අප අවට පරිසරයේ මදුරුවන් මැස්සන් කෘමින් බහුලව දකින්නට ලැබෙයි. මේ සතුන් සමෙහි ස්පර්ෂ වීමෙන්, දෂ්ඨ කිරීමෙන් සමේ ලප කැලැල් ඇතිවිය හැකිය. වැඩිහිටියන්ට වඩා මෙවැනි චර්ම රෝග නිසා පීඩාවට පත්වන්නේ කුඩා දරුවන්ය. එයට හේතුව දරුවන්ගේ සම ඉතා ඉක්මනින් ආසානයට ලක්වීමයි. මේ අනුව කුඩා දරුවන්ට ඇතිවන චර්ම රෝග ගණනාවකි.
ඒ අතර දැකගත හැකි ප්‍රධාන රෝග තත්ත්වයක් වන්නේ ෂපදැඑසටද ආසාදන තත්ත්වයයි. මෙය බැක්ටීරියා ආසාදනයක් වන අතර ස්පර්ශය මඟින් බෝ වේ. Staphylococcus හෝ streptococcal යන බැක්ටීරියා වර්ග දෙක මඟින් මේ රෝගය ආසාදනය ඇති කරයි. සම මතුපිට ඇතිවන බිබිලි හෝ සැරව බිබිලි වශයෙන් ඇති වී පසුව රතු පැහැති හෝ කහ පැහැති කබොලක් වශයෙන් සහිතව දැකගත හැකි වේ. බහුලව මේ තත්ත්වය ඇතිවන්නේ දරුවන්ට වුවත් සමහර අවස්ථාවලදී වැඩිහිටියන් තුළත් දක්නට ලැබේ. ප්‍රතිකාර වශයෙන් ප්‍රතිජීවක ඖෂධ හා ආලේපන භාවිතා කළ යුතුයි.
ඉන්නන් ආසාදනය ද දරුවන් අතර බහුලව දක්නට ලැබෙන චර්ම රෝගයකි. එය ඇති කරන්නේ HPV හෙවත් හියුමන් පැපිලෝමා වෛරසය මඟිනි. බොහෝ විට ස්පර්ශයෙන් රෝගය ආසාදනය වේ. ඉන්නන් ඇතිවන්නේ සමේ අපිචර්මයේ කෙරටිනොසයිට් නැමැති සෛල සඳහා වෛරසය ආසාදනය වීමෙනි. මෙම සෛල වැඩී සම මතුපිට ගැටිති ඇති කරයි. මෙම ගැටිති මතුපිට රළු ස්වභාවයක් ගනියි. ඒවා වේදනා රහිත වන අතර අළු හෝ දුඔුරු පැහැයෙන් යුක්ත වේ.
අත්, කකුල් මුහුණ වැනි ස්ථානවල බහුල ලෙසම දැකගැනීමට ලැබෙන මෙම අසාදන තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ දරුවන් අතරයි. නමුත් මෙම වෛරසයට විරුද්ධව ප්‍රතිශක්තිය වර්ධනය වන නිසා වෛරසය ඉක්මනින් සිරුරෙන් තුරන් වේ. මේ සඳහා මාස කිහිපයක සිට අවුරුදු ගණනාවක් ගතවිය හැකියි. එම නිසා 16% සැලිසිලික් අම්ලය ආලේප කිරීම හෝ ද්‍රව නයිට්‍රජන් ආලේප කිරීම මඟින් මෙම ආසාදන තත්ත්වය පාලනය කළ හැකිය. නමුත් කිසිම විටෙක සැත්කම් මඟින් ඉන්නන් ඉවත් නොකළ යුත්තේ ඒවා බෝ වීමේ හැකියාව වේගවත් කරන නිසායි.
දරුවන් වෙත ඇති වන ආසාදන රෝග ගණයට ගැනෙන කිරි ඉන්නන් හෙවත් mollusca contagiosa තත්ත්වය හඳුන්වා දිය හැකිය. මෙම තත්ත්වය පොක්ස් නැමති වෛරස රෝගය නිසා ඇතිවන අතර ස්පර්ශය මඟින් බෝ වේ. මේ තත්ත්වය ගැටිති වශයෙන් දැකගත හැකි අතර එම ගැටිති මැදින් නෙරා ගිය ආකාරයක් දක්නට ලැබේ. සම මතුපිට ඇති සුදු පැහැති ගැට ලෙස දරුවන්ගේ මුහුණේ සහ තට්ටම් ප්‍රදේශවල වැඩි වශයෙන් දක්නට ලැබේ. ඒ සඳහා ට්‍රයික්ටලෝරා ඇසිටික් අම්ලය ආලේප කිරීම කළ යුතුයි. මෙම ප්‍රතිකාරය කල යුත්තේ වෛද්‍ය උපදෙස් මත ඉතා ප්‍රවේසමෙනි.
