ළමා රෝග විශේෂඥ වෛද්‍ය අපේක්ෂා කාරියවසම්
පුංචි පැටියා දැන් ටික ටික ලොකු වෙනවා. ඒවගේම එයා ආවට පරිසරයක ගැවසෙනවා. අලුත් අත්දැකීම් ලබාගන්න හරි කැමැතියි. ඒ හින්දා ඔබේ ආදරණීයම පැටියා අනතුරක් කරගන්න තියෙන ඉඩ ඉඩප්‍රස්ථාව දැන් හුඟක් වැඩි වෙලා. හැබැයි දරුවාගේ ක්‍රියාකාරකම් නතර කරන්නත් බැහැනේ. අන්න ඒ නිසා ක්‍රියාකාරකම් නිසි පරිදි කරන්න දීලා අනතුරු වළක්වා ගැනීම ඉතා වැදගත්.
සාමාන්‍යයෙන් බබෙක් අවුරුද්දක් වෙද්දි ඇවිදින්න පටන් ගන්නවා. පළමු අවුරුද්ද තුළ ඇවිදින්න පටන් ගත්තට පසු ටිකෙන් ටික ඒ සම්බන්ධ ක්‍රියාකාරකම් වැඩි වෙනවා. ඇවිදින එක නිසි පරිදි කරන්න පුළුවන් උනහම එයාගේ මනසේ ඇති වන ධනාත්මක සිතිවිල්ල නිසා තවත් දග වැඩ කරන්නත් එයාට අවස්ථාව ලැබෙනවා. ුවන එක පනින එක දඟ වැඩ කරන එක එයාට හුරුවෙන්න ඊට පස්සේ. මේ ක්‍රියාකාරකම් නිසා තමයි එයාගේ වර්ධන සිදුවෙන්නේ.
මෙහිදී පෝෂණ අවශ්‍යතාවය බාහිර පරිසරයත් සමග එයාලගේ ඇති සම්බන්ධතාවය ගැන බලන්න ඕනේ. ඒවත් එක්ක ගෙදර දොරේ අනතුරු වෙන්න පුළුවන්. ඒ වගේම අසනීප තත්ත්ව ඇති වෙන්නත් පුළුවන්. බබාගේ මේ කාලය තුලදි විමසිලිමත්ව බැලීම දෙමව්පියන් ගේ වගකීමක්.
බොහෝවිට අම්මා හා තාත්තා දෙන්නම රැකියාවල් වල නිරත වන නිසා දරුවන්ට වැඩි වෙලාවක් inne ආච්චි හෝ සීයා එහෙමත් නැත්නම් බබා බලාගන්න කෙනා. ඇයි බබාට ආදරය වෙන්න පුළුවන් ආදරෙන් බැඳිලා ඉන්න පුළුවන් නමුත් තරුවයි ක සෙල්ලම් කරන එක කතා කරන එක තමයි දරුවාගේ ක්‍රියාකාරකම් වලට වඩාත් වැදගත් වෙන්නේ.
දරුවා ඉපදුනාට පස්සේ රෝහල් වලින් ලබාදෙන ළමා සෞඛ්‍ය ප්‍රවර්ධන සටහන්පත හොඳින් කියෙව්වොත් එහි විස්තරාත්මකව මේ පිළිබඳව සඳහන් වෙනවා. දරු පැටිය ඉපදුන දවසේ ඉඳලා කරන ක්‍රියාකාරකම් මොනවාද කියන එක දෙමව්පියන් දැනුවත් වීම ඉතාම වැදගත්.
දෙමාපියෝ විදිහට නිතරම හරි අවධානයෙන් ඉන්න ඕනේ බබයි ක්‍රියාකාරකම් නිවැරදිව නිවැරදි පරිදි ආරක්ෂිතව කරනවද කියලා. අනික් දේ තමයි දරුවා වැටෙයි තුවාල වෙයි කියලා ඕනවට වඩා පරිස්සං කිරීම තුළින් බබාගේ ක්‍රියාකාරකම් අඩාල වෙන්නත් පුළුවන්. ඒ නිසා එයාගේ ක්‍රියාකාරකම් වලට උදව් දීලා එයාව පරිස්සං කරගන්න එකත් දෙමව්පියන්ගේ වගකීමක්.
