free stats

විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක්  සමග ජීවත්වෙන දෙමවුපියන්ගේ දෙමව්පියන් ගේ ජීවිත ඇත්තෙන්ම අභියෝගාත්මකයි. ඔවුන්ගේ ජීවන රටාව බොහෝ විට අධික පීඩාකාරී තත්ත්වයකින් පවතින එකක් වන්නට ඇති ඉඩකඩ වැඩියි.

මෙවන් දරුවකු සිටින දෙමාපියන් හට වෛද්‍ය කාර්ය මණ්ඩලය දෙන එක් උපදෙසක් වන්නේ තවත් දරුවකු නොපමාව පවුලට එක්කර ගන්නා ලෙසයි. ඩවුන්ස් සහලක්ෂණය, මයෝපති වගේ ප්‍රවේණිගත රෝග වලින් පෙලෙන දරුවන් සහිත දෙමව්පියන් හට මෙම උපදෙස ලබාදෙන්නේ නැත. මෙබඳු උපදෙසක් දෙමව්පියන් හට ලබා දෙන්නට හේතු කිහිපයක්ම පවතී.

ඒවා නම් පවුලක් ලෙස සම්පූර්ණ තත්ත්වයට පත්වීමේදී මෙවැනි දරුවකු සිටියද තවත් දරුවෙකුගේ අවශ්‍යතාවය බරපතළ ලෙස පැවතීම සහ කවදා හෝ දෙමව්පියන් ගේ ඇවෑමෙන් ආබාධ සහිත දරුවා හට ස්වාධීන වීමට සහ සහය වීමට එවන් නිරෝගී දරුවකු සිටීම වැදගත් වීමයි. එමෙන්ම ආබාධ සහිත දරුවන්ගේ ගැටලු‍ සහිත ජීවන අංශයන්ගේ දියුණුවට නිරෝගී දරුවකු සිටීම ඉතාමත්ම ධනාත්මකව බලපායි.

අලු‍ත උපන් නිරෝගී දරුවකු නිවසට ගෙන ඒමේ දී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා සූදානම් කරවීම ඉතා වැදගත්ය. විශේෂ අවශ්‍යතා සහිත දරුවාගේ මානසික සහ චර්යාත්මක අංශයන්හි විවිධ ගැටලු‍ නව සාමාජිකයාගේ ආගමනය සමග සිදු විය හැකි බැවිනි. එහෙයින්  අලු‍ත් සාමාජිකයා මෙලොව එළිය දකින්නට පෙර සිටම වැඩිමල් දරුවා,  ඔහුව හෝ ඇයව පිළිගැනීමට සූදානම් කළ යුතුව තිබෙයි. ඔහුගේ දැනුම දැනුම් හා අවබෝධතා මට්ටමට ගැලපෙන ගැළපෙන ආකාරයට මෙම පෙර සූදානම කළ යුතුයි .

මෙහිදී නව සාමාජිකයා පිළිබඳ දරුවාට විවිධාකාර ඉඟි මගින් පෙර සූදානම කළ හැකියි. වැඩිමහල් දරුවාගේ අවබෝධාත්මක අංශය සීමා සහිත වන්නේ නම් පින්තූර සහ විවිධාකාර රූප මාධ්‍යයන් ඔස්සේ නව සාමාජිකයා පිළිගැනීමට දරුවා හුරු කළ හැකියි. අදහස් ප්‍රකාශ කර ගැනීමේ හැකියාව සහිත දරුවකු හට නම් එය වාචිකව ද කියා දී සූදානම් කරන්නට පුළුවන. පළමු සහ එකම වැදගත්ම උපදෙස වන්නේ නව සාමාජිකයා යනු කිසිම විටෙකත් වැඩිමල් දරුවා පවුලෙන් නොසලකා හැරීමට එන විකල්පයක් නොවන බව ය. නව සාමාජිකයා ඉතා ළදරු වියෙහිදී වියෙහි දී මූලික ජීවන අවශ්‍යතා සපිරූ කළ එනම් ආහාර සුව පහසුව සුවපහසුව පවිත්‍රතාවය ආරක්ෂාව සහ නින්ද යන කාරණා ඉතා වැඩි අවධානයකට ලක් වීමේ තදබල අවශ්‍යතාවයක් නොවන හෙයින් වැඩිමල් දරුවා හට සුපුරුදු ආකාරයටම මූලිකත්වය දී ම දෙමව්පියන් හට කළ හැකි වෙයි. මව හෝ පියා යන දෙදෙනාගෙන් එක් අයෙකු අනිවාර්යෙන්ම වැඩිමල් දරුවා හුදකලා නොවන්නට වග බලා ගත යුතු වෙයි.

අලු‍ත රැගෙන එන දරුවා තමන්ට සෙල්ලම් කරන්නට යොදා ගන්නට සහ ආදරය කරන්නට රැගෙන එන කෙනෙක් බවත්, ඒ රැගෙන එන්නේ ඔහුගේ/ ඇයගේ ප්‍රයෝජනයට බවත් වැඩිමල් දරුවාට ඒත්තු ගැන්විය යුතුය. තරඟයක්, තරහක්, ඊර්ෂ්‍යාවක් ඇති වුවහොත් ඔහු /ඇයගේ චර්යාත්මක හා හා මානසික ගැටලු‍ තීව්‍ර වන්නට ඉඩ ඇති අතර දරුවන් දෙදෙනා අතර සුහද සම්බන්ධතාවයක් ගොඩ නැගීම ද අපහසු වනු ඇත.

