free stats

අනෝමාට කොන්දේ කැක්කුමක් ඇවිත්. මේ බෙහෙත් ගන්න යන ගමන්.” විමලා මඟින් හම්බවුණු හිතවත් කෙනෙකුට උත්තර දුන්නේ නෝක්කාඩුවක් එක්ක.

අපිත් දරුවො හැදුවා. ඔහොම කෝලම් නම් දැක්කේ නැහැ.” කියලා තමයි විමලා හැමතිස්සෙම කියන්නේ.

අනෝමාට දරුවෙක් ලැබෙන්න ඇවිත් දැන් මාස තුනක්. එහෙමයි කියලා ඔෆිස් යන්නේ නැතුව බැහැනේ. ඉතින් අනෝමා රස්සාවට යනවා. මොකෝ කාර් තියනවා කියලැයි. නෝක්කාඩුවත් එක්කම අනෝමා සමහර දවස්වලට ත්‍රිවිලර්වල ගියත් ගන්න පඩිය ඔක්කොම එතෙන්ට වියදම් වෙන නිසා අනෝමා බස් පාරට යන්නේ පයින්. ඔෆිස් එකේ ලිප්ට් එකත් කැඩිලා. තාම හදලා නැහැ. තට්ටු තුනක් නඟින්නත් ඕන නේ. අනෝමාට තියෙන කරදර දන්නේ අනෝමා විතරයි. ඒත් එයා ඒ ගැන වචනයකින් නෝක්කාඩු කිව්වේ නැහැ. හිත හදාගෙන ඉස්පිරිතාලෙට යන්න පිටත් වුණා.

අපේ කාලේ තිබ්බේ නැහැ කියලා විමලා කිව්වාට ඒ කාලෙත් දරුවො ලැබෙන්න හිටිය අම්මලාට ඔහොම ප්‍රශ්න තිබ්බා කියලා අනෝමා දන්නවා. මොකද අනෝමා පවුලේ වැඩිමලා නිසා අම්මාට නංගිලා මල්ලිලා ලැබෙන්න හිටපු කාලේ අනෝමාට හොඳට මතකයි. සමහර විට වෙන හේතුවක් නිසා කොන්ද රිදෙනවා වෙන්නත් පුළුවන් කියලා හිතුව අනෝමා ගමන ඉක්මන් කළා. ,

කොන්දේ කැක්කුම කියන්නේ කාන්තා පාර්ශවයට ටිකක් වැඩිපුර කරදර කරන ප්‍රශ්නයක්. සාමාන්‍ය කාන්තාවන්ට වගේම ගර්භනී මව්වරුන්ටත් මේ ප්‍රශ්නය බහුලව දකින්න ලැබෙනවා. ගර්භනී වීමත් සමඟම ඇතිවෙන කොන්දේ කැක්කුමට හේතුව වෙන්නේ සිරුරේ බර වෙනස් වීමයි. අපේ කොන්ද තියෙන්නේ එක්ස් හැඩයට. නමුත් ගර්භනී වීමත් සමඟම උදරය ඉදිරියට නෙරා එන නිසා කොන්දේ හැඩය වෙනස් වනවා. මෙයින් සිදුවන්නේ බර පොළව දෙසට යොමු වීමේ ප්‍රමාණය වෙනස් වීමයි. එයින් කොන්දට දැනෙන බර ප්‍රමාණය වැඩි වනවා. මෙය තද කොන්දේ කැක්කුමක් හෝ සාමාන්‍ය කොන්දේ කැක්කුමක් වන්නට පුළුවන්.

කොන්ද මෙන්ම දෙපාවල පේශි සිරුරේ මස්පිඬු පේශිවලටත් මේ වේදනාව සමව දැනෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක්. එයට බිය වියයුතු නැහැ. විශේෂයෙන්ම පේශිවල වේදනාවට හේතුව වන්නේ පේශී ඇදීමට ලක්වීමයි. බොහෝ මව්වරුන් මේ නිසාම බියට පත්වුවත් මේ තත්ත්වය ගර්භනී බව සමඟ එන්නක් බව මතක තබාගත යුතුයි. වැඩි වේලාවක් සිටගෙන හිදීමට අපහසු වීම, නින්දේදි එකම ඉරියව්වක දිගු වේලාවක් සිටින අවස්ථාවේ ඇතිවන කොන්දේ වේදනාවත් ගර්භනී සමයේ දි ඇතිවන්නට පුළුවන්. ගර්භනී මව්වරුන් බොහෝ දෙනෙක් කොන්දට අත තබාගෙන සිටින ආකාරය අපි නිතර දකින්නෙත් මේ නිසායි. මේ සඳහා නිවැරදි ඉරියව්වෙන් සිටීම ඉතාම සුදුසු වනවා.

