free stats

පහුගිය කාලෙම සමාජ මාධ්‍ය වල දකින්න ලැබුණු කාරණාවක් තමයි තමන්ට නිසි වයසෙදි දරුවෙක් බිහිකර ගැනීමට හැකියාවක් නොලැබිම. බොහෝ කාන්තාවන් මේ පිළිබඳව කණස්සල්ලෙන් පසුවෙන බවත් එක තමන්ගෙ වරදක් කියලා හිතලා ආතතියට පත් වෙලා ඉන්න බවත් එයාලා සමාජ මාධ්‍ය තුළ පළ කරන විවිධ පෝස්ට් වලින් තේරුම් ගන්න පුළුවන් වුණා.

නමුත් මේ කාරණය අපට බොහෝ පැතිවලින් කතා කරන්න පුළුවන්. සමහරවිට ඇත්තටම මේක සරු භාවය පිළිබඳ ගැටලුවක් වෙන්න වැඩි ඉඩක් තියනවා. ඒ වගේම මෙවැනි ගැටලුවකට මුහුණ දෙන්න නොදැනුවත්භාවයත් හේතුවක්. එහෙම කියන්නේ අදහස් කීපයක් කතා කරන්න හිතාගෙන.

ගොඩක් අයට මාසික ඔසප් චක්‍රය හා දරු ප්‍රසූතියත් සම්බන්ධතාවයක් තියෙනවා කියලා අදහසක් නෑ. ඇත්තටම කාන්තාවක් තමන්ගේ ඔසප් ක්‍රියාවලිය නිසි ආකාරව සිදු වනවා ද කියලා අවධානය යොමු කළ යුතුයි.

ඒ කියන්නේ නිවැරදිව රුධිරය පිටවනවා ද, දින තුනකට වඩා පවතිනවාද, එහෙමනම් එහි ස්වභාවය මොනවගේද, දින 3 ට වඩා අඩුවෙන්ද ඔසප් වෙන්නෙ. රුධිරය පිටවීමෙන් ස්වභාවය මොන වගේද, ගොඩක් රුධිරය පිට වෙනවාද, රුධිරය පිටවෙන්නේ අඩුවෙන්ද, රුධිරයේ පැහැය මොනවගේද,

මේ වගේ කාරණා රාශියක් පිළිබඳව අවධානය යොමුකළ යුතුයි. ඒ අතරතුර පරිදි 28කට වරක් තමන්ගෙ ඔසප් චක්‍රය නිසියාකාරව ක්‍රියාත්මක වෙනවාද කියන කාරණය ඉතාම වැදගත්. සාමාන්‍ය දින 28 කට වරක් හෝ දින 28කට වඩා වැඩි දින ගණනක් ඒ කියන්න සාමාන්‍යයෙන් දින 5 ක් වගේ ප්‍රමාණයක් කාලය ගතවෙලා ඔසප් වෙනවා නම් ඒක සාමාන්‍යයි. ඒ වගේම දින 28කට වඩා දින පහක් අඩුවෙන් කලින් ඔසප් වෙනවා නම් ඒකත් සාමාන්‍යයි.

හැබැයි උවමනාවට වඩා දින ගණනක් වැඩිපුර ගන්නවා නම් එහෙම නැත්තම් හිතාගන්න බැරි තරම් අඩු දින ගණනකදී ඔසප් චක්‍රය ක්‍රියාත්මක වෙනවා නම්, ඒ දින මාසයෙන් මාසයට වෙනස් වෙනවා නම්, අන්න එතන ගැටළුවක් තියෙනවා. මෙහෙම කෙනෙකුට පිළිසිඳ ගැනීමක් සඳහා ලිංගිකව එක්වීමේදී ගැටලු මතුවීම අනිවාර්ය යි.

මෙවැනි අයට ඔසප් චක්‍රය ක්‍රියාත්මක වීම හා සරු දවස් මොනවද කියලා නිවැරදි අදහසක් ගන්න අමාරුයි. ඒ නිසා එයාලට සරු දවස්වල එක්වීම සිදුවෙන්නෙ නෑ. මේකත් දරු පිළිසිඳ ගැනීම පමා වීමට හේතුවක්.

ඒ වගේම ශුක්‍රාණු වල ගුණාත්මක භාවයේ ගැටලු, PCOS වැනි රෝග තත්ත්ව, ලිංගික එක්වීමකින් පසුව ශුක්‍රාණු ගර්භාෂය තුළට නිසි පරිදි ඇතුල් වීමක් සිදු නොවීම, ශුක්‍රාණු විදීමේ හැකියාව අවම වීම වැනි සංකීර්ණ ගැටලු හේතුවෙන් ද පිළිසිඳගැනීමක් ප්‍රමාද වෙන්න පුළුවන්.