free stats

සාමාන්‍ය ලෙස විලිරුදා (ප්‍රසව වේදනා) ආරම්භ වීම නිසා ප්‍රමුඛව මවටත් දරුවාටත් කිසිදු ආපදාවක් නොවී යෝනි මගින් දරුවා බිහිවීම අපි සාමාන්‍ය ප්‍රසවය ලෙස හඳුන්වනවා.

දැන් මව සිටින්නේ සූතිකාගාරයේ සාමාන්‍ය දරු ප්‍රසූතියේ පළමු අවස්ථාවේ.

ප්‍රසව අවස්ථාවේ පියා ළඟ සිටීම ඉතාම වැදගත් වුවත් ලංකාවේ එවැනි පහසුකම් තිබෙන රෝහල් තිබෙන්නේ ඉතාම සීමිතව. එම නිසා දයාබර බිරිඳක් ලෙස මවක් වීමට පෙරුම් පුරන ඔබ සිතට ගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. දරුවා සිටින්නේ ඔබේ කුස තුළ දරුවා බිහි වීමට දරන උත්සාහයේදී එම වේදනාව දැනෙන්නේ ඔබට කාන්තාවක් ලෙස ඔබට පුදුම ශක්තියක් තිබෙනවා. ඒ කොහොමද දන්නවාද ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් නැමැති කාන්තා හෝමෝන නිසා ඉතිං ඔබට ඒ ශක්තිය තිබෙනවා.

ඔබ සිතන්න ඕනා එළියේ ඉන්න ස්වාමියා ඔබ විදින වේදනාව සහ දරු පැටියා දැකීමට ඇති අසීමිත ආශාව සහ ආදරය නිසා ඔහුත් වේදනාවක් විදිනවා. එහෙම නම් ශක්තිය හිමි සහාය නොඅඩුව ලැබෙන ඔබට ඒ කාර්ය මණ්ඩලයේ සහායන් සමග මේ ක්‍රියාවලියට අති සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රසවයේ පළමු අවස්ථාවේ සූතිකාගාරයට ඔබ රැගෙන යන්නේ ගැබ්ගෙල සෙන්ටිමීටර් 3කට වඩා විවෘත වී ගැබ්ගෙල විවෘත වීමේ අවස්ථාවට ඔබ එළබී විටය. එවිට ගැබ්ගෙල ක්‍රමයෙන් විවෘත වන විට හිස උපන් මග ඔස්සේ පහළට එනවිට ඔබට ප්‍රසව වේදනාව දැනෙන්නට පටන් ගනී. මේ අවස්ථාවේ ඔබට මිනිත්තු 20 කට වරක් පමණ වේදනාව ආරම්භ වී තත්ත්පර 15 ක් පමණ රදා පවති.

මේ අවස්ථාවෙ ගැඹුරට හුස්ම ගන්න. අනෙක් වෙලාවට සාමාන්‍ය ලෙස ලෙස හුස්ම ගන්න. මෙලෙස හුස්ම ගැනීමෙන් ඔබට වේදනාව නිසා දැනෙන අපහසුව අමතක වී යයි.

ප්‍රසව අවස්ථාවේදී හුස්ම ගැනීම පාලනය කිරීමට අප පෙනහැල්ල ප්‍රයෝජනයට ගන්නා අයුරු බලමු.

බඩේ පෙනහැල්ල කොටස් 3ක් පෙට්ටි 3 ක් ලෙස අප බෙදා ගන්නවා. මෙය උපකල්පනයක් (සිතිවිල්ලක්). එක් එක් ප්‍රසව අවස්ථාවලදී හුස්ම ගැනීමේ ව්‍යායාමය අපි කරන්නේ මේ කොටස් 3 ප්‍රයෝජනයට ගැනීමෙන් බලන්න ප්‍රසවයේ මුල් අවස්ථාවේ අපි වේදනාව හුස්මයට දමාගෙන අමතක කරනුයේ පෙනහැල්ලේ 3 වන පෙටිට්ය ප්‍රයෝජනයට ගැනීමෙනි.

