free stats

ඔබේ සිගිත්තා තොටිල්ලේ වැතිර ඉන්න අතර තුර මද සිනහවක් පා එක්වරම දෑත් දිගු කරනවා නිරීක්‍ෂණය කර ඇතැයි සිතමු. ඒ දරුවා ආදරය පෙන්නුම් කරන ආකාරයයි. සමහරවිට කුඩා දරුවන් ආදරය දෙමාපියන් පුදුමයට පත් කිරිමට හේතුවනවා. එතරම් කුඩා අවදියකදී ඔවුනට එතරම් ගැඹුරු හැඟීමක් පෙන්වීමට හැකියාවක් තිෙබ් ද යන්න කෙනෙකු තුළ ඇතිවන ප්‍රශ්නයක්

එහෙත් බොහෝ දරුවන් තම දෙමාපියන් හා මිතුරන් සමඟ ආදර සබඳතා ඉතා කුඩා අවදියේ පටන් ආදර සබධතා ඇතිකර ගැනීමට සමත් වන බව playful parenting නැමති ග්‍රන්ථය රචනා කළ ආචාර්ය ලෝරන්ස් කොහෙන් පවසනවා. උපත ලැබූ මොහොතේ සිටම මෙම බැඳීම ඇති කරගන්නා බව ඔහුගේ මතයයි.

දරුවා ගර්භාෂයේ ගතකරන කාලය තුළ අම්මාගේ කටහඬ ඇසීම පමණක් ෙනාව අම්මාගේ සුවඳ පවා දැනෙනනවා. ඒ නිසා මුල සිටම එවැනි සෙනෙහසක ආදරය පිළිබඳ හැඟීමක් ඔහු තුළ ඇති වීම සිදුවන්නේ නිතැනින්මයි. ඇත්ත වශයෙන්ම දරුවා සමඟ ඇතිවන මෙම ආදරයේ මුල් පියවරක් වන්නේ දරුවාගේ අවශ්‍යතා නිසි පරිදි ඉටුකිරිමයි. මේ අයුරින් ඔහුට පෝෂණය එසේම ආරක්‍ෂාව
සපයන අය පිළිබඳව දරුවා තුළ නිතැනින්ම දැඩි බැඳීමක් ඇතිවන බව ළමා මනෝ වෛද්‍ය විශේෂඥයකු වන ආචාර්ය ඩර්සි ලිනස් D’Arcy lyness පවසනවා.

මාස හයක් පමණ වන විට දරුවා තම ආදරය සෙනෙහස පෙන්වන්න

පටන් ගන්නවා. ඔහු සිටින කාමරයෙන් ඉවත්වන සෑම විටකම හැඬීමට පටන්ගන්නේත් මේ නිසයි. එබැවින් දරුවාට ආදරය මෙන්ම සුරක්‍ෂිතභාවය දැනෙන අයුරින් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. වයසත් සමඟ එම තත්ත්වය වැලකි ගියත් ඔහු තුළ ඔබ කෙරේ පවතින ආදරය වෙනස් වන්නේ නැහැ.

කුඩා දරුවන් තමන්ට සම වයසේ සිටින දරු සිඟිත්තන් ගැන ආදරයක් ඇතිවන්නේද මේ අවධියේදී ය. ඔවුන් කෙරේ පවතින ආදරය ඉතා සියුම් එකක් වන අතර දෙදෙනා හමුවන විට දරුවාගේ මුහුණ තුළ ආලෝකමත් වන අකාරයත් ඔහු වෙන්ව යන විට දරුවාගේ මුහුණ ශෝකයෙන් අඳුරුවන අන්දමත් ඔබට දැක ගන්න පුලුවන්. එසේම දරුවා දණ ගාන අවධිය වන විට ඔහු මෙම මිතුරු සිඟිත්තා දුටු විට ඔහු වෙත දණගාගෙන එන බව කොහේන් පවසයි.

මේ අතර දරුවාට වසරක් පමණ වන විට සිපගැනීමෙන් තම ආදරය පෙන්වන බව ලිනස් මනෝ ෙෙවදවරයා පවසයි. එසේම සිපගැන්ම දිගින් දිගටම සිදු කරන අතර එය ලබන අයගෙත් සතුට දනවන ප්‍රතිචාරයන් දකින විට තමන් නිසා අන් අය සතුටට පත්වන බව දැනගන්නේ යැයි ඔහු පවසනවා. ඒ අනුව මෙම හැසිරීමේ රටාව දිගින් දිගටම සිදු කරනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් පවසයි.

