01. වැදගත්ම කරුණු තුනක්
දරුවා ලැබෙන්න ඉන්න කාලේ ඉදලම ගර්භණී සමය සැලසුම් කරනවා. ඒ සඳහා වැදගත්ම වන දේවල් තුනක් සඳහන් කරන්න පුළුවන්. ඒ කාලය, දිනය සහ ප්‍රසවය සිදුවන ආකාරයයි. මෙයින් දිනය ගණනය කිරීම සිදුවන්නේ අවසන් ඔසප් විම සිදුවි නතර වුණු තැන සිටයි. එහිදි ප්‍රසූතිය සඳහා දින ගණනය සිදුවුවත් දින වෙනස් වීමක් කළ යුතු ද, දින ඉදිරියට ගත යුතුද, පසුපසට ගතයුතුද, යන්න විමසා බැලෙනවා. ඉන් අනතුරුව වේලාව පිළිබඳව සැලසුම් කිරීමේ දී සිදුවන්නේ ඒ වේලාවේම ප්‍රසූතිය සිදුකල යුතුද, වේලාව ප්‍රමාද කළ යුතුද යන්න විමසා බැලීමයි. ප්‍රසූතිය සිදුවන්නේ කෙසේද යන කරුණ විමසා බලන්නේ සිසේරියන් සැත්කමක් ද සාමාන්‍ය සැත්කමක් ද වඩාත් සුදුසු යන්න තෝරාගැනීමටයි. සිසේරියන් සැත්කමකට සූදානම් වෙනවා නම් මේ තත්ත්වය තවත් වෙනස් වෙනවා. සාමාන්‍ය ප්‍රසවයට සූදානම් වෙන විට කරන පරීක්‍ෂණ වෙනම ඒවා. අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව තියෙනවා නම් ඉක්මන් ප්‍රසූතියකට යොමු වෙන්න ඉඩ තියෙනවා. එවිට ප්‍රසූති අවස්ථාව සැලසුම් කර කර ඉන්නේ නැහැ.
02. ප්‍රසූතියට පෙර සූදානම
සාමාන්‍ය ප්‍රසවයේ දී මවක් මුහුණ දෙන පරීක්‍ෂණ කිහිපයක් තිබෙනවා. මුලින්ම අම්මාව ප්‍රසූතියට සූදානම් කරවලා ඊට පස්සේ ඇයව වෛද්‍යවරයා වෙත පරීක්‍ෂණයට යොමු කරනවා. ඒ වගේම අවසාන මොහොත දක්වා ඉන්නේ නැතිව අම්මාට අවශ්‍ය සියලු දැනුවත්කිරීම් සිදුකරන්නෙත් මේ අවස්ථාාව්දිමයි.
03. වේදනාව දැනුන විගස පැමිණීම ප්‍රමාණවත්
දැන් ඉස්සර වගේ අම්මාව රෝහලේ තියාගෙන ඉන්නේ නැහැ. අම්මාට කිසිඳු ප්‍රසව සංකූලතාවක් නැත්නම් එයා ප්‍රසව වේදනාව ආරම්භ වීමත් සමඟ රෝහලට ආවාම ඇති. ඒ සංකෝචන ඇතිවුණු විගස එන්න පුළුවන් දුරක නෙවෙයි නම් ඉන්නේ ඒ වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් සූදානම් කරගෙන සිටීම වැදගත් වෙනවා. ප්‍රසවය සඳහා ලබාදෙන දින වෙනස් වෙන්න පුළුවන්. සංකුලතා නැති සාමාන්‍ය මවක් නම් සති තුනක් කල් ඇතිව දරුවා බිහිවීම හෝ සති දෙකක් ප්‍රමාද වෙලා දරුවා බිහිවීම ගැටළුවක් නෙවෙයි.
04. යෝනි පරීක්‍ෂාව
ඇත්තටම එයින් සිදුවෙන්නේ යෝනි ප්‍රදේශය පරීක්‍ෂා කිරීම නෙවෙයි. එහිදි සිදුවෙන්නේ ගැබ්ගෙල මුඛය මොනතරම් විවෘත වෙලා තියෙනවාද කියලා බලුන එකයි. ගැබ්ගෙල ප්‍රදේශයේ සිදුවන සංකෝචන මඟින් දරුවා පැමිණිමට සූදානම් ද එනම් ප්‍රසූතිය සිදුවීමට ආසන්න ද යන්න පිළිබඳව නිවැරදි දත්ත ලබාගන්න පුළුවන්. මේ පරීක්‍ෂණය බොහෝ මව්වරුන් කැමති නැහැ. එයින් ඔවුන් අපහසුතාවයට පත්වෙනවා. නමුත් ගැබ්ගෙල පරීක්‍ෂාව අනිවාර්යයෙන් කළ යුතුම එකක්.