ප්‍රසවයේ පළමු අවස්ථාවේ සූතිකාගාරය වෙත රැගෙන යන ගැබිනි මව එයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව තිබේද යන පරීක්‍ෂණ කරනු ලබයි.

ඒ ප්‍රසවයේ ප්‍රගතිය මැන බැලීමය. මේ සඳහා සූතිකාගාරයේදී පවත්වාගෙන යනු ලබන සටහනට පර්ටෝග්‍රෑම් යයි කියති.
දරුවාගේ සහ මවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් පෙන්නුම් කරන විට කඩිනමින් පියවර ගැනීමට මෙම වාර්ථාගත කිරීම වැදගත් වේ.

මෙහිදී දරුවාගේ හිසේ පිහිටීම ළදරු හෘද ශබ්ද පිටවන උලබ තරලයේ වර්ණය ගර්භ සංකෝචන වල ස්වභාවය ගැබ්ගෙල විවෘත වීම.

රෝහල් කාර්ය මණ්ඩලය පරීක්‍ෂා කළ යුතු අවස්ථාවන්හිදී පරීක්‍ෂාකර මෙය සටහන් කරනු ලබයි.

ගැටලු සහගත අවස්ථා ඉක්මනට හඳුනාගැනීමට මවගේ සහ දරුවාගේ සෞඛ්‍ය රැක ගැනීමට කඩිනම් පියවර ගැනීමට මෙම පරීක්‍ෂණ වැදගත් වේ.

සූතිකාගාරයේදී ප්‍රසවයේ ප්‍රගතිය බැලීමට වැදගත්වන පරීක්‍ෂණයකි යෝනි පරීක්‍ෂාව. මව්වරුන්ට මෙය අප්‍රසන්න ලෙස දැනුනද දරු ප්‍රසූතියේදී නිවැරදි තොරතුරු ලබා ගැනීමට මෙම පරීක්‍ෂණය වැදගත් වේ.

දරුවාගේ ප්‍රමුඛ කොටස නිවැරදිව දැන ගැනීමට හිස පිහිටා ඇති මට්ටම දැන ගැනීමට පමණක් නොව ගැබ්ගෙල විවෘතව වීම අවබෝධ කර ගැනීමට ගැබ් ගෙලෙහි මෘදු ස්වභාවය (ගැබ් ගෙල විවෘත වීමට මෙය වැදගත් වේ.) හොඳින් විවෘත වූ විට ගැබ් ගෙල ස්පර්ෂ නොවේ. උල්බ තරලයේ ස්වභාවය වර්ණය මෙම පරීක්‍ෂණ තුළින් දැනගත හැක.

යෝනි පරීක්‍ෂාව කරනු ලබන්නේ පැය 3 කට වරකි. ප්‍රසවයේ දෙවන අවස්ථාවේ දී පැයකට වරක් යෝනි පරීක්‍ෂා කර ප්‍රගතිය මැන බැලීම කරනු ලබයි.

දරුවාගේ හෘද ශබ්ධ නිවැරදිව මැන බැලීමෙන් කුස තුළ දරුවාගේ නීරෝගීභාවය දරුවා කුසතුළ අපහසුතාවකට ලක්වී නොමැතිද යන්න දැන ගැනීමට හැක.

මෙය විනාඩි 01 කට 110 අඩුවීමද 160 වැඩි වීමද දරුවාට යම් අහිතකර තත්ත්වයක් පෙන්වයි.

Fetal Distress

මේ හැරුණ විට ක්‍ඔඨ නැමැති යන්ත්‍රයක ආධාරයෙන් දරුවාගේ හද ගැස්ම මෙන්ම ගර්භ සංකෝචන ක්‍රමයෙන් ආරම්භ වේ. ඒ සමඟ වේදනාව දැනේ. ගැබ්ගෙල ක්‍රමයෙන් දරුවා බිහිකිරීමට අවශ්‍ය ලෙස විවෘත වේ. සංකෝචන විනාඩි 10 න් 10 පැමිණේ. රදා පවතින වේලාව තත්ත්පර 30 – 45 ත් පමණ වේ. මේ අවස්ථාවේ උර කුහරය උදර කුහරය අතර තිබෙන මහා ප්‍රාචීරය (නම්‍යශීලී මස් පිඩකි.)