පණු හොරි නමින් හඳුන්වන චර්ම රෝගී තත්ත්වය දරුවන් වෙතින් බහුලව දක්නට ලැබෙන්නකි. සාකොප්ස්ටික් ස්කේබීස් වා හොමිස් රෝගකාරකය වන අතර පුද්ගල ස්පර්ශය මඟින් බෝ වේ. සති 4 – 6 අතර කාලයේ මෙහි පෝෂණ සමය ලෙස හැඳින්වේ. තදින් කැසීම සිදුවන අතර රාත්‍රියට කැසීම වැඩි වේ. කුඩා බිබිළි හෝ ගැටිති ඇති වීම, බැක්ටීරියා ආසාදන සහිතව ඇතිවීම රෝග ලක්‍ෂණයි.
අජීවි වස්තුවල පරපෝෂිතයන්ට පැය 48 – 72 අතර කාලයක් ජීවත් වීමේ හැකියාව පවති. මෙම රෝගී තත්ත්වය ඕනෑම වයසක කෙනෙකුට ඇතිවිය හැකි අතර අවුරුදු 15 ට අඩු දරුවන්, වැඩිහිටියන්, ගර්භණී මව්වරුන් ප්‍රතිශක්තිකරණ ඌණතා සහිත පුද්ගලයන්ට බහුලව ඇති වේ. පවුලේ එක් සාමාජිතයෙකුට රෝගය වැළඳුණු විට අනෙක් සමාජිකයන්ටත් ළඟින් ඇසුරු කරන ඕනෑම කෙනෙකුටත් රෝගය බෝවේ.
දරුවන්ගේ අතේ ඇඟිලි සහ ඇඟිලි කරු අතර රෝගය පැතිරෙන අතර මැණික් කටුව, කිහිලි පෙදෙස, පෙකනිය, කලව හා ඉකිලි ආශ්‍රිතව ඇතිවිය හැකිය. මෙම පරපෝශිතයා සමේ ස්ථරය සිදුරු කරගෙන ඇතුළු වී ආසාදන තත්ත්වයන් ඇති කරයි. මුල් වතාවට රෝගය වැළඳුනු දරුවෙකුට දින කිහිපයක් ඇතුලත නැවත රෝගය වැළදේ. රෝගය සඳහා ප්‍රතිකාර කරන විට පවුලේ සාමාජිකයන්ට ද ප්‍රතිකාර කළයුතු අතර ප්‍රතිකාර මඟින් රෝගය නිට්ටාවටම සුව වේ.
වයස මාස දෙකට වැඩි සියළු ආසාදිතයින් හට 5% Permethrin පැය 14 ක් ආලේප කළ යුතුයි. තව ද දින හතකට පසු රෝග ලක්‍ෂණ ඇතිවුයේ නම් නැවත ඒ අයුරින්ම ආලේප කළ යුතුයි. ආලේප කර පැය 24 ක් තබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.Sulhurs 10% ආලේපනය නම් දින තුනකට වරක් ඒ අයුරින්ම ආලේපණය කළ යුතුයි.
මෙවැනි චර්ම රෝග තත්ත්වයන් සුව වීමට කල්ගත වීමෙන් දරුවන්ගේ වකුගඩු ආසාදනයට ලක්වීමේ ඉඩකඩ පවතියි. රෝගියා සමඟ සිටින ඥාතීන්ට ද ඒ සමඟම ප්‍රතිකාර අවශ්‍ය වේ. භාවිතා කළ ඇඳුම් සෝදා වියළා බෑගයක දමා කට වසා පැය 48 ක් තැබීම මඟින් මෙම පරපෝෂිතයා විනාශ වේ.
ශික්‍ෂණ රෝහල අනුරාධපුර
ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය
වෛද්‍ය නිලධාරිනි
හේමා වීරකෝන් මහත්මිය
අරුණි ජයසේකර