free stats

බබෙක් කන අල්ලාගෙන අඩනවා නම් ගොඩක් වෙලාවට එයාට තියෙන්නේ කානේ අමාරුවක් කියලා අම්මලා අත්දැකීමෙන් දන්නවා. මේ දවස්වල වැස්ස නිසා බබාලට විතරක් නෙවෙයි දරුවන්ටත් කන් කැක්කුම හැදෙන්න තියෙන ඉඩ වැඩියි. අනිත් අතින් නේ තත්ත්වය බොහොම සාමාන්‍ය නිතර දකින්න ලැබෙන රෝග තත්ත්වයක්. 

මේ අතරින් මැද කනේ ආසාදන බහුලව දකින්න තියෙනවා. කන් බෙරය ට පිටුපසින් ඇතිවෙන ආසාදන තමයි මැද කනේ ආසාදන විදියට හඳුන්වන්නේ. ඒ සදහා විශේෂයෙන්ම බලපාන්නේ නිතර ඇතිවන සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය. 

රෝග ලක්ෂණ

බබා නිදාගන්නෙ නෑ

කන අල්ලාගෙන අඩනවා

කන රතු වෙනවා

කනේ ඉඳීමීමක් දකින්න පුළුවන්.

මේ සමගම උණ, සෙම් ගතිය, ඇග රස්නය වීමත් දකින්න ලැබෙනවා. 

මාස හයට අඩු දරුවෙක් නම් ප්‍රතිජීවක (Antibiotics) ප්‍රතිකාර විදියට ලබා දෙනවා. මාස හය හෝ ඊට වැඩි දරුවෙක් නම් වෛද්‍යවරයා ප්‍රතිජීවක වගේම වෙනත් ප්‍රතිකාර ලබා දෙනවා. 

මෙවැනි අවස්ථාවක කළ යුතු වැදගත්ම කාර්ය තමයි ආසාදනය ට හේතුව හඳුනාගැනීම. මොකද කන් වල වේදනාවට හේතුව මැද කනේ ආසාදන විතරක්ම නෙවෙයි. 

සතුන් රිංගා යාම

කන් බෙරයට හානි වීම

වෛරස් සහ බැක්ටීරියා ආසාදන 

වගේ ගොඩක් හේතු තියෙනවා. 

කොහොම වුනත් කනේ ආසාදනවලට ගෙදරදී ප්‍රතිකාර කරන්න බෑ. 

කන ට විවිධ උපකරණ දැමීම, කලාඳුරු ඉවත් කිරීම, ඒ සදහා හැට්ට කටු භාවිතා කිරීම හා ඒ නිසා ඒවායේ ඇති විෂබීජ කන තුළට යාම හෝ කනට හානි වීම, වතුර හෝ වෙනත් දියර දැමීම නිසා කනට හානි වීම වැනි ගැටලු ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා වඩා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවීම වැදගත්.