ප්‍රසව වේදනාව අවස්ථාවේ මහා ප්‍රාචීරය පහළට තෙරපීමෙන් උදර කුහරයේ ඉඩ අඩුවේ.
මෙය වළක්වාගෙන මහා ප්‍රාචීරයේ ඉඩ සලසා ගැනීමෙන් තද වේදනාව අඩුකර ගත හැක.

මෙහිදී මව කළ යුත්තේ එක ගැඹුරු හුස්මක් (පෙනහැල්ලේ තුන්වන පෙට්ටිය උදව් කරගෙන) ඉන් පසු දෙවන පෙට්ටියෙන් සැහැල්ලුවට හුස්ම ගැනීම කරන්න.

(මෙම හුස්ම ක්‍රමය ප්‍රසවයට පෙර පුහුණු වී තිබීම වැදගත්ය.) මෙවිට මහා ප්‍රාචීරය උස් වීමෙන් උදර කුහරයේ ඉඩ වැඩිවීම නිසා දැනෙන වේදනාව අඩුවේ.

දරුවා බිහි වීමට උත්සාහ කළ යුතු අවස්ථාවට එනතෙක් වේදනාව පාලනය කර ගැනීමට උදව් වේ.

ප්‍රසවයේ පළමු අවස්ථාව තවදුරටත් ඉදිරියට ගොස් ගර්භ මුඛය සෙ.මී. 8 – 9 පමණ විවෘත වේ. වේදනාව විනාඩි 7න් 7ට පමණ එන අතර එය තත්ත්පර 45 ක් පමණ රදා පවතී.

ළදරු ප්‍රමුඛ කොටස (හිස) අධෝමාර්ගයට තෙරපේ. මේ නිසා මවට තැටමීමට සිතේ. නමුත් මෙය නුසුදුසුය.

හේතුව හිස බිහිදොර ගැටීම නිසා බිහිදොර ඉදිමේ. සාමාන්‍ය ලෙස නැතිව මෙසේ ඉදිමෙන තත්ත්වයක් ඇති වූ විට ගැබ් ගෙල විවෘත වීම ප්‍රමාද වීමට පුළුවන. සමහරවිට තෙරපීමේදී ඉරීමට පවා පුළුවන.

මෙහිදී ඔබ ගැඹුරු හුස්මක් පෙනහැල්ලේ 3වන පෙට්ටිය ආධාරයෙන් ගෙන මහා ප්‍රාචීරය ඉහළට නංවා ගන්න ඉන්පසු එම හුස්ම පහළට නොයවා හා හා ලෙස පළමු පෙටිටියෙන් හුස්ම ගන්න නැටවීමට නම් මෙවිට ඔබට නැටවීමට නොගොසින් අනිවාර්යෙන්ම මහා ප්‍රාචීරය පහළට බසින ලෙස ගැඹුරට හුස්ම ගත යුතුය. තවද ඉහත කී අයුරින් හුස්ම ගැනීමෙන් නැටවීමට උත්සාහ කිරීම නිසා වන මවගේ ශක්තිය අනවශ්‍ය ලෙස වැය වීම අඩුවේ.

එම ශක්තිය දරුවා බිහිවන අවස්ථාව අතිශයින්ම වැදගත්.
ප්‍රසවයේ දෙවන අවස්ථාව
දැන් ගැබ්ගෙල සම්පූර්ණයෙන්ම විවෘත වී ඇත. දරුවාගේ හිස පෙනේ.
මෙහිදී ඔබට ප්‍රසව වේදනාව දැනේ රදා පවතින වෙලාව තත්ත්පර 60 වැඩියි.
මේ අවස්ථාවට මුහුණ දීම

වේදනාව එනවිට පෙනහැල්ලේ 3 වන පෙට්ටිය පහළම කොටස උදව්වට ගෙන තටමන්න, තටමන්න, මෙසේ කිහිප වරක් කිරීමට සිදුවේ වේදනාව නැතිවිට සාමාන්‍ය ලෙස හුස්ම ගන්න. කෑ ගැසීමෙන් දැගලීමෙන් ඔබ සතු ශක්තිය අනවශ්‍ය ලෙස වැඩි නොකරන්න.

