free stats

බබාලගේ දත් මදින එක ටිකක් අමාරු වැඩක්. අම්මලාට මේ වෙනුවෙන් ටිකක් මහන්සි වෙන්න වෙනවා. සමහර විට දරුවන්ට රිදෙන්නත් පුලුවන්. දන්ත ශල්‍ය වෛද්‍ය විපුල සපරමාදු මහතා එක්ක අපි මේ පිළිබදව සාකච්ඡා කරන්න හිතුවෙත් ඒ නිසයි. වෛi උපදෙස්වලට අනුව දරුවාගේ දත් ටික පරිස්සම් කරගන්න පුලුවන් නම් දත් රෝග වලක්වාගන්න හරිම පහසුයි.

දරුවාට මාස හය පසුවන විට මුල්ම දත මතුවෙනවා. මෙය මතුවෙන්නේ යටි ඇන්දේ ඉස්සරහා දතයි. මෙන්න මේ කාලෙදි දරුවන්ට පමණක් නිර්දේශිත දත් බුරුසුවකින් දරුවාගේ දත් මදින්න පටන්ගන්න පුලුවන්. මුල්ම දවස් කිපය දරුවා දත් මදින්න අදිමදි කලත් පහුවෙන විට දරුවාගේ කට ඇතුලේ බ්‍රෂ් එක එහාමෙහා යන එක දරුවට ගානක් නැති වෙනවා. ඉන්පස්සේ දරුවා දත් මදින්න පසුබට වෙන්නේ නැහැ. මොකද කාලයක් යන විට එය දරුවාට සාමාන්‍ය අත්දැකිමක් බවට පත්වෙනවා.

හුගක් මව්වරු මේ කාලෙදි දරුවාගේ දත් මදින්නේ රෙදි කෑල්ලකින්. ඒ ක්‍රමය වඩාත් ගැලපෙන්නේ දත් එන්න කලින්. විදුරු මස විතරක් තියෙන කාලේ බුරුසුවකින් මදින්න බැහැ. ඒයින් විදුරුමස තුවාල වෙන්න පුලුවන්. නමුත් දත් ආවට පස්සේත් ඒ විදියට මදින්න ගියොත් බබාට බුරුසුව හුරු වෙන්නේ නැහැ. එවිට සම්පුර්ණ කිරි දත් ආවට පස්සේ ඒ කියන්නේ අවුරුදු දෙකෙන් පස්සේ බුරුසුවෙන් මදින්න දරුවා අකැමැති වෙනවා. හැම වෙලාවෙම දත් මදින්න ඕන බුරුසුවකින්ම විතරයි. අතින් මදින එක සුදුසුම නැහැ. ඒ සඳහාම සුදුසු දත් බුරුසු වෙළදපලෙන් මිලට ගන්න පුලුවන්. ඒ වගේම බබාලා වෙනුවෙන්ම සැකසු දන්තාලේප තියෙනවා.

දත් මදින්න දන්තාලේප ගන්නා විට ඒ පිළිබඳව සැලකිලිමත් විම වැදගත් වනවා. වැඩිහිටි අයෙකු දත් බුරුසුවට ගන්නා දන්තාලේප ප්‍රමාණය කුඩා දරුවෙකු සඳහා සුදුසු වන්නේ නැහැ. ඒ සඳහා ගත යුත්තේ කඩල ඇටයක , කඩල ඇටයක ප්‍රමාණයකි. තුනි පටලයක් වැනි ගතියකින් යුතුව දන්තා ලේප ගැනිම වඩාත් සුදුසුයි.

දරුවන් සඳහාම නිර්දේශිත දන්තාලේපවල අඩංගු ප්‍රමාණය වන්නේ ග්‍රෑම් 30 යි. මෙය ලෝකයේම අනුමත වී ඇති ප්‍රමාණයක්. යම් හෙයකින් දරුවා දන්තාලේප කෑමට ඇබ්බැහි වුවොත් ඉතා සුලු ප්‍රමාණයක් දරුවාගේ උදරයට යාමට හා ඉන් සිදුවන හානිය වලක්වා ගැනීමට මෙම පියවර ගෙන තිබෙනවා. ග්‍රෑම් 30 ක ප්‍රමාණයක් ශරිරගත වීම දරුවාට හානිකර වන්නේ නැහැ. නමුත් දරුවා දිගින් දිගටම දන්තාලේප ආහාරයට ගෙන ඇතැයි දැනුනහොත් වහාව වෛi උපදෙස් කරා යොමු කල යුතුයි.

උපදෙස්
දන්ත වෛද්‍ය
විපුල සපරමාදු

සටහන – මංජුලා මල්කාන්ති