free stats

දැන් ඔයාට ඔයාගේ pregnancy එක හුරුයි. බොහෝ දුරට ඔයත් දැනුවත්. පොත්පත් කියවලා, සගරා කියවලා, සායනවලට සහභාගි වෙලා විතරක් නෙමෙයි සමාජ මාධ්‍ය වලිනුත් දැන් ඔයා pregnancy එක ගැන ගොඩක් දේවල් දන්නවා. ඒ නිසාම පස්වැනි මාසයට අදාලව ඔයාගේ සිරුරේ සිදුවන වෙනස්කම්, බබාගෙ වර්ධනය වගේ දේවල් ගැන තවදුරටත් දැනුවත් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. 

අපි මුලින්ම බලමු පස්වැනි මාසෙදි ඔයා මූණ දෙන common symptoms මොනවද කියලා. 

දෙපා වල වේදනාව

ඉස්සරට වඩා ඔයා දැන් මහතයි. බඩත් ගොඩක් ලොකු වෙලා. හැබැයි කෙනෙක් ගේ ශරීරය මහත් උනා කියලා එයාගෙ කකුල් වල යට කොටස එහෙම විශාල වෙන්නේ නෑ. ඒ කකුල්වලට ඔයාගේ බර දරන්න වෙනවා. ඒ නිසා තමයි කකුල් කැක්කුම ඇති වෙන්නේ. අනිත් එක බබා ලැබෙන එක පහසු කරවන්න ඔයාගේ ශරීරයේ සන්ධි කොටස් ලිහිල් වෙනවා. ඒකත් මේ වේදනාවට එක හේතුවක්. ඒ වගේම කකුල් ඉදිමීමත් මේ කාලේ දකින්න පුළුවන් දෙයක්. 

කොන්දේ ඇතිවන වේදනාව

මේකට නම් ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ උදරය ඉදිරියට නෙරා යාම. ඒ නිසා කොන්ද පහලට නැමෙනවා. දැන් ඔයාගේ කොන්දේ  මස්පිඩු වලට කලින්ට වඩා ටිකක් වැඩියෙන් වැඩ කරන්න සිද්ධවෙලා තියෙන්නේ. ඒක තමයි මේ වේදනාවට හේතුව. පුළුවන් තරම් ව්‍යායාම කරන්න උත්සහ කරන්න. වාඩිවෙලා ඉන්න වෙලාවට කොන්ද ට හොඳ සහායක් ලබා දීමත්, නිවරදි ඉරියව් වලින් වාඩිවීමත් මේ වේදනාවන් සමනයට හොඳ උදව්වක්. 

හැමදේම අමතක වෙනවා

Pregnancy ඒකත් එක්ක ඔයාගේ මොලයටත් දැන් වැඩ වැඩි වෙලා. හැමදේම අමතක වෙනවා. යතුර තිබ්බේ කොහෙද, phone එකේ password එක මොකද්ද, මේ වගේ සුදුසුම දේවල් ඔයාට අමතක වෙන්න පුළුවන්. මේක සාමාන්‍ය තත්වයක්. ලෙඩක් වත් බෙහෙත් ගන්න ඕන තත්ත්වයක් වත් නෙවෙයි. හැම අම්මා කෙනෙක්ම මේ අවස්ථාවට මුහුණ දෙනවා. ඒ තත්ත්වය ඇති වෙන්නේ pregnancy එකත් එක්ක එන හෝමෝන වෙනස් වීම හින්දා. 

නින්ද වෙනස්කම්

දැන් ඔයා නිදාගන්න වෙලාව වෙනස් වෙන්න ඉඩ තියෙනවා. රටට ගියත් නින්ද යන්නෙ නෑ. හැබැයි නිදාගන්න ඕනේ නැති වෙලාවල් වලට ඔයාට සෑහෙන ලොකු නිදි මතක් එනවා. නින්දේ ගැටලු ඇතිවෙන්න කොන්දේ වේදනාව වගේම කකුල් වල වේදනාව හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා උදරයට කොට්ටයක් තියලා සහයක් ගත්තට කමක් නෑ. මේ කාලය සාමාන්‍ය ප්‍රමාණය ඇවිදීම, පුංචි ව්‍යායාමයක් කිරීම, ගැබිනි සමයට අදාළ යෝගා ව්‍යායාම වලට හුරු වීම වගේ දේවල් වලින් සහනයක් ලබාගන්න පුළුවන්. 

