free stats

දැන් ඔයා pregnant කියලා හරියටම දන්න නිසා ටිකක් පුදුම වෙලා ඉන්නේ, හිතේ බයක් චකිතයක් තියෙනවා. ඒක සාමාන්‍ය තත්වයක්. මීට අමතරව තව ගොඩක් දේවල් හිතෙන එක සිතුවිලි වැඩියෙන්ම ඔලුවට එන එක හිතට එන එක ඒක සාමාන්‍ය යි. 

ඉතින් අද අපි කියන්න යන්නේ දෙවෙනි මාසය ආරම්භයේ ඉදලා අවසානය වෙනකල් ගර්භනී සමය සිදුවන වෙනස්කම් වගේම බබාගේ වර්ධනය ගැන යි. 

දැන් අපි බලමු දෙවෙනි මාසේ pregnancy එකත් එක්ක එන පොදු ලක්ෂණ මොනවද කියලා

උදෑසන වමනය

මේක කලාතුරකින් සමහර අම්මලාට නැති වෙන්න පුළුවන්. ඒ නිසා උදෑසන වමනය ආවෙ නෑ කියලා එයා ගේ ගර්භනීය සමය ඵල රහිත එකක් වෙන්නේ නෑ. උදෑසන වමනය දවසේ ඕනෑම වෙලාවක ඇතිවෙනවා. සමබර ආහාර වේලකින් මේ තත්ත්වය නවත්තගන්න පුළුවන්. ගොඩක් සැර ආහර මේ කාලේ හොඳ නෑ. උදේ පාන්දර ඇහැරුණු ගමන් පොඩි බිස්කට් එකක් කන්න පුරුදු වෙන්න. ඒක රුධිරයේ සීනි මට්ටම සමබරව තියාගන්න හේතුවක් වෙනවා. 

සිතුවිලි වල වෙනස්කම්

අපි මේ ගැන පලවෙනි මාස දීත් කතා කළා. මේ කාලේ modes change කියන්නේ සාමාන්‍ය දෙයක්. Pregnancy  එකත් එක්ක එන hormone මේ තත්ත්වයට කෙලින්ම බලපානවා. ඔයාගේ දුක වේදනාව තරහ එක ළඟ මාරු වෙන්න හේතුවෙන් ඒ හෝමෝන තමයි. 

ආහාර අරුචිය

සමහර අම්මලාට කෑම සුවඳක් දැනුනත් කෑම එපා වෙනවා. ආසාවෙන් කාපු කෑම වුණත් කන්න හිතෙන් නැති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයයි. 

ගැස්ට්‍රයිටිස් තත්ත්වය

කෑමක් ගත්තට පස්සේ උගුරට එන එක, බඩපුරවා දාන එක වගේ තත්ත්වයක් මේ කාලයේ ඇති වෙනවා. එයට අමතරව ගැස්ට්‍රයිටිස් ලක්ෂණ මතු වෙන්නත් පුළුවන්. 

මීට අමතරව, 

මල බද්ධය, යටි බඩේ වේදනාව, හුස්ම ගැනීමට තරමක් අපහසු වීම, සිරුරට ශක්තිය නොමැති ගතිය සහ අධික නිදිමත ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. 

දරුවාගේ වර්ධනය

මේ මාසේ තමයි බබාගේ නහය කට සහ කන් වර්ධනය වෙන්නේ. නමුත් තාමත් මෙම අවයව වර්ධනය මුල් අවධියේ තමයි තියෙන්නේ. සමහර අභ්‍යන්තර අවයව තවදුරටත් වර්ධනය වීමත් සිදු වෙනවා. පෙනහළු දෙක ස්වසන මාර්ගයට සම්බන්ධ වෙන්නෙත් මේ මාසේ. මිනිත්තුවකට හදවත ගැහෙන වාර ගාන 105යි. එයා හිටියට වඩා අඟල් බාගයක් විතර වර්ධනය වෙනවා. හරියටම කියනවනම් පොඩි මිදි ගෙඩියක් වගේ. 

මවගේ සිරුරේ සිදුවන වෙනස්කම්

ලොකු වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් බර වැඩි වීමක් තියෙනවා. ඒක රාත්තල් 25ක් 35ක් පමණ වෙන්න පුළුවන්. මෙතනදි ඇත්තටම උදරයට වඩා පියයුරු වර්ධනය වීමක් තමයි සිදු වෙන්නේ. 

වෛද්‍ය උපදෙස් ගත්තොතින් අනවශ්‍ය බර වැඩි වීමකින් තොරව ගර්භනී සමය පවත්වාගෙන යන අවශ්‍ය ඩයට් ප්ලෑන් එකක් ගන්න පුළුවන්. දැන් වෙනදා කනවට වඩා කැලරි තුන් සියයක් (300) වැඩියෙන් සිරුරට අවශ්‍යයි.