දරුවන් ක්‍රමයෙන් වයසින් මෝරන විට ඔවුන් මිතුරන් ඇති කර ගැනීම කෙරේ කැමැත්තක් දක්වනවා. කුඩා දරුවන් පවා තම වයසට සමාන වයසැති දරුවන් සමඟ ඇඟැලුම්කම් දැක්වීම මෙන්ම නොයෙක් දේ පැවසීම කැමැත්තක් දක්වන අන්දම ඔබට දක්නට ලැබී ඇත. එවැනි අවස්ථා වලදී එසේ මිතුරුකම් පැවැත්වීම කෙරේ ඔවුන් උනන්දු කරවීම වැඩිහිටියන් ලෙස කළ යුතු වෙනවාත දැනට ඒ සම්බන්ධවයෙන් කර තිබෙන අධ්‍යයනවලට අනුව මුල් අවදියේදීම එවැනි සබඳතා ඇති වීමෙන් වැඩිහිටි අවදියට පත්වීමෙන් පසු ඒවා හොද සබඳතා බවට හරවා ගැනීමට ඔවුනට හැකිවෙනවා.

එසේම සම වයසේ ළඳරුවන් සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දීමෙන් සමාජයේ හොඳින් ජීවත් වීමට අවශ්‍ය ආදරය, බෙදා හදාගැනීම, සහයෝගයෙන් සිටීම වැනි කරුණුවලට ඔවුන් පුරුදු වෙන බව ලිනෙන් මනෝ වෛiවරයා පවසනවා.

කෙසේ වෙතත් ළදරුවන් අතරේ නොහොඳ නෝක්කඩු ඇති වීම සාමාන්‍ය දෙයක් බව පවසන ලිනෙන් තම මිතුරු දරුවන්ගේ සෙල්ලම් බඩු විසි කිරීම, කෝපවීම, බෙදාහදා ගැනීමට අකමැති වීම වැනි ක්‍රියා ඔවුන් අතර පවතින මිත්‍රත්වයේ කොටසක් බවත් පවසන හෙතෙම ඒ ළඳරුවාගේ හැසිරීම කෙරේ විශේෂ අවදානයක් ෙයාමු කොට හැසිරිය යුත්තේ කෙසේද යන්න නිතර නිතර කියාදීම වැදගත් වන බවත් පවසනවා.

රණ්ඩු වෙන්න හොඳ නෑ ඔයාලට සෙල්ලම් බඩුවක් ඕනෙ නම් හොඳින් යාළු කමින් ඉල්ලන්න.”

යනාදී වශයෙන් නිතර නිතර ඔවුනට කියාදීම වැදගත් වන බව ඔහු වැඩිදුරටත් පවසයි.

ළදරු අවධියේදීම දරුවාට දයාව, සානුකම්පාව පිළිබඳව දැනුමක් ලබා දීම අවශ්‍යවෙනවා.

අපේ මල්ලි අඬනවා නේද එයාට දුක හිතිල ඇති. එයාට දුක හිතෙන්නෙ
ඔයා බෝලෙ නොදීපු හින්ද වෙන්න ඇති.”

යනුවෙන් පවසා ඔයා බෝලෙ එයාට දුන්නොත් එයාගේ දුක නැතිවෙලා අඬන එකත් නවතීවි” යි පවසන්න. එසේ බෝලය සරත්ට දීමෙන් පසු දරුවාට

ඔයා හරිම හොඳ ළමයෙක්”


කියා ප්‍රසංසා කරන්න.

සම වයසේ සිටින දරුවන් කෙරේ ආදරයක් ඔබේ දරුවාට ඇතිවීම වැදගත්. ඒ නිසා එසේ දරුවන්ට එකතු වී සෙල්ලම් කිරීමට ඉඩ සලසවන්න. එවිට දරුවා නිවැරදිව මිතුරන් තෝරා ගැනීමට ඉගෙනගන්නවා යයි මහාචාර්ය ලිනන් පවසනවා.

රෝහණ ආරියරත්න