නව සාමාජිකයා හට සැකසෙන කාමරය සහ ගෘහ භාණ්ඩ අනෙක් දරුවා හට සමාන වන සේ ම සැකසීමත්, කොට්ට උර ඇඳ රෙදි, සෙල්ලම් බඩු ආදිය සමාන ලෙස පිළියෙල කිරීමත්  වැදගත් ය. නව සාමාජිකයා බැලීමට නිවසට එන අමුත්තන් අනෙක් දරුවා සම්බන්ධයෙන් දැනුවත් වී තිබීම වැදගත් වේ. මන්ද ඔවුන් රැගෙන  එන තෑගි අතරට වැඩිමල් දරුවා හට විශේෂ යමක් තිබීම මෙහිදී අත්‍යවශ්‍ය වේ. දෙමව්පියන් හට නිවසට එන ආගන්තුක අයගෙන් මෙවැනි ඉල්ලීමක් කිරීම අපහසු වන නමුත් දරුවා වෙනුවෙන් යම්කිසි සුළු දෙයක් තමා භාරයේ තබා එන අමුත්තන් අතින් එය ලබාදීම මේ වෙනුවට කළ හැකිය.

අලු‍ත් දරුවක් බලන්නට යන ඔබද එම නිවසේ ආබාධ සහිත දරුවකු සිටී නම් සිටීනම් මේ ඉහත කාරණය ගැන සැලකිලිමත් වීම ඉතා වටී. අලු‍ත උපන් දරුවාට වඩා වැඩිමල් දරුවාගේ මානසිකත්වය තේරුම් ගැනීම ඉතා අගනා හෙයිනි. එය එම දරුවාට මෙන්ම  දෙමව්පියන්ට ද හොඳ පිළිගැනීමක් ලෙස සැලකෙනු ඇත. අලු‍ත උපන් දරුවා නාවන විට, කිරි දෙන විට, නැපි මාරු කරන විට වැඩිමල් දරුවා ඒ අසල තබාගෙන මේ ක්‍රියාවන් ගැන පහදා දීම සහ ශාරීරික හැකියාවන් ඇති දරුවකු නම් එම  දරුවා ගෙන් යම් යම් කටයුතු සඳහා සහාය ලබා ගැනීම ද ඉතා වටිනා ක්‍රියාවන්ය. මෙමගින් ආබාධ සහිත දරුවකුගේ ක්‍රියාකාරකම් හා කුසලතාවයන් වැඩි දියුණු කළ හැකි වේ .

අලු‍තෙන් පැමිණෙන සාමාජිකයා ගේ මුල්ම මාස කිහිපයට පසු  ඔහු/ ඇය පරිසරයට හා පුද්ගලයන්ට ප්‍රතිචාර දක්වන සමයේම සිය වැඩිමහල් සොයුරා /සොහොයුරිය හඳුන්වා දීම වැදගත්ය. මන්ද කුඩා කල සිටම නව දරුවා එවිට වැඩිමහල් සොහොයුරා / සොයුරිය හඳුනා ගැනීම නිසා වෙනස් ආකාරයකට ම සලකන හෙයිනි. නමුත් වයසින් වැඩි දරුවාගේ යම් යම් ගැටලු‍කාරී චර්යා හෝ ක්‍රියාකාරකම් නව දරුවාට ආරෝපණය වීමට ඉඩ නොතැබිය යුතුය. බොහෝවිට වර්ධන පියවර වල දී සාමාන්‍ය දරුවා ආබාධ සහිත දරුවා පසු කර යන අතර, එහි දී ආබාධ සහිත දරුවාට මනා උත්තේජනයක් ලබා දී, හැකිතාක් දුරට සාමාන්‍යකරණයට හා ක්‍රියාකාරී බවට ගෙන ඒමට මෙය යොදා ගත හැකි ය .

සෙල්ලම් කිරීම, ආහාර ගැනීම ආදී කටයුතු වල දී දරුවන් දෙදෙනාම එකට මුසු වීමට ඉඩ හැරීම මෙහිදී ඉතා වැදගත් ය. එහිදී එකිනෙක දී එකිනෙකා ඇසුරින් හුවමාරු කර ගැනීම, සන්නිවේදනය,  අනුකරණය ආදී වැදගත් ලක්ෂණ වැඩිමල් දරුවා සිය සොහොයුරා/සොහොයුරිය වෙතින් ඉගෙන ගනු ඇත. පවුලක් යනු දෙමාපිය දූදරු සබඳතාවයේ සුන්දරම ප්‍රතිඵලයයි. ආබාධ සහිත දරුවකු යනු එම පවුලේ ඉතා වැදගත් පුරුකක් ලෙස මිස නොසලකා හළ හැකි සාමාජිකයෙකු ලෙස ගත යුතු

නොවන බව අවධාරණය කළ යුතු ය. පවුලක සිටින වැඩිමල් දරුවකු ,සෙසු සාමාන්‍ය දරුවන් සමග මුසු වීම සහ අන්තර්කරණය ට ඉඩහැරීම ඉතා ප්‍රතිපලදායකය.

කිත්මා වාසනා දහනායක