දරුවාගේ හිස බිහිවන විට ඉහළින් මුත්‍රා මාර්ගය ඉරීම වැළැක්වීමට ද පහළින් ගුද මාර්ගය ප්‍රදේශයට හානි නොවීට සූතිකා කාර්ය උගත් හෙද පවුල් සෞඛ්‍ය නිලධාරිනිය සහාය වේවි.

ළදරු හිස බිහිවූ විට ඔබ බලු පැටවකු සේ හති දමන්න තද මලපහ පිඩක් පිටවූවා සේ ඔබට දැනේවි. විශාල සැහැල්ලුවක් දැනේවි. හිස බිහිවන විට එකවරම දැඩි පීඩනයක් දී හිස බිහිකරනවා වෙනුවට ක්‍රමයෙන් පීඩනය පහළට ලබාදී හිස බිහිවීමට ඉඩ සලසා දිය යුතුය.

හිස බිහි වූ පසු උරහිස් බිහිවීමට පහසු ලෙස දරුවාගේ හිස කලවය දෙසට ඉබේම හැරේ. ඉන්පසු උඩ උරහිස පළමුව බිහිකරගෙන පසුව යට උරහිස බිහිකරවා ගැනීමත් සමග දරුවා බිහිවේ. දරුවා සහ මව සම්බන්ද වූ පෙකනිවැල ව්‍යුහය කතුරක් මඟින් වෙන් කරයි. දරුවාගේ මුඛයේ සහ නාසයේ ඇති ශ්‍රාවයන් පිසදා ඉන්පසු දරුවා මවගේ සිරුර මත තබයි.
මව්කිරි ප්‍රවර්ධනයටත්, දරුවාගේ මානසික සුවයටත්, දරුවාගේ මවගේ සිරුරේ මවගේ සමේ ජීවත් වන ක්‍ෂුද්‍ර ජීවින්ට සමාන ක්‍ෂද්‍ර ජීවීන් එය දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්‍ෂා වීමට වැදගත් වේ.

ඉන්පසු දරුවාට මෙතෙක් පෝෂණය ඔක්සිජන් සැපයීම උදව් වූ වැදැමහ ඉවත් කිරීම කාර්ය මණ්ඩය විසින් කරනු ලබයි.

මව පිරිසිදු කිරීමෙන් අනතුරුව ඉපදී පැය භාගයක් තුලම ඔබේ බිළිඳාට මවිකිරි ලබා දීමට දරුවා මවට ලබාදේ ඒ සඳහා සහායද ඔබට ලැබේ.

සූතිකාගාරයේ පැය 2 ඔබව තබාගෙන මවගේ සහ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්‍ෂා කර බලා රෝහල් කාර්ය මණ්ඩලය ඔබට වාට්ටුවට යැවීමට කටයුතු කරනු ලැබේ.

දරු උපත පහසු කර ගැනීමට ඇතැම් අවස්ථාවල උගන්වන කෙටි කැපුමක් යොදා ගනු ලැබේ. එසේ වුවහොත් දරුවා සහ මව වාට්ටුවට දැමීමට පෙර දරුවා බිහිවූ පසු එම කෙටි කැපුම මැහුමක් දමා සකස් කරනු ලබයි. මෙය හිරි වට්ටා කරනු බැවින් ඔබට බිය වීමට හේතුවක් නැත.

සාමාන්‍ය ලෙස දරුවා ප්‍රසූත කල ඔබ එහි සාර්ථකත්වය වඩාත් ළඟාකර ගැනීමට දරුවා නිසි ලෙස කිරෙන් පෝෂණය කිරීමත් පවිත්‍රව සිටීමෙන් ගැටලු ඇතිකර නොගැනීමත්වග බලා ගත යුතුය.

සුධර්මා උයන්හේවා