ලිංගිකත්වය කියන්නේ සාමාන්‍ය මානුෂීය අවශ්‍යතාවයක්. ජීවයේ පැවැත්ම වෙනුවෙන් සැකසිලා තිබෙන සංකීර්ණ ක්‍රියාවලියක් විධියට අපි කවුරුත් දන්න නමුත් කිසිම කෙනෙක් ප්‍රසිද්ධියේ කතා කරන්න අකැමැති මතෘකාවක් පිළිබදව අපි ඔබට කතා කරන්න හිතුවා.
දැන් ඔබ මවක් වෙන්නයි ඉන්නේ. සති කිහිපයක හෝ මාස කිහිපයක දරු ගැබක් කුසේ දරාගෙන ඔබට තිබෙන වටිනාම සබධතාවය තමයි ඔබේ සැමියා. ආදරය වගේම
ලිංගිකත්වය සමසේ බැදුනු ඔබේ මේ බැදීම තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යන්න ඔබේ කුස තුළ වැඩෙන පුංචි පැටියා හේතුවක් වෙලා ඉවරයි. ආදරය වගේම අර මුලින් කිව්ව ශාරිරික බැදීමත් ඔබේ සබධතාව ශක්තිමත් කරන්නට අවශ්‍ය වෙනවා. නමුත් අම්මා වගේම තාත්තාත් මේ කාලෙදි එවැනි බැදීම්වලට බයයි. ඒ වගේම ඔවුන්ට ඒ පිළිබදව තියෙන්නේ දෙගිඩියාවක්. කුසේ ඉන්න පැටියාට හෝ අම්මාට අනතුරක් වෙයි කියන බය තමයි මෙවැනි බැදීමකින් වෙන්වෙලා ඉන්න මුල් වෙන්නේ.
ඒ වගේම ගර්භණී සමයේ මුල්ම කාලයේ අම්මා හුගක් වෙනස් වෙනවා. හෝර්මෝන වෙනස් වීම නිසා මානසික වශයෙන් සිදුවන වෙනස් වීම වගේම පිළිසිද ගැනීම නිසා ශාරිරික වශයෙන් සිදුවන වෙනස්වීමත් නිසා අම්මාට මේ කාලේ ලිංගිකත්වය පිළිබදව අවශ්‍යතා මතුවන්නේ නැහැ. අනිත් අතින් අම්මලා මේ කාලේ ඉන්නේ විවිධ අපහසුතා එක්ක නිසා සමහර විට එවැනි දෙයක් ගැන අදහසක් හිතට එන්නෙත් නැහැ. නමුත් සැමියාට මෙවැනි බැදීමක් පිළිබදව අවශ්‍යතාවයක් තිබෙන්නට පුළුවන්. නිසි දැනුවත්බවක් නැති නිසා බියෙන් පසුවෙනවා වෙන්නත් පුළුවන්.
නමුත් ගර්භණී සමයේ
ලිංගිකව එක්වීමේ කිසිදු වරදක් නැහැ. දරුවෙක් ලැබිම සදහා ගතවන කාර්තු තුනෙන් පළමු මාස තුනක කාලය කිසිම ගැටළුවකින් තොරව සබධතාව පවත්වාගෙන යන්න පුළුවන්. සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයක් සහිත කාන්තාවක් නම් ඇයට මෙයින් කිසිදු වෛද්‍ය අතිරේක ගැටළුවක් ඇතිවන්නේ නැහැ. නමුත් වෙනත් මොනයම් හෝ අසනීප තත්ත්වයක් සහිත කාන්තාවක් නම් එනම් ගර්භණී සමය ආරම්භයේ සිට යෝනි මාර්ගයෙන් රුධිරය පහ වීමක් සිදුවනවා නම්, හෘද රෝග සහිත නම්, ස්වසන රෝග ඇත්නම්, නිදන්ගත රෝග සහිත මවක් නම් මේ පිළිබදව වෛද්‍ය උපදෙස් ගැනීම අවශ්‍ය වනවා.
ගර්භණී සමයේ ලිංගික සබධතා පැවැත්වුවා කියා දරු ගැබට හානියක් සිදුවන්නේ නැහැ. බබා සිටින්නේ ගර්භාෂය ඇතුළේ. ඒ වගේම බෲන තරලය මගන් බබාව ආරක්ෂා කරනවා. ගැබ්ගෙල ආසන්නයේ ශ්ලේෂ්මල පටලයක් වර්ධනය වන අතර එය තියෙන්නේ දරු ගැබේ ආරක්ෂාවටයි. මෙයට කලලාවාරික තරලය කියලත් කියනවා. මේ නිසාත් බබාට කිසිම හානියක් සිදුවෙන්නේ නැහැ. නමුත් ගර්භණී සමයේ ලිංගිකව එක්වීමට සුදුසු නොවන අවස්ථා තිබෙනවා. මේ පිළිබදව දැනුවත් වීමත් ඉතාම වැදගත්. මොකද ඔබට ඉහත සදහන් කළ කිසිදු රෝග තත්ත්වයක් නොමැති නම් ඔබ සැමියා සමග ලිංගික සබධතා පවත්වනවා.
