free stats

දරුවෙකු ලැබෙන්න ප්‍රමාද වීම අඹු සැමියන් වශයෙන් ඔබ දෙපලට යම් පිඩාවක් ගෙන දෙන කාරණයකි. විවාහයෙන් වසර ගණනක් ගතවුවද දරුවන් නොලද යුවල ඕනෑ තරම් සිටි. ඇත්තෙන්ම දරු ප්‍රසුතිය පමා වන්නට හේතු කාරණා රැසක් බලපෑ හැකියි. සැමියා හෝ බිරිඳ යන දෙදෙනාටම මේ හේතු එකක් හෝ කිහිපයක් තිබෙන්නට පුලුවන.

කාන්තාවකගේ ඩිම්බ වර්ධනයේ දි ඇතිවන ගැටලු
පැලෝපීය නාලවල අවහිරතා
පුරුෂ ශූක්‍රාණුවල ගුණාත්මකභාවය නොමැති වීම
කිසිඳු හේතුවක් නොමැතිව මෙම තත්ත්වයට පත්වන අය

ලෙස ඒවා වර්ග කිරිමට පුලුවන. සංඛ්‍යාත්මකව ගත්විට මෙම තත්ත්වය 25% ක පමණ ප්‍රමාණයකින් දකින්නට ලැබේ.

කාන්තාවක් දරු පිළිසිඳ ගැනීමකට සුදානම් වනවා නම් ඇය කරුණු රැසක් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. උසට සරිලන පරිදි බර සකස් කර ගැනීම වැදගත් කරුණකි. මේ අනුව BODY MASS INDEX හෙවත් (BMI) ශරිර ස්කන්ධ දර්ශක අගය 18 ත් 22 ත් අතර පාලනය කරගැනීම වැදගත්ය.

දරුවෙක් බලාපොරොත්තු වීමට මාස 3 කට පෙර සිට පෝලික් අම්ලය භාවිත කිරිම වැදගත්වේ. නිරෝගි කාන්තාවක් නම් ගත යුත්තේ 400mg ප්‍රමාණයකි. වලිප්පුව, දියවැඩියාව, වැනි රෝග තත්ත්වයක් ඇති කාන්තාවක් නම් 5mg පෝලික් අම්ලය ලබා ගැනීම සුදුසුයි.

බෝවන රෝග සහිත එනම් දියවැඩියාව, රුධිර පීඩනය, වලිප්පුව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු ආදිය තිබෙන කාන්තාවක් නම් දරුවකු පිළිසිඳ ගැනීමට පෙර එම රෝග තත්ත්වයන් සඳහා සුදුසු වෛද්‍යවරයෙක් මඟින් නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතාමත් වැදගත්ය. මවක් වීමට පෙරම එවැනි රෝග පාලනය කිරිම මඟින් දරුවකු පිළිසිඳගත් සමයේ රෝග සඳහා අනවශ්‍ය ලෙස ඖෂධ ප්‍රතිකාර ගැනීමෙන් වැලකි සිටිය හැකියි.

ඔසප් වීම නියමිත දිනට සිදුවේ ද යන්න මීළඟ වැදගත්ම කාරණයයි. නිරෝගි කාන්තාවකගේ ඔසප් චක්‍රය ක්‍රියාත්මක වන්නේ දින විසි අටකට වරකි. නමුත් සමහර අවස්ථාවලදි එලෙස දින 28ක දින ගණනේ වෙනසක් සිදුවන එනම් ඔසප් අක්‍රමවත් වු කාන්තාවන් සිටි. එය දරු පිළිසිඳ ගැනීමකට තිබෙන තවත් බාධාවකි. එවැනි ගැටලුවකින් පීඩා විදින කාන්තාවක් නම් ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබාගත යුතු වේ.

නිසි පිළිවෙලට මාස් ශුද්ධිය සිදුවේ නම් සරු කාල සීමාවේ ලිංගිකව එක් වීම ප්‍රතිපලදායකය. ඔසප් වු ප්‍රථම දින සිට 12,13,14,15,16 දින වන විට නැවත ඩිම්බ වර්ධනය හොඳින් සිදුවන අතර ඩිම්බ පිටවීමත් සිදුවේ. මේ දිනවලදි දිනක් හැර දිනක් වත් ලිංගිකව එක් වීමෙන් නිසි ප්‍රතිපල ලබාගත හැකියි.