මීට අමතරව

උදරයේ හෝ දෙපාවල මස්පිඬු පෙරළීම, ආහාර රුචිය වැඩිවීම, කරකැවිල්ල වැනි තත්ත්වයන් ඇතිවෙනවා. 

දැන් බලමු බබාගෙ වර්ධනය කොහොමද කියලා…

ඔන්න දැන් එයා ඔයාට පයින් ගහන්න පටන් අරගෙන ඉන්නේ. හැබැයි ලොකුවට ඒ ගැන දැනෙන්නෙ නැහැ. බබා දැන් නිදා ගන්නත් ඇරෙන්නත් දන්නවා. ඒ වගේම පුංචි විවේකයක් ගන්නත් එයා දැන් දන්නවා. එළියෙන් එන ශබ්ද ගැන අවධානයෙන් ඉන්නෙ. නිසා අධික ශබ්දය එන තැන් වලට වැඩිය යන්න එපා. මොකද බබා ඒකට විවිධාකාර විදිහට ප්‍රතිචාර දක්වනවා. 

බබාගේ ඇඟේ රෝම කූප වර්ධනය සිදු වෙන්නෙත් මේ මාසෙ. ඒක හරියට එයාගේ සමේ ආරක්ෂාවට සිදුවන දෙයක් වගේ. මේ සමහර රෝමකූප ඉවත් වෙලා යනවා. ඒ වගේම මෙන්න මේ කාලෙ තමයි එයාගේ සමයේ birthmark වගේ දේවල් ඇති වෙන්න පටන් ගන්නෙ. 

පස්වැනි මාසයේ අවසාන වෙනකොට බබා එයාගේ මහපට ඇඟිල්ල උරන්න ඉගෙන ගන්නවා. එයා ඒ වැඩේට හුරු වෙන්නේ ඉපදුනාට පස්සේ මව් කිරි පානය හරියටම සිදු කරන්න ඉගෙනගන්න ඕන නිසයි. 

දැන් බබාගේ දිග අඟල් 5යි. එයා අවුන්ස පහක් බරයි. මේ මාසය අවසාන වෙද්දී එයා අඟල් 10ක් විතර දික් වෙනවා වගේම අවුන්සයකින් කින් වගේ බර වැඩි වෙනවා. 

දැන් හරියටම බබාගේ ප්‍රමාණය බෙල්පෙපර් ගෙඩියක් හෝ හොඳට වර්ධනය වුණ කෙසෙල් ගෙඩියක් හා සමානයි. 

මේ මාසෙ කරන්න ඕන පරීක්ෂණ මොනවාද

අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු වෙන්න පුළුවන්. 

එහිදී, 

බබා ගේ ගර්භනී වයස හදුනා ගැනීම

බර ප්‍රමාණය හඳුනාගැනීම

හෘදයේ වර්ධනය, හිසේ වට ප්‍රමාණය, කොඳු ඇට පෙළේ වර්ධනය සාමාන්‍ය ද නැද්ද යන්න හඳුනාගැනීම

යම්කිසි රෝගාබාධයක් හෝ වෙනත් අනතුරක් ඇත්දැයි හඳුනා ගැනීම

දරුවා සිටින ආකාරය, එයාගෙ moments හා හදවතේ ගැස්ම හඳුනාගැනීම

දරුවා මුත්‍රා පිට කරන ප්‍රමාණය පිළිබඳව අවබෝධ කර ගැනීම

එක් බබෙකුට වඩා කුසේ සිටිනවාද යන්න හඳුනාගැනීම

සිදු කරනවා. එනිසා මෙම පරීක්ෂණ මග හැරීම සුදුසු නැහැ.