05. ශ්‍රෝණි පරීක්‍ෂාව
මුල් කාලේ ශ්‍රෝණිය සම්බන්ධ පරීක්‍ෂා කිරීම් සිදුකලත් මේ වෙද්දි එවැනි පරීක්‍ෂාවක් සිදුවෙන්නේ නැහැ. ශ්‍රෝණි පරීක්‍ෂාවට හේතු වුණු කරුණු පිළිබඳව කතා කරන විට ඒ සඳහා හේතුවුණු ප්‍රධාන කාරණාවක් තිබෙනවා. ඒ දරුවාගේ හිස ශ්‍රෝණිය හරහා කෙසේ පැමිණේද යන්නයි. නමුත් මේ වන විට දරුවාගේ හිස පැමිණිමට ශ්‍රෝණියේ ප්‍රමාණය කුඩා ද විශාල ද යන්න බලනොපාන බව සොයාගෙන තිබෙන නිසා එම පරීක්‍ෂණය සිදුවන්නේ නැහැ. බබාගේ ඔලුව හැරවීම, කුඩාවීම ආදිය පිළිබඳව අවධානය යොමුවන නිසා දෙමම පරීක්‍ෂණය අවශ්‍ය නොවන බව කිවයුතුයි.
06. හිසේ හැඩය
දරුවා බිහිවන අවස්ථාවේ හිසේ ප්‍රමාණය විමසා බැලෙනවා. සාමාන්‍යයෙන් බිහිවන දරුවෙකුගේ හිස දික් හැඩයට පිහිටනවා. මේ හැඩය නිසා බිහිවීම පහසුයි. මෙය ප්‍රසවය අවස්ථාවේ දී අවධානය යොමු කරන කරුණක් වන අතර සංකෝචනයේ ප්‍රමාණය පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ.
07. හදිසි තත්ත්වයට සූදානම
ප්‍රසවයේ දී සෑම විමට එය සාර්ථක වෙන්නේ නැහැ. නිරෝගී මවකට වුණත් ප්‍රසවය අවස්ථාවේ සංකූලතා ඇතිවෙන්න පුළුවන්. මේ නිසා සෑම මවක්ම ඒ සඳහා සූදානම් කරවීම සිදුවෙනවා. ඒ වගේම ඕනෑම හදිසි තත්ත්වයකදී මවගේ සහ දරුවාගේ ජීවිතය ආරක්‍ෂා කරගැනීම සඳහා ගතයුතු පියවර ගන්න වෛද්‍ය කාර්යමණ්ඩලය සූදානමෙන් ඉන්නවා.
08. සියල්ල ලෑස්තියි
ලේබර් රූම් එහෙමත් නැත්නම් ප්‍රසූතිකාගාරය හරියට දැඩි සත්කාර ඒකකයක් වගේ. සියල්ල හදිසි අවස්ථාවකට අවශ්‍ය අයුරින් සූදානමින් තියෙනවා. දරුවාගේ හෘද සංකෝචනය පරීක්‍ෂාව සහ මවගේ තත්ත්වය පරීක්‍ෂා කිරීම මෙහි නිරන්තරයෙන් සිදුවෙනවා.
09. වේදනාවේ ප්‍රමාණය එකිනෙකට වෙනස්
වේදනාව කියන්නේ මනස මූලික වුණු දෙයක්. සමහර කෙනෙකුට වේදනාව දැනෙන්න පුළුවන්. සමහර කෙනෙකුට වේදනාව අඩුවෙන් දැනෙන්න පුළුවන්. කොහොම දැනුනත් වේදනාව කියන්නේ දරුවා බිහිවන තුරු පමණක් දැනෙන දෙයක්. ඒ සඳහා කාලයක් කියන්න අමාරුයි. සමහර අම්මා කෙනෙකුට පළමු දරු ප්‍රසූතියේ දී පැය දොලහක් වගේ කාලයක් වේදනාව දැනෙනවා. සමහර අම්මා කෙනෙකුට මෙය පැය දහයකට අඩුවෙන්න පුළුවන්. දරුවා බිහිවන මොහොතේ හිස එළියට පැමිණෙනතුරු වේදනාවක් දැනුනත් ඉන්පසු වේදනාව සමනය වෙනවා. සමහර අවස්ථාවල උරහිස සිරවීම නිසා වේදනාවක් දැනෙන්න පුළුවන්.
10. එපිඩියුරල් එන්නත
ප්‍රසූත අවස්ථාවේ වේදනාව සමනය කර ප්‍රසූතිය පහසු කරවීම සඳහා පුද්ගලික රෝහල්වල දී නම් එපිඩියුරල් එන්නත ලබා දෙනවා. නමුත් රජයේ රෝහල්වල එපිඩියුරල් එන්නත ලබාදෙන්නේ නැහැ. ලබාදෙනවා නම් ලබා දෙන්නේ අවශ්‍යතාව මතයි. මේ සඳහා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකුට වැඩි කාලසීමාවක් වෙන් කරන්න සිදුවෙනවා.
විශේෂඥ වෛද්‍ය අශෝක කරුණානන්ද
සටහන චාපා හංසිනි ආටිගල