බබා අවුරුද්දෙන් පස්සේ ඇවිදින්න නැගිටින්න දුවන්න ගත්තාම එයාලා හරිම ක්‍රියාශීලී වෙන්න පටන් ගන්නවා. මේ කාලෙදි තමයි වැඩි වශයෙන් අනතුරු සිදුවෙන්නේ. අනතුරක් වෙයි කියන සමහර දේවල් නවත්තන්න හැදුවත් දරුවාට තේරෙන්නේ නැති නිසා එයා ඒ දේවල් ඒ විදිහටම කරන්න උත්සාහ කරනවා. සමහරවිට දෙමව්පියෝ නැති වෙලාවක අනතුරුදායක දෙයක් හොරෙන් වුණත් කරන්න පුළුවන්. සමහර වෙලාවට බබා යම් උඩට නගින්න දන්නවා හැබැයි බහින්න දන්නේ නෑ. ඒ නිසා එයා ආසාවට උඩට නැගලා බැහැගන්න බැරුව උත්සාහ කරද්දි වැටෙන්නත් ඉඩ තියෙනවා. එවැනි වේලාවක සිදුවන අනතුර පිළිබඳ තක්සේරුවක් කරන්න බෑ.
නිවසේ බඩු ගොඩක් එකේ එක තැන්වල තියෙනවනම් එයිනුත් දරුවාට අනතුරක් වෙන්න ඉඩකඩක් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය ක්‍රියාකාරකම් සදහා නිවසේ ඇතුළත යොදාගැනීමට එය බාධාවක්. ඒ නිසා දරුවාට අනතුරක් පිළිබඳව තේරුම් ගන්න පුළුවන් වෙන වයස වෙනතුරු නිවසේ අවට පරිසරය අනතුරු අවම වන විදියට තබා ගත යුතුයි. මොකද පුංචි දරුවන්ට තියෙන බඩු මුට්ටු වල හැප්පුනොත් අනතුරක් වෙනවා කියලා තේරෙන්නේ නැහැ.
විදුලි උපකරණ භාවිතය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. ගෙදර ප්ලග් පොයින්ට් පහළ මට්ටමින් තියෙනවා නම්, multiplug සවිකරලා තියෙනවා නම්, අයන් එක රයිස් කුකර් එක පාවිච්චි කරද්දි තියන්න බිම නම් දරුවන්ට විතරක් නෙවෙයි වැඩිහිටියන්ට වුණත් අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ හොඳටම වැඩියි.
අනතුරු වැඩියෙන්ම සිද්ධ වෙන්න පුළුවන් තැනක් තමයි කුස්සිය කියලා. අලුත් ගෙවල් වල ගොඩක් වෙලාවට කුස්සිය තියෙන්නේ කාලෙත් එක්ක මයි. එතකොට කුස්සිය තියෙන උපකරණ වලින් දරුවාට අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ හොඳටම වැඩියි. පිහිය කේතලය උණුවතුර බෝතලය පොල් බිඳින්න පාවිච්චි කරන උපකරණය හිරමනය පවා කැත්ත පොරව පවා දරුවාට අනතුරක් කරන්න ඉඩ තියෙනවා.
බබාලා ඉන්න හැම දෙයක් ගැනම කුතුහලෙන්. එයාලා මොනවා හරි දෙයක් දැක්කොත් එක කලින් පාවිච්චි කරල නැත්තං අල්ලලා නැත්තං ඒක අල්ලන්න ගොඩක් ආසයි. සමහර වෙලාවට විවිධ වර්ණවල උපකරණත් මේ සඳහා බලපානවා. තැඹිලි පාට රතු පාට මිටක් තියෙන පිහියක්, හිරමනය ආවරණය කිරීමට යොදා ගන්නා විවිධ වර්ණවලින් යුතු ආවරණ පියනක්, පාට පාට උණුවතුර බෝතලයක් මේ ඕනම දෙයක් එයාගෙ ඇස ගැටුනොත් එයා කුතුහලයට පත් වෙනවා. ඊට පස්සේ එයාට ඕනෙ වෙන්නෙ ඒක අල්ලන්න.