නමුත් ගර්භනී කාන්තාවන්ට සමහර අවස්ථාවලදි වෙනත් හේතු නිසාද කොන්දේ වේදනාව ඇතිවනවා. මෙයට හේතුව වන්නේ මුත්‍රා ආසාදන වන්නට පුළුවන්. මුත්‍රාවල යම් විශබීජයක් ඇත්නම් මුලින්ම සිදුවන්නේ මුත්‍රා කරන විට අධික වේදනාවක් ඇතිවීම හෙවත් මුත්‍රා දැවිල්ල ඇතිවීමයි. ඉන් අනතුරුව කොන්දේ කැක්කුම ඇතිවනවා. මෙය ගර්භනි අයට මෙන්ම සාමාන්‍ය අයටත් ඇතිවන තත්ත්වයක් වන අතර ගර්භනී සමයේ මුත්‍රා ආසාදන බහුල නිසා කොන්දේ කැක්කුම බහුල වන්නට ඉඩ තිබෙනවා. ගර්භනී සමයේ නිතර මුත්‍රා පරීක්‍ෂණ සිදු කරන්නෙත් මේ නිසායි. යම් කාන්තාවකට කොන්දේ වේදනාවක් ඇත්නම් මුත්‍රා පරීක්‍ෂණයක් සිදුකරගැනීමත් වඩාත් සුදුසුයි. එයට හේතුව වන්නේ මුත්‍රා ගල් වැනි අවස්ථාවලදිත් මුත්‍රා ආසාදන ඇතිවීමයි.

මෙයට අමතරව කොන්දේ කැක්කුම කොන්දේ අසාමාන්‍යතා නිසාත් මතතුවනවා. හුඟක් වෙලාවට එවැනි අයට අනෙක් අයට වඩා කොන්දේ වේදනාව වැඩියෙන් දැනෙන්ට ඉඩ තිබෙනවා. උපතින්ම කශේරුකා ආශ්‍රිතව ඇතිවන ීජදකසදිසි නම් තත්ත්වයත් මෙවැනි කොන්දේ කැක්කුම්වලට හේතුවක්. නුහුරු ආකාරයෙන් වාඩි වීම හෝ සිටගෙන හිදීම, වැඩි දුර ඇවිදීම, වැනි හේතු නිසාත් ගර්භනී සමයේ කොන්දේ කැක්කුම් ඇතිවනවා. විශේෂයෙන්ම ගර්භනී සමයේ දි කාන්තාවන් සිය ඉරියව් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. අධික ලෙස මහන්සි වීම විවිධ වේදනාවන් හා අබාධවලට හේතුවන බවත් මතක තබාගත යුතුයි.

නිවසේ සාමාන්‍ය කාර්යයන් කරන විට වැඩියෙන් මහන්සි වීම සුදුසු නැහැ. ඒ වෙනුවට මේ කාලයේ දි අනෙක් අයගේ සහය ලබා ගැනීම වැදගත් වනවා. ඒ වගේම වතුර ඇදීම, වගා කටයුතුවලට සම්බන්ධ වීම, දිගු වේලාවක් සිටගෙන හිදීම, දුර ඇවිදීම, වී තැම්බීම, අනෙකුත් බර වැඩවල යෙදීම වැනි අපහසු කාර්යයන්ගෙන් ඉවත් වීමත් අත්‍යවශ්‍ය වනවා. මෙවැනි කොන්දේ වේදනාවන් ගර්භනී .සමයත් සමඟ ඇති වී ඉන් පසුව සුව වන නිසා බිය වන්නට අවශ්‍ය නැහැ. නමුත් මේ කාල සීමාවේ හොඳින් ව්‍යායාම කිරීම වැදගත් වනවා. එය කොන්දේ වේදනාව සුව කරගැනීමට වඩාත් සුදුසුයි. අනෙක් අතට ගර්භනී කාන්තාවන්ගේ ඞ ඍ්හ පරීක්‍ෂණ කිරීම සුදුසු නැති නිසා අසාමාන්‍ය කොන්දේ වේදනාව හඳුනාගත හැක්කේ මුත්‍රා පරීක්‍ෂණ වැනි පරීක්‍ෂණ ක්‍රම මඟින් බවත් ගර්භනී මව්වරුන් අවබෝධ කරගත යුතුයි.

වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ

සටහන චාපා හංසිනි ආටිගල