free stats

කොළඹ විශ්වවිද්‍යාලයේ

පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ වෛද්‍ය චමල් සංජීව මහතා

කාන්තාවක් දරුවන් ලැබීම විශේෂ සිදුවීමක් කියන කාරණය අපි ඕන තරම් කතා කරලා තියෙනවා. ඒ වෙනුවෙන් සූදානම් වීම ගැන තමයි අපි ගොඩක්ම ලිපිවලින් කතා කළේ. නමුත් මේ සූදානම් වීමේ දී දරුවෙක් ලැබෙන්න සැලසුම් කරලා ඒ වෙනුවෙන් සූදානම් වීම කියන කරුණ ට වඩා ගැඹුරක් තියෙනවා. කාන්තාවක් මේ වෙනුවෙන් සූදානම් විය යුතු වෙන්නේ විවාහයටත් කලින් ඉදලම යි. පිරිමි ළමයෙකුට වඩා ගැහැණු ළමයෙක්ට පෝෂ්‍යදායී ආහාර ඕන වෙන්නෙත් ඒකයි.

දරුවෙක් නිරෝගීව බිහි කිරීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් විධියට පෝලික් අම්ල ය හදුනාගෙන තියෙනවා. ඒ නිසා මාවක් වෙන්න කලින් ඉදලම පොලික් අම්ලය ලබා දීම සාමාන්‍ය යි. නමුත් ගැබිණි සායනාවල දී ඊට වඩා යමාක් සිදුවිය යුතුයි. ඒක පෝළික් අම්ලය ලබා දීමට වඩා වැඩි දෙයක්.

පාරධිවනි පරීක්ෂණ ( ස්කෑන් පරීක්ෂණ ) මෙම පරීක්ෂණ මඟින් කළලයේ විකෘතිතා හඳුනා ගැනීමට හැකි වන්නේය. එසේම DNA විශ්ලේෂණය එනම් මෙමඟින් කළලයේ පාන පදනම හඳුනා ගැනීමට හැකිවන අතර ප්‍රවේණිගත රෝගයන් පවා හඳුනාගත හැකි වන්නේය. මවගේ ගර්භණී සමයේදීම කළලයෙන් කොටස් ලබාගෙන පරීක්ෂණ ආදිය මේ අතරට ඇතුලත් වෙයි. මෙවැනි උපක්‍රම මගින් වඩා සාර්ථක දරු උපතකට අවස්ථාව උදාවෙයි. මවගේ ශාරීරික සෞඛ්‍ය ඉහළ පෝෂණ තත්ත්වයක පසුවීම සාර්ථක දරු උපතකට අත්‍යවශ්‍යය. මව ජීවත් වන පරිසරය කායිකව සහ මානසිකව හිතකර නම් ආර්ථික ගැටලු ආදිය අවම ලෙස පවතී නම් දරු උපතද බොහෝ විට සාර්ථක වන්නේය.

දරු උපතක් බලාපොරොත්තු වෙමින් සිටින යුවලක් ඊට සුදානම් වීමේදී අනුගමනය කළ යුතු ක්‍රමෝපායන් කිහිපයක්ම ඇත. මේ නිසා පහත කරුණු සම්බන්ධව අවබෝධයෙන් සිටිය යුතුය.

  1. දුම්පානයෙන් වැළකී සිටීම.

මව දුම්පානයෙන් වැළකි සිටීම දරුවාගේ වර්ධනයට ඉතා වැදගත් වේ. එසේම දුම්පානය කරන පුද්ගලයෙකු අසල සිටීම අක්‍රීය දුම්පානයට ගොදුරු වීම ද සුදුසු නැත. අක්‍රීය දුම්පානයට ගොදුරු වීම නිසා කළලයේ බර අඩු වී නොමේරු දරු උපත් සහ හදිසි ළදරු මරණ අනුපාතය ඉහළ යාම සිදුවිය හැකිය.

එසේම දුම්වැටියේ පවතින නිකොටින් තාර වැනි විස රසායනිකයන් මවගේ රුධිරයට එකතු වීමෙන් කළලාවාරය හරහා දරුවාගේ රුධිරයට එකතු වී දරුවා පෙනහලු රෝගියෙකු බවට පත් කරයි. එසේම දරුවා අංගවිකල තත්ත්වයට පත්වීමට ද මෙය හේතු වේ.

