ගර්භාෂය පහත්වීම කියන්නේ වයස අවුරුදු පනහ පසුකළ ආර්ථවහරණය වුණු කාන්තාවන්ට ඉතාම පහසුවෙන් ඇතිවන තත්ත්වයක්. මේ තත්ත්වය ඇතිවීමට බලපාන හේතු ගණනාවක් තිබෙනවා. මෙය අවධානම් හෝ වේදනාකාරි රෝගයක් නොවුණත් යම් කාන්තාවකට එයින් අපහසුවක් ඇතිවන්නට පුළුවන්. ගර්භණි සමයෙන් පසුව මවක් ලෙස ඔබට කළ හැකි ව්‍යායාම කිහිපයක් මඟින් ගර්භාෂය පහත්වීමේ තත්ත්වය මඟහරවා ගන්න පුළුවන්. ඒ සමඟම ඇතිවන මුත්‍රාශය පහත්වීම හා ගුද මාර්ගය පහත්වීම නම් අවස්ථා දෙකත් මඟහරවා ගන්නට මේ ව්‍යායාම ඉතාම වැදගත් වනවා.
ගර්භාෂයේ පිහිටීම
ගර්භාෂය පිහිටීම අනුව අප එය හඳුනාගන්නේ ශරීර අභ්‍යන්තරයේ පවතින ඉන්ද්‍රියක් ලෙසයි. පිටුපසින් ගුද මාර්ගය සහ ඉදිරියෙන් මුත්‍රා මාර්ගය පිහිටා ඇති අතර ගර්භාෂය පිහිටා ඇත්තේ මෙම ඉන්ද්‍රින් දෙකට මැදිවන්නටයි. ගර්භාෂය රදාපවතින්නේ මාංශ පේශි හා පේශි ඛණ්ඩරා මඟිනි.
ගර්භාෂය පහත්වීම
ගර්භාෂය රදවාගෙන සියින පේශී හා පේශි ඛණ්ඩරාවල සහය නොලැබී යාම නිසා එනම් ඒවා දුර්වල වීම නිසා ගර්භාෂය පහත්වන්නට පුළුවන්. මෙහිදි ගර්භාෂය සමඟ මුත්‍රාශය සහ ගුද මාර්ගය පහත්වන්නට ද ඉඩ තිබෙනවා. ගර්භාෂය යෝනි මාර්ගය හරහා එළියට පැමිණිම මෙහිදී සිදුවන අතර සමහර විට සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් පිටතට පැමිණිමට ඉඩ තිබෙනවා.
හේතුව
ආධාරක මාංශ පේශිවල දුර්වලතාවය නිසා මේ තත්ත්වය සුලබව ඇති වන්නට පුළුවන්. මේ සඳහා ප්‍රධාන වශයෙන් ඊස්ට්‍රජන් හෝර්මෝනයේ බලපෑම තිබෙනවා. වයස අවුරුදු 50 පමණ වනවිට ආර්ථවහරණය වන නිසා ඊස්ට්‍රජන් හෝර්මෝනය දුර්වල වීමේන් මාංශ පේශි දුර්වල වීම සිදුවිය හැකියි. තරුණ වියේදිත් ඉතාම කලාතුරකින් මෙවැනි තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්. එමෙන්ම වැඩි දරුවන් ප්‍රමාණයක් සාමාන්‍ය දරු ප්‍රසූතියෙන් බිහිකළ මවකට ගර්භාෂය පහත්වීමේ අවධානමක් තිබෙනවා. එයට හේතුව වන්නේ ප්‍රසූතියේදී සිදුවන පේශි ලිහිල් වීමයි. ගර්භණී සමයෙන් පසුව ලිහිල් වූ මාංශ පේශි නැවත නිසි ලෙස ශක්තිමත් වීම සඳහා අවශ්‍ය ව්‍යායාම නොකළ විටත් මේ තත්ත්වය ඇතිවන්නට පුළුවන්.
මාරාන්තික ද
මේ තත්ත්වය කිසිසේත්ම මාරාන්තික රෝගී තත්ත්වයක් නෙවෙයි. නමුත් අපහසුවක් දැනෙන්න පුළුවන්. යෝනිය පැත්තෙන් හොඳටම හිරවෙලා වගේ දැනෙනවා. නොදැනීම මුත්‍රා පිටවීම, මුත්‍රා අඩස්සිය, කොන්දේ වේදනාව වගේ තත්ත්වයන් එනවා. ඒ හැරෙන්න වෙනත් රෝග තත්ත්ව ඇතිවන්නේ නැහැ.
ප්‍රතිකාර
ගර්භාෂය පහත් වීම සිදුවූ විට ගර්භාෂය ඉවත් කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. නමුත් එයට අමතරව ගර්භාෂය ඉහළට ගෙන රදවා තැබීම ද කරන්න පුළුවන්. එයට අමතරව ගර්භාෂයට වලලක් දැමීමත් කල හැකියි. මෙය ඕනෑම රජයේ රෝහලක් මඟින් කළ හැකියි. එමෙන්ම මාස තුනක කාලයක් මේ වළල්ල රදවා තබාගන්න පුළුවන්.
ව්‍යායාම
ගර්භාෂය පහත් වීම වළක්වා ගැනීම සඳහා ව්‍යායාම ප්‍රතිකාර තිබෙනවා. මේ සඳහා ඇති වඩාත් ජනප්‍රියම ව්‍යායාමය වන්නේ ණැට්ක ව්‍යායාමයයි. දිනකට විනාඩි පහක් දහයක් අතර කාලයක් මේ සඳහා වෙන් කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මුත්‍රා පිට කරන විට සම්පූර්ණ මුත්‍රා පිට කරනවා මිස මැදදි නවත්වන්න උත්සහ ගන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවෙදි ඒ ක්‍රමය භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ මැදදී මුත්‍රා පිට කිරීම නවත්වන්න පුළුවන්. වාඩි වෙලා ඉන්න ගමන් දණහිස් දෙක එකට තද කරලා මැදින් කොළයක් තියලා අදින්න පුළුවන්. මේක තනියම කළ හැකි ව්‍යායාමයක්. විනාඩි දහයක් වගේ මෙවැනි ව්‍යායාමයක් කරන්න පුළුවන්කම තියෙනවා.
ගර්භණී කාලයේ මේම ව්‍යායාම කරනවා නම් වෛi උපදෙස් ගතයුතුයි. නමුත් දරු ප්‍රසූතියෙන් පසුව ව්‍යායාම කිරීම මඟින් ගර්භාෂය පහත්වීමේ ගැටළුව වළක්වාගන්න පුළුවන්. මෙහිදී ප්‍රසූතිය නිසා ලිහිල් වන මස් පිඩු හොඳින් සවිමත් කරගන්න පුළුවන්. සමහර අවස්ථාවල මුත්‍රාශය පහත් වන අවස්ථා තිබෙනවා. මෙය කෙනෙක් ගර්භාෂය පහත් වුණා යයි වටහාගන්නටත් ඉඩ තිබෙනවා. මේ තත්ත්වය පරීක්‍ෂණ මඟින් හඳුනාගන්න පුළුවන්.
වෛද්‍ය ඉන්දික සේනාරත්න මහතා
සටහන චාපා හංසිනි ආටිගල