පෙර පාසල් යන වයසේ පසුවන එසේත් නැතිනම් පාසලේ එක වසරේ ඉගෙනුම ලබන දරුවන් පාසල් යාම ප්රත්ක්ෂෙප කරනු ලබන අවස්ථා ඕනෑ තරම් දැකගන්නට ලැබේ. මේ තත්ත්වයට දරුවා තුල පවතින යම් අසනීප තත්ත්වයක් බලනොපාන අතර එයට පාරිසරික හේතූන් තිබිය හැකියි.
බොහෝ දරුවන් රාත්‍රි කාලයේ පාසල් යාම සඳහා සියල්ල සූදානම් කරයි. පොත් බෑගය අසුරා ගැනීම, පාසලෙන් ලබාදෙන අභ්‍යාස නිසි පරිදි සම්පූර්ණ කිරීම පවා සිදු කරයි. නමුත් ඒ දරුවන්ම උදෑසනට පාසල් යාම ප්රතික්ෂෙප කරනු දැකගත හැකියි. දරුවා ඒ සඳහා විවිධ උපක්‍රම භාවිතා කරන අතර බොහෝ විට කරනු ලබන්නේ බඩේ කැක්කුම ඔලුවේ කැක්කුම වැනි අසනීප තත්ත්වයක් ඇතිබව පෙන්වීමයි. මේ තත්ත්වය දිගින් දිගටම පවතින්නේ නම් දරුවාට රෝගයක් නොමැති බවත් මේ කරන්නේ පාසල් යාම ප්රතික්ෂෙප කිරීමේ උපක්‍රමයක් බවත් දෙමව්පියන් තේරුම් ගතයුතුයි. එසේම පමණට වඩා දඟ කරන දරුවන් අපිට දැකගත හැකියි. එවැනි දරුවන් පෙර පාසැල් නොගොස් නිවසට වී සිටීමට විශේෂ කැමැත්තක් දක්වයි. එයට හේතුව පාසලේ දී මෙන් නොව නිවසේදී තමාට කැමති ආකාරයෙන් සිටීමට ඇති හැකියාවයි. මේ තත්ත්වය ද මව්පියන් හඳුනාගත යුතු ගැටළුකාරි තත්ත්වයකි. මීට අමතරව දරුවා තුල පවතින අධ්‍යාපනික ගැටළු ද පෙර පාසැල් යාම ප්රතික්ෂෙප කිරීමට හේතුවක් වනවා. එනම් හොඳ බුද්ධි මට්ටක් සහිත වුවත් පන්තියේ සිටින අනෙක් දරුවන් මෙන් ලිවීමට හෝ කියවීමට තිබෙන හැකියාව මද වීම, ආදියයි. මේ නිසා දරුවා පෙර පාසැල් යාම ප්රතිත්ක්ෂප කරනවා.
මෙවැනි ගැටළුවලට අමතරව අනෙක් දරුවන් අතින් හිංසාවට ලක්වීම, උසුළු විසුළු කිරීම, ගුරුවරුන්ට ඇති බිය, නිසාත් පෙර පාසැල් යාම ප්රතික්ෂෙප කරනු දැකගත හැකියි. පාසලේ ඇතිවන ගැටළුවක් නිසා නොව නිවසේ දී ඇතිවන බියජනක තත්ත්වයක් නිසා නිවස අතහැර යාමට බියෙන් පාසැල් යාම ප්රත්ක්ෂෙප කළ හැකියි.
උදාහරණ ලෙස මව අසනීපයෙන් පසුවීම නිසා මව අතහැර යාමට ඇති බිය, නිවසට සොර සතුරු බියක් ඇතිවු විට දරුවා ඒ අවස්ථාවේ දී කම්පනයට පත්වීම නිසා නැවත එවැනි අවස්ථාවක් ඇතිවේ යයි බියෙන් නිවැසියන් දමා යාමට නොහැකිව පාසල් ගමන ප්රතික්ෂෙප කිරීම, අතරමඟදී සිදුවු රිය අනතුරක් දැකීම, නිසාත් දරුවා පාසැල් යාම ප්රතික්ෂෙප කළ හැකියි.
ඉහත සඳහන් පරිසර සාධක සහ ඒ ආශ්රයෙන් දරුවා තුළ ඇතිවන බිය නිසා දරුවා පෙර පාසැල් යාම හෝ පාසැල් යාම දීර්ඝකාලීනව ප්රතික්ෂෙප කිරීමට ඉඩ තිබේ. ඒ පිළිබඳව විමසිලිමත් වීමේ දී දරුවා උදෑසන අසනීප තත්ත්වයක් ඇතිබව පැවසීමට හේතුව ලෙස දරුවා තුල පවතින මේ ගැටලු සහගත තත්ත්වය හඳුනාගත යුතුයි. දරුවන් තුළ ඇති විවෘතව කථා කිරීමේ බිය, එසේම දරුවාගේ ගැටලුවලට දෙමව්පියන් වඩාත් සංවේදී වීම, ආදි හේතු නිසා දරුවා නිසි ලෙචස මේ පිළිබඳව පැවසීමෙන් වැලකී සිටිය හැකියි. එම නිසා දරුවන්ට ඇති ඕනෑම ගැටළුකාරි තත්ත්වයක් හඳුනාගෙන ඒ පිළිබඳව දරුවා සමඟ කතා කිරීමට තරම් දෙමව්පියන් විවෘත වියයුතුයි. සියල්ල දෙමව්පියන් සමඟ පැවසීමට තරම් දරුවාට පහසුවක් දැනෙන පරිදි නිවසේ පරිසරය සකස් කිරීම ද වැදගත් වේ. එසේ වීමෙන් මෙවැනි ගැටළු හඳුනාගැනීමට හැකිවනවා සේම ඒ සඳහා විසඳුම් ලබාදීමද පහසු වේ.
දරුවා තුළ බියක් ඇතිවී තිබේ නම් එම තත්ත්වය පාලනය කරගැනීම සඳහා ඖෂධ ප්‍රතිකාර සුදුසු වේ. නමුත් මෙහිදි වැදගත් වන්නේ අවශ්‍ය උපදේශන සේවා කෙරෙහි යොමු වීමයි. ඇතිවී තිබෙන ගැටළුව පිළිබඳව දරුවා සමඟ විවෘතව කතා කර ඒ සඳහා නිසි පියවර ගැනීම ඉතාම වැදගත් වේ. අධ්‍යාපන දුර්වලතා පවතින්නේ නම් එවැනි ගැටළු විසඳාගැනීමට දරුවාට උදව් කළයුතුයි. ඒ සඳහා දෙමව්පියන් හා ගුරුවරුන් දරුවාට උදව්කල යුතුයි.
මේ දීර්ඝ පාසල් නිවාඩුව අවසානයේ දරුවා පාකසල් යාම ප්රතික්ෂෙප කරයි නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ.
සටහන අරුණි ජයසේකර
දකුණු කොළඔ ශික්ෂණ රෝහලේ
ළමා හා යොවුන් විය පිළිබඳ
විශේෂඥ මනෝ වෛද්‍ය
උදේන ආටිගල මහතා