මෙවැනි ක්‍රම මඟින් වසරක කාලයක් තුල දරු පිළිසිඳගැනිමක් සිදු නොවේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. එතැන දි මුලින්ම සිදුවන්නේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලිමයි. එහිදි යම් රෝගයක් පිළිබඳව සැකයක් මතුවුවහොත් එයට අදාල මුලික පරීක්ෂණ සිදු කිරිමට තිරණය වේ. මෙම පරික්ෂණ අතර FBC” FBS, UFR” GP&RH ය යන පරික්ෂණ මුලිකව සිදුකරන ඒවායි. මේ මඟින් රුධිරයේ පවතින විශේෂතා, රුධිරයේ සීනී ප්‍රමාණය, මුත්‍රවල තත්ත්වය, ආදිය පරික්ෂා කර බලයි. ඔී්‍ය පරික්ෂාව මඟින් තයිරොයිඩ ග්‍රන්ථියේ සංකුලතා තිබේ ද යන්න හදුනාගැනීමට හැකියි.

ගර්භාෂය, ඩිම්බකෝෂය සහ ඒ අවට සංකුලතා තිබේද යන්න හඳුනාගන්නේ TVS පරික්ෂණය මඟිනි. මෙය යෝනි මාර්ගය හරහා සිදුකරයි. සාර්ථක ලෙස ඩිම්බ පිටවී ඇත්දැයි බැලීම සඳහා දින 21 ප්‍රෝජෙස්ටරෝන් හෝර්මෝන පරික්ෂාවක් සිදු කරයි. ඔසප් වීමෙන් දින 12 හෝ 13 කට පසු මෙම පරික්ෂාව සිදු කිරිම මඟින් ලැබෙන ප්‍රතිපලය ඉතාම සාර්ථකය. මෙම පරික්ෂාවෙන් පසුව ඩිම්බවල යම් ගැටලුවක් වේ නම් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර හැකි වේ.

බිරිඳ මෙන්ම සැමියා ද මේ අයුරින් පරික්ෂාවට ලක් කරන්නේ වඩාත් නිවැරදි හේතුව සනාත කරගැනීමටයි. එහිදි ශුක්‍රාණුවල ගුණාත්මක බව පිළිබඳව කරන පරික්ෂණය වැදගත්ම එකකි. මෙම පරික්ෂණය සඳහා යොමු වීමට නම් සැමියා දින තුනක් පමණ ලිංගිකව එක්විම සුදුසු නොවේ. මෙහි දි පරික්ෂණය අවසානයේ යම් ගැටලුවක් මතුවුවහොත් ඉන් පසු වෘෂණ කෝෂවල ස්කෑන් පරික්ෂාවක් සහ රුධිර පරික්ෂාවක් (හෝර්මෝන පරික්ෂාවක්) වෙත යොමු කෙරෙයි. මෙහිදි සැත්කම් මඟින් හෝ ඖෂධ මඟින් ප්‍රතිකාර කරන්නට පුලුවන් නිසා මේ පිළිබඳව බිය වියයුතු නැත.

ශුක්‍රාණු ප්‍රමිතියෙන් සහ සංඛ්‍යාත්මකව පවති නම් ඩිම්බ වර්ධනය ප්‍රමාණවත් නම් මීලඟට විමසා බැලිය යුත්තේ පැලෝපීය නාලයේ අවහිරතා ඇත්ද යන්නයි. මේ සඳහා HSG හෝ ලැපරොස්කොපි පරික්ෂාව සහ DYE Test පරික්ෂාව සිදුකරයි. මෙම පරික්ෂණ දෙකෙන් කුමන පරික්ෂණයද සුදුසු යන්න වෛද්‍යවරයා තීරණය කරනවා.

HSG පරික්ෂණය මඟින් DYE (Contrast Media) යෝනි මාර්ගය හරහා ගැබ්ගෙල තුලින් ගර්භාෂය වෙත ඇතුල් කිරිම මෙහි මුලික පියවර වේ. එයින් විමසා බලන්නේ මෙය පැලෝපීය නාලය හරහා පිටතට පැමිණෙනවා ද යන්නයි. මෙය X – Ray පරික්ෂණයක් මඟින් ඒ මොහොතේම සනාත කරගන්නට පුලුවනි. මෙම පරික්ෂණය සඳහා සිහිය නැතිකරන්නට අවශ්‍ය නැත.