  1. අනවශ්‍ය පරිදි බටහිර ඖෂධ භාවිතයෙන් වැළකීම.

මෙම ඖෂධ ගර්භණී වීමට ආසන්නයේදී හෝ ගර්භණී සමයේදී ලබා ගැනීම මගින් කළලයේ ඇතැම් අවයව පද්ධති විනාශ වීම හෝ අංග විකල වීම සිදු විය හැකිය.

මේ අනුව ඔබ යම් ඖෂධයක් ලබා ගන්නේ නම් ඒවා ලබාගත යුත්තේ වෛද්‍ය නිර්දේශ මත පමණි.

  1. අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය.

මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතය නිසාද කළලයේ වර්ධනයට අහිත කර ප්‍රතිඵල ඇති වෙයි. මවක් මත්පැන් පානය කළ පසුව දැනෙන මත්ගතිය කුස තුල වැඩෙන දරුවාටද බලපෑ හැකිය.

  1. සංජානීය රුබෙල්ලා රෝග ආසාදනය.

මවට තරුණ අවදියේම රුබෙල්ලා රෝගය සැදිම වැළකීම සඳහා
එන්නත් ලබා ගැනීම කළ යුතුයි.
මෙමඟින් කළලයට රුබෙල්ලා රෝගයෙන් වන හානිය අවම වෙයි.

  1. Totoplasmesis, Listena වැනි රෝග වැළදීම

මෙවැනි රෝග ආසාදනය වීම වලක්වා ගැනීම මවගේ වගකීමකි. විශේෂයෙන් මෙවැනි රෝග වලක්වා ගැනීම සඳහා ඇති හොඳම ක්‍රමය වන්නේ සත්ත්ව නිෂ්පාදනාගාර ආශ්‍රිතව ජීවත් නොවීමයි. එමෙන්ම සත්ව ආහාර අනුභවයෙන් වැළකී සිටීම සහ සත්ව ආහාර ලබාගන්නේ නම් හොඳින් පිසින ලද ආහාර පමණක් ලබා ගැනීමට ප්‍රවේසම් වීමයි.

ගර්භණී වීමට ආසන්නයේදී හෝ ගර්භණී සමයේදී බටහිර ඖෂධ ලබා ගැනීම මගින් කළලයේ ඇතැම් අවයව පද්ධති විනාශ වීම හෝ අංගවිකල වීම සිදුවිය හැකිය. මේ අනුව ඔබ යම් ඖෂධයක් ලබා ගන්නේ නම් ඒවා ලබාගත යුත්තේවෛද්‍ය නිර්දේශ මත පමණී.

ගර්භණී භාවයට පත්විමට පෙර සිටම ෆෝලික් අම්ලය ලබා ගැනීම.
මෙමගින් ළදරුවන්ගේ සුසුම්නාව වර්ධනය වීමේ දී මතුවන ගැටලු මඟහරවා ගත හැකිය.

  • දරුවකු ලැබිමට සිටින මවකට

    දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදී බෝ නොවන රෝග වැළදී ඇත්නම්
    බෝ නොවන රෝග වැළඳී ඇත්නම් එයට නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වෙයි.

මීට පෙර ගර්භණී අවස්ථා වලදී ස්වාභාවික ගබ්සාවන්ට ලක් වුයේ නම් ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කල යුතුයි. තරබාරු බව සමග අත්වැල් බැඳගත් රෝග රැසක් පවතින බැවින් ගර්භණී මවක් තරබාරු බවට පත් වී ඇත්නම් ඒ පිළිබඳව අවධානය යොමු කල යුතුයි. විශේෂයෙන් තරබාරු මව්වරුන්ට උපදින දරුවන්ට දියවැඩියාව වැළදීමට වැඩි ඉඩක් පැවතීම මෙයට හේතුවයි. ප්‍රවේණික රෝග වලින් පෙලෙන දෙමව්පියන් දරු උපතකට යොමු වීමට පෙර ඒ සම්බන්ධව ප්‍රවේණික පරීක්ෂණවලට යොමු වීම ඉතා වැදගත් වන්නේය.

සටහන
තාරුකා ලිදකුබුර