මේ කියන අවදානම් අවස්ථා ගැනත් ඔබ දැන සිටීම අනිවාර්යයි.
x දරුවා සති තිස්හතට කලින් බිහිවන බවට සැකයක් පවතිනවා නම්, (නොමේරු දරු උපතක් නම්)
x පටල බිදීමෙන් තරල පිටට පැමිණිමේ අවධානමක් ඇත්නම්
x නිවුන් දරුවන් හෝ එයට වැඩි දරුවන් ප්‍රමාණයක් පිළිසිදගෙන සිටී නම්
x (දරු පිළිසිද ගැනීමෙන් පසු) සහකරුට ලිංගාශ්‍රිත රෝගයක් වැළදී ඇති බව අනාවරණය වී ඇත්නම්
ලිංගිකව හැසිරීම සදහා සුදුසු ඉරියව් තිබෙනවා. මේ පිළිබදව දැනුවත්ව සිටීම ඉතාම වැදගත්. ගැබිනි මවක් වැඩි වේලාවක් මුනින් අතට සිටීම සුදුසු නැහැ. කලලයේ බර රුධිර නාලවලට යොමු වෙලා නාල තෙරපීමට ලක්වීමෙන් රුධිර ගමනය අඩාල වෙන්න පුළුවන්. නමුත් ලිංගිකව හැසිරීම නිසා ගබ්සාවක් සිදුවන්නේ නැහැ.
ලිංගික කාර්යයෙන් අනතුරුව ශුක්‍රාණු මුදාහැරීම සිදුවන්නේ යෝනි මාර්ගය ආශ්‍රිතවයි. මෙහි ඇති හෝර්මෝන දරුවා ලැබීමට පහසු කරන බවට සමහර අය අතර මතයක් තිබෙනවා. විශේෂයෙන් අන්තිම මාසයේ ලිංගිකව හැසිරීම නිසා ප්‍රසූතිය ඉක්මනින් සහ පහසුවෙන් සිදුවන බව බොහෝ දෙනා අතර පවතින විශ්වාසයක්. නමුත් අපහසුතාවයක් තිබෙනවා නම් මේ කාල සීමාවේ ලිංගිකව එක් නොවී සිටියාට කමක් නැහැ.
දරු ප්‍රසුතියෙන් පසුව නැවත අම්මාට සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න සති හයක (දින 42 ක්) කාලයක් ගතවෙනවා. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් දරුවා බිහි කළානම් ඒ අවස්ථාවේ යෝනි මාර්ගයට දමන කැපුම සුව වෙන්න සති හයක් ගතවෙනවා. එයට පෙර ලිංගිකව එක්වීම ඇයට වේදනාකාරියි. මේ කාල සීමාවේ ඇය මානසිකව මෙන්ම ශාරිරිකවත් ඒ සදහා සූදානම් නැහැ. ඒ වගේම මේ සති හයක කාලය මවට සාමාන්‍ය රුධිර පහවීමක් තිබෙනවා. එයින් සති දෙකක් සාමාන්‍ය රුධිර වහනයක් තිබෙනවා. ඉන් පස්සේ රෝස පැහැයට සති දෙකක කාලයක් සහ කහ පැහැයට සති දෙකක කාලයක් රුධිර වහනය සිදුවනවා. කලාතුරකින් දරු ප්‍රසූතිය නිසා මානසික ආතතිය ඇතිවන්නත් පුළුවන්. දරුවාගේ කාර්යයන් ප්‍රමාණය වැඩිවීමත් පැය දෙකෙන් දෙකට කිරි දීමට සිදුවීමත් නිසා අම්මාගේ මනස සකස් වීමට කාලයක් අවශ්‍යයි.
ඒ වගේම දෙවන දරු ප්‍රසූතියක් සදහා අවම වශයෙන් වසර දෙකක කාලයක් අවශ්‍ය වනවා. බබා වගේම අම්මා නිරෝගි වෙන්නෙත් එවිටයි. මේ සදහා වෛද්‍ය උපදෙස් මත යම් තාවකාලික පවුල් සැලසුම් ක්‍රමයකට යන්න පුළුවන්කම තියෙනවා. ඒ සදහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් වගේම ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ගැනීමේ හැකියාව තිබෙනවා.
දඹුල්ල, මූලික රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි
වෛද්‍ය ඉන්දික සේනාරත්න මහතා
චාපා හංසිනි ආටිගල