සැල්මොනෙල්ලා කියන වචනය ඔයා දැනටමත් අහල ඇති. මේක පොදු බැක්ටීරියා ආසාදන තත්ත්වයක් ඇති කරන බැක්ටීරියාවක්. සත්තුන්ගේ සහ මිනිසුන්ගේ බඩවැල් ආශ්‍රිතව තමයි ජීවත් වෙන සැල්මොනෙල්ලා මල සමග පිටතට ශ්‍රාවය වෙනවා. එනිසාම බොහොම ඉක්මනින් සැල්මොනෙල්ලා ආසාදනවලට ගොදුරු වීමේ අවධානමක් තිබෙනවා.
විශේෂයෙන්ම මල පැවරුණු, බිඳුනු බිත්තර ආහාරයට ගැනීම, බිත්තර භාගයට තම්බා ආහාරයට ගැනීම, මේ අවදානම් කටයුතු නිසා සැල්මොනෙල්ලා ආසාදන ඇතිවෙන්න පුළුවන්.
ඒ වගේම බිත්තරය තැම්බීමට පෙර සේදීමත් සැල්මොනෙල්ලා ආසාදනයට හේතුවක්. කිකිළිය බිත්තරය දමන විට බිත්තර කටුව වටේට Bloom කියන ආරක්ෂක පටලය තැන්පත් කරනවා. බිත්තරේ හේදුවාම වෙන්නේ මේ මුද්‍රාව සහිත ආරක්ෂක පටලයේ ඉවත් වීම. එවිට ඇසට නොපෙනෙන සිදුරු වලින් කටුවේ රැඳී සිටින සැල්මොනෙල්ලා බැක්ටීරියාව බිත්තරය තුළට ඇතුල් වෙනවා.
කිව යුතු ප්‍රධානම කාරණය තමයි සැල්මොනෙල්ලා ආසාදනය සෑම කෙනෙකුටම එක විදියට බලපාන්නේ නැහැ. සමහර අයට කිසිම ආසාදනයක් පෙන්වන්නේ නැහැ. සැල්මොනෙල්ලා ආසාදනය වීමේ පළමු රෝග ලක්ෂණය වෙන්නේ බඩ බුරුලට යාම, එයට අමතරව පැය 72 කට වඩා පවතින උණ සහ බඩ රිදීම, මේ ආසාදනය භයානක අවධියට පත් වී ඇති බවට ඉඟියක්.
ඉතාම සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් නම් දින කිහිපයක් තුළ විශේෂ ප්‍රතිකාරයකින් තොරව සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. නමුත් බඩ බුරුලට යාමේ තත්ත්වය ඇතිවූ වහාම ඉක්මන් ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍යයි.
සැල්මොනෙල්ලා ආසාදනයේ රෝග ලක්ෂණ ලෙස,
බඩ බුරුලට යාම
උදරාබාධ
උණ
හුස්ම ගැනීමේ අපහසුව
වමනය
සීතල
හිසරදය
මල සමග රුධිරය පිටවීම
පෙන්වා දෙන්න පුළුවන්. මේ තත්ත්වය මාරාන්තික වීමට පෙර ප්‍රතිකාර ගැනීම අනිවාර්යයි.
ඒ වගේම තවමත් සංවර්ධනය වෙමින් පවතින රටවල මේ සැල්මොනෙල්ලා මගින් ඇතිවන රෝග තත්ත්ව මාරාන්තික රෝග තත්ත්වයන් බවට පත්වෙනවා.
විශේෂයෙන්ම කුඩා දරුවන්, තරුණ දරුවන්, වැඩිහිටියන්, ගැබිණි කාන්තාවන් වැනි ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් මෙවැනි බැක්ටීරියා තත්ත්වයන්ගෙන් ප්‍රවේශම් වීම අත්‍යවශ්‍ය වෙනවා.
යම් හේතුවකින් ඔබ නොදැනුවත්වම,
දින කීපයක් පවතින මළ බුරුලට යාම
මල සමග රුධිරය පිටවීම සහ අධික උණ
සැල්මොනෙල්ලා බැක්ටීරියා ආසාදනයක් වෙන්න පුළුවන්.
පිටතින් ආහාර ගැනීමෙන් පසු, බාගෙට තැම්බු බිත්තර, මස් වර්ග ආහාරයට ගැනීමෙන් පසු, විදෙස් සංචාරයකට ගොස් පැමිණි පසු, පොදු වැසිකිළි භාවිතයෙන් පසු ආදී ලෙස අවදානම් තත්ත්වවලදී මෙවැනි රෝග තත්ත්වයන් මතුවේ නම් වහාම ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යයි.