මේ නිසා තත්ත්වය පාලනය කරන්න නම් අනතුරු සිදුවෙන්න එක අවම කරන්න ඕන වගේම අනතුරක් සිදු උනහම මොනතරම් රිදෙනවද මොන තරම් වේදනාවක් වෙනවද බෙහෙත් බොන්න වෙනවද කියන එක ගැන බබා දැනුවත් කිරීමත් කළ යුතුයි. තරවටු ගාල්ල සැර කරලා කියලා දෙනවා වෙනුවට උපක්‍රමශීලීව මේ දේවල් කියලා දෙන්න පුළුවන්.
යම් හේතුවක් නිසා බබාට අනතුරක් සිදුවුණොත් ෝහලකට ගෙන යනතුරු සරල ප්‍රථමාධාර කිහිපයක් හෝ දැනගෙන සිටීමත් ඉතාම වැදගත්.
දැනට ලංකාවේ පවුල් සෞඛ්‍ය සේවය හොඳින් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ නිසා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් වුණත් පවුලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගෙන් වුණත් මෙවැනි සඟරාවකින් පුවත්පතකින් වුණත් සරල ප්‍රථමාධාර කිහිපයක් පිළිබඳව දැන හඳුනාගන්න අම්මා කෙනෙකුට දැන් අවස්ථාව තියෙනවා.
ඔබට මොනවා හරි පුංචි දෙයක් ගිලුනා නම් හිර වුනා නම් ආහාර ලබා දීමේදී කැබලි හිර වුනා නම් ඉක්මනින් රෝහල කරා ගෙන යාම වඩා වැදගත්. ඒ වගේම උගුරේ කටුවක් වගේ දෙයක් හිර උනා නම් බත් ගුලියක් ගිල්ලවලා ඒ කටු ඉවත් කරවන්නත් පුළුවන්.
මෙතැනදී බබාට ආහාර දෙනකොට කටු ඉවත්කළ ආහාර පොඩි කොටස් වලට වෙන් කළ ආහාර පුංචි බත් ගුලි කවන එක වඩාත් සුදුසුයි. ඒ වගේම සෙල්ලම් බඩු දෙනකොට පුංචි පුංචි කෑලි ගැලවෙන්න ඒව දෙන්නෙ නැතිව, වඩාත් ආරක්ෂාකාරි සෙල්ලම් බඩු දීමත් දෙමව්පියන්ගේ වගකීමක්. සෙල්ලම බඩු තෝර ගනිද්දි ඒ ඒ වයසට අදාල සෙල්ලම් බඩු මිලදී ගැනීමත් වඩාත් පහසුයි.
තුවාලයක් සිදු වන වෙලාවක තුවාලය හොඳින් සෝදලා රුධිරය ගලන එක නවත්වන්න හොඳින් බන්දලා රෝහලක් කරා ගෙන යාම වැදගත්. බල්ලෙක් හෝ සුරතලයට ඇති කරන සතෙක් සපා කෑවා නං තුවාලය හොඳින් සෝදලා හැකි ඉක්මනින් රෝහල් කරා ගෙන යා යුතුයි. මෙහිදී සුරතල් සතාට බෙහෙත දීලා තියෙනවා නම් එයාගෙ බෙහෙත් විදපු කාඩ් අරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ගෙදර සුරතල් සත්තු ඇති කරනවා නම් පුංචි දරුවත් ඉන්නවනම් එයාලට නිසි වේලාවට එන්නත් ලබා දීමත් ඉතාම වැදගත්.
සටහන මහේශානි මීගහපල