free stats

ජෝතිශ්‍ය ට අනුව අලු‍ත උපන් බිළිදාට නම් තැබීම ඈත අතීතයේ පටන්ම පැවත ආ චාරිත්‍රයකී. සිද්ධාර්ථ කුමරු උපන් මොහොතේ මේ වෙනුවෙන් උළෙලක් සූදානම් කිරීමි හොදම උදාහරණයකි. ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට අනුව එදින කුමරුට සිද්ධාර්ථ ගෞතම යයි තැබීය. නම් තැබීම පුද්ගල ජීවිතයේ වැදගත්ම අවස්තාවක් බව පෙන්වා දෙන්නටද උත්සවය උදාහරණ සපයයි. එය අවශ්‍ය වන්නේ කෙනෙකු හදුනාගැනීමටය. එහෙත් ඒ නිසාම අර්ත විරහිත නොගැලපෙන නමක් හෝ ජනප්‍රිය නමක් දැමීම සුදුසු නැත.

නම් තැබීමකදී වැදගත් කරුණු පිළිබදව සැලකිලිමත් වියයුතු බව තතු දන්නෝ පවසන්නේ එබැවිනී. උපන් වේලාව, උපන් නැකැත අනුව නම් තැබීම මගින් අනාගතය සුබ වන බව ජෝතිශ්‍ය යේ පිලිගත් මතයකී. නමුත් එහි සත්‍යතාවක් නැත. එතැනදී වියයුත්තේ දරුවාට යොදන නම අර්තවත් එකක් වීමයි. දරුවාගේ නම නිතර නිතර කියැවෙන විට එයින් දරුවාට යහපතක් වන බවද පවතින විශ්වාසයක් ය.

බටහිර රටවල නම් නම් තැබීම සිදුවන්නේ අංක විද්‍යාව අනුවයි. අංක එකේ සිට විසි හය දක්වා අකුරු භාවිතයෙන් අකුරු භාවිත කරමින් නම් තැබීම සිදු වේ. එම අංකවල සමස්ථ අගයට අනුව පුද්ගලයන්ගේ ගතිගුණ කතනය කිරිම ඒ රටවල සිරිතයි. එම ක්‍රමය මගින් පුද්ගලයකුගේ ගතිගුණ සියයට සියයක් නිවැරදිව කිව නොහැකි නමුත් එම ක්‍රමයේ යම් සත්‍යතාවක් පවතිනවා. එහෙත් අපගේ නම් තැබිමේ ක්‍රමවේදය සහ මෙම ක්‍රමය අතර කිසිඳු සබධතාවක් නැත.

දරුවෙකු උපත ලබන මොහොතේම එම දරුවා පෙර ආත්මවල කරන ලද අකුසල කර්ම මේ ආත්මය වෙත පැමිණිම සිදුවනවා. දරුවා අතින් අනාගතයේ සිදුවන්නට නියමිත කාරණා තිරණය වන්නේත් ඒ අයුරින්මය. එය ජ්‍යෝතිශය මතයයි. එසේ තිබියදි ඝන පිහිටුවා නම් තැබිමෙන් පෙර අකුසල කර්ම මෙලොවදි විපාක දිම හෝ අනාගතයේ සිදුවීමට නියම්ත සිදුවීම් වෙනස් වන්නේ නැත. බුදුන් වහන්සේ දේශනා කරන ලද නාම සිද්ධි ජාතකයේ සඳහන් කර තිබෙන්නේ ද පුද්ගලයකුගේ අනාගතය ඝන පිහිටුවා තබන නමකින් තිරණය නොවන බවයි.

එසේම පුද්ගල නාමයක් අවශ්‍ය ඕනෑම අවස්ථාවක වෙනස් කල හැකියි. බුදු වීමට පෙර සිද්ධාර්ථ නම් වු බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසුව ගෞතම වුයේ ද ඒ අයුරිනි. වර්ථමානයේ පවා පැවිදි බිමට පා තබන භික්ෂුන් වහන්සේලා පවා ඉන්පසු තම පැවිදි නාමය භාවිතා කරන්නේ නැත. ඒ වෙනුවට සුදුසු අයුරින් වෙනත් ධර්මයට සමිප නමක් භාවිත කරනු දක්න්න පුලුවන්. පාප් වහන්සේ පවා තම තනතුරට පත් වු පසු සිය පැරණි නම භාවිත කරන්නේ නැත.

අප විශ්වාස කරන ආකාරයට අනුව ඝන පිහිටුවා නම් තැබීම නිසා ජිවිතයට සුභ හෝ වාසනාව ගෙන එන්නේ නම් හෝ ඝන පිහිටුවා නම් නොතබන විට අවාසනාව පසුපස ඒ නම් ඉහත ආකාරයට නම් වෙනස් කල විට එම පුද්ගලාගේ ගතිගුණ වෙනස් විය යුතුයි. එසේත් නැතිනම් යම් අසුබ අත්දැකිමකට මුහුණ දිමට සිදුවිය යුතුයි. නමුත් එසේ නොවන බව ජ්‍යෝතිශයේ පෙන්වා දෙනවා.

එසේ වුවත් යම් කෙනෙකු වෙනුවෙන් සෙත් කවි ගායනා කිරිමක් හෝ ශාන්තිකර්මයක් සිදුකරන්නේ නම් එය අදාල පුද්ගලයාට එමගින් සෙතක් ශාන්තියක් අත්වන පරිදි එම කටයුතු සිදුවිය යුතුයි. ඒ හැරෙන්නට නමකින් සිදුවන වෙනත් ගුප්ත බලපෑමක් නැත.

ඉහත සඳහන් කරුණු අනුව දරුවෙකුගේ ජිවිතයට බලපාන කිසිම වැදගත් කාරණයක් සඳහා නම වැදගත් වන්නේ නැත. එම නිසා නම් තැබිමේ දි ඝන පිහිටුවීමේ අවශ්‍යතාවයක් නැත. එසේ නොකලා යයි දරුවාගේ අනාගතය අසුභ වේ යැයි දෙමව්පියන් බියට පත්විය යුතු නැත.

ජ්‍යෝතිශවේදි
ඉන්දික තොටවත්ත මහතා.

අරුණි ජයසේකර