අනෙක් පරික්ෂණය වන්නේ ලැපරොස්කොපි පරික්ෂාව සහ DYE Test මඟින් පෙකණිවැල තුළින් 5පප කැමරාවක් සවිකරන ලද උපකරණයක් උපයෝගි කරගනිමින් ගර්භාෂය, ඩිම්බකෝෂ, පැලෝපිය නාල සාමාන්‍ය තත්ත්වයේ පවති දැයි පරික්ෂා කරයි. එම පරික්ෂණයෙ දි යටි බඩ ආශ්‍රිතව ඇති Endometrieis, Pelic Infdammatory, Diseane Adhesions වැනි රෝග තත්ත්වයන් හඳුනාගැනීම සිදුවේ. මෙහි දි පරික්ෂා කර බලන්නේ DYE Test මඟින් එම DYE වර්ගය පැලෝපීය නාල තුලින් පිටතට පැමිණෙන ආකාරයයි. මෙම පරික්ෂණ සඳහා සිහිය නැති කරන්නට අවශ්‍ය වේ.

මෙම පරික්ෂාවන් තුලින් ගැටලුවක් මතු නොවුයේ නම් ඉහත කි අයුරින් මාස 6 ක් පමණ කාලයක් ලබා දී සාර්ථක ප්‍රතිපල ලැබේ දැයි විමසා බැලීම සිදු වෙයි. ගැටලුවක් තිබේ නම් ඒ සඳහා තවදුරටත් ප්‍රතිකාර කල යුතුයි. සැමියාගේ ශුක්‍රාණු පිළිබඳව ගැටලුවක් පවති නම් ඒ සඳහා ප්‍රතිකාර ක්‍රම භාවිතා වේ. එහිදි IUI නම් ඒ සඳහාම සුවිශේෂි වු ක්‍රමය වඩාත් සුදුසු ය. සැමියාගේ ශුක්‍රාණු පරික්ෂණ නලයක් තුලට ගෙන ගර්භාෂය තුළ තැම්පත් කල හැකියි. සැමියාගේ ශුක්‍රාණු දුර්වල නම් වෙනත් අයෙකුගේ ශුක්‍රාණු තැම්පත් කරන ක්‍රමයක් පවතියි. නමුත් ඒ සඳහා දෙදෙනාගේ කැමැත්ත අවශ්‍ය වේ. කාන්තාවට පැලෝපීය නාලයේ අවහිරතා ඇතිවේ නම් ඇයට සාමාන්‍ය පරිදි ගැබ් ගැනිමේ හැකියාවක් නැත. එවැනි අවස්ථාවක දි නල දරු උපතකට යොමු විම වඩාත් සුදුසුයි. ඒ සඳහා ගුණාත්මක තත්ත්වයේ පවතින නම් සැමියාගේ ශුක්‍රාණු භාවිත කල හැකියි.

දරුපල පමාවිම සඳහා අනවශ්‍ය අයුරින් ප්‍රතිකාර කිරිම වෙනත් සංකූලතාවලට හේතුවකි. එනම් නිවුන් දරුවන් හෝ එක්වර දරුවන් වැඩි ප්‍රමාණයක් පිළිසිඳ ගැනීම සිදුවන්නට පුලුවන. OHSS OVARIAN HYPER SRIMULATION SYNDROME ඇතිවන්නට ඉඩ තිබේ. එවිට වමනය, සිහිය නැති වීම, ආදිය ඇතිවන්නේ එහි රෝග ලක්ෂණ ලෙසයි. මෙවැනි තත්ත්වයකි දි ඉක්මන් ප්‍රතිකාර අත්‍යවශ්‍යය.

ඕනෑම ප්‍රතිකාර ක්‍රමයක් සඳහා විශ්වාසවන්ත වෛද්‍යවරයෙක් තෝරාගැනීමට සැලකිලිමත් වීම වැදගත් වේ. සැක සහිත ස්ථානවලින් අඩු මුදලට ප්‍රතිකාර කරන්නට ගොස් අමාරුවේ වැටෙනවාට වඩා නිවැරදි තැනින් සුදුසු ප්‍රතිකාර ලබාගැනීම වඩාත් සුදුසුයි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රමීස් ෆුරුකාන් මහතා
ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය
ශික්ෂණ රෝහල
මහමෝදර.

සටහන අරුණි ජයසේකර