවෙකු ඇඟයීමට ලක්කිරීමෙන් ඔවුන්ට දැනෙන සතුට වගේම ඔව් මට පුඵවන් කියන හැඟීමත් සමඟම තමන් පිළිබඳ ආඩම්බරයක්, වටිනාකමක් එක් කරගනියි. ඒ තුලින් ඔවුන්ගේ ආත්මවිශ්වාසය ගොඩනැගේ.

ෂා අද පොත් මේසේ ලස්සනට තියෙනවා හරිම පිළිවෙළයි ඔයා දැන් තනියම වුනත් වැඩ කරගන්න පුඵවන්නෙ.”

ඔව් ඔයාට පුඵවන් මම උදව් කරන්නම්”

මෙච්චර ලස්සනට අකුරු ලියලා තියෙන්නේ ඔයා දක්ෂයෙක් ඔයාට පුඵවන්”

ඔයාට දැන් තනියම වැඩ කරගන්නත් පුඵවන්නේ”

ඔබ සිතූ තරමට පොත් මේසය පිළිවෙල නැතිවුවද, අකුරු ලස්සන නොවුනද දරුවා තුල ඔබට පු`ඵවන් යන මතය ගොඩ නගමින් ඔවුන් ඇඟයීම තුලින් ඇති ඔවුන් තුල ඇති කරන වටිනාකම මත හෙට
එම කාර්යය ඔවුනතවත් සාර්ථකව කරන්නට තමන් පිළිබඳව ආත්මවිශ්වාසය ඔවුන් තුල ගොඩනගා ගනු ඇත. ජය පරාජය සමසිත්ව දරා ගැනීමට දරුවන් පුහුණු කළ යුතුය.

4- හැඟීම් පිළිබඳ අවබෝධ කර ගැනීමට සහ කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමට පුහුණු කරවන්න.

අපි මෙළොවට බිහි වූ දා සිටම තවත් අය සමඟ කටයුතු කරන්නට සිදුවේ. එසේ කටයුතු කිරීමේදී අන් අයගේ හැඟීම් හා සිතුවිලි පිළිබඳ යම්තාක් දුරකටවත් අවබෝධ කරගැනීමේ හැකියාවක් තිබිය යුතුය. එසේම අුපේ සිතුවිලි පාලනය කරගැනිමින් අනෙකාගේ සිත නොරිද්දමින් කටයුතු කිරීමට හැකි විය යුතුය. අනෙකාගේ මතයට ගරුකරමින් තම මතය අනෙක් අයට සුහදව ඉදිරිපත් කරමින් කණ්ඩායමක් වශයෙන් කටයුතුකිරීමේ හැකියාව දරුවන්ට තිබිය යුතුය.

ඒ සඳහා ඔබට කළ හැක්කේ කුමක්ද?

දරුවන් සමඟ දොඩමළුවන්න.

චිත්‍රපටියක්,වැඩසටහනක් බලන අතරතුර ඔයාට මොකද්ද හිතුනෙ?
ඔයා කොහොමද ඒ ගැටලුව විසඳන්නෙ
මට නම් දුක හිතුනා සතුටු හිතුනා ඔයාට කොහොමද? යැයි එකිනෙකාගේ අදහස් හුවමාරු
කරගැනීම.
නිවසේ කටයුතු කිරීමේදී දරුවන්ගේ අදහස්ද එකතු කරගන්න.
නිවසේ දරුවන් අතර ගැටුම් තත්ත්වයන් ඇති වූ විට ඒවා ඔවුන්ටම තනිවම විසඳා ගන්නට ඉඩ හරින්න.

5- සමාජ වගකීම පිළිබඳ දැනුවත් කරන්න.

සමාජ වගකීමක් ඇති පුද්ගලයන් අන් පුද්ගයන්ටද උදව් කිරීමට නොපැකිලෙයි. ූපන්තියේ
අගහිඟකම් තිබෙන යහඵවකුට පොත් පත් දෙන්නට, කෑම රැගෙන නොපැමිණි යහඵවා සමඟ තම ආහාරය බෙදාගන්නටත් දරුවාට කියාදෙන්න. තමන් සමඟ සිටින යහ`ඵවන්ට, නෑදෑයන්ට, වැඩිහිටියන්ට ගරු කරන්නටත් ඔවුන්ට උපකාරයක් ඇවසි විට උදව් කිරීම පොළඹවමින් ඔවුන්ව අගයන්න.

මෙම කාරණා පහ දරුවා තුල වර්ධනය කිරීම තුලින් ඔබේ දරුවා ස්වයංවිනයෙන් යුතු, තමන් පිළිබඳ ආත්මවිශ්වාසයෙන් යුතු සහ ඔරොත්තුදීමේ හැකියාවෙන් යුතු දරුවකු නිර්මාණය වනු ඇත. ගුණයහපත්කම් වලින් බුද්ධිමත් ලොවටම වැඩදායී වටිනාම දරුවකු තනා ඔබට සමාජයට දායද කරන්නට හැකිය.

මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය
රාගම ශික්ෂණ රෝහල
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය- කැළණිය විශ්වවිද්‍යාලය

සටහන
දිශාන